(ආරියරත්න රණබාහු)
අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයෙන් තමන්ගේ නම් ඉවත් කර ඇති බව පවසමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (26) දිනයේ උද්ඝෝෂණ විරෝධතා සහ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට නොසන්සුන් වාතාවරණ ඇති වී තිබිණි.
දිළිඳු පවුල් සඳහා රජයේ ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට මෙම අස්වැසුම සුබසාධන වැඩසටහනට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙසේ විරෝධතා එල්ල වූයේ සහන ලැබිය යුතු පුද්ගලයන් අස්වැසුම ලැයිස්තුවට ඇතුළත් නොකර නුසුදුසු පුද්ගලයන්ගේ නම් එම ලැයිස්තුවලට එක් කර ඇති බව කියමිනි.
මෙසේ විරෝධතා උද්ඝෝෂණ පැවැති ප්‍රදේශ අතර වවුනියාව, වාරියපොල, වෙන්නප්පුව, මිල්ලනිය, නිකවැරටිය, මිහින්තලේ, දිඹුලාගල, මීරිගම, කරන්දෙණිය, දෙහිවල, කන්තලේ, බියගම, හසලක සහ බුලත්සිංහල ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විය.
වවුනියාව දිස්ත්‍රික්කයේ අස්වැසුම අහිමි වූ පිරිස යාපනය නුවර ඒ-9 මාර්ගය අවහිර කර සිය විරෝධතාව දැක් වූහ.
ඔවුන් පැය දෙකකට අධික කාලයක් එම මාර්ගය අවහිර කර සිටි අතර ඒ හේතුවෙන් රථවාහන ධාවනයට දැඩි බාධා ඇති විය.
එම විරෝධතාකරුවන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මහතා ද හමු වූ අතර දිස්ත්‍රික් ලේකම්වරයා දැක්වූ අදහස්වලින් පසුව මොවුහු විරෝධතාව අවසන් කළහ.
වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල විරෝධතා දැක්වූ පිරිස් කියා සිටියේ සමෘද්ධි ආධාර ලැබූ දහසක පමණ පිරිසක් මෙම නව ක්‍රමය යටතේ කපා දමා ඇති බවය.
නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 42ක පිරිසක් අභියාචනා ලිපි බාරදීම සඳහා පැමිණ සිටි අතර එම ජනතාව පාලනය කිරීමට ආරක්ෂක අංශ නිලධාරීන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 56ක 2500කට ආසන්න පිරිසක් පොලොන්නරුව මඩකලපුව සහ පොලොන්නරුව මහියංගන ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවේ නිරත වූහ.
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවෝ පිරිසක් එම ලේකම් කාර්යාලය අසල ගාලු පාරේ විරෝධතාවක නිරත වූහ.
පසුබිම් වාර්තා
මඩුකන්ද සිතුම් චතුරංග, වාරියපොල රවින්ද්‍ර ප්‍රභාත් වීරසිංහ, නිකවැරටිය ප්‍රියාණි මංගලිකා, අනුරාධපුර විශේෂ බී.ජී. චතුරංග, වෙන්නප්පුව රවින්ද්‍ර ලියනගේ, මනම්පිටිය නිමල් ජයරත්න, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ, කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත, මීරිගම විශේෂ පුෂ්ප කුමාර මල්ලවාරච්චි, දෙහිවල එච්.එම්. ධර්මපාල
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇස්වැසුමට දිවයින පුරා විරෝධතා
Lalla Tuesday, 27 June 2023 07:24 AM
කෑගහල උද්ඝෝෂණ කරන වැඩිපුරම සංඛ්‍යාවක් ආහාර අහේනිය කෙසේ වෙතත් අධිපෝෂණය ඇති අයවලුන්. තඩි ශරීර කූඩු කරේ ලමයි.... මේ අයට නිකම්ම ඉඳල පුරුදුවෙලා මහන්සිවී උපයල ජීවත්වෙන්න දැන් බෑ වගේ. අනික තරුණ පිරිමින් ඉන්නව. මේක ජාතික ව්‍යසන තත්වයක්. ආබාධිත සහ අවුරුදු හැටට වැඩි අයවලුන්ට හැර අන් සියලුම දෙනාට සහනාධාර ඉවත්කර දැමීම රටට සහ ඔවුන්ට යහපතක්....
Jagath Wickramasekara Tuesday, 27 June 2023 07:49 AM
කාලකන්නි කම්මැලි හැත්ත
de silva Tuesday, 27 June 2023 02:46 PM
රට බංකොලොත් වෙලා තිබෙන අවස්තාවක හැමොටම දිගින් දිගටම සමුර්දිය දෙන්නෙ කොහොමද?