(ගයාන් සූරියඅරච්චි සහ ඩී.ජී. සුගතපාල)

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව භාරයට ගත් මත්ද්‍රව්‍ය රැගත් ධීවර යාත්‍රාව අද (13) ගාලු වරයාට රැගෙන එනු ලැබීය.

එම ධීවර යාත්‍රාවේ සඟවා තිබූ ගෝනි 6 ක බහා තිබූ හෙරොයින් පැකට් 52 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 50 ක් නාවික හමුදාව සොයා ගත්තේය.

ඒ අනුව එම මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටි 200 කට අධික වටිනාකමකින් යුක්ත බවට තොරතුරු අනාවරණය වේ.

නාවික හමුදාව අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය මේවන විට කිරා මැන බැලීමේ කටයුතු කරනු ලබන බව නාවික හමුදාව පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු ද එම ස්ථානයේ සිටිති.