IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ බිලියන පහක වංචාවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් බෙදා දීමේදී රුපියල් බිලියන පහකට වැඩි වංචාවක් කර ඇතැයි පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

හන්තානයේ අක්කර විසි දෙකක් පර්චස් එකක් රුපියල් 2.38 බැගින් විකුණා ඇතැයිද එම අවස්ථාවේදීම එම ඉඩම හෝම් ලෑන්ඩ් සමාගමට පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදී තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අලුත්ගමගේ මහතා මෙසේද කීය.

අපේ ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය ක්‍රියා කළ හැටි මම කියන්නම්. මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය ඉඩම් බෙදා  දීමෙිදී 2020 සිට පසුගිය කාලයේදී බිලියන පහකට වඩා විශාල වංචාවක් කර තිබෙනවා.

2020 වසරේ හන්තානයේ ඉඩම් අක්කර 22ක් ලබාදී තිබෙනවා. පර්චස් එක රුපියල් දෙකයි සත 38කට ලබා දී තිබෙනවා. එම අවස්ථාවේම ඔහු හෝම් ලෑන්ඩ්  කියන සමාගමට එම ඉඩම විකුණා තිබෙනවා.ඒ පර්චස් එකක් රුපියල් ලක්ෂ දහය බැගින්.

මේ අක්කර 22න් විතරක් මිලියන 2000ක් ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය විසින් වංචාවක් සිදුකර තිබෙනවා.

හෝම් ලෑන්ඩ් කියන සමාගමට අදාළ ඉඩම දුන්නාට ඉඩම් කොමිස් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයාට එපාර්ට්මන්ට් එකක් ලබාදී තිබෙනවා.මේ සභාපතිතුමා අද ඉන්නේ එම  එපාර්ට්මන්ට් එකේ. ඊට අමතරව හන්තානේ තවත් අක්කර දහයක් මේ සභාපතිවරයා විසින් 2021 වසරේ මෙලෙස ම විකල්ප ඉඩමක් ලෙස ලබාදී තිබෙනවා.මේ අක්කර දහයේ පර්චස්  එකක් ලියා තිබෙන්නේ රුපියල් 78කටයි. මේ ඉඩමත් පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් හෝම් ලෑන්ඩ් ආයතනයට විකුණා තිබෙනවා.

 



අදහස් (3)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ බිලියන පහක වංචාවක්

Dinesh Wednesday, 06 December 2023 07:16 PM

තොරතුරු තියෙනවනම් ඇයි නඩු දාන්න බරි. ඇනික දැන් අන්ඩුව කරන්නෙ කව්ද ඇත්තටම?

:       0       1

Ruwan ediriweera Thursday, 07 December 2023 10:01 AM

ගොඩක් හොඳයි එහෙම නැත්නම් කොහොමද රට හදන්නේ. කරුණාකර එන් පී පී එකට ඡන්දය දෙන්න

:       0       0

Rata Perata Thursday, 07 December 2023 01:05 PM

සත 5 ක් වංචා කරපු නැති එකෙක් මේ කියන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 682 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1072 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 79 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 754 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 341 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1018 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site