IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඉතාලි එක්ක නොගියාට බිරිය මරයි

වසර තුනහමාරකට පෙර  සිය ධනවත් බිරිය මරා නිවස ඉදිරිපිට වළ දමා  ව්‍යාජ ඇටර්නි බලපත්‍රයකින් නිවසද විකිණු බව කියන දෙවැනි  සැමියා  ජා ඇල තුඩැල්ලේ කුලී ගෙයකදී අත්අඩංගුවට ගත් මිරිහාන විශේෂ අපරාධ ඒකකය ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

පිළියන්දල මාකන්දන විජිතපුර ශකිලා පෙරේරා (47) නම් දෙදරු මව මෙසේ මරා දමා ඇත.

ඉතාලියේ සෑහෙන කලක් පදිංචිව සිටි ඇයට පෙර විවාහයෙන් දරුවෝ දෙදෙනෙක් සිටිති.දෙවැනි සැමියාද ඇගේ මාර්ගයෙන් ඉතාලි යාමට ගත් උත්සාහය අසාර්ථක වීමත් ඉතාලියේ සිටි ඇගෙන් මුදල් ලැබීම අඩු වීමත්  නිසා දෙදෙනා ආරවුල් හට ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.අඩු ගණනේ ඔහු ඇගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදල් වරින්වර ලබා ගන්නට ඇතැයි කියති.

ශ්‍රී ලංකාවේ ගෙවල් කිහිපයකම ජීවත් වු ඔවුන් අන්තිමට පදිංචිව සිටි පිළියන්දල නිවස ඇයගේ ඝාතනයෙන් හත් වැනි දිනයේදී ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මත මහරගම ව්‍යාපාරිකයකුට  විකුණා ඇතැයිද , මව හා බාප්පා ගැන කලකින් තොරතුරක් නොලැබීම නිසා දරු දෙදෙනා පොලීසියට කළ පැමිණිල්ල අනුව  දෙවැනි සැමියා අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

                                                                                                                                                                                    



අදහස් (0)

ඉතාලි එක්ක නොගියාට බිරිය මරයි

තිලෝකා Sunday, 17 November 2013 09:35 PM

ඇත්තටම මෙම මිනී මැරුම සම්බන්දයෙන් කටුතු කරන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා වාද්දුව පොලිස් මුලස්ථානයේ සිට මාරුවු දක්ෂ නිලදාරී මහතෙක්. මෙතුමා සුක්ෂම ලෙස දාමරිකින් නීතියට අසුකරගන්නට හැකියාවක් ඇති නිලදාරියෙක් . මගේ ජංගම දුරකථනය නැතිවුන අවස්ථාවේ මසක් තුලදී හොරා ඉදිරිපත් කර මට සාදාරනය ඉටුකලා . ඔබ තුමාට මගේ උත්තම ආචාරය පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාණෙනි ..(නදී).

:       0       0

තිලෝකා Sunday, 17 November 2013 09:35 PM

ඇත්තටම මෙම මිනීමැරුම සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා වාද්දුව පොලිස් මුලස්ථානයේ සිට මාරුවු ඉතාම දක්ෂ නිලධාරී මහතෙක්. මෙතුමා සුක්ෂම ලෙස දාමරිකයින් නීතියට අසුකරගන්නට හැකියාවක් ඇති නිලධාරියෙක්. මගේ ජංගම දුරකථනය නැතිවුන අවස්ථාවේ මසක් තුලදී හොරා ඉදිරිපත් කර මට සාධාරනය ඉටුකළා. ඔබතුමාට මගේ උත්තමාචාරය පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාණෙනි! (නි)

:       0       0

ආරියසේන Sunday, 17 November 2013 09:38 PM

මුදල් වලට, ගෙවල් දොරවල් වලට, තණ්හාවේ බිරිඳ ,සැමියා ඝාතනය කරනවා.සැමියා බිරිඳ ඝාතනය කරනවා.මේවා කවදා හෝ මොන ක්‍රමයකින් හෝ එළිවෙනවා කියලා නොදැන වෙන්න ඇති. (නි)

:       0       0

රෝහණ Monday, 18 November 2013 11:17 AM

ගෑණුන්ගෙ සල්ලි වලට මුන් පෙරේත වෙලා. ඒකයි ඔතන ප්‍රශ්නෙ. නිකන් ඉදන් සල්ලි හම්බ වෙනවනේ. කෝටි ගණන් නැති උනාම ඕවා වෙනවා නරුමයෝ. අසරණ ළමයි තමයි අසරණ වෙන්නේ. (ස)

:       0       0

ප්‍රිය Sunday, 17 November 2013 10:23 PM

අම්මා කෙනෙක් වුණහම දරුවෝ වෙනුවෙන් ජීවත් වෙන්න ඕනෑ. මිනිහෙක් ගන්න වෙලාවේ අර දරුවෝ දෙන්න හදාගෙන හිටියා නම් මොකද? හොද වැඩේ ගැහැනුන්ට මිනිස්සු පස්සේ යනවට. මේ ලෝකේ පළමු බිරිද, පළමු සැමියා වගේ නැහැ, දෙවෙනියා. අම්මලාට දරුවන්ට වැඩිය මගුල් පිස්සුව ඔලුවට ගැහුවොත් මේක තමා වෙන්නේ (නි)

:       0       0

මංගල Sunday, 17 November 2013 10:56 PM

මේ පිටිගල මිලානෝගේ නෑදෑයෙක්ද කොහෙද? ඉතාලි එන්න නොහැකිව කරපු වැඩක්. පිටිගල මිලානොත් හැංගිලා වාගෙයි (නි)

:       0       0

ලීල් Sunday, 17 November 2013 11:12 PM

කිල්ලෝටවල පොඩ්ඩ පොඩ්ඩ හුණු ඇති (නි)

:       0       0

ශෙහාන් Sunday, 17 November 2013 11:17 PM

මධු, රට බෞද්ධ වුණාට ජා ඇල, තුඩැල්ල වැඩිපුර ඉන්නේ බෞද්ධ අයද? (නි)

:       0       0

රන්බන්බා Sunday, 17 November 2013 11:37 PM

හොද නිලධාරියෙක්. නීතිය හරියට කරනවා (නි)

:       0       0

මහින්ද රත්නායක Monday, 18 November 2013 12:18 PM

මගේ එකම පුතත් (අවුරුදු 16) 2011/08/25 වෙනිදා ඝාතනයට ලක්වුණා.විත්තිකාරයා දැන් අගේට ඇපා පිට නිදහස් වෙලා.මේවා කාට කියන්නද? ඇහින් දැක්ක සාක්ෂි 5, 6 තිබිලත් මේවා මේ විදිහට වෙන්නේ ඇයි? (ස)

:       0       0

රන්බණ්ඩා Monday, 18 November 2013 12:04 AM

හොද පොලිස් නිලධාරී මහත්මයෙක් (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 18 November 2013 12:37 AM

අමිලත් කටුනායක සර්පයකු ගැන කතා කරන්නේ මෙයත් මේකට සම්බන්ධ නිසා, අපිට ඇත්ත වසන් කරන්න නේද? (නි)

:       0       0

රාජුන් Monday, 18 November 2013 01:35 AM

දැන් මේ මනුස්සයා අත්අඩංගුවට පත් වෙලා ඉවරයි. අපි බලාපොරොත්තු වෙනවා නිතිය අකුරට ක්‍රියාත්මක වෙයි කියලා. (නි)

:       0       0

සුනිල් Wednesday, 20 November 2013 05:09 PM

විපුල සාදුගේ කතාව සම්පූර්ණ ඇත්ත (නි)

:       0       0

බණ්ඩා Monday, 18 November 2013 02:20 AM

ඉතාලියට එන බොහෝ දෙනෙකුට අතීතය බොහොම ඉක්මනට අමතකවෙලා. ඒ අය යුරෝපා අය විදියට ජීවත් වෙන්න හදනවා.ලංකාවේ හොද පවුල් ජීවිත ගත කරපු අය. ඉතාලියට ඇවිල්ලා මේ වගේ පවුල් අවුල් කරගත් ගොඩක් අය ඉන්නවා (නි)

:       0       0

සමදරා Friday, 22 November 2013 10:57 AM

ඉතාලියේ කෝච්චි එලවන අපේ කෙල්ලක් ඉන්නවා. හරි සීදේවි පැටියා(නදී)

:       0       0

සත්‍යයා Monday, 18 November 2013 03:10 AM

සාරධර්ම පිරිහුණ සමාජයක මිනිසුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? මුළු රාජ්‍ය තන්ත්‍රයම පසුගිය කාලයේ ජනතාවට උදව් කර ඇත්තේ මිනිස්කමට නොව ධනයට ආදරය කරන්නය. පොලිස් නිලධාරීන්ට පවා සමාජයෙන් දොස් පැවරෙන්නේ මේ නරුම හා දෙබිඩි ප්‍රතිපත්ති නිසාය. ඉහළ තනතුරු දරන්නෝ හරි මග යන්නේ නම් නිලධාරීන්ද වඩාත් කාර්යක්ෂමව තම රාජකාරිය ඉටු කරනු ඇත. (නි)

:       0       0

උපාලි Monday, 18 November 2013 03:40 AM

කෙනෙක් සැලසුම් කර අපරාධයක් කරන්න බිය නොවන්නේ ඇයි? නීතියෙන් ගැළවීමට හැකිබවට විශ්වාසයක් තිබෙන නිසාත්, අහුවුණත් දඬුවමින් දුක් නොවිඳ සිටීමට හැකි බවට විශ්වාසයක් තිබෙන නිසාත් නොවේද? මේ මානසිකත්වය නැතිකළ හැකිනම් විසඳුම එතනයි. පළමුවැන්නට නීතියේ අධිපත්‍යය තහවුරු කිරීමත්, දෙවැන්නට දණ්ඩන ක්‍රියා පද්ධතීන් විධිමත් කිරීමත් (මරණ දණ්ඩනයද ඇතුළුව) මේකට පිළියම කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

අසෝක Monday, 18 November 2013 04:12 AM

මේ නිල ඇදුම් ඇදලා ඉන්නේ කවුද? (නි)

:       0       0

ප්‍රිය Monday, 18 November 2013 05:34 AM

ලංකාවේ මිනිස්සු දන්නවා මරලා අැප අරගෙන එන හැටි. ඒකනේ දැන් මිනීමැරුම් වැඩි, ලංකාව දැන් පව්කාර රටක් වෙලා. රට සංවර්ධනය වෙලා, මිනිස්සු සංවර්ධනය වෙලා නැහැ. හැමදාම මිනීමරනවා, මොකක්ද ලංකාවේ නීතිය? අහෝ ශ්‍රී ලංකාවට ගියකලක්! කවදාද මිනිස්සු සතුටින් ඉන්න රටක් හදන්නේ? (නි)

:       0       0

ලාල් Monday, 18 November 2013 08:43 PM

අන්න මිනිස්සු නියමයි (දී)

:       0       0

අරුණ Monday, 18 November 2013 02:45 PM

මමත් වාද්දුවේ. මම තිලෝකා කියන කතාව අනුමත කරනවා. මෙතුමා ඉන්න කාලේ වාද්දුව පැත්තේ කිසිහ ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ.(නදී)

:       0       0

වෙදමහත්තයා Sunday, 17 November 2013 05:16 PM

මේවා හොඳ පාඩම් අහිංසක දරුවන් තමා මේවගෙන් දුක් විඳින්නේ . (දිල්)

:       0       0

ගංගාරාමයේ විපුල හිමි Monday, 18 November 2013 03:16 PM

බුදු බන අනුව...." තන්හා" "ආශා "රති' රගා" . මේ කරුණු හතර පාලනය කර ගන්න පුළුවන් කෙනා දිගුකල් කරදර නොමෙතිව . සතුටෙන් ජිවත් වනවා . තණ්හාව . ආශාව ...රාගය . රති මුල් කරගෙන තම අද ලංකාවේ බොහෝ මරණ සහ විපත් සිදුවන්නේ .(නදී)

:       0       0

අනුර Monday, 18 November 2013 08:50 AM

මට සිදු උන දෙය බැලුවම ආරක්ෂක නිල දරුවන්ගේ නම් පින්තුර පත්තරේ දැමීම සුසු නැති බැවි පෙනේ. කෙසේ වෙතත් මේ නිල දරුවන් මුදලට යට නොවී මිනීමරුවා කොටු කිරීම අගය කරමු.(නදී)

:       0       0

නීලා Monday, 18 November 2013 08:54 AM

අපරාධයක් කරලා හැංගිලා ඉන්න හදනව නම් ඒක මහ විහිලුවක්. මේ රට බුදුන් සරණ ගිය රටක්. දිට්ඨ ධම්ම වේදය අනුව කොයි යම් මොහොතක හෝ කළ දේට දඩුවම් ලැබෙනවා ලැබෙනවමයි. එය වෙනස් කරන්න කොයි ජගතෙකුටවත් බෑ. (ස)

:       0       0

වන්නි තිලක් Sunday, 17 November 2013 05:55 PM

මේවගේ ප්‍රවෘත්ති වල දාන්න ඕනේ අපරාධ කාරයාගේ පින්තුරේ. රටටම මොහු කව්ද බලාගන්න. සමහර විට මීට පෙරත් මේවගේ වැඩ කරලා හැංගිලා ඉන්න කෙනෙක් වෙන්නත් බැරි නැනේ. (දිල්)

:       0       0

තරූ Monday, 18 November 2013 08:57 AM

වෙද මහත්තයා හරි.... (ස)

:       0       0

මෝරලා Sunday, 17 November 2013 06:09 PM

ලංකාවේ ඉන්න බහුතර සීලවන්තයෝ මෙහම තමා. ඇත්ත තිත්ත උනත් පිළිගන්ඩ ඕනේ (දිල්)

:       0       0

ෆෙෂීක් Sunday, 17 November 2013 06:31 PM

තිරිසන් මිනිස්සු මොනතරම් නරුමද.....(දිල්)

:       0       0

මාර්ක් Sunday, 17 November 2013 06:38 PM

හැමදාම අහන්ට සිදුවෙන මෙවන් අපරද වලට නීතියක් නැත්තේ ඇයි. දැන් වත් ඔය සෞදි නිතිය ගෙන්නකෝ ඔය මෙය වගේ අපරාද කරපු කීදෙනෙක් හැංගිලා ඇතිද (දිල්)

:       0       0

මධු Sunday, 17 November 2013 06:45 PM

මේ බෞද්ධ රටේ වෙන දේවල් විශ්වාස කරන්න බෑ (දිල්)

:       0       0

චානා Sunday, 17 November 2013 06:55 PM

අපේ දක්ෂ පොලිස් නිලධාරින් ගැන ආඩම්බරයි ඔවුන්ට මල් .(දිල්)

:       0       0

රංජනී Sunday, 17 November 2013 07:25 PM

මම කියන්නේ අපේ රටේ වංචාව දුෂණය රැවටීම වැඩි කාන්තාවන්ද මුලාවට බොරුවට රැවටෙනවා වැඩි එනිසා කාන්තාවන් බුද්දිය මෙහෙවයා කටුතු කිරීම වටි . මරණ දඩුවම ඉක්මනට ගෙන ආ උතුම් ජයවේවා .(දිල්)

:       0       0

දයා අලහකෝන් Monday, 18 November 2013 09:28 AM

දැන් කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. සියල්ල සිදුවී හමාරයි.මේ දෙන්නා පෙර භවයේ සිටන් පතාගෙන ආපු ගමනක එක මන් සංධියකි. (ස)

:       0       0

මොහමඩ් සිද්ධික් Sunday, 17 November 2013 08:00 PM

තවත් මිනීමරුවෙක්.(ස)

:       0       0

අමිල කටුනායක Sunday, 17 November 2013 08:08 PM

තුඩැල්ල ආසන්න ප්‍රෙද්ශයක සර්පයෙකු නිසා අකාලයේ ජීවිතය අහිමි වුන කාන්තාවක් ගැන අසන්න ලැබෙනවා.(නදී)

:       0       0

ශාන්ත - හෝමාගම Monday, 18 November 2013 09:59 AM

අනේ මන්දා රටකට යන කල දසාව. ඒ කොහොම වෙතත් මධු නම් හැමදාම ඇදගෙන නාගන්නවා. (ස)

:       0       0

අසෝක Monday, 18 November 2013 10:22 AM

අපේ පොලිස් නිලධාරියන්ට කිසිදු දේශපාලන බල තරවටු නොවේවා. (ස)

:       0       0

ගමගේ Sunday, 17 November 2013 09:29 PM

ඉතින් ඉතාලි එක්ක ගිය නම් ඉවරනේ. ඔහොම දෙපිට කාට්ටු ගැනුන්ට හොද වැඩේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 35 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 33 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 333 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 73 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 521 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 629 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14584 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site