IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඉතාලි ජාත්‍යන්තර සංචාරක සමුළුව මහ ඉහළින්

(ෂමින් පණ්ඩිතරත්න - මිලානෝ නගරයේ සිට )

ජාත්‍යන්තර සංචාරක සමුළුව, පෙබරවාරි 4,5, 6 යන දිනවල , ජාතික සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ප්‍රදර්ශකයන් සඳහා මිලානෝ ඇලෙන්සි හි පැවැත්විය.

ඉතාලි සංචාරක ව්‍යාපාරය අසාමාන්‍ය වර්ධනයක අවධියක් අත්විඳිමින් සිටියි. වසුගිය වසරවල සංචාරකයන් පැමිණීම සංඛ්‍යා ලේඛනවලට අනුව විශාල වර්ධනය වීමක් පෙන්නුම් කරයි. මෙම පරිණාමයේ ප්‍රධාන අංගයක් වන්නේ මිලානෝ ජාත්‍යන්තර සංචාරක සමුළුවයි .

මෙය ගෝලීය සංචාරක කර්මාන්තයේ වර්තමානය සහ අනාගතය පිළිබඳ සම්මන්ත්‍රණ, නව හදුන්වාදීම් ,කර්මාන්ත වෘත්තිකයන් සම්බන්ධ කරන සහ නැගී එන ප්‍රවණතා පිළිබඳ ගැඹුරු බැල්මක් ලබා දෙන ලෝක මට්ටමේ සිදුවීමකි.

රටවල් 66කින් ප්‍රදර්ශකයන් 1,100කට අධික සංඛ්‍යාවක් සහ නව ගමනාන්ත 26කින් සමන්විත සංචාරක සමුළුව සමඟ ශ්‍රී ලංකාවට ද සෑම වසරකම මෙන් මෙවරද ඒ සඳහා සම්බන්ධ වීමට සුවිශේෂී අවස්ථාවක් ලබාදී ඇත.

ශ්‍රී ලංකාව විසින් සකසන ලද සංචාරක ප්‍රවර්ධන කුටිය කාගෙත් සිත් ගත් ආකර්ෂණීය සුලභ දසුනක් විය. අලින් සහිත කැලෑවකින්ද ශ්‍රී ලාංකික සංස්කෘතික, නර්තන, වාදන ,ගායනාද ජාතික ඇඳුමින් සැරසුණු කුඩා ළමුන්ද තේ අලෙවි මණ්ඩලයෙන් සපයන ලද තේ පැන් සංග්‍රහයකින්ද සමන්විතය.

මෙය මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය එක්ව සංවිධානය කර තිබුණි.

තවද මීට සමගාමීව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දූත මණ්ඩල සේවයන්, ඉතිහාසය උඩු යටිකුරු කරමින් මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩිලානි වීරකෝන් මහත්මිය හා එහි කාර්ය මණ්ඩලය විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට කොන්සල් කාර්යාලය පරිශ්‍රයේහි සංවිධානය කර තිබූ සංචාරක ප්‍රවර්ධන හමුවක් ඉතාමත් අලංකාර ලෙස සංවිධානය කර තිබුණි.

විදේශීය සංචාරක කර්මාන්තය ඒජන්තවරු, ගුවන් සමාගම් අධ්‍යක්ෂකවරු, හෝටල් හා අවන්හල හිමිකරුවන් සමග දේශීය ඒජන්තවරුට ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය එකිනෙකා සමග බෙදා ගැනීම මෙමගින් අවස්ථාව ලබා දී තිබුණි.

මෙම හමුවීම, මෙහි ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අංශයේ කළමනාකාර අධ්‍යක්ෂක නලින් පෙරේරා මහතාගේ ද මිලානෝ බරන් සාතෙ නගරාධිපති ලූකා රියෝ එළියා මහතාගේද ඇගයීමට හා පැසසුමට ලක් විය.

තවද මහජන මුදල් වලින් යැපෙන පුටු රත් කරමින් කාලය නිරපරාදය වැය කරන අනෙකුත් ශ්‍රී ලාංකික තානාපතිවරුන්ට හා එම නිලධාරීන්ට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දීමට මෙවැනි සංවිධාත්මක විශාල පාඩමක්විය.



අදහස් (1)

ඉතාලි ජාත්‍යන්තර සංචාරක සමුළුව මහ ඉහළින්

බද්රානි Thursday, 08 February 2024 04:09 PM

තානාපති කාර්යාල වලින් ලාංකිකයින්ට බල්ලන්ට වගේ සලකලා, සුද්දන්ගේ සල්ලි වලින් ලංකාව දියුණු කරන්න උත්සහ බලන එකත් වැරදීම නැහැ.. දැන් මෙතෙක් කලක් ලංකාවට මුදල් එවල රටට බරක් නොවී රටේ ආර්ථිකයට ඉමහත් සේවයක් කලේ සුද්දෝද..? ලාංකිකයෝද..? සුද්දන්ට රතුකාපට් අතුරලා පිලි අරගෙන ලාංකිකයින්ට කුඩම්මාගේ සැලකිලි කරන එක තමයි හැමතැනම සිදු වෙන්නේ... තමන්ගේ රටේ පුරවැසියන්ට ඔය කියන තානාපති කාර්යාල වලින් නිසි ගෞරවය හා ඔවුන්ට අවශ්‍ය සේවා රැකවරණය නිසි ලෙස ලබා දෙනවද..? අතීතයේ සිට ක්‍රියාත්මක උන ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලියට පරිවර්තනය කිරීම දැන් ඉතාලි රජය නවත්වලා නේද..? ඊට හේතුව කුමක්ද..? ලංකාවේ තිබෙන ඉතාලි තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික මාෆියාකාරයින් විසින් ග්‍රහණයට ගෙන, ශ්‍රී ලාංකිකයින්ව විවිධ අන්දමේ සුරාකෑමට ලක්කරන බව ඔය කියන තානාපති කාර්යාල දැනුවත්ද..? එක අතකට ඔවුන්ට ඔහොමම වෙන්න ඕනා,, අපිට මතකයිනේ පසුගිය ජනාධිපති මැතිවරණය සමයේ ඉතාලියේ වෙසෙන ලාංකික මෝඩයින් දඟලපු දැඟලිල්ල... මෝඩයින් දඟලපු දැඟලිල්ල..

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1357 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 828 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2090 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 710 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1770 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site