IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඉඩම් ලියාපදිංචියට කොළඹ සරසවියෙන් මෘදුකාංගයක්

ඉඩම් ලියාපදිංචි කිරීම හා ඊට අයත් ක්‍රියාවලිය ක්ෂණිකව පරිගණකයෙන් කර ගැනීමට හැකියාව සලසා දෙන හිමිකම් ලියාපදිංචි කිරීමේ මෘදුකාංගයක්  සකස් කිරීමට  කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යන ආයතනයේ මෘදුකාංග සංවර්ධන ඒකකය සමත් වූ බව එහි අංශ ප්‍රධානී හර්ෂ විජයවර්ධන මහතා පැවසීය.

එසේ සකස් කළ පද්ධතිය ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට භාර දුන් බවත් විජයවර්ධන මහතා කීවේය.

සිංහල, දෙමළ, ඉංග්‍රිසි භාෂා තුනෙන්ම මෙම පද්ධතිය සමන්විතය.

හිමිකම් සහතිකය මුද්‍රණය කිරීමටවත් මෙමගින් හැකියාව ලැබීම විශේෂත්වයකි.

හිමිකම් ලියාපදිංචියට අමතරව ඉඩම් පැවරීම, උකස් කිරීම, කොටස් කර විකිණිම, ඉඩමේ මුල් අයිතිකරු ඇතුළුව ඉඩමේ ඉතිහාසය යන මේ සතුටට කාරණාවක්ම ක්ෂණිකව ලබා ගැනීමට මෙම පද්ධතියෙන් හැකියාව සැලසෙයි.

මේ මෘදුකාංගය නිසා ඉඩම් සම්බන්ධ තොරතුරු දැනගැනීමට දීර්ඝ කාලයක් ගතවීම නැත්තට නැති කිරීමට හැකි වෙතියි. විජයවර්ධන මහතා කීවේය.

කන්තෝරු බැලීම, පත් ඉරු ගැනීම වැනි කාලය වැය වන දේ ක්ෂණික පිළිතුරු පද්ධතියේ ලබාගත හැකිවීමද විශේෂත්වයකි.

තොරතුරු හා සන්නිවේදන නියෝජන ආයතනයෙන් සංවිධානය කරන ලද ‘ස්වාභිමාන සම්මාන‘ උළෙලේදී මෙම නිර්මාණයට විශිෂ්ඨ කුසලතා සහතිකයක් හිමිවිය.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාගේ මඟපෙන්වීම යටතේ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරු දිනුෂ අමරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් ව්‍යාපෘති නිලධාරී ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු සමීර කොඩිතුවක්කු මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවන් වන සුපුන් බණ්ඩාර, දුලංජන් ගුණසේකර, රුවන්ති වර්ණසූරිය මහත්ම මහත්මීහු පද්ධතිය නිර්මාණයට දායක වූහ.

 



අදහස් (0)

ඉඩම් ලියාපදිංචියට කොළඹ සරසවියෙන් මෘදුකාංගයක්

නදීර Tuesday, 25 November 2014 09:43 AM

මොවුන්ගේ කටයුත්ත අගය කරන අතර, මෙම ක්‍රම වේදය මීට අවුරදු 10 කට පමණ පෙරත් රජයේ දෙපාර්තමේන්තුවක් කිසිම පෞද්ගලික ආයතනයක සහාය නොමැතිව ක්‍රියාවට නංවා, මෘදුකාංග සංවර්ධනය කලා, නැවැත්තුවාද, කඩාකප්පල් කරාද යන්න විමසීම වටී - මේ ශ්‍රී ලංකාවයි. (ස)

:       0       0

නදුන් Tuesday, 25 November 2014 07:39 AM

නියම වැඩක් (අ)

:       0       0

චමිල Tuesday, 25 November 2014 10:32 AM

හොර ඔප්පු හදල ඉඩම් විකුණන එක නතර කරන්න පුළුවන් . (නදී)

:       0       0

ඩබ්.එස්.මුතුක‍ෙළියාව. Tuesday, 25 November 2014 10:35 AM

නූතන පරිගණක තාක්ෂණය තුළ වළ්මත්වී ඇති තරුණ පරපුරට ම‍ෙවන් වැඩසටහන් යහපත් ආදර්ශයක් සපයයි. එස‍ේම ඉඩමි කාර්යාලවල අරක්ග‍ෙන සිටින "කාක්කන්"ද අසරණව‍ෙි. (නදී)

:       0       0

පෙරේරා Wednesday, 26 November 2014 03:01 AM

මෙවැනි නිර්මාණ අගය කල යුතුයි. ඒ වගේම ඉතා ඉක්මනින් අදාළ කාර්යාංශ නිලධාරින් දැනුවත් කර පුහුණු කර ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ඉතා වැදගත්. ඒ සමගම ඉඩම් ලේඛන කටයුතු කරන නීතිවේදී සහ නොතාරිස් වරුන් ද සම්බන්ධ කර ගනිමින් ගැටළු ගැන දැනුවත් වීමත් අවශ්‍යයි. උත්සාහයට සුභ පතමි. (නදී)

:       0       0

සන්ධ්‍යා Tuesday, 25 November 2014 08:06 AM

හොඳ වැඩක්. (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 08:29 AM

අගයමි මෙවැනි වටිනා සොයාගැනීම්. නමුත් ක්‍රියාවට නැංවීමට බලධාරීන්ගේ නොපමාව ඉවහල් වේ යැයි සිතමි! (නි)

:       0       0

පොලිස් නිලධාරියෙක් Wednesday, 26 November 2014 04:38 AM

දැනට ලංකාවේ මරනීය දණ්ඩනය ලැබූ සිරකරුවන්ගෙන් 2/3 ක් ඉඩම් ආරවුල් හේතුවෙන් මිනී මැරීම් සිදු කල අයය. ඉඩම් නඩුවක නඩු තීන්දුව ලබා ගැනීම සඳහා අවු 5ත් 20ත් අතර කාලයක් ගතවේ. නඩුව සඳහා විශාල මුදලක් වියදම් වේ (අනුන්ගේ ඉඩමකට නඩු කීවා වගේ) ඉඩමක මායිම අයිතිය ක්ෂණිකව හඳුනාගෙන ප්‍රශ්න නිරාකරණය කිරීමට හැකිනම් රජයේ හා මිනිසුන්ගේ මුදලුත් කාලයත් ඉතිරි වේ මිනිසුන් මිනීමරුවන් වී හිරේ යන ප්‍රමාණය අඩු වනු ඇත. (අ)

:       0       0

කෙනත් Tuesday, 25 November 2014 06:25 PM

බොහොම අගෙයි . මේ වගේ දියුණු ක්‍රමවේදයන් ඕනෑම දියුණු රටක භාවිතා වෙනවා. දියුණු ක්‍රම භාවිතාවන නවීන රාජ්‍ය දෙපාර්තුමේන්තු ඇත්නම් රටේ සංවර්ධනය කිහිප ගුණයකින් වේගවත් වනු ඇත. හොර ඔප්පු සදා ඉඩම් විකිණීම වැනි වංචා සහ එමඟින් ඇතිවන පරම්පරා ගණන් ඇදෙන නිමක් නැති ඉඩම් නඩු, ඒ සමඟ එන වැටමායිම් කෝලාහල, මිනීමැරුම් නතර කරගෙන නිදහසේ ඉන්න ලැබෙනවා මේ තුළින්. මෙය මිනිසුන්ට, දේපළ වෙළදාමට, උසාවියට වගේම පොලිසියටත් ඉතා හොඳ මෙවලමක්. අපේ ග්‍රාම නිලධාරීන්ටත් පරිගණකයක් දීලා මෘදුකාංග නිපදවා පුහුණුව දුන්නා නම් ගොඩක් වටිනවා. (නි)

:       0       0

උදය Tuesday, 25 November 2014 09:10 AM

ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 176 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 182 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 262 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 244 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 243 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 168 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site