(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 13 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (15) පැවති තරගයේදී ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ ලකුණු 69 කින් ප්‍රබල එංගලන්ත පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක් ඉලක්කය හඹා ගිය එංගලන්ත පිල ඕවර 40.3 කදී ලකුණු 215 කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන් දඟ පන්දු යවන්නන් ප්‍රමුඛ පන්දු යැවීමේ බලඇණිය සමත් විය.
රෂීඩ් ඛාන් (37/3) සහ මොහොමඩ් නබී (16/2) ජයග්‍රහණය දැවැන්ත කොටස්කරුවන් බවට පත්වෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූහ. පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානු පිල වෙනුවෙන් රහමුනුල්ලා ගුර්බාෂ් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 57 කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 80 ක් රැස් කළේය.
ඇෆ්ගනිස්තානු පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 284 (රහමුනුල්ලා ගුර්බාෂ් 80, ඊබ්‍රහිම් ශද්‍රාන් 28, ඉක්‍රම් අලිකිල් 58, රෂීඩ් ඛාන් 23, මුජූබ් උර් රහමන් 28, අදිල් රෂීඩ් 42/3, මාක් වුඩ් 50/2) එංගලන්ත පිල ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 215 (ඩේවිඩ් මලන් 32, හැරී බෲක් 66, අදිල් රෂීඩ් 20, මාක් වුඩ් 18, මුජූබ් උර් රහමන් 51/3, රෂීඩ් ඛාන් 37/3, මොහොමඩ් නබී 16/2)
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ එංගලන්තය පරදවති