ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සහ කූඨ ලේඛන සෑදීම, ඉතාලි ජාතිකයකු සතු රුපියල් කෝටි හතර හමාරක් වටිනා යුරෝ 250000ක් සමග රන් මුදු, මාල සහ වටිනා රොලෙක්ස් අත් ඔරලෝසුවක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව කියන පුද්ගලයාගේ විදේශ ගමන් බලපත්‍රය යළි තහනම් කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අයි එම් ධම්මිකා ඉලංගසිංහ මහත්මිය නියෝග කළාය.
මෙලෙස චෝදනා ලැබ ඇත්තේ මාරවිල පොලිසිය මගින් 2012.10.21 වැනි දින නාත්තන්ඩියේ දී අත්අඩංගුවට ගත් කලහේ ලොකුගේ හරීන්ද්‍ර, බන්දුල හරේන්ද්‍ර සහ ජයලත් ගෝටාභය වික්‍රමසිංහ යන නම් වලින් පෙනී සිටින මොහු ඇප මත මුදා හැර ඇති තැනැත්තෙකි.
ඇප මත මසිටියදී මොහු උසාවියේ අවසරය මත තායිලන්තයට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.
මොහු පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියට භාරදීමට ඉකුත් නඩු විභාගයේ දී විනිසුරුවරිය නියෝග කර තිබූ අතර මෙම පරීක්ෂණ රහස් පොලිසිය මගින් සිදු කරන බවත්, තමන් ඊට සහාය දක්වන බවත් හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් 25666 රන්පටිගේ මහතා අධිකරණයට වාර්තාවක් මගින් දැන්වීය.
ඉතාලියේ ආර්ථික උපදේශකයකු වන අයිවන් ලෝසියෝ මහතාට අයත් ආයතනයක මොහු සේවය කරමින් සිටිදී රැගෙන ආ භාණ්ඩ උසාවියට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්නැයි පැමිණිල්ලේ නීතීඥ ජී ඩී කුලතිලක මහතා ඉල්ලීමක් කළේය.
විත්තියේ නීතීඥවරුන් කරුණු දක්වා සිටියේ මොහුට විරුද්ධව මාරවිල පොලිසිය චෝදනා ගොනු කර ඇති නඩුව කූඨ ලේඛන සෑදීම සහ ව්‍යාජ ගමන් බලපත්‍ර සෑදීම පිළිබඳ නඩුවක් බැවින් සෙසු කරුණු සලකා බැලීමට නොහැකි බවයි.
ඉකුත් 2012 වසරේ අගෝස්තු මාසයේ මොහු ඉතාලියෙන් අදාළ භාණ්ඩ සහ විදේශ මුදල් රැගෙන පැමිණි බවට ඉතාලි ජාතිකයා විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය මගින් පොලිස්පති කාර්යාලයයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ උපදෙස් මත පරීක්ෂණ ඇරැඹිණි.
මොහු ව්‍යාජ නම් තුනකින් හැදුනුම්පත් තුනකට හා තවත් පුද්ගලයකුගේ හැදුනුම්පතකට අදාළ විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබූ බව හෙළි විය.
මීළඟ විමසීම සඳහා නඩුව ලබන ජනවාරි 13 දිනට කල් තැබිණි. පැමිණිල්ලේ නීතීඥ කුලතිලක මහතා හා මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන හේරත්, උප පොලිස් පරීක්ෂක මොහාන් ලාල් ජයමහ, හලාවත කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් 25666 රන්පට්ටිගේ මහත්වරු පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ ප්‍රසාදි වර්ණකුලසූරිය මහත්මිය සහ නීතීඥ ලලන්ත සරච්චන්ද්‍ර මහතා පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වෙන්නප්පුවේද, කොලඹද , ගාල්ලේද , නුවරද කියන එකවත් , සිංහලද , දේමලද ,මුස්ලිම්ද කියන එකවත් නෙමේ.නැහැදිච්ච කමේ.. (නදී)
කුසුම්ට, ගිම්හානිට මෙන්න මගෙන් මල් මිටක් (නි)
වෙන්නප්පුවේ අය හින්දා තමා ඔය දකුණේ හිටි අයත් ඉතාලි ගියේ (නි)
මේ හොරකමට සම්බන්ධ නම් නාත්තන්ඩියේ පුත්ගලයෙක්. එහෙම කියල මුළු නාත්තන්ඩිය ප්‍රදේශයේම ඉන්නේ හොරු කියන්න තරම් අපි බොළඳ නැහැ. හොරා ලෝකේ කොහෙට ගියත් හොරාමයි. නමුත් මෝඩයා ඉතාලියට ගියත් මෝඩයාමයි යන්න සනාථ කරමින් මෑතකදී බෝට්ටුවලින් ඉතාලියට සංක්‍රමණය වූ ලංකාවේ දකුණු පළාතේ නුගත් මෝඩයින් වෙන්නප්පුවේ ජනතාවට අපහාස කිරීම ගැන වෙන්නප්පුවේ ජනතාව ඔවුන්ට අනුකම්පා කරාවි. වෙන්නප්පුවේ මිනිසුන් දැල්වූ පහනින් එළීය බලමින්ම කෙලෙහි ගුණ නොදන්නා කුහකයින් වී සිටීම ගැන ඔවුන්ම ලජ්ජා විය යුතුය. (නදී)
ඉතාලියේ සහ මැද පෙරදිග රටවල ඉන්න බොහෝ දෙනා හුඟක් හොඳ දේවල් කරනවා, නමුත් කොහේ හිටියත් නරක වැඩ කරන ඉතා සුළු පිරිසක් ලංකාවේ හොඳ නම කැත කරන එක හරිම කනගාටු වේ. (නදී)
ඔහු වැරදිකරු නම් උපරිම දඩුවම් ලබාදෙන්න (නි)
මේ මිනිහව ඉතාලියට ගියවෙලේ අල්ලගන්නයි තිබුනේ ..ලංකාවේ අපේ උන්දලාට පෙනෙන්නම ඒ රටවල් නීතිය ක්‍රියා කරාවි එවිට ...? ලජ්ජා නැතිකම ..? නැතිනම් මොකාට උනත් තේරෙනවා තම දහදිය මහන්සිය හැර අනුන්ගේ දනය තමන්ට නොදිරවන වග ...? (අ)
වෙන්නප්පුව සමග මෙයාලා මෙච්චර තරහ මොකද? මාත් වෙන්නප්පුව කිට්ටුව තමයි ඉන්නේ. කියන්නකෝ බලන්න ඔය මහා ලොකු කට්ටිය එකතු වෙලා මොකක්ද ලංකාවේ අනිත් නගර වලට වැඩිය එහේ තිබෙන වෙනස කියලා (නි)
තුසිට වෙන්නපුව ගැන වර්ණනා නොකර හිටියනම් තමා හොඳ (අ)
පිටිගල ඔයාහරි වැරදි කරනම් එයට දඩුවම් ලබන්න ඕන හොරකන් කරනෙකාට කොහෙගියත් කරනවා ඒකට ඔයා මොකද මේ වයඹ වෙන්න ඇති කියන්නේ ඔයා කොහෙද කියන්නකෝ .(අ)
සෙහාන්, රනිල් .කරුණාකරලා වෙන්නප්පුව කොහෙද මාරවිල කොහෙද කියල ලංකා සිතියම අරගන බලන්න. මොකද ඔයාලා වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැහැ. අම්මත් වෙන්නප්පුවේ තමා කව්රු කලත් කරලා තියෙන්නේ ලංකාවේ කෙනෙක් බව අමතක කරන්ඩ එපා.(නදී)
ලංකාව ගැන නරක පුවත් සියල්ල වාගේ එන්නේ ඉතාලියෙන්.... (නි)
පිටිගල මම ඇවිත් ඔයාව හම්බ වෙන්නම්, නන්දන මමත් මිලානෝ තමයි. (නදී)
ෂෙහාන් අමරසිංහ වෙන්නප්පුවේ අයත් එක්ක තරහයි වගේ නේද? වෙන්නපුවේ අයට පින්සිද්ද වෙන්න තමා ඔය සේරම අය අද ඉතාලියේ පය ගහලා ඉන්නේ.(නදී)
මොහු වෙන්නප්පුවේ නොවෙයි. නමුත් වැරදි වැඩ කරන්නේ වෙන්නප්පුවේ අයම පමණක් නොවෙයි .(නදී)
මොහු වෙන්නප්පුවේ නොවෙයි. නමුත් වැරදි වැඩ කරන්නේ වෙන්නප්පුවේ අයම පමණක් නොවෙයි .(නදී)
ඔහොම ගියොත් දෙහිවල සත්තු වත්ත වහන්නවෙයි. වෙන්නප්පුවට ගියාම ඒකම බලාගන්න පුළුවන්.(නදී)
අහන්නත් දෙයක් තියෙනවද ? මාරවිල කියන්නෙත් වෙන්නප්පුව තමයි ..කියල වැඩක් නෑ(නදී)
ඉතාලියේ සිටිනා ලංකාවේ අය ලංකාවේ නම ලොව පතල කරනවා . සතියකට අඩුම ගන්නේ ඉතාලියේ සිදුවන මෙවෙනි දේවල් 2 ක් 3 ක් පුවත් පතේ පලවෙනවා . (නදී)
නන්දන පේන්නේ නැද්ද මොන පළාතේද කියලා. වයඹ පළාතේ, සුවර් එකටම වෙන්නප්පුවේ වෙන්න ඇති.(නදී)
මොහු වැරදිකරු නම් දැඩි දඬුවම් දෙන්න. (නි)
මොහු කුමන ප්‍රදේශයක කෙනෙක්ද? (නි)