දහස් ගණනක් ගැවසෙන පිලියන්දල නගරයේ පදික වේදිකාවක් මත සිඟමන් යදින මහලු කාන්තාවකි. ඇය සමග අවුරුදු තූනක් පමන වයසැති කූඩා දරුවෙකි.
මෙ දෙස බලාසිටීන කරුණාවන්ත පුද්ගලයෙක් මොවුන් දෙදෙනා අසලට පැමිණෙයි. ඔහු මහලු කාන්තාවගෙන් තොරතූරු වීමසයි. ඵහෙත් ඇයට කතාකළ නොහැකිය. ඇය ගොලුය. කූඩාදරුවාගේ හිස අතගාමින් දරුවා සමග දොඩමලු වන මෙම පුද්ගලයා ලගට පැමිණේන ඵ් අසල වෙළදසැල් හිමියෙකූ මහලු කාන්තාවත හා දරුවා ගැන තොරතූරු කියයි.
මහත්තයෝ මේ ආචිචි ගොඩක් කල් ඉදලා මෙතන ඉන්නේ. දුවගේ දරවො තමයි මේ ඉන්නේ. දරුවා ආච්චිගාව දාලා දුව අතූරුදන් වෙලා. ආචිචි හිඟා කාලා දරුවට කන්න බොන්න දෙනවා වගේම දරුවගේ ගිණුමට සල්ලිත් දානවා.
ඒසමග මහලු කාන්තාව තම කඩමල්ලේ තිබු බැංකූ පොත රැගෙන ඔහුට පෙන්වයි. දරුවාගේ නමින් රුපියල් 15000ක් ගිණුමට ඇය බැරකොට තිඛෙි. ආචිචිගේ බලාපොරොත්තූව රුපියල් පනස් දහසක් වෙනකමි ගිණුමට සල්ලි දාන්නයි වෙළඳසල් හිමියා තවත් තොරතූරු කියයි.
දරුවාත් මහලු කාන්තාාවත් ගිණුම ආරමිභ කළ බැංකූවට රැගෙන යන මෙම පුද්ගලයා දරුවාගේ ගිණුමට තවත් රුපියල් 35000ක් බැරකොට ආවිවිගේ නොනිමි ආශාව ඵහිදි ඉටුකර දෙයි.
සතූට ඉවසාගත නොහැකිව මහලු කාන්තාව හඩා වැටෙනා විට දෑසට ඉණූ කදුළු පිසදමමින් බැංකූවෙන් පිටවනුයේ අන් කවරෙකූ නොව ඉතාලියේ පාර්වා නුවර සිලෝන් කොපරතීවා අධිපති ටී ජි සුනිල් ශාන්ත මහතායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ ඊටවැඩිය හොදයි ඒ සල්ලි වලින් මේ අසරණයින් දෙදෙනාට ඉන්න තැනක් ලැහැස්ති කරලා, අර කුඩා දරුවාට අධ්‍යාපනය ලබා ගන්නට සුදුසු වැඩපිළිවෙළක් හැදුවා නම්... (නි)
ඔබ ලෝකේ ඉන්නේ විශිෂ්ට පුද්ගලයෙක් (ස)
ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න. ගොඩක් හොඳයි (ස)
ඔබ මේ කල සද්ක්‍රියාවට ජාති ජාතිත් දුක් කරදරයක් නොවේවා (ස)
කලාතුරකින් මිනිස්සුයි කියලා කියන්න පුළුවන් අයත් ඉන්නවා නේද (ස)
තුන් සිංහලයටම ඔබ ආඩම්බරයක් සුනිල් මහත්තයෝ , ඔබ වැදූ මව් පියන්ට ආඩම්බරයක් ඔබව (ස)
ඔබට තෙරුවන් සරණයි! (නි)
සාධු... සාධු... සාධු...! ලොකු පිනක්. (නි)
මේ ගැන මට සැකයි. (නි)
ඔබට ජය ශ්‍රී හිතවත. (නි)
සමන්, කෙටි නිවාඩුවකට ඉතාලි ඉදලා ආපු කෙනෙකුට දෙයක් සැළසුම් කර කර කරන්න කාලයක් නැහැ. (නි)
ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්. ඔබටත්, ඔබ පවුලේ සැමටත් තෙරුවන් සරණයි. (නි)
අන්න නියම මිනිහෙක් (ස)
හොද වැඩක්. ඔබට සදා ජය! මේ තොරතුරු මෙහි පළවුණේ කොහොමද කියලත් අපිට පොඩ්ඩක් දැනගන්න පුලවන්ද? (නි)
සුනිල් මහතාට සුභ නත්තලක් වේවා! (නි)
මෙන්න නියම දෙවිවරු.... (නි)
සසර ගමන පවතින තුරුම නැති නොවන විශිෂ්ටම ඉතිරි කිරීමක්. ඔබට වැඩි වැඩියෙන් ලැබේවා! තවත් මෙවැනි සිතිවිලි පහළ වේවා! (නි)
විශිෂ්ටයි සර්. අපි ඔබට හිස නවා ආචාර කරමු. (නි)
උතුම් මිනිසත්කමට මගේ ආචාරය ඔබට! (නි)
මේ කතාව අහද්දි අපේ ඇස් වලටත් කඳුළු එනවා (නි)
ධර්මයේ හැසිරෙනවාය, ධර්මය තුළ ජීවත් වෙනවාය කියන්නේ මෙන්න මේ වාගේ ක්‍රියාවන්ටයි. මහත්මයාණනී, ඔබතුමාට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. (නි)
වැඩි වැඩියෙන් ලැබේවි ඔබතුමාට. (නි)
ඔහුගේ ක්‍රියාව ගැන සතුටුයි. නමුත් තව කී දාහක් මෙහෙම දුක් විදිනවා ඇද්ද? (නි)
හොද පින්කමක්. (නි)
අපි සැමදා ලංකාදීප සමගයි. (නි)
ඔබ වැනි මිනිසුන් තවමත් සිටීම ගැන හරිම සතුටුයි. දෑසට කදුලු ගෙනදෙන සංවේදී කතාවක්... ඔබට සුභ අනාගතයක්! (නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
මිහිපිට දෙවි කෙනෙක්. (නි)
ඔය බොරුවට සාධු සාධු... කියන කට්ටිය හිගන්නෙකුට අඩුම තරමේ රුපියලක්වත් දෙනවද? (නි)
මේ පිනම ඇති සසරින් එතෙරවන්න. (නි)
මිනිසුන් අතර දෙවියෙක්. (නි)
ඔබට දෙවියන් පවා ආශිර්වාද කරාවි. (නි)
හොද වැඩක්. ඔබට සදා ජය! දුප්පතුන්ට පිහිට වීමේ ආනිසන්ස මෙලොවදීම අද්දකිනවා. ඔබට පින් මේ තොරතුරු මෙහි පළවුණේ කොහොමද කියලත් අපිට පොඩ්ඩක් දැනගන්න පුලවන්ද? (ස)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. (ස)
ඇත්තටම මටත් කදුළු ආවා.. මිනිසුන් අතරේ දෙවියන් ඇත.. ඒ මෙවැනි අයයි..!(නු)
කුමන ආගමිකයෙක් උවද නත්තලේ නියම අරුත ඔබ ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා . ඔබට ජේසු පිහිටි (ස)
කලකින් දුටු සිත නිවන කතාවක්. (නි)
දුප්පතුන්ට පිහිට වීමේ ආනිසන්ස මෙලොවදීම අද්දකිනවා. ඔබට පින් (ස)
සල්ලි තිබුණත් මේ වගේ සිතුවිලි පහල වෙන්නේ වැදගත් මිනිස්සුන්ට පමණයි (ස)
තෙරුවන් සරණයි ඔබට. (නි)
මිනිසුන් අතර නුඹ දෙවියෙකි. තෙරුවන් සරණයි! (නි)
ඔබට සදා ජය! (නි)
ලොකු පිනක් කරගත්තේ. ඇත්තෙන්ම රජය හරි මැදිහත් වෙලා මේ වගේ යාවකයන්ට කීයක්හරි දෙන්න වැඩපිළිවෙලක් හදනවා නම් කවුරුත් අකමැති වෙන එකක් නැහැ. හැබැයි තව ටික කලක් යනකොට ලංකාවේ 95% ක්ම යාචකයෝ වේවි (ස)
ඔබට හෘද්‍යාගම ස්තූතිය (ස)
මෙන්න නියම බෞද්ධයෙක් , ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවයි වටින්නේ , ඔබතුමාට බොහොම පින් (ස)
සැබෑ මිනිසෙක්... (නි)
සැමට බුදු සරණයි (ස)
හොද හදවතක් තියෙන දුක දන්නා මනුස්සයෙක්. (නි)
මගේ ඇස් දෙකට කදුලු ආවා. බොහොම පිං සුනිල් මහත්තයෝ. (නි)
''වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත '' (නි)
දෙවිවරුන් වන් මිනිසුන් තවමත් සිටීම ගැන ඉතාම සතුටුයි. (නි)
සිංහලකම පෙන්වීමේ නියම ක්‍රමය මෙයයි. (නි)
මුලු මහත් ලාංකිකයන්ටම අති උතුම් ආදර්ශයක් සහ ආඩම්බරයක්. (නි)
දරුවා හදාගන්න දෙන්න කැමතිද? (නි)
ලොකු පිනක් කරගත්තේ. ඇත්තෙන්ම ආණ්ඩුවෙන් හරි මැදිහත් වෙලා මේ වගේ යාවකයන්ට කීයක්හරි දෙන්න වැඩපිළිවෙලක් හදනවා නම් කවුරුත් අකමැති වෙන එකක් නැහැ. (නි)
මුදලට වඩා වටින්නේ මනුස්සකමයි. ඔහුගේ උතුම් ක්‍රියාවට මගේ ආචාරය! (නි)
අතේ මිළ මුදල් යහමින් ඇති අයට මෙවන් සිතුවිලි පහළ වෙනවා අඩුයි. පෙරභවයේ සිට පැවත ආ පුරුදු ඇති අය මෙලෙස මේ භවයේදිත් දන් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. ඔවුන්ගේ ඊළග භවයත් ඉන් සාර්ථක වෙනවා. (නි)
ඔබ වැනි අයට තව තව ලැබේවා! (නි)
ලැම්බොගිනි වගේ ඒවට වියදම් කරන සල්ලි වලින් මේ වගේ අහිංසක ජීවිත කීයක් නම් ගොඩගන්න පුලුවන්ද? (නි)
මේ මහත්මයා දන්නවා සල්ලි අතේ නැතිකොට තියෙන දුක, මහ සිත් වේදනාව. ඒකයි මෙහෙම උදවුවක් කරලා තියෙන්නේ. හොඳ වැඩක් (නි)
සරා, අපේ රටේ අයට කොහොමත් හොද වැඩ පෙනෙන්නේ නැහැනේ. (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... (නි)
ඉතාමත් හොද වැඩක්. (නි)
මේ කතාව අහද්දි අපේ ඇස් වලටත් කඳුළු එනවා. මොන තරම් වටින දෙයක්ද කරලා තියෙන්නේ. (ස)
මේ නිවුස් එකට කිසිම කෙනෙක් ප්‍රතිචාර දක්වලා නැත්තේ එච්චර ගානක් අතේ නැති නිසා ඉරිසියාවටද ? (ස)
නියමයි සර්. ඔබ උතුම් පුද්ගලයෙක්. (නි)
උතුම් වූ මිනිසත්කමට ඔබ හොද ආදර්ශයක්. (නි)
මෙවැනි පුද්ගලයින් අද සමාජයේ ඉතා විරලය. (නි)
පුස්සෝ සුදුස්සෝ වෙන කාලෙක, ඔබ අපේ රටට වටිනා පුත්‍ර රත්නයක්. (නි)
ඉතා හොදයි. (නි)
මෙපිනින් ලබන ආත්මයේ ඔබලා බුදු බව ලබාවි. (නි)
මගේ උපහාරය! සියල්ලන්ටම ආදර්ශයක්. (නි)
මටත් පුලුවන් නම් කාටහරි මේ වගේ උදවු කරන්න? (නි)
දරු දුක දන්නා උතුම් මිනිසෙක්... (නි)
හොද වැඩක්....(නු)
සුනිල් ශාන්ත මම නාපොලි ඔබගේ ක්‍රියාවට ඹබට සහ ස්තුති වන අතර සැමදාම දුකින් තොර හෙට දවසක් උදාවේවා...(නු)
ඔබ සැබෑ ලක් මවගේ පුතෙක්... මක් නිසාද යත් මනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි... තෙරුවන් සරණයි..!(නු)
ආදර්ශමත් උතුම් ක්‍රියාවක්...(නු)
ආදර්ශමත් ක්‍රියාවක්..!(නු)
සුනිල් ශාන්ත මහත්මා මිහිපිට දෙවියෙකි..!(නු)
වෙන්න බැහැ තවමත් ලංකාවෙ හිගාකන මිනිසුන් ඉන්නවා? මේක කුමන්ත්‍රණයක්..!(නු)
ඔබට බොහොම පිං..!(නු)
මෙහෙම දේවල් අහන්නත් සතුටුයි. (නි)
ඔවු මමත් පිළිගන්නවා. ඒ ආච්චි පවු. (නි)
ඔබතුමාට බොහොම පින්. (නි)
විශිෂ්ටයි මහතාණෙනි. (නි)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත... (නි)
ටිකක් කල්පනා කරන්න. ඔබතුමාලා, ඔබතුමියලා කොපමණ මුදලක් උපන්දින සාද වලට, මත්පැන් වලට වියදම් කරනවාද කියලා. ඔයාලා මෙවන් දෙයකට පොඩි මුදලක් වියදම් කළා නම් ඒක ලොකූ පිනක්. දුප්පත් අයට ජීවිත කාලයටම සතුටක්. ඔබටත් එසේම වේවි. (නි)
ඉතාම අගනා ක්‍රියාවක්. අද කාලේ සමාජයේ ඉන්නා ඉතාම දුර්ලභ පුද්ගලයෙක්. (නි)
මේ රටේ ඉපදුණු තවත් එක් උතුම් මනුස්සයෙක් (අ)
මගේ ඇස් දෙකට කදුලු ආවා. බොහොම පිං සුනිල් මහත්තයෝ. (අ)
අන්න මිනිස්සු... (නි)
දුක හැදිනිය හැක්කේ උතුම් හදවතක් ඇත්තන්ටයි. (නි)