රුහුණු සරසවියේ ගාල්ල , හපුගල ඉංජිනේරු පීඨයේ සිසු ගැටුමකින් අතින් පයින් පහර කෑ බව කියන සිසුහු දෙදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ.
රුහුණු සරසවියේ ගාල්ල , හපුගල ඉංජිනේරු පීඨයේ සිසු ගැටුමකින් අතින් පයින් පහර කෑ බව කියන සිසුහු දෙදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසන් වසර සිසුන්ගේ උවමනාව පරිදි අන්තරයේ අතකොලු නොවු නිසා මෙම සිසුන් දෙදෙනාට පහර දී ඇත.(නදී)
ශිෂයයන් වැඩිපුර සිටින තැනක ගැටුම් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. එයට නිදහස් අධයාපනය ගාව ගෙන එය රැක ගැනීම ගැන හෑල්ලු කරන අමු (නූ)උගතුන් සිටිනා දේශයකි මෙය. (නදී)
"මේ අයට යට කරන අපේ බදු සල්ලි ශිෂ්‍යත්ව වශයෙන් අර්ධ කාලින රැකියා කරමින් වෘත්තීය විභාග කරන අයට ශිෂ්‍යත්ව ලෙස දුන්නා නම් හරි" මේ අය වෙනුවෙන් යට කරපු බදු මුදල් ගැන පසු තැවෙන්න එපා කවුරුත්. ගැටුමක් ඇති වුණා දෙන්නෙක් රෝහල් ගත වුණා කියමුකො... හැබැයි ඒ කුඩු බිස්නස් බෙදා ගන්න බැරුව වෙඩි තියාගෙන මිනී මරාගෙන මට මතක නෑනෙ කියාගෙන එහෙම නෙවෙයි. සිසුන් කවුරුත් රට අත ඇරලා ගියෙත් නෑ... කවදා හරි ඒ සහෝදරවරු ඔබලා ගෙවූ බදු මුදලට සාධාරණයක් ඉටු කරාවි. රටට සේවයක් කරාවි. ඒ ගැන අබ මල් රේණුවකවත් සැකයක් තියා ගන්න එපා... (අ)
සිදු උනු සිදුවිමේ ඇත්ත නැත්ත නොදැන අදහස් දෑක්වු ඔබ පිලිබදව බලවත් කනගාටුව ප්‍රකාශ කලයුතුය. එහිදී සිදුවූයේ ඔලුව උදුම්මවා ගත් සිසුන් ජ්‍යෙෂ්ට සිසුන්ට පහරදීමක් නොව සුලු මතභේදයක් දුරදිග යාමක් පමණි. එහිදි ජ්‍යෙෂ්ටයන් පහරදී ඇති අතර ජ්‍යෙෂ්ටත්වයට ගරු කිරිමක් ලෙස ගුටිකෑ සිසුන් පහර දිමෙන් වැලකී ඇත. (නදී)
ඉහත ප්‍රතිචාර දැක්වූ අය මෙම සිදුවීමේ සත්‍ය තත්වය වටහා නොගෙන කුහක අන්දමින්, විශ්ව විදයාල සිසුන් කෙරෙහි ඇති වෛරය පෙන්වා ඇත්තේ ඔවුනට විශ්ව විදයාල පද්දතිය තුලට ඇතුලත් වීමට නොහැකි වූ නිසා බව අපට හැගේ. රටේ මැරයන්,ස්ත්‍රී දුෂකයින්,කුඩු ජාවාරම් කරුවන්, ගණිකාවන්, නිලියන්, මහජන දේපල සොරා කන හිවල්ලුන් ඉහත කි නිවටුන්ගේ නුගත් පරම්පරාව පාර්ලිමේන්තුව දක්වා ගෙන යාමට දිවි හිමියෙන් කැප වූ ඔබලා මෙම සිදුවීමේ සත්‍ය කරුණු වටහා ගෙන බුද්දිමත් පුරවැසියන් ලෙස ප්‍රතිචාර දක්වන්න. මෙම සිදුවීමට කිසිදු ශිෂ්‍ය සංගමයක සම්බන්දයක් නොමැති බව කරුණාවෙන් වටහා ගන්න. නමුත් සිසුන් හඩ නගන්නේ මුදලට නොව හුදෙක් ලාබ තකා නොව ඔබද මාද ලත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාබ ඉදිරි පරපුර සදහා සුරක්ෂිත කිරීමටය. මෙහි වෙනස ඇත්තේ ඔබ මෙන්ම ඔවුන්ද සම අධ්‍යාපනයක් ලබා ඇති අතර ඔවුන්ගේ චින්තනය තුල ඔබට නොතේරෙන සාදාරණ මතයක් ඇති බැවිනි. (නදී)
අවුරුද්දක් දෙකක් කලින් අාවම සමහරු හිතන් ඉන්නෙ හෙන ජ්‍යෙෂ්ඨයෝ කියලා. විශ්ව විද්‍යාලයක හැමෝටම තියෙන්නෙ එකම සමාන අයිතිවාසිකමක් විතරයි. නියම ජ්‍යෙෂ්ඨ සිසුන් නම් ප්‍රශ්න විසඳාගන්නෙ ගහ මරාගෙන නෙවෙයි. (නදී)
නියම ජ්‍යෙෂ්ඨ සිසුන් නම් ප්‍රශ්න විසඳාගන්නෙ ගහ මරාගෙන නෙවෙයි.(හේ)
ජ්‍යෙෂ්ඨත්වයට ගරුනොකර ඔලුව උදුම්මවාගෙන සිටීමෙන් ඇති වූ ගැටුම් තත්වයක් වගේ. (නි)
සමවයස් කණ්ඩායම් අතර ගැටුම් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම නොවුණොත් තමා ප්‍රශ්නය. මේ කාලයේ ගහගන්නේ නැතුව කවදා ගහගන්නද? (නි)
අනේ ඇත්තට මෙහෙමත් ළමයි! (නි)
ඉහත ප්‍රතිචාර දැක්වූ අති පිවිතුරු විචාරකයිනි, නොදන්නා දේවල් නිකන් වට්ටි අම්මලා වගේ කතානොකර ඇත්ත තත්වය දැනගෙන කතාකළොත් හොඳයි නේද? (නි)
ගමගේ, ඔබ පැවසූ දෙයෙහි ප්‍රතිවිරුද්ධ දේ වෙන්ට බැරිද ? (නදී)
කෝ අර වැස්සකට වත් සරසවියට ගිහිල්ල නැති කුහකයන් කියල මෙතන පාඨකයන් අමතන උගත්තු ටික ? අනාගතේ රට පරිපාලනය කරන්න ඉන්න බුද්ධිමතුන් කියලා නේ කියන්නේ. මේ තියෙන්නේ උගතුන්ගේ තරම ? හැමෝම නෙවෙයි සමහරුන්ගේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා. (නදී)
එතකොට මේක ආණ්ඩුවේ මැර ප්‍රහාරයක් කියා උද්ගෝෂණය කරන්නේ නැද්ද? (නදී)
දැන් ඉන්න ළමයි සමාජ විරෝදීන්. එහි ආරම්භය දෙමාපියන්. අධ්‍යාපනයට ළමයි දක්කනවා. 5 ශිෂ්‍යත්වයේ ඉඳන්ම වද දෙනවා. දැන් සමාජයෙන් පලි ගන්නවා. ඒකට ජ වී පෙ උදව් කරනවා. (නදී)
මේ ළමයි දෙන්නා හදාරන්නෙ ගහමරා ගැනීමේ ඉංජිනේරු විද්‍යාව කියලා.(හේ)
සරසවි නොගිය අනිත් මිනිස්සුන්ට නුගතුන් කියල කී දෙනෙක් මෙතන ලියනවද ? මේ ඉන්නේ උගතුන්. ඇතැමුන් සරසවි සිසුන් මොන වැරැද්ද කලත් සාධාරණීකරණය කරන්න යනවා. (නදී)
ලංකාවේ ළමයි විතරයි ලෝකේ ගහ ගන්නේ. ලංකාවේ හැදෙන ළමයින්ගේ හැදියාව මින් පෙනෙනවා. (හේ)
මේක අන්තරේ ගැටළුවක් වෙන්න බැහැ.මේ වගේ අධ්‍යාපනයෙන් ඉහල පීඨ වල නොරටුගාමීන්ගෙ ගැට වලට අහුවෙන අය අඩුයි. මෙයාලට සමාජයේ සැලකිල්ල වැඩියෙන් ලැබෙන නිසාම ගොඩාක් වෙලාවට මේ පීඨ වල ළමයි නිහතමානි.බොරුවට කෑගහලා බිම පෙරලිලා වචන හරඹ කරලා වීරයො වෙන්න යන්නෙ නැහැ.සටන් කරොත් ඒක බොහොවිට සාධාරන සටනක්.හේතුව මෙයාලව අන්දන්න බැහැ.සමාජ වෛරයෙන් පෙලෙන අය නැහැ.වසර දෙකක් අතර ගැටළුවක් වෙන්න ඇති.(අ)
මෝඩයින් කොටස් දෙකයි. උගත් සහ නූගත් වශයෙන්. මොවුන් උගත් මෝඩ රැලකි. (අ)
හේතුව පැහැදිලි නැහැනේ (අ)
අවුලක් නැහැ නිදහස් අධ්‍යාපනේ රැක ගන්න යන්න ඇති.(හේ)
මේ දෙන්නාවත් අර අට්ටාලෙට නග්ගවලා දුම් අල්ලන්න. එතකොට තුවාල සනීප වේවි. මේ අයට යට කරන අපේ බදු සල්ලි ශිෂ්‍යත්ව වශයෙන් අර්ධ කාලින රැකියා කරමින් වෘත්තීය විභාග කරන අයට ශිෂ්‍යත්ව ලෙස දුන්නා නම් හරි. වැඩිය නෙමෙයි පහසු මිලකට ගමනා ගමන ටිකට්. පොත් ගන්න සල්ලි ආදී වශයෙන්. අඩු ගානේ ඒ උදවිය උවමනාවෙන් ඉගෙන ගනීවි. සරසවියට ගිය පමණින් ඔලුව උද්දච්ච කරගත් අයට දෙන දේවල් වක්කඩේ හංගපු හකුරු වගේ. (නදී)
මොකක් හරි නිර්මාණයක් කරන්න ගිහින් පැන්සලේ උල කැඩෙන්න ඇති.(හේ) .