IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඉතාලි ජාතිකයා තම්බන්න බැරිවේ

ඉතාලි ජාතික ඇලෙක්සැන්ඩර් ලුපොලි රෝමයේ ලෝරන්ස් කුරේරා මහතාට අයත් සොලෝ ජියාජ්ජෝ ආයතනයේ වසර තුනක්  සේවය කරන්නෙකි. රෝමයේ  ශ්‍රී ලාංකික ගුවන් ටිකට් පත් ශේෂ්ත්‍රය තුල වසර දහයක් පුරාවට සේවය කර ඇති ඇලෙක්සැන්ඩර් හොඳට සිංහල දනී. පස් වතාවක් ශ්‍රී ලංකාවට ගොස් ඇති ඇලෙක්සැන්ඩර් ඒ එක් වතාවක සිදු වූ අපුරු සිදුවීමක් එසැණට මෙසේ පවසීය.                                                                                                                                                                               ලංකාවේ සමහර ත්‍රි රෝද රථ රියදුරන් හරිම කපටි. සුදු හමක් දැක්කොත් ගාන කපන්නමයි බලන්නේ. මම ලංකාවට ගිය වතාවක කොළඹ සිට බසයේ කළුතරට ගියා. ඒ ගියේ මගේ ලංකාවේ යාළුවෙක්ගෙ ගෙදර යන්න. මම එක වතාවක් එහේ ගිහින් තියෙනවා. කළුතරින් බැහැපු මම ත්‍රි රෝද රථ නැවතුමකට ගිහින් ලිපිනය දීලා කියක් යනවද කියලා ඉංග්‍රීසියෙන් ඇහැව්වා. ඔන්න කට්ටිය කතා කරන්න පටන් ගත්තා.

එක්කෙනෙක් කියනවා, මු සුද්දෙක්නේ කපමු පන්සියක් කියලා. තව අයෙක් කියනවා මුගේ පර්ස් එක බර වැඩියි බන් හයසීයක් හත්සියක්ම ඇදලා ගමු කියලා. ඔය අතර තරමක් සාධාරණ අයත් හිටියා. සුද්දන් එන හින්දනේ මචන් අපේ රට මේ තරම් වත් අල්ලලා තියෙන්නේ ඒක නිසා අපි පොඩි ගාණක් කපමු කියලා. මේ අය දන්නේ නැහැනේ මට හොදට සිංහල පුළුවන් කියලා. ඔක්කොම අහගෙන හිටපු මම මෙහෙම කිව්වා. අයියලා මල්ලිලා පිස්සු කෙලින්න එපා. ඕන නම් රුපියල් එකසිය පනහක් දෙන්නම් කියලා මම කියනවත් එක්කම කට්ටියට තරු විසි වුණා, කීප දෙනෙක් මාරු වුණා. අන්තිමට එක රියදුරෙක් රුපියල් හැත්තෑ පහකට මා නියමිත තැනට ගිහින් දැම්මා. 



අදහස් (0)

ඉතාලි ජාතිකයා තම්බන්න බැරිවේ

බෙන්ජමින් නෙත්යාහු Tuesday, 28 January 2014 08:06 AM

සමන් රොහාන් රණසිංහ, ජුවිස් ජාතික නොවෙයි යුදෙව් ජාතික. (නදී)

:       0       0

අනුර-නාවලපිටිය Tuesday, 28 January 2014 08:47 AM

රටම කන අයට හොඳ පාඩමක්.(නදී)

:       0       0

අනුර ශාන්ත Tuesday, 28 January 2014 09:01 AM

මේවට ත්‍රිරෝද රියදුරන්ටම දොස් කියන්න බැහැ මොකද අපේ රට හැඩ ගැහිලා, හැඩ ගස්සලා තියෙන්නෙම ඔය විදියටයි. යහපත් පාලන රටාවකට අපේ රට හැඩ ගස්සනතාක් ඔයවගේ දේවල් වෙනවා, ඔයිට වඩා දේවලුත් ඉදිරියේදී සිදුවේවි. (නදී)

:       0       0

සංජීව Tuesday, 28 January 2014 09:05 AM

දැන් සුද්දෝ කොහොමත් අන්ඩපාලයෝ.(නදී)

:       0       0

මාටින් Tuesday, 28 January 2014 09:25 AM

ඉතාලි කියපුවම නිකන් සුද්දෙක් වගේ ඉන්න එපායැ. රුපියල් 75 කියන්නේ දැන් කාලේ හිගන්නෙකුට දුන්නත් විසි කරන සයිස්.(නදී)

:       0       0

නිශාන්ත Tuesday, 28 January 2014 09:41 AM

පුංචි මිනිස්සු රත්තරන් කියලා කරන්නෙම ඔය වගේ අසමජ්ජාති වැඩ. හැඩ ගැහෙන්න ඕනා පාලන රටා වලට කෙසේ වෙතත් කෙටි දුර පයින් යන්න.(නදී)

:       0       0

සෙනර Tuesday, 28 January 2014 09:51 AM

අයියෝ මේක මොකක්ද අපිටත් ඔහොමම තමයි.(නදී);

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 28 January 2014 10:35 AM

පුදුම වෙන්න දෙයක් නැහැ,අපි ලජ්ජා විය යුතුයි,ඕක තමයි අද අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය ?(දිල්)

:       0       0

සෑම් Tuesday, 28 January 2014 11:09 AM

කලකට පෙර මෙල්බෝර්න් වලදී ටැක්සියකට නැග්ග අපේ දෙන්නෙක් සිංහලෙන් කතා වෙවී ඩ්‍රයිවර් ගැන හිනා උනාලු. ""ඒකා තඩි මහත සුද්දෙක්.මේකාගේ බරට තමා පැට්‍රොල් පිච්චෙන්නේ. මු අපි දෙන්නා වගේ දෙගුණයක් බරයි.මු හරිනම් ගානෙන් බාගයක් තමයි ගන්න ඕනේ."" මෙහෙමකියලා ගමනාන්තයෙදී ඩ්‍රයිවර් ඉංගිරිසියෙන් කිව්වලු ගාන දහයයි, නමුත් පහක් දෙන්න කියලා. ඒ මොකද කියලා ඇහුවාම කිව්වලු ""මට භාවිතයක් නැති නිසා සිංහල කතා කරන්න අමාරුයි. නමුත් මම ලංකාවේ උපන් බර්ගර් කෙනෙක්,මට කියන දේ තේරෙනවා කියලා . (නදී)

:       0       0

සාගරිකා Tuesday, 28 January 2014 11:41 AM

මාටින් හරි, අපි නෙවෙයි මේ ඉතාලි ජාතිකයා තමයි ලැජ්ජා විය යුතු වන්නේ. රු 75 ක දුරක් දැන් ත්‍රි විල් මල්ලිලා යන්නේ නැහැ.(නදී)

:       0       0

සංජිවනි Tuesday, 28 January 2014 11:59 AM

මට දවසක් අසනීප නිසා පුංචි දුරක් ත්‍රි විල් එකක යන්න ඕන උනා. 10 ක් විතර පේලියට තිබුන, එතන හිටිය කිසිම ත්‍රි විල් එකක් කැමති උනේ නෑ ඒ දුර යන්න. හැමෝම වෙන එකක් පෙන්නලා ඒකෙ යන්න කිව්වා. ආයේ නම් මම ජීවිතේට ත්‍රි විල් වල යන්නේ නෑ. අපිට එහෙම වෙනකොට සුද්දන්ට කුමන කතාද? (නදී)

:       0       0

සුධීර Monday, 27 January 2014 07:45 PM

අපේ අය හොඳ පාඩමක් ඉගෙනගන්න ඇති.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධ Monday, 27 January 2014 08:32 PM

ත්‍රීවීල් පාර්ක්වල වැඩි හරියක් ඔහොම අය තමයි. ඒත් හොඳ මිනිසුනුත් ඉන්නවා. වැඩි හරියක් පාරෙනේ ඉන්නේ.(නදී)

:       0       0

අශෝකා Monday, 27 January 2014 08:46 PM

දැන් ලංකාවේ ඉන්න අයට හරියට සිංහල බැරි උනාට මෙහෙට එන සුද්දෝ වැඩිහරියක් හොදට සිංහල පුරුදු වෙලා එන්නේ. (නදී)

:       0       0

වින්දන Monday, 27 January 2014 08:52 PM

ඔය අයියා ඇහුවනම් ඔය ඉංගිරිසි පෘතුග්‍රීසි ලංදේසි අපේ රට හූරගෙන කාපූ විදිහ... මිනිස්සු මරපු විදිහ ඔයා තව කීයක් හරි වැඩිපුරත් දෙයි. (නදී)

:       0       0

විජිත Wednesday, 29 January 2014 06:13 AM

ලාංකිකයින්ගේ හැටි දැනගෙන නොවෙයි ඔය (දී)

:       0       0

කල්‍යාණි මල් බාගේ Monday, 27 January 2014 10:09 PM

උසස් වැඩක්.(නදී)

:       0       0

ශාන්ති Monday, 27 January 2014 10:14 PM

ලැජ්ජාවේ බැහැ.(නදී)

:       0       0

ජයන්ත රණසිංහ Tuesday, 28 January 2014 03:44 PM

ලංකාවේ අපේ අය තමයි අපේ අයවම බාල්දු කරන්නේ. ඉතාලියෙත් එහෙමයි. ගසාකන්න පුලුවන් වෙලාවට ලෝකයම එකයි.(නදී)

:       0       0

චින්තක Monday, 27 January 2014 11:20 PM

අයියෝ. විලි ලැජ්ජාවේ පන යනවා. හැබැයි තව රටවල් තියෙනවා මේ වගේ. චියාන් මායි දුම්රිය පොලේ සිට දී කිලෝ මීටරයක් පමණ යන්න වාහනේටම ගන්නේ රු. 160 ක් පමණ. ඒ අය පිටරට අය පවුලක් නැග්ගම එක අයෙකුට ඒ ගාන බැගින් ඉල්ලනවා. නොදන්නා අය දෙනවා. (නදී)

:       0       0

කොස්වත්ත Tuesday, 28 January 2014 12:36 AM

මේ ත්‍රී රෝද කරුවන් ගැන කියන්න වචන නැහැ. මේ අය අපිවත් කාලා සුද්දන්වත් කන්න හදනවා.(නදී)

:       0       0

සිරියලතා කෙන්යා Tuesday, 28 January 2014 12:47 AM

අනේ අපේ ත්‍රී ව්ල් සහෝදරවරුනි,පාට ආගම කුල මළ නොබලා ඔබගේ රාජකාරිය හරියට කරන්න.(නදී)

:       0       0

ශාන් Tuesday, 28 January 2014 01:26 AM

මේක ලංකාවේ හැම තැනම වෙන දෙයක්. කටුනායක ගුවන් තොටුපොලෙන් ටැක්සියක් ගත්තත් ඒ අය බලන්නේ ගාන කපන්න. සංචාරකයෙක් කඩයකට, හෝටලයකට ගියත් මේ සින්දුව තමයි. මේකට කියන්නේ අර රත්තරන් කිකිළි මරල රත්තරන් බිත්තර ඔක්කොම එකපාර ගන්න යනවා කියල (දී)

:       0       0

රෝහිත Tuesday, 28 January 2014 01:51 AM

නියම මිනිහෙක් වගේ (දී)

:       0       0

රණවක Tuesday, 28 January 2014 01:55 AM

මේවා කොහොම හොයාගන්නවාද මන්දා පිට රටත් ඉන්නවාද වාර්තාකරුවන් (දී)

:       0       0

පෙරේරා Tuesday, 28 January 2014 02:10 AM

කතාවෙන් පැහැදිලි වෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ තමුන් ගැන මිසක් රට ගැනවත් තමුන් කරන දෙයින් රටට වෙන අයහපත ගැනවත් නොවන බවය (දී).

:       0       0

පාලින්ද Tuesday, 28 January 2014 02:10 AM

ලංකාවේ භාෂාව කතා කරන විදේශිකයෝ ලංකාවේත් ඉන්නවා (දී)

:       0       0

දැඩිගම Tuesday, 28 January 2014 02:16 AM

ලෝරන්ස් කුරේරා (ලෝරා) මේ වසර තුනට අනිවර්යන්ම ඉතාලි මිනිහට සිංහල උගන්නන්ඩ ඇති . ලෝරා හිත හොද කෙනා . දක්ෂයා. (දී)

:       0       0

චන්දන Sunday, 02 February 2014 07:08 PM

අසෝක එහෙම කියන්ඩ එපා ඉන්දියාවේත් ලංකාවේ වගේම තමයි. ඉපැරණි දේවල් බලන්ඩ විදේශ වලින් එන අයගෙන් වැඩි ගණන් අයකරනවා ඒ ස්ථාන පවත්වාගෙන යාම සඳහා.(නදී)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 28 January 2014 02:27 AM

ඉතාලි ජාතිකයෙක්ද ?  ජූවීස් ජාතිකයෙක් වගේ.(නදී)

:       0       0

සුකිරි Tuesday, 28 January 2014 02:42 AM

සුද්දෙක් නොවේ අපි ගියත් එච්චරයි. අඩුම ගාන බලලා ගන්නේ. මාර්කට් එකේ බඩු ගත්තත් ඒ වගේ. ජිවත් වීම යුද්දයක් කිවේ බඩු ගණන්ම විතරක් නොවේ. තක්කඩියන්ගෙන් ආරක්ෂා වෙන එකත් එක්ක.(නදී)

:       0       0

ජානක Tuesday, 28 January 2014 02:43 AM

කෝ අර දෙදහස් පන්සියේ පුරාජේරු සිංදුව කියන්න බලන්න කට්ටිය.(නදී)

:       0       0

අසෝකා Tuesday, 28 January 2014 06:59 PM

මේවට අපි දොස් කියන්නේ කොහොමද? මේවා අපේ මිනිසුන්ට රජයෙන්ම ලබාදෙන ආදර්ශ!බොරු නම් බලන්න සිගිරි යන්න ලංකාවේ අයට එක ගානක් පිටරට යට තව ගානක්. පොළොන්නරු යන්න එත් එහෙමයි. ඉතින් මේ දුප්පත්ම මිනිහ එක කලොත් තමයි වරද...(අ)

:       0       0

ටානියා Tuesday, 28 January 2014 05:13 AM

ඉතාලි ජාතිකයෝ එහෙඅ ලේසියෙන් තම්බන්න හිතන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 83 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 261 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 576 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 393 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 323 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1420 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site