ඉතාලි ජාතික ඇලෙක්සැන්ඩර් ලුපොලි රෝමයේ ලෝරන්ස් කුරේරා මහතාට අයත් සොලෝ ජියාජ්ජෝ ආයතනයේ වසර තුනක් සේවය කරන්නෙකි. රෝමයේ ශ්‍රී ලාංකික ගුවන් ටිකට් පත් ශේෂ්ත්‍රය තුල වසර දහයක් පුරාවට සේවය කර ඇති ඇලෙක්සැන්ඩර් හොඳට සිංහල දනී. පස් වතාවක් ශ්‍රී ලංකාවට ගොස් ඇති ඇලෙක්සැන්ඩර් ඒ එක් වතාවක සිදු වූ අපුරු සිදුවීමක් එසැණට මෙසේ පවසීය. ලංකාවේ සමහර ත්‍රි රෝද රථ රියදුරන් හරිම කපටි. සුදු හමක් දැක්කොත් ගාන කපන්නමයි බලන්නේ. මම ලංකාවට ගිය වතාවක කොළඹ සිට බසයේ කළුතරට ගියා. ඒ ගියේ මගේ ලංකාවේ යාළුවෙක්ගෙ ගෙදර යන්න. මම එක වතාවක් එහේ ගිහින් තියෙනවා. කළුතරින් බැහැපු මම ත්‍රි රෝද රථ නැවතුමකට ගිහින් ලිපිනය දීලා කියක් යනවද කියලා ඉංග්‍රීසියෙන් ඇහැව්වා. ඔන්න කට්ටිය කතා කරන්න පටන් ගත්තා.
එක්කෙනෙක් කියනවා, මු සුද්දෙක්නේ කපමු පන්සියක් කියලා. තව අයෙක් කියනවා මුගේ පර්ස් එක බර වැඩියි බන් හයසීයක් හත්සියක්ම ඇදලා ගමු කියලා. ඔය අතර තරමක් සාධාරණ අයත් හිටියා. සුද්දන් එන හින්දනේ මචන් අපේ රට මේ තරම් වත් අල්ලලා තියෙන්නේ ඒක නිසා අපි පොඩි ගාණක් කපමු කියලා. මේ අය දන්නේ නැහැනේ මට හොදට සිංහල පුළුවන් කියලා. ඔක්කොම අහගෙන හිටපු මම මෙහෙම කිව්වා. අයියලා මල්ලිලා පිස්සු කෙලින්න එපා. ඕන නම් රුපියල් එකසිය පනහක් දෙන්නම් කියලා මම කියනවත් එක්කම කට්ටියට තරු විසි වුණා, කීප දෙනෙක් මාරු වුණා. අන්තිමට එක රියදුරෙක් රුපියල් හැත්තෑ පහකට මා නියමිත තැනට ගිහින් දැම්මා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නැහැ,අපි ලජ්ජා විය යුතුයි,ඕක තමයි අද අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය ?(දිල්)
ඉතාලි ජාතිකයෝ එහෙඅ ලේසියෙන් තම්බන්න හිතන්න එපා (දී)
සමන් රොහාන් රණසිංහ, ජුවිස් ජාතික නොවෙයි යුදෙව් ජාතික. (නදී)
රටම කන අයට හොඳ පාඩමක්.(නදී)
මේවට ත්‍රිරෝද රියදුරන්ටම දොස් කියන්න බැහැ මොකද අපේ රට හැඩ ගැහිලා, හැඩ ගස්සලා තියෙන්නෙම ඔය විදියටයි. යහපත් පාලන රටාවකට අපේ රට හැඩ ගස්සනතාක් ඔයවගේ දේවල් වෙනවා, ඔයිට වඩා දේවලුත් ඉදිරියේදී සිදුවේවි. (නදී)
දැන් සුද්දෝ කොහොමත් අන්ඩපාලයෝ.(නදී)
ඉතාලි කියපුවම නිකන් සුද්දෙක් වගේ ඉන්න එපායැ. රුපියල් 75 කියන්නේ දැන් කාලේ හිගන්නෙකුට දුන්නත් විසි කරන සයිස්.(නදී)
පුංචි මිනිස්සු රත්තරන් කියලා කරන්නෙම ඔය වගේ අසමජ්ජාති වැඩ. හැඩ ගැහෙන්න ඕනා පාලන රටා වලට කෙසේ වෙතත් කෙටි දුර පයින් යන්න.(නදී)
අයියෝ මේක මොකක්ද අපිටත් ඔහොමම තමයි.(නදී);
කෝ අර දෙදහස් පන්සියේ පුරාජේරු සිංදුව කියන්න බලන්න කට්ටිය.(නදී)
කලකට පෙර මෙල්බෝර්න් වලදී ටැක්සියකට නැග්ග අපේ දෙන්නෙක් සිංහලෙන් කතා වෙවී ඩ්‍රයිවර් ගැන හිනා උනාලු. ""ඒකා තඩි මහත සුද්දෙක්.මේකාගේ බරට තමා පැට්‍රොල් පිච්චෙන්නේ. මු අපි දෙන්නා වගේ දෙගුණයක් බරයි.මු හරිනම් ගානෙන් බාගයක් තමයි ගන්න ඕනේ."" මෙහෙමකියලා ගමනාන්තයෙදී ඩ්‍රයිවර් ඉංගිරිසියෙන් කිව්වලු ගාන දහයයි, නමුත් පහක් දෙන්න කියලා. ඒ මොකද කියලා ඇහුවාම කිව්වලු ""මට භාවිතයක් නැති නිසා සිංහල කතා කරන්න අමාරුයි. නමුත් මම ලංකාවේ උපන් බර්ගර් කෙනෙක්,මට කියන දේ තේරෙනවා කියලා . (නදී)
මාටින් හරි, අපි නෙවෙයි මේ ඉතාලි ජාතිකයා තමයි ලැජ්ජා විය යුතු වන්නේ. රු 75 ක දුරක් දැන් ත්‍රි විල් මල්ලිලා යන්නේ නැහැ.(නදී)
මට දවසක් අසනීප නිසා පුංචි දුරක් ත්‍රි විල් එකක යන්න ඕන උනා. 10 ක් විතර පේලියට තිබුන, එතන හිටිය කිසිම ත්‍රි විල් එකක් කැමති උනේ නෑ ඒ දුර යන්න. හැමෝම වෙන එකක් පෙන්නලා ඒකෙ යන්න කිව්වා. ආයේ නම් මම ජීවිතේට ත්‍රි විල් වල යන්නේ නෑ. අපිට එහෙම වෙනකොට සුද්දන්ට කුමන කතාද? (නදී)
ලංකාවේ අපේ අය තමයි අපේ අයවම බාල්දු කරන්නේ. ඉතාලියෙත් එහෙමයි. ගසාකන්න පුලුවන් වෙලාවට ලෝකයම එකයි.(නදී)
මේවට අපි දොස් කියන්නේ කොහොමද? මේවා අපේ මිනිසුන්ට රජයෙන්ම ලබාදෙන ආදර්ශ!බොරු නම් බලන්න සිගිරි යන්න ලංකාවේ අයට එක ගානක් පිටරට යට තව ගානක්. පොළොන්නරු යන්න එත් එහෙමයි. ඉතින් මේ දුප්පත්ම මිනිහ එක කලොත් තමයි වරද...(අ)
ලාංකිකයින්ගේ හැටි දැනගෙන නොවෙයි ඔය (දී)
අසෝක එහෙම කියන්ඩ එපා ඉන්දියාවේත් ලංකාවේ වගේම තමයි. ඉපැරණි දේවල් බලන්ඩ විදේශ වලින් එන අයගෙන් වැඩි ගණන් අයකරනවා ඒ ස්ථාන පවත්වාගෙන යාම සඳහා.(නදී)
මේක ලංකාවේ හැම තැනම වෙන දෙයක්. කටුනායක ගුවන් තොටුපොලෙන් ටැක්සියක් ගත්තත් ඒ අය බලන්නේ ගාන කපන්න. සංචාරකයෙක් කඩයකට, හෝටලයකට ගියත් මේ සින්දුව තමයි. මේකට කියන්නේ අර රත්තරන් කිකිළි මරල රත්තරන් බිත්තර ඔක්කොම එකපාර ගන්න යනවා කියල (දී)
ත්‍රීවීල් පාර්ක්වල වැඩි හරියක් ඔහොම අය තමයි. ඒත් හොඳ මිනිසුනුත් ඉන්නවා. වැඩි හරියක් පාරෙනේ ඉන්නේ.(නදී)
දැන් ලංකාවේ ඉන්න අයට හරියට සිංහල බැරි උනාට මෙහෙට එන සුද්දෝ වැඩිහරියක් හොදට සිංහල පුරුදු වෙලා එන්නේ. (නදී)
ඔය අයියා ඇහුවනම් ඔය ඉංගිරිසි පෘතුග්‍රීසි ලංදේසි අපේ රට හූරගෙන කාපූ විදිහ... මිනිස්සු මරපු විදිහ ඔයා තව කීයක් හරි වැඩිපුරත් දෙයි. (නදී)
උසස් වැඩක්.(නදී)
ලැජ්ජාවේ බැහැ.(නදී)
අයියෝ. විලි ලැජ්ජාවේ පන යනවා. හැබැයි තව රටවල් තියෙනවා මේ වගේ. චියාන් මායි දුම්රිය පොලේ සිට දී කිලෝ මීටරයක් පමණ යන්න වාහනේටම ගන්නේ රු. 160 ක් පමණ. ඒ අය පිටරට අය පවුලක් නැග්ගම එක අයෙකුට ඒ ගාන බැගින් ඉල්ලනවා. නොදන්නා අය දෙනවා. (නදී)
මේ ත්‍රී රෝද කරුවන් ගැන කියන්න වචන නැහැ. මේ අය අපිවත් කාලා සුද්දන්වත් කන්න හදනවා.(නදී)
අනේ අපේ ත්‍රී ව්ල් සහෝදරවරුනි,පාට ආගම කුල මළ නොබලා ඔබගේ රාජකාරිය හරියට කරන්න.(නදී)
අපේ අය හොඳ පාඩමක් ඉගෙනගන්න ඇති.(නදී)
නියම මිනිහෙක් වගේ (දී)
මේවා කොහොම හොයාගන්නවාද මන්දා පිට රටත් ඉන්නවාද වාර්තාකරුවන් (දී)
කතාවෙන් පැහැදිලි වෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ තමුන් ගැන මිසක් රට ගැනවත් තමුන් කරන දෙයින් රටට වෙන අයහපත ගැනවත් නොවන බවය (දී).
ලංකාවේ භාෂාව කතා කරන විදේශිකයෝ ලංකාවේත් ඉන්නවා (දී)
ලෝරන්ස් කුරේරා (ලෝරා) මේ වසර තුනට අනිවර්යන්ම ඉතාලි මිනිහට සිංහල උගන්නන්ඩ ඇති . ලෝරා හිත හොද කෙනා . දක්ෂයා. (දී)
ඉතාලි ජාතිකයෙක්ද ? ජූවීස් ජාතිකයෙක් වගේ.(නදී)
සුද්දෙක් නොවේ අපි ගියත් එච්චරයි. අඩුම ගාන බලලා ගන්නේ. මාර්කට් එකේ බඩු ගත්තත් ඒ වගේ. ජිවත් වීම යුද්දයක් කිවේ බඩු ගණන්ම විතරක් නොවේ. තක්කඩියන්ගෙන් ආරක්ෂා වෙන එකත් එක්ක.(නදී)