
(යොහාන් භාසුර)
ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද (19) පස්වරුව වන විට යථා තත්වයට පත්කළ බව ලිට්රෝ ගෑස් සමාගම උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට ඊයේ පස්වරුවේ පැවසීය.
ගෑස් තොග ඉදිරියේදී අඛණ්ඩව ලැබීම නිසා රට පුරා ගෑස් බෙදාහැරීම වේගවත් කරමින්, වෙළෙඳපොළට සාමාන්ය පරිදි බෙදාහැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවත් මෙම මස 16 වැනිදා සිට අද (19) පස්වරුව දක්වා කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 4 කට අධික සංඛ්යාවක් වෙළෙඳපොළට නිකුත් කළ බවත් එම නිලධාරියා කීය.
ගෑස් මෙටි්රක්ටොන් 3,900 කින් යුත් නෞකාවක් මෙරටට ළගාවී ඇති බවත් එම ගෑස් තොගය ගොඩබෑමට සියලු කටයුතු සූදානම් බවත් ලිට්රෝ ගෑස් සමාගමේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd