ඇල්පිටිය ඕපාත සිට ඕමත්තට අද අලුයම යතුරුපැදියක යමින් සිටි ගනේගොඩ යූ මහේන්ද්‍ර අනුර කුමාර (31) ඉත්තෑවකුගේ සිරුරේ ගැටීමෙන් තුවාල ලැබුවේය. පාරේ සිටි ඉත්තෑවාගේ කූරු කිහිපයක් ඔහුගේ වම් කකුලේ ඇණුනි. කකුලේ තදින් ඇනී තිබුණු ඉත්තෑකූරු ඉවත් කිරීමට සැත්කමක් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉත්තෑවැ කූරු විදිනව කියන එක නම් විශ්වාස කරන්න බැහැ. ඉත්තෑව කූරු කෙලින් කරල පුම්බගන්නවා. මෙයා සුවර් එකටම ඉත්තෑවාට පයින් ගහලද කොහෙද. කවුරු හරි දැකල තියෙනවාද කූරු විදිනවා ඊතල විදිනවා වගේ. (ත)
ඉත්තෑවාගේ කූරු විදීම ගැන හරියට පැහැදිලි කළ හැමට ස්තුතියි. (නි)
ඔබ හරි රමණි. (නි)
ඉත්තෑවා ගැන මම හොඳින් දන්නවා. ඉස්සර උගුල් අටවලා දුම් ගහලා අල්ලලා වෙඩි තියලා දඩයම් කරලා තියෙනවා. අද වඳ වී යන සතෙකු සේ සළකා ආරක්ෂා කරනවා. මෙහි කිහිප දෙනෙක්ම කියා ඇති ලෙස උන්ට කූරු විදින්න බැරි බව සත්‍යයි. බළලුන් මවිල් පුම්බනවා වගේ ඉත්තෑවා කූරූ කෙළින් කරනවා. ඒ උගේ ආරක්ෂාවට. 1 සතුරාට විශාල සතෙක් ලෙස පෙනීම මගින් බය ගැන්වීම . 2 දිග කූරු නිසා බල්ලන් හිවලුන් වැනි සතුන්ට සපා කන්නට නොහැකි වීම. (නි)
සත්තුන්ට තමන්ගේ ගෑස් පෙන්නන්න යන්න හොද නැහැ. (නි)
මම නම් හිතන්නේ මෙයා බයිසිකලේ යද්දී ඉත්තෑවෙක්ගෙ ඇගේ හැප්පිලා. (නි)
සත්තුන්ගේ කැලේ මැදින් අපි පාරවල් දාගත්තාම අපිට සැඟවී සිට පහර දෙනවා. (ත)
ඉලක්කය එක ළග ළග (ත)
මෙහෙමත් වැඩ වෙනවාද මිනිස්සුන්ට (දී)
ඉත්තෑවාගේ කුරු හරි දරුණුයි (දී)
ඉත්තෑවාට කූරු විදින්න බෑ.... ඌ බයවුනාම කරන්නේ කූරු කෙලින් කරන එක.... බයිසිකල්කරු වේගයෙන් පැමිණ ඉත්තෑවාගේ ඇඟේ එයාගේ කකුල හැපෙන්න ඇති..... (ත)
ඔබට ඉක්මන් සුවය ලැබේවා. (ත)
ඕකට මොන සැත්කම් ද කුමාර. ඇදලා දාන්න තිබ්බේ ඒ වෙලාවෙම. (ස)
අනේ පව් ඉත්තෑවා , එයත් මැරිලද දන්නේ නෑ (ස)
කුමාර ඔයවිදියටම ඉන්න.සමහරවිට හෙටවෙනකොට දොස්තර මහතා ඒවි. (ත)
කුමාර ඔබට ඉක්මන්සුවය! මමත් පොඩි වයසේ සිට අසා ඇති කතාවකි ඉත්තැවා කූරුවිදිනවා කියන එක.නමුත් බොහෝ දෙනෙක් කියන්නෙ කූරු විදීමක් නැ ඉත්තැවා කරන්නෙ ගෙම්බ වගෙ ඇන්ග පිම්ම්බීම ලු. එවිට ඉත්තැවාගෙ ඇන්ගේ කූරු කෙලින්වෙලා තියෙනව මිස විදීමක් නැලු. මම හිතන්නෙත් මෝටර්සයිකලය දැකල ඉත්තැව බයවුනා, දුවගන්න බැරිඋනා උගේ ඇන්ගෙ කුමාරගෙ කකුල වැඩුනා කූරු කකුලෙ ඇමිනුනා කියලයි. මේ ගැන දන්න අයෙක් ඉන්නවනම් පැහැදිලිකරන්න.(ත)
ඉත්තෑව කූරු විදල නෙමේ. බයික් එකේ යන කොට කකුල උගේ ඇගේ වදින්නැති. ඒකයි වෙලා තියෙන්නෙ, (ත)
ඉත්තෑ කූරු විසයි..පයින් ගහලා බලන්න (ස)
උන්ට කූරු විදින්න බැහැ කියන්නේ ඇත්තද? (නි)
මේ ඉත්තෑවාව පාර්ලිමේන්තුවේ පැත්තකින් තියන්න පුලුවන් නම්? මගේ පරම පැතුම එයයි. (නි)
මටත් මෙවැනි දෙයක් සිද්ධ වුණා මම පුංචි කාලෙ, 60 ගණන් වල, රත්නපුර දිස්ත්‍රක්කයේ පල්ලෙබැද්දෙදි. ඉලුක් කැලෑවක් ගිනිගන්න වෙලාවක ඉත්තෑවෙක් කැළෑවෙන් එළියට ආවා ගින්නෙන් බේරෙන්න. මිනිස්සුන්ට අහුවුණොත් ඌ මරන නිසා මල්ලීත් මමත් ඌ එළවාගෙන ගියා ඒ ළඟ වෙනත් කැලෑවකට. ඉත්තෑවා එක පාරටම කූරු විහිදවාගෙන නැවතුණා. මම ආපු වේගෙට ඉත්තෑවගෙ ඇඟ උඩට ඇද ගෙන වැටුණා. දනහිසෙත් කලවා වලත් ඉත්තෑ කූරු ඇනිලා මාසයක් විතර ඇවිදින්න බැරුව හිටියා. මොනව වුණත් ඉත්තෑවගෙ පණ බේරුනා. එකක් කියන්න ඕනෑ. ඉත්තෑවා කූරු විද්දෙ නම් නැහැ. (නි)
කොහොමද මේක? http://latapatalk.blogspot.it/2012/01/iththa-kuru-1300-anlia.html?m=1 (නි)
ඉත්තෑවකය මනිස් කකුලක් පසාරු කරන් යන්න කූරු විදින්න බෑ.. (ස)
මෙහෙමත් වැඩ
ඉත්තෑවගේ ප්‍රහාරයක් කිව්වට සත්තු පස්සෙන් එළවගෙන ඇවිත් ගහන්නේ නෑ.මේ මනුස්සයා එයාගේ ඇඟේ හැප්පිලාද කොහෙද (ස)
මෙයා පයින් ගහන්න ඇති. නැත්නම් ඉත්තෑවෝ කූරු විදින්නේ නෑ (ස)
රමනී, ඉත්තෑව බය උනාම ඇග පුම්බනවා, එතකොට ඉබේම එයාගෙ ඇගේ තියෙන කූරු විසි වෙනවා, ආරක්ෂාව සදහා ස්වභාවධර්මය ඉත්තෑවට දීපු දායාදයක්. මෙය මම දැක තියෙනවා.(ස)
එයාමලු විද ගත්තේ (ස)
http://wiki.answers.com/Q/Do_porcupines_throw_their_quills කියවලා තොරතුරු හොයන්න (ස)
අයියෝ සල්ලි
ඉත්තෑ කූරු ගොඩක් විසද (ස)
ඉත්තෑ කූරු විසයි කියලා ජනක දන්නේ එයා ඒවාට පයින් ගහලා බලලා තියෙන නිසා වෙන්න ඇති. (නි)
මේ සිද්දිය වෙලා තියෙන්නේ උදේ පාන්දර වැඩට යන ගමන් . පාරට ඉත්තෑ වෙක් පැනලා . ඉත්තෑවා බේරන්න ගිහින් තමා මෙහෙම වෙලා තියෙන්නේ . (ස)
ඉත්තැවා කියන්නේ අහිංසක සතෙක් (දී)
යතුරු පැදියේ ගිය මෙයා පාරේ සිටි ඉත්තාවා හා ගැටී ඇති යයි මම සිතමි. (දී)
ඉත්තෑවා කූරූ විදින් නැහැලු, ඒවා හැළෙනවා කියන්නෙ ඇත්ත ද (ස)
මම දන්න විදියටනම් ඉත්තෑවා කූරු විදින්නේ නෑ.. උගේ ආරක්ෂාවට ඇඟ පුම්බනවා එතකොට කූරු ඇනෙනවා (ස)
ඇයි නුවන් වම දකුණ හොයන්න ගියේ (ස)
ඉක්මන් සුවය පතනවා. (ත)
විස නෑ...හැබැයි රිදෙනවා (ස)
නුවන්, සිරිපාල, ජනක ඔයාලට තවමත් වනන්තරේද ජීවත් වෙන්නේ...මේ වගේ දේවල් විහිලුවට ගණන් ගන්න එපා. ඒ මනුස්සයට ආශීර්වාද කරන්න ඉක්මනින් සනීප වෙන්න (ස)
ඉත්තෑ කුරු අනුනහාම හරි අමාරුයි (දී)
පේන විදියට ඉත්තෑවට පයින් ගහලා වගේ. ඉත්තෑවට මේ වගේ දයෙක් කරන්න බෑ. (ත)
අයියෝ සල්ලි
ඔබට ඉක්මන් සුවය පතමි (දී)
මෙහෙමත් වැඩ වෙනවද (දී)
මේ වම් කකුල නේද ? (ස)
පරිස්සමෙන් යන්න ඕනේ යනකොට (දී)
හරියටම විස්වාසද ගියෙ දඩයමේ නෙමේ යතුරු පැදියෙ කියල.....(ස)
මගේ අම්මෝ ඔයින් ගියා මදැයි. (ස)
ඉත්තෑවන්ට කූරු විදින්න බෑ (දී)
අසරණයා
ඉත්තා කුරු ඒ තරම් සැරද (දී)
ඊට පස්සේ ඉත්තෑවට මොනවද උනේ කියල පරීක්ෂණයක් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට බාරයි . (ත)
හිතා ගන්නත් බැහැ නේද (දී)
සත්තු මරන්න හොඳ නෑ. (ත)
සත්තු මරන්න හොඳ නෑ. (ත)
ඇඟ හිරි වැටෙනවා. (ත)
ඡායාරූපය දැමීම වැදගත් (ත)
දෙයියෝ සාක්කි (දී)
මොනවා ඉත්තැ කුරු වැදිලා (දී)
අයියෝ සල්ලි
ඉත්තෑවා කුරු විදිනවා කියන්නේ ඇත්තද (දී)
සිරිපාල ඔබ හරි
ඉත්තාවට ඔහොම විදින්න බැහැ නේද . (දී)
යන ගමන් පයින් ගහල. ඒක තම වෙන්න ඇත්තෙ. කූරු විදිනව කියල අහල තිබුනට ඔය තරම් ඇනෙන වේගයකින් විදින්න බෑ කියල ස්ථීරයි. ඌ බය උනොත් පූසො වගෙ පිම්බෙනකොට කටු ගැලවෙනවා. එත් ඔහොම විදින්න බෑ (ස)
ඉත්තෑ කටුවල මොකක් හරි විසක් තියෙනවාද? මටත් ඔහොම අනතුරක් වෙලා ඉත්තෑ කටු 15ක් විතර වම් කකුලේ ඇනුණා...