IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඇසින් දුටු සාක්‍ෂි ලැබෙන තෙක් විමර්ශන කමිටුව බලා සිටී

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩකයකු වන රමිත් රඹුක්වැල්ල බටහිර ඉන්දීය කොදෙව් සිට එන ගමනේදී බි‍්‍රතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක දොර විවෘත කිරීමට යාම සම්බන්ධයෙන් පැවැත්වෙන විනය පරීක්‍ෂණය සඳහා අදාළ සිදුවීම ඇසින් දුටු සාක්‍ෂි අවශ්‍ය යයි ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්‍ෂමන් ද  සිල්වා මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවට අද (9 වැනිදා) දැනුම් දුන්නේය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් අද නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සටහන් වේ.

සිද්ධිය වන අවස්ථාවේදී ගුවන් යානයේ සිටි ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ පන්දු යැවීමේ පුහුණුකරුවා වන චම්පක රාමනායක මහතා මේ වන විට විදේශගතව සිටින බැවින් ඒ මහතා ශී‍්‍ර ලංකාවට පැමිණි විගසින්ම සාක්‍ෂි විමසීම සඳහා කැඳවන බවත් ලක්‍ෂමන් ද  සිල්වා මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවට පවසා තිබේ.

අදාළ  සිදුවීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය ගුවන්සේවයෙන් මෙන්ම ශී‍්‍ර ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන්ද වාර්තා ලැබෙන තුරු තමන් බලා සිටින නමුත් ශී‍්‍ර ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් මේ දක්වා කිසිදු වාර්තාවක් තමන්ට ලැබී නැති බවත් ඒ මහතා පවසා තිබේ.

ප‍්‍රධාන සාක්‍ෂිකරුවන චම්පක රාමනායක මහතාගේ සාක්‍ෂි විමසීමෙන් පසුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ලගේ ප‍්‍රකාශය සටහන් කරගන්නා බවද ලක්‍ෂමන් ද  සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ කඩිනම් කරන ලෙසත්, වාර්තාව හැකි ඉක්මනින් දෙන ලෙසත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ලක්‍ෂමන් ද  සිල්වා මහතා පවසා තිබේ.



අදහස් (0)

ඇසින් දුටු සාක්‍ෂි ලැබෙන තෙක් විමර්ශන කමිටුව බලා සිටී

ගාමිණි Thursday, 11 July 2013 01:28 AM

අනේ ඉතින් අපි හැමදාම හීනෙන් අහස් යානා වල යනවා. මෙයලා අහස් යනාවේ හීනෙන් යනවා. ඔන්න බලන්න ඡන්දෙ දෙන කෙනා සහ ඡන්දෙ ලබාගන්න කෙනා අතර වෙනස. (අ)

:       0       0

බන්දුල Tuesday, 09 July 2013 06:06 PM

අනේ ඔන්න ඔය අපේ ඇමති පුතාව ඕකෙන් නිදහස් කරන්න. ඕක නිදන්ගත රෝදයක් කියලා නුවර පැත්තේ මිනිස්සු කියනවා. (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 09 July 2013 06:09 PM

ඇසින් දුටු සාක්ෂි නැතුව විද්‍යාත්මක සාක්ෂි මත මිනිස්සු පෝරකයටත් නැග්ගා. අනේ මන්දා ඉතින්. (නි)

:       0       0

සුජී Tuesday, 09 July 2013 06:11 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ඔන්න ඕක අමතක කරන්න (ත)

:       0       0

මහේෂ් Wednesday, 10 July 2013 05:27 AM

මේ වැඩේට නම් අනිවාර්යයෙන් ප්ලයිට් එකේ පයිලට්ම ගෙන්නන්න වෙනවා. කව්ද කියන්නේ මෙහෙම දෙයක් වුණා කියලා? කෝ අපට මොනවත් මතක නැහැනේ.අනේ මහත්තයෝ, කියන තැනකට වඳින්නම්, මෙන්න මේක අතාරින්න. මොකද ප්‍රතිපල මුළු ලෝකෙම ඉන්න අපේ කස්ටිය දන්නවෝ.... (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 10 July 2013 05:35 AM

මේක තනිකර විහිළුවක්.(නදී)

:       0       0

උදය Wednesday, 10 July 2013 05:35 AM

ගුවන් සමාගමට නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද මේවගේ මගින් ඉදහිට හම්බවෙන නිසා. (නි)

:       0       0

කුමාර Wednesday, 10 July 2013 06:14 AM

අනේ මේ අපි නම් දන්නවා ඇත්ත. ඒත් දන ගහගෙන ඉන්න නම් බැහැ. මොකද කියලා දන්නවනේ.(නදී)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 09 July 2013 06:20 PM

ඇසින් දුටු අයට ඉන්නේ ඔහුගේම යාළුවන්. ඒක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නේද? ගුවන් යානයේ සේවකයෝ ඕකට සාක්කි දෙන්න එන්නේ නැහැ. (නි)

:       0       0

විදානගේ Tuesday, 09 July 2013 06:24 PM

විඩියෝ කැමරා නැද්ද ඔය ෆ්ලයිට් එක ඇතුළේ? (නි)

:       0       0

සංජීව Wednesday, 10 July 2013 06:47 AM

මෙම ක්‍රීඩකයා මෙම ගුවන් යානයේ ගමන් කර නැත. ලංකාව පිලිබඳ බොරු ආරංචි පතුරන ඩයස්පෝරාව විසින් මෙම කතාව පතුරා ඇත. ගුවන් යානයේ දොර ඇරීමට උත්සාහ කර ඇත්තේ ගුවන් නියමුවා වන්නට හැකිය. මෙම ක්‍රීඩකයා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉතාමත් ආදර්ශමත් පුද්ගලයා යන තනතුරෙන් පිදිය යුතුය. (නි)

:       0       0

සරත් ර Wednesday, 10 July 2013 06:50 AM

සියල්ලන්ටම වුවමනා කරලා තියෙන්නේ මේ දරුවාට වරද පටවන්න වගෙයි. අපේ ජාතිය කොතරම් කුහකද කියලා පේනවා මෙකෙම්ම. තමුන්න්ගේ දරුවෙකුට මෙවැනි දෙයක් වුනානම් මෙයාලා අදහස් දක්වන්නේ කොහොමද? පොඩි අවවාදයක් දීලා සමාවක් දෙමු. ඒක දේව ගතියක්. (නි)

:       0       0

හේමන්ත Tuesday, 09 July 2013 06:34 PM

එයාට මොනවා උනත් අපිට කමක් නැහැ. ලංකාවට වෙච්ච අවනම්බුවට වන්දි ගෙවන්නේ මොන කිරි අප්පද? (නදී)

:       0       0

ජෙරාඩ් Tuesday, 09 July 2013 06:42 PM

මට මතක නෑ.(නදී)

:       0       0

වරුණ Wednesday, 10 July 2013 07:34 AM

කවුද දැන් මේ ගොල්ලන්ට විරුද්ධව සාක්කි දෙන්නේ ?ක්‍රීඩකයෙක් සාක්කි දුන්නොත් හරි කණ්ඩායමේ පුහුණුකරු හෝ කළමනාකරු සාක්කි දුන්නොත් වෙන්නෙ මොකක්ද කියලා අපි හැ‍මෝම දන්නවනේ. දන ගහපු,ගස් බැදපු අය‍ට ලැබිච්ච දඩුවම් අපි හැමෝම දැක්කනේ.... (නි)

:       0       0

වරුණ Wednesday, 10 July 2013 07:38 AM

අන්තිමට ක්‍රීඩකයන්ට බොන්න දීපු ගුවන් සමාගම වැරදි කාරය කර නැවත ශ්‍රි ලාංකික ක්‍රීඩකයන්ට විදෙස් තරග සංචාර සදහා එම ගුවන් සේවය භාවිතා කිරීම තහනම් කරයි.(නදී)

:       0       0

ලලිත් Tuesday, 09 July 2013 07:00 PM

දැකපු අය දැන් දැක්කේ නෑ වගේ ඉන්නේ බයේද? මේකත් යටගහන්න හේතු හොයමින් කල් මරණ බවයි පෙන්නේ. සොබා දම් මෑණියනි නීතියේ දෙවඟන නිර්වින්දනය කර ඇති බැවින් ඔබ පමණි අපට දැන් ඇති එකම පිළිසරණ.(නදී)

:       0       0

කුමාර Wednesday, 10 July 2013 07:58 AM

නඩුවේ තීන්දුව පැහැදිලියි. තීන්දුව: මොහුට හීනෙන් යන ලෙඩක් ඇත. එහෙත් මොහුගේ(පියාගේ) දක්ෂතා නිසා කණ්ඩායමෙන් ඉවත් කල නොහැක. එම නිසා මොහුගේ ආරක්ෂාවට පාලක මණ්ඩලයෙන් ඩොලර් වැටුප් ගෙවා ආරක්ෂාවට පවුලේ වෙනත් දෙදෙනෙක් දෙපැත්තෙන් යැවීමට නිර්දේශ කරමි.- නිර්දේශ කල මා උසස්වීමක් පතමි.(නදී)

:       0       0

රොහාන් Tuesday, 09 July 2013 07:05 PM

සඳුනි ඔබ හරි. දම්මික පෙරේරා ඔබත් හරි. අනේ අර ළමයා වැසිකිලි දොර අදුරන්නේ නැහැ අනේ පවු. කිරි දරුවා. වැසිකිලි දොර ඇරෙන්නෙත් පිටවෙන හදිසි දොර ඇරෙන්නෙත් හයිද්රෝලික් වලින්නේ.ඕක බොරු වැඩක් නොවෙන දෙයක්. සුජි ඔබත් හරි.(අ)

:       0       0

හේරත් Tuesday, 09 July 2013 07:08 PM

" ඇසින් දුටු සාක්‍ෂි" මේවා කොහෙන් හොයන්නද මාමේ. ඔක්කොම කන්නඩි දාල හිටියේ. ඒවා කන්නාඩියෙන් දුටු සාක්කිලු. අනේ නැන්දේ?(නදී)

:       0       0

රෝහණ Wednesday, 10 July 2013 08:07 AM

කුමාර මහත්තයෝ, ඔයාගේ කියමන නම් මසුරන්. එක මාසෙක කාලෙකදී දැකපු හොඳම කියමන. (නි)

:       0       0

සොමපල් Wednesday, 10 July 2013 01:33 PM

මෙයාලා ඔක්කොම හීනෙන් යද්දී අපිටත් හීනෙන් තමයි යන්නේ වෙන්නේ. (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 09 July 2013 07:38 PM

අනේ මහත්තයෝ ඔන්න ඕක අල්ලලා දන්නා . අපිට මොකුත් මතක නැනේ .....(අ)

:       0       0

සුපුන් Wednesday, 10 July 2013 09:14 AM

මට නම් හතර විලි ලැජ්ජාවයි මේක අහලා (නි)

:       0       0

සංජීව Wednesday, 10 July 2013 09:28 AM

ඌරන්ට මොන සෞඛයද (අ)

:       0       0

ඉන්දික Tuesday, 09 July 2013 08:26 PM

ඔන්න බලන්න මහත්තයෝ ආසියාවේ ආස්චර්යය... ගුවන් සේවා ආයතනයෙන් නිකුත් කරපු ප්‍රකාශය බල්ලට දාලා හොරාගෙ අම්මගෙන් පේන අහනව කියන්නෙ ඕක තමා.(අ)

:       0       0

සංඛ Wednesday, 10 July 2013 10:01 AM

එයා නින්දෙන්නේ ගිහින් තියෙන්නේ මහත්තයෝ (නි)

:       0       0

ලන්කා Tuesday, 09 July 2013 08:33 PM

නිකන් තෙපර බන්නේ නැතුව කොන්ද කෙලින් තියන් කියපල්ලකෝ මොකවත් කරන්නේ නෑ කියල,(අ)

:       0       0

තරූ Wednesday, 10 July 2013 02:32 PM

ඕක ඔච්චර ලොකු දෙයක්ද අනේ මෙච්චර දුර දිග යන්න. ශාක්ෂි ඇයි.(නදී)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 09 July 2013 09:22 PM

සද සාක්කි කියාපුදෙන්, හිරු සාක්කි කියාපුදෙන්.(නදී)

:       0       0

සෑම් Tuesday, 09 July 2013 09:28 PM

මොකටද ඉතින් තවත් පරීක්ෂණ. අපි දැන්මම දන්නවා පරීක්ෂණ ප්‍රතිපලය. අපරාදේ කාලේ සහ මුදල්.(නදී)

:       0       0

දිල්කි Tuesday, 09 July 2013 09:34 PM

හීනෙන් ඇවිදින එකත් පරීක්ෂණ තියන්න තරම් වරදක්ද?(නදී)

:       0       0

චන්ඩි Tuesday, 09 July 2013 09:44 PM

බොන එක නවත්තන්න කොන්ද පණ තිබුන නැති පුහුණුකරුට සාක්ෂි දෙන්න කොන්ද පණ තියේවිද?(නදී)

:       0       0

ගයන් Wednesday, 10 July 2013 10:51 AM

රන්ජිත් කොහොමද දන්නේ ඒක? (නි)

:       0       0

අමිල Wednesday, 10 July 2013 11:00 AM

මේ විදියට ගියොත් හැමෝම හැම වෙලාවෙම කියාවි හැමදේම කලේ නින්දෙන් කියල.ඉස්සහරහට රේප් එකක් කරත් කියාවී (අ)

:       0       0

කුමාරි Wednesday, 10 July 2013 11:02 AM

ඇසින් දුටු සක්ෂිනැහැ.මොකද ඇසින්දුටු එක සාක්කි දුන්නොත් උගේ ජොබ් එකනැහැ,ඒ කියන්නේ පරීක්ෂණ ඉවරයි. (අ)

:       0       0

රංජිත් Tuesday, 09 July 2013 10:41 PM

රඹුක්වැල්ල මහත්මයා වැදගත් කෙනෙක්.පුතා මොකක්ද මේ කළේ? (නි)

:       0       0

ජුවාන් Wednesday, 10 July 2013 11:12 AM

මම නම් ඕක හොඳට දැක්කා. හීනෙන්ම තමයි. ඒකනේ කේස් එක. මම කොහොමද ඕක කියන්නේ? (නි)

:       0       0

දනුස්ක​ Tuesday, 09 July 2013 11:04 PM

ඇසින් දුටු සාක්‍ෂි මොකටද ? මෙයගේ දක්‍ෂතා දැක්කම අපිට හිතාගන්න පුලුවන්. (නදී)

:       0       0

ජගත් Tuesday, 09 July 2013 11:12 PM

සුදු හුනු ගෑම දැන්වත් නවත්තමු.(නදී)

:       0       0

අමිල Tuesday, 09 July 2013 05:10 PM

අන්න හරි.කවුරුහරි මේක දැක්කනම් ඉදිරිපත් වෙන්නකෝ. (නි)

:       0       0

මහී Tuesday, 09 July 2013 11:23 PM

කාටත් මුකුත්ම මතක නැද්ද? (නි)

:       0       0

ප්‍රසා Tuesday, 09 July 2013 05:16 PM

අනේ අපි නම් හොදටම නින්දේ හිටියේ... අපි දැක්කේ නැහැ. (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 09 July 2013 05:20 PM

අර දණගස්සපු මන්ත්‍රීට නාම යෝජනා දුන්නා වගේ මට පෙනෙන්නේ මෙයාවත් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් තනතුර දක්වා වුනත් අරගෙනයන්න බැරිකමක් නැහැ වගේ (නි)

:       0       0

ජෝන් Tuesday, 09 July 2013 05:29 PM

අනේ මට මොකක්ද මොකක්ද වගේ.. (නි)

:       0       0

හිල්මි Wednesday, 10 July 2013 11:39 AM

කව්රු මොනවා කිවුවත් මේක අපේ රටට ලොකු අපකීර්තියක්. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩාවෙන් අංක එක නොවුණාට විනය අතින් හැමදාම අංක එකේ. මම නම් දන්නේ නැහැ රටට මොනවා වෙන්න යනවද කියලා. (නි)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Tuesday, 09 July 2013 05:35 PM

මෙයා අර විදියට ඇවිදපු එක, කවුරුහරි හීනෙන් දැක්කද? අනේ කියන්න කෝ මෙයාලා.... (නි)

:       0       0

අකාරී Wednesday, 10 July 2013 11:41 AM

අනේ මෙහෙමෙ ලෝකයක් .වෙන කෙනෙක් කලා නම් ඒත් මෙහෙම බලා සිටීවිද? (නි)

:       0       0

යොහාන් Tuesday, 09 July 2013 05:36 PM

අපේ අනිත් කට්ට්යත් එයා හිටිය තත්ත්වයෙන්මද හිටියේ? (නි)

:       0       0

සදුනි Tuesday, 09 July 2013 05:38 PM

අපේ අය කියයිද දන්නෙ නැහැ, "මං දැක්කේ නැහැ.මං දන්නේ නැහැ,අපෙන් ඕවා අහන්න එපා,අපි හොදටම නිදි.." කියලා. කොහොම වුනත් මෙයා ජාතික කණ්ඩායමේ නායකත්වයට වුනත් ඉතා සුදුසුයි (නි)

:       0       0

හර්ෂි Wednesday, 10 July 2013 11:44 AM

හොදම වැඩේ කියන්නේ මේවට ඉදිරිපත් කරන හේතු නේ.. (නි)

:       0       0

දාස Wednesday, 10 July 2013 01:30 AM

ඇසින් දකින්නේ නැතුව වෙන කොහෙන්වත් බලන්න පුලුවන්ද ? අර සමහරු කටින් නැතිව වෙන තැන්වලින් කතා කරනවා වගේද (අ)

:       0       0

බන්දුල-කටාර් Wednesday, 10 July 2013 01:47 AM

දැන් එතකොට ඇසින් දුටු සාක්ෂි නැති උනොත් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට විරුද්දව නඩු දානවද? ඇමති පුතාට අපහාස කෙරුවා කියල වන්දි ඉල්ලලා. දැන්නම් කොන්ඩේ බඳින චීන්නු අපේ රටේ නැති බව අර වගේ මෝඩ ප්‍රකාශ කරන උදවිය තවමත් දන්නේ නැද්ද..? එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවා උනත් ලෝකෙම දන්නා ඇත්ත - නැත්ත කරන්න නම් ඊට වඩා බොරු කියන්න සිදුවෙනවා. (නදී)

:       0       0

වාසනා Wednesday, 10 July 2013 11:56 AM

කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඕනලු (අ)

:       0       0

සමා Tuesday, 09 July 2013 05:53 PM

'අපිට හිතාගන්න බැහැ, නින්ද ගියාම අපිට මතක නැහැ' කියලා කියයි අනිත් කට්ටිය (නි)

:       0       0

දසුනි Wednesday, 10 July 2013 02:57 AM

අනිත් මගීන්ට අනතුරක් නැත්නම් ඒ වෙලාවේම දොර ඇරලා එලියට දාන්න තිබුනේ. (නදී)

:       0       0

ප්‍රියාන් Tuesday, 09 July 2013 05:53 PM

වැඩේ කල මිනිහත් හීනෙන් හරි තමන් කළා කියලා පිළිගන්න එකේ තවත් මොනවා අහන්නද? (නි)

:       0       0

මොහමඩ් Tuesday, 09 July 2013 05:55 PM

කොහොමත් අමතක වෙලා ඇති දැන් ඒ සිද්ධිය හැමෝටම (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 09 July 2013 05:59 PM

මට නම් මොකුත් මතක නැහැ :) (නි)

:       0       0

රොෂාන් සංජීව Wednesday, 10 July 2013 03:44 AM

ඔන්න ඔය කිරිසප්පයා කරපු නොදැනුවත්කම අත ඇරලා දාන්න. පව් පොඩි එකා නොදන්නාකමනේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 334 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2032 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1546 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 670 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 567 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 678 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37705 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site