මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය දිගු කලක සිට පැවතෙන්නක් බවත් නව ඉංජිනේරුවන් වෙනත් පෞද්ගලික අංශවල රැකියාවලට යොමුවන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේදී අද (28) පැවසීය.
‘වැඩි වැටුප්වලට එවැනි රැකියාවලට යොමුවීම මිනිස් ස්වභාවයයි. නමුත් එවැනි වරප්‍රසාද ගැන නොසිතා අඩු පහසුකම් හා අඩු වරප්‍රසාද මත වැඩකරන ඉංජිනේරුවරුන්ට මම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා‘ යැයි ද ජනපති කීය.
කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ දී සමුළුව පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මැති ඇමැතිවරුන්ට වැටුප් ප්‍රශ්න නැත්නම් අපිට ඒ ඇති (බ)
වැටුප් ඇතුළු කිසිම ප්‍රශ්නවල් නොමැති පිරිස් තමයි අපේ මැති ඇමතිවරු. එ්ක අපිට ආඩම්බරයි. (බ)
අපේ රටේ ඉන්නේ හොදම ඉංජිනේරුවන්. ඒ අය වෙන රටවල්වලදී හොද දක්ෂතා පෙන්වනවා. ඒත් ලංකාව ඒ අයගෙන් නිසි වැඩක් නොගැනීම කණගාටු දයකයි. අපේ වෙලාවට එන හැම ආණ්ඩුවම ඉංජිනේරු ඇමතිට පත් කරන්නේ ක්ෂේත්‍රය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක්.(අ)
මේ කියන්නේ අනිත් අයට පටි තදකරගෙන වැඩ කරන්න කියලනේ.(අ)
අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
ඔබතුමා පරණ මහවැලි ඇමති කෙනෙක්නෙ. ඇයි ඒ කාලේ ප්‍රශ්නේ විසඳුවේ නැත්තේ. (නි)
පිළිගන්නවා, ක්‍රමයක් හදන්න උත්සාහ ගන්නවා, ප්‍රණාමය පුදකරනවා, අපි සළකා බලනවා.......... මේ වචන වලින් පමණක් රටක් දියුණු වෙයිද මහත්තයෝ. (නි)
අඩු පඩි හා දේශපාලන ඇඟිලි ගැහීම් නිසා ඉංජිනේරුවරුන් බොහොමයක් ඕස්ට්‍රේලියා කැනඩා වගේ රටවල් වලට සංක්‍රමණය වුණා. ඒ අය බිහිකිරීමට ජාතික ධනය වැය කිරීමෙන් රටට පලක් වෙලා නැහැ. තවමත් ඒ තත්වය එසේමයි. ජනාධිපතිතුමා මහවැලි අධිකාරිය ගැන පමණක් හෝ දැනගැනීම මා වැනි ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ඉංජිනේරුවරුන්ගේ සතුටට කරුණක්. (නි)
ඔය කියන දේවල් කරලා පෙන්නුව දවසට අපි පිළිගන්නම් (නි)
ඉංජිනේරුවන්ට සළකපු හැටි අපි දන්නවා ඔබ මහවැලි අමාත්‍ය කාලේ ඉඳන්ම. යථාර්ථය තේරුණ එකට සතුටුයි (නි)
හැමෝටම තියන ප්‍රශ්නයක්. (නි)