IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඉංජිනේරු සිසුවාගෙන් මනසට සංවේදී රොබෝවෙක්

ඊඊජී තාක්‍ෂණය උපයෝගී කරගෙන මනසින් පාලනය කරන රොබෝවකු නිපදවීමට විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්‍ෂණ පීඨයේ මෙකාට්‍රොනික්ස් ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවකු බි‍්‍රටෝ පවර් නමින් රොබෝවන් නිපදවීමට රඛිත බි‍්‍රටෝ සිසුවා සමත්වී ඇත.

ලොව  ඕනෑම තැනක සිට පාලනය කළ හැකි, සිංහල බසට සංවේදී, බහු පාද සහ සතුන්ගේ අංග ලක්‍ෂණ අනුව ක‍්‍රියාකරන රොබෝවන්, අන්ධ පුද්ගලයන්ට ගමනා ගමනයේදී ඇති බාධක හඳුනාගැනීමේ කෘත‍්‍රිම සංවේදක අඩංගු හිස්වැසුමක්, පොල්ගස් නැඟීමට උකරණයක්, ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ‘ස්මෝක් ඩිටෙක්ටර්’ බිම සිට ගලවා නැවත සවි කිරීමේ යන්ත‍්‍රයක් ‘රෝලර් ගයිඩඩ් ප්ලාස්ටික් කටර්’ යන්ත‍්‍රයක්, දත් බුරුසුවලින් වීදුරු පිස දැමීමේ යන්ත‍්‍රයක් සහ ආබාධිත සුනඛයකුට අත්වැලක් වියහැකි උපකරණයක් නිපදවීම මීට පෙර ඔහුගේ නිපැයුම් අතර වේ.

ඊඊජී  යනු මොළයේ ඇති නියුරෝන උද්දීපනයවීමෙන් මොළයේ පිටත සිවියෙන් ඇතිකරන සියුම් ඉලෙක්ට්‍රෝනික වෝල්ටීයතාව, ශීර්ෂ චර්මය මතදී පටිගත කරගන්නා උපකරණයි. අප කොපමණ අවධානයකින්, කල්පනාවකින් හෝ භාවනාකින් සිටියාද යන්න එයින් කියවෙනවා.

මෙම උපකරණයේ සංවේදක ලෙස යකඩ පතුරු දෙකක් හිසට සහ නලළට සම්බන්ධ වෙනවා.

‘අපගේ සිතුවිලිවල විද්‍යුත් චුම්භක ඝනත්වය 40% දක්වා පහළ අගයක පැවැතිය හොත් රොබෝවා කිසිඳු චලනයක් සිදු නොකරන අතර සංඥ බල්බය රතු පැහැයෙන් දිස්වෙනවා. අපගේ සිතුවිලිවල ඝනත්වය 60% වඩා වැඩිවුව හොත් රොබෝවා ක‍්‍රියාකරන අතර සංඥ බල්බය දම්පැහැයෙන් දිස්වෙනවා.

රොබෝවා හා ඊඊජී උපකරණය අතර සංවේදනය බ්ලූටූත් හරහා සිදුකෙරනවා. ඊඊජී හා රොබෝවා අතර සංවේදනය ආරම්භ වූයේද යන්න රොබෝවා තුළ ඇති බල්බය නිල් පැහැයට හැරීමෙන් හඳුනාගත හැකි වෙනවා. ප‍්‍රධාන බල්බය කොළ පැහැයට හැරීමෙන් රොබෝවා ක‍්‍රියාකිරීමට සූදානම් බව ඇඟවෙනවා. මොළය හා රොබෝවා අතර සංවේදනය ඉහළ මට්ටමක ඇති විට රොබෝවාගේ ප‍්‍රධාන බල්බය දම් හෝ නිල් පැහැයෙන් දිස්වෙන අතර රොබෝවා ගමන් කිරීමට පටන් ගනී. ඉදිරියේදී මෙය තවත් වැඩි දියුණු කිරීම මඟින් ආබාධිත පුද්ගලයන්ට හා ගෙදර දොරේ සහ කාර්යාලයීය වැඩ කටයුතු පහසු කර ගැනීම අරමුණක් වෙනවා. එවිට අප සිතන සෑම දෙයක්ම ක්ෂණිකව සිදුකිරීමට හැකි වෙනවා.  උදාහරණයක් ලෙස රූපවාහිනයේ චැනල් මාරු කිරීම, රොබෝවරු අපට අවශ්‍ය දෑ සාදාදීම වැනි දෑ පෙන්වා දෙන්න පුළුවන්. ඉදිරියේදී මෙවැනි නිර්මාණ හඳුන්වා දෙමින් ලංකාවට සේවයක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා’

2 5 20150526_201004



අදහස් (0)

ඉංජිනේරු සිසුවාගෙන් මනසට සංවේදී රොබෝවෙක්

හිමානි Thursday, 28 May 2015 05:42 PM

අතිවිශිෂ්ට නිර්මාණයක්.රට ලොව ජය ගැනීමට ඔබට හැකියාව ලැබේවා! (නි)

:       0       0

චන්දන ගංගොඩ Thursday, 28 May 2015 06:03 PM

රඛිත බ්‍රිටෝ, අප සැමට ඔබව ආඩම්බරයකි. ඔබේ ඉදිරි ගමනට අපි ආශීර්වාද කරමු. (නි)

:       0       0

නිදුණ මදුෂාන් Saturday, 30 May 2015 02:45 PM

සුපිරි වැඩක් !! තව තව නව නිපැයුම් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය ලැබේවා ! දිගටම මෙය සංවර්ධනය කරමු, ඔබට ජය! (බ)

:       0       0

සංජීව ප්‍රියදර්ශන Friday, 29 May 2015 04:36 AM

සුපිරිම වැඩක්. දිගටම මේ වගේ වැඩ කරමු......ජය. (බ)

:       0       0

දිනේෂ් Friday, 29 May 2015 04:56 AM

සුපිරිම අදහසක්.මේක ගොඩක් වටිනා කියන වෑඩක්.ඔයාට ජය. (ම)

:       0       0

රවිඳු සිරිවර්ධන Friday, 29 May 2015 05:49 AM

ඉතාම අනර්ඝ නවෝත්පාදනයක් රඛිත අයියා.. සුබ පැතුම්..!!! ඊළඟ නිර්මාණය බිහිවනකම් අපි බලාගෙන ඉන්නවා..(හේ)

:       0       0

අමිල මදුෂාන් Saturday, 30 May 2015 05:20 AM

ඔබට සුභ පැතුම්. නව නිර්මාණ හරහා රටට කීර්තියක් අත්කර දීමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා. (බ)

:       0       0

රාජිත ඇන්තනි Saturday, 30 May 2015 07:46 PM

ඉතාමත් අනර්ඝයි අයියයේ.. සුබ පැතුම්..!!! ! ඉස්සරහටත් මේ වගේ අලුත් දේවල් කරන්න...(බ)

:       0       0

කුමාර් Thursday, 28 May 2015 05:07 PM

සුබ පැතුම්! (නි)

:       0       0

පුබුදු Thursday, 28 May 2015 05:18 PM

රකිත, මේක නම් නියමයි.සුබ පැතුම්! ඉස්සරහටත් මේ වගේ අලුත් දේවල් කරන්න අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 82 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2415 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1308 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 533 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 870 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1509 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site