වසර තුනහමාරකට පෙර සිය ධනවත් බිරිය මරා නිවස ඉදිරිපිට වළ දමා ව්‍යාජ ඇටර්නි බලපත්‍රයකින් නිවසද විකිණු බව කියන දෙවැනි සැමියා ජා ඇල තුඩැල්ලේ කුලී ගෙයකදී අත්අඩංගුවට ගත් මිරිහාන විශේෂ අපරාධ ඒකකය ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
පිළියන්දල මාකන්දන විජිතපුර ශකිලා පෙරේරා (47) නම් දෙදරු මව මෙසේ මරා දමා ඇත.
ඉතාලියේ සෑහෙන කලක් පදිංචිව සිටි ඇයට පෙර විවාහයෙන් දරුවෝ දෙදෙනෙක් සිටිති.දෙවැනි සැමියාද ඇගේ මාර්ගයෙන් ඉතාලි යාමට ගත් උත්සාහය අසාර්ථක වීමත් ඉතාලියේ සිටි ඇගෙන් මුදල් ලැබීම අඩු වීමත් නිසා දෙදෙනා ආරවුල් හට ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.අඩු ගණනේ ඔහු ඇගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදල් වරින්වර ලබා ගන්නට ඇතැයි කියති.
ශ්‍රී ලංකාවේ ගෙවල් කිහිපයකම ජීවත් වු ඔවුන් අන්තිමට පදිංචිව සිටි පිළියන්දල නිවස ඇයගේ ඝාතනයෙන් හත් වැනි දිනයේදී ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මත මහරගම ව්‍යාපාරිකයකුට විකුණා ඇතැයිද , මව හා බාප්පා ගැන කලකින් තොරතුරක් නොලැබීම නිසා දරු දෙදෙනා පොලීසියට කළ පැමිණිල්ල අනුව දෙවැනි සැමියා අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. සියල්ල සිදුවී හමාරයි.මේ දෙන්නා පෙර භවයේ සිටන් පතාගෙන ආපු ගමනක එක මන් සංධියකි. (ස)
දැන් මේ මනුස්සයා අත්අඩංගුවට පත් වෙලා ඉවරයි. අපි බලාපොරොත්තු වෙනවා නිතිය අකුරට ක්‍රියාත්මක වෙයි කියලා. (නි)
ඉතාලියට එන බොහෝ දෙනෙකුට අතීතය බොහොම ඉක්මනට අමතකවෙලා. ඒ අය යුරෝපා අය විදියට ජීවත් වෙන්න හදනවා.ලංකාවේ හොද පවුල් ජීවිත ගත කරපු අය. ඉතාලියට ඇවිල්ලා මේ වගේ පවුල් අවුල් කරගත් ගොඩක් අය ඉන්නවා (නි)
සාරධර්ම පිරිහුණ සමාජයක මිනිසුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? මුළු රාජ්‍ය තන්ත්‍රයම පසුගිය කාලයේ ජනතාවට උදව් කර ඇත්තේ මිනිස්කමට නොව ධනයට ආදරය කරන්නය. පොලිස් නිලධාරීන්ට පවා සමාජයෙන් දොස් පැවරෙන්නේ මේ නරුම හා දෙබිඩි ප්‍රතිපත්ති නිසාය. ඉහළ තනතුරු දරන්නෝ හරි මග යන්නේ නම් නිලධාරීන්ද වඩාත් කාර්යක්ෂමව තම රාජකාරිය ඉටු කරනු ඇත. (නි)
කෙනෙක් සැලසුම් කර අපරාධයක් කරන්න බිය නොවන්නේ ඇයි? නීතියෙන් ගැළවීමට හැකිබවට විශ්වාසයක් තිබෙන නිසාත්, අහුවුණත් දඬුවමින් දුක් නොවිඳ සිටීමට හැකි බවට විශ්වාසයක් තිබෙන නිසාත් නොවේද? මේ මානසිකත්වය නැතිකළ හැකිනම් විසඳුම එතනයි. පළමුවැන්නට නීතියේ අධිපත්‍යය තහවුරු කිරීමත්, දෙවැන්නට දණ්ඩන ක්‍රියා පද්ධතීන් විධිමත් කිරීමත් (මරණ දණ්ඩනයද ඇතුළුව) මේකට පිළියම කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මේ නිල ඇදුම් ඇදලා ඉන්නේ කවුද? (නි)
ලංකාවේ මිනිස්සු දන්නවා මරලා අැප අරගෙන එන හැටි. ඒකනේ දැන් මිනීමැරුම් වැඩි, ලංකාව දැන් පව්කාර රටක් වෙලා. රට සංවර්ධනය වෙලා, මිනිස්සු සංවර්ධනය වෙලා නැහැ. හැමදාම මිනීමරනවා, මොකක්ද ලංකාවේ නීතිය? අහෝ ශ්‍රී ලංකාවට ගියකලක්! කවදාද මිනිස්සු සතුටින් ඉන්න රටක් හදන්නේ? (නි)
මට සිදු උන දෙය බැලුවම ආරක්ෂක නිල දරුවන්ගේ නම් පින්තුර පත්තරේ දැමීම සුසු නැති බැවි පෙනේ. කෙසේ වෙතත් මේ නිල දරුවන් මුදලට යට නොවී මිනීමරුවා කොටු කිරීම අගය කරමු.(නදී)
අපරාධයක් කරලා හැංගිලා ඉන්න හදනව නම් ඒක මහ විහිලුවක්. මේ රට බුදුන් සරණ ගිය රටක්. දිට්ඨ ධම්ම වේදය අනුව කොයි යම් මොහොතක හෝ කළ දේට දඩුවම් ලැබෙනවා ලැබෙනවමයි. එය වෙනස් කරන්න කොයි ජගතෙකුටවත් බෑ. (ස)
වෙද මහත්තයා හරි.... (ස)
අමිලත් කටුනායක සර්පයකු ගැන කතා කරන්නේ මෙයත් මේකට සම්බන්ධ නිසා, අපිට ඇත්ත වසන් කරන්න නේද? (නි)
අනේ මන්දා රටකට යන කල දසාව. ඒ කොහොම වෙතත් මධු නම් හැමදාම ඇදගෙන නාගන්නවා. (ස)
අපේ පොලිස් නිලධාරියන්ට කිසිදු දේශපාලන බල තරවටු නොවේවා. (ස)
ගෑණුන්ගෙ සල්ලි වලට මුන් පෙරේත වෙලා. ඒකයි ඔතන ප්‍රශ්නෙ. නිකන් ඉදන් සල්ලි හම්බ වෙනවනේ. කෝටි ගණන් නැති උනාම ඕවා වෙනවා නරුමයෝ. අසරණ ළමයි තමයි අසරණ වෙන්නේ. (ස)
මගේ එකම පුතත් (අවුරුදු 16) 2011/08/25 වෙනිදා ඝාතනයට ලක්වුණා.විත්තිකාරයා දැන් අගේට ඇපා පිට නිදහස් වෙලා.මේවා කාට කියන්නද? ඇහින් දැක්ක සාක්ෂි 5, 6 තිබිලත් මේවා මේ විදිහට වෙන්නේ ඇයි? (ස)
මමත් වාද්දුවේ. මම තිලෝකා කියන කතාව අනුමත කරනවා. මෙතුමා ඉන්න කාලේ වාද්දුව පැත්තේ කිසිහ ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ.(නදී)
බුදු බන අනුව...." තන්හා" "ආශා "රති' රගා" . මේ කරුණු හතර පාලනය කර ගන්න පුළුවන් කෙනා දිගුකල් කරදර නොමෙතිව . සතුටෙන් ජිවත් වනවා . තණ්හාව . ආශාව ...රාගය . රති මුල් කරගෙන තම අද ලංකාවේ බොහෝ මරණ සහ විපත් සිදුවන්නේ .(නදී)
අන්න මිනිස්සු නියමයි (දී)
විපුල සාදුගේ කතාව සම්පූර්ණ ඇත්ත (නි)
ඉතාලියේ කෝච්චි එලවන අපේ කෙල්ලක් ඉන්නවා. හරි සීදේවි පැටියා(නදී)
ඉතින් ඉතාලි එක්ක ගිය නම් ඉවරනේ. ඔහොම දෙපිට කාට්ටු ගැනුන්ට හොද වැඩේ.(නදී)
මේවගේ ප්‍රවෘත්ති වල දාන්න ඕනේ අපරාධ කාරයාගේ පින්තුරේ. රටටම මොහු කව්ද බලාගන්න. සමහර විට මීට පෙරත් මේවගේ වැඩ කරලා හැංගිලා ඉන්න කෙනෙක් වෙන්නත් බැරි නැනේ. (දිල්)
ලංකාවේ ඉන්න බහුතර සීලවන්තයෝ මෙහම තමා. ඇත්ත තිත්ත උනත් පිළිගන්ඩ ඕනේ (දිල්)
තිරිසන් මිනිස්සු මොනතරම් නරුමද.....(දිල්)
හැමදාම අහන්ට සිදුවෙන මෙවන් අපරද වලට නීතියක් නැත්තේ ඇයි. දැන් වත් ඔය සෞදි නිතිය ගෙන්නකෝ ඔය මෙය වගේ අපරාද කරපු කීදෙනෙක් හැංගිලා ඇතිද (දිල්)
මේ බෞද්ධ රටේ වෙන දේවල් විශ්වාස කරන්න බෑ (දිල්)
අපේ දක්ෂ පොලිස් නිලධාරින් ගැන ආඩම්බරයි ඔවුන්ට මල් .(දිල්)
මම කියන්නේ අපේ රටේ වංචාව දුෂණය රැවටීම වැඩි කාන්තාවන්ද මුලාවට බොරුවට රැවටෙනවා වැඩි එනිසා කාන්තාවන් බුද්දිය මෙහෙවයා කටුතු කිරීම වටි . මරණ දඩුවම ඉක්මනට ගෙන ආ උතුම් ජයවේවා .(දිල්)
තවත් මිනීමරුවෙක්.(ස)
තුඩැල්ල ආසන්න ප්‍රෙද්ශයක සර්පයෙකු නිසා අකාලයේ ජීවිතය අහිමි වුන කාන්තාවක් ගැන අසන්න ලැබෙනවා.(නදී)
මේවා හොඳ පාඩම් අහිංසක දරුවන් තමා මේවගෙන් දුක් විඳින්නේ . (දිල්)
ඇත්තටම මෙම මිනී මැරුම සම්බන්දයෙන් කටුතු කරන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා වාද්දුව පොලිස් මුලස්ථානයේ සිට මාරුවු දක්ෂ නිලදාරී මහතෙක්. මෙතුමා සුක්ෂම ලෙස දාමරිකින් නීතියට අසුකරගන්නට හැකියාවක් ඇති නිලදාරියෙක් . මගේ ජංගම දුරකථනය නැතිවුන අවස්ථාවේ මසක් තුලදී හොරා ඉදිරිපත් කර මට සාදාරනය ඉටුකලා . ඔබ තුමාට මගේ උත්තම ආචාරය පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාණෙනි ..(නදී).
ඇත්තටම මෙම මිනීමැරුම සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා වාද්දුව පොලිස් මුලස්ථානයේ සිට මාරුවු ඉතාම දක්ෂ නිලධාරී මහතෙක්. මෙතුමා සුක්ෂම ලෙස දාමරිකයින් නීතියට අසුකරගන්නට හැකියාවක් ඇති නිලධාරියෙක්. මගේ ජංගම දුරකථනය නැතිවුන අවස්ථාවේ මසක් තුලදී හොරා ඉදිරිපත් කර මට සාධාරනය ඉටුකළා. ඔබතුමාට මගේ උත්තමාචාරය පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාණෙනි! (නි)
මුදල් වලට, ගෙවල් දොරවල් වලට, තණ්හාවේ බිරිඳ ,සැමියා ඝාතනය කරනවා.සැමියා බිරිඳ ඝාතනය කරනවා.මේවා කවදා හෝ මොන ක්‍රමයකින් හෝ එළිවෙනවා කියලා නොදැන වෙන්න ඇති. (නි)
අම්මා කෙනෙක් වුණහම දරුවෝ වෙනුවෙන් ජීවත් වෙන්න ඕනෑ. මිනිහෙක් ගන්න වෙලාවේ අර දරුවෝ දෙන්න හදාගෙන හිටියා නම් මොකද? හොද වැඩේ ගැහැනුන්ට මිනිස්සු පස්සේ යනවට. මේ ලෝකේ පළමු බිරිද, පළමු සැමියා වගේ නැහැ, දෙවෙනියා. අම්මලාට දරුවන්ට වැඩිය මගුල් පිස්සුව ඔලුවට ගැහුවොත් මේක තමා වෙන්නේ (නි)
මේ පිටිගල මිලානෝගේ නෑදෑයෙක්ද කොහෙද? ඉතාලි එන්න නොහැකිව කරපු වැඩක්. පිටිගල මිලානොත් හැංගිලා වාගෙයි (නි)
කිල්ලෝටවල පොඩ්ඩ පොඩ්ඩ හුණු ඇති (නි)
මධු, රට බෞද්ධ වුණාට ජා ඇල, තුඩැල්ල වැඩිපුර ඉන්නේ බෞද්ධ අයද? (නි)
හොද නිලධාරියෙක්. නීතිය හරියට කරනවා (නි)
හොද පොලිස් නිලධාරී මහත්මයෙක් (නි)