(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 376 (මිලියන 3,764)ක මුදලක් ලැබුණු බව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥා රත්නසිරි කළුපහන මහතා පැවසීය.
වන්දි ලබා විශ්‍රාම යන සේවකයන් 1,417 ට වයස 55 ට වැඩි සේවකයන් 252 ක් සහ වයස 55 ට අඩු සේවකයන් 1,165 ක් ඇතුළත් බවත් භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදලින් එම ආයතන දෙකේ විශ්‍රාම ලැබූ, මියගිය සහ ඉල්ලා අස්වූ සේවකයන් 910 කට ව්‍යවස්ථාපිත ගෙවීම් කළ යුතු බවත් සභාපතිවරයා කීය.
කොවිඩ් වසංගතය සහ රට ආර්ථික වශයෙන් කඩා වැටීම් ආදි හේතූන් නිසා එම සංස්ථාවේ සේවකයන් 1,800 කට පමණ රුපියල් කෝටි 14 ක් (මිලියන 140) පමණ වූ වැටුප් ගෙවීමටට නොහැකිව ගැටලු නිර්මාණය වූ බව කී නීතිඥා රත්නසිරි කළුපහන මහතා මෙම වන්දි යෝජනා ක්‍රමයෙන් සේවකයන් ඉවත්වීමෙන් පසුව සංස්ථාවේ වැටුප් පිරිවැය කෝටි 4 කට (මිලියන 40) අඩු වන බව ද සඳහන් කළේය.
වන්දි යෝජනා ක්‍රමය ක්‍රියාත්ම කිරීමට රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව සතු පෑලියගොඩ ප්‍රදේශයේ අක්කර 17 ක ඉඩමක් විකිණීමට සැළසුම් කළ ද ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඉඩම විකිණිම අත්හිටුවූ බව ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉංජිනේරු සංස්ථාවේ 1,417ක් වන්දි ගෙවා ඉවත් කරයි
don Friday, 06 October 2023 09:59 PM
අන්තිම මෝඩ තීරණයක්... රටේ සම්පත් විකුණලා සුළු පිරිසකට අතිවිශාල වන්දියක් ගෙවන එක අන්තිම වැරැදියි. මේ මිනිස්සු රැකියාවේ හිටියත් මේ ගෙවන්න යන වන්දි මුදලින් අවුරුදු 33ක් වැඩගන්න පුළුවන්. ඔය ඉඩම වික්කොත් ලැබෙන මුදලින් ඔය මිනිස්සුන්ට වන්දි දීලා අයින් කරන්නෙත් නැතිව රැකියාව තියාගෙනම දැනට ඉන්න මුළු සේවකයෝ සියල්ලටම අවුරුදු 35ක් විතර පඩි ගෙවන්න පුලුවන්නේ...
LallaSaturday, 07 October 2023 07:47 PM
නිකම්ම ඉන්න සේවක රැලකට පඩි ගෙවනවා කියන්නේ පින්බත් දීමක්. හිඟන්නන් රෑනක් බෝ කිරීමක්. හොඳම දේ පවත්වාගෙන යාමට බැරි කාලයට අනුව හැඩ නොගැසෙන ආයතන වසා දමා සේවකයින්ට වෙනත් රැකියාවලට යෑමට සැලසීම. මේ ආයතනය අතීතයේ වැඩ ගොඩක් කළාට වර්තමානයට ගැලපෙන ලෙස වෙනස් වුණේ නෑ. පුද්ගලික අංශය එක්ක හැරෙන්නවත් බැරි අලස සේවකයින්ට...
lankaputha Saturday, 07 October 2023 06:47 AM
තුම්මුල්ලේ විමලේගේ තවත් අවුල් වැඩක්...
Nimal Saturday, 07 October 2023 07:37 PM
කවුද මේවායේ ඉන්නේ...? රට කාබාසිනියා වන වැඩම කරන්නේ...!