ඉතාලියේ ජීවත් වන ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේදී මුහුණ දෙන ගැටලු විසඳීම ගැන විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම සහ ඉතාලියේ නව තානාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත නාවලගේ බෙනට් කුරේ මහතා අතර බදාදා (18) විශේෂ සාකච්ඡාවක් පැවැති බව විදේශ අමාත්‍යංශ ආරංචි කියයි.
නව තානාපති අගෝස්තු අගදී ඉතාලියට පැමිණීමට නියමිතව සිටියත් අසනීප හේතුවෙන් නොපැමිණි බවත්, ලබන 29 වැනිදා කුරේ මහතා රෝමයට පැමිණීමට නියමිත බවත් දැනගන්නට ඇත.
තානාපති නිලධාරීන් ස්වේච්ඡාවෙන් පවත්වාගෙන ගිය ඉරිදා සේවය නතර කිරීම ආදී ගැටළු රැසක් විසඳීමට විදේශ ලේකම්ගේ අවධානය යොමුව ඇතැයි ද, නව තානාපති රෝමයට ගොස් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි ද විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුණුගම මහත්තයා මේ ගැන සෙවිල්ලෙන් ඉන්න.ඔබතුමා අවංක බව අපි දන්නවා.අනික් රටවල් හැදුවා වගේ ඉතාලියත් හදන්න.ඔබට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා (නි)
කමල්, ඔයත් හිතා ගන්න ලෝකෙන් සමුගත්තට පස්සේ පින් කරන්න නොපුළුවන් බව. ඒ අයට පින් අනුමෝදන් කරන්න. එහෙම හිතක්වත් නොමැති ඔයා වගේ ගොඩක් නුගතුන් ඉතාලියේ ඉන්නා නිසා අපිටත් ප්‍රශ්න වැඩියි (නි)
ඕස්ට්‍රේලියාවේද ශ්‍රීලංකා තානාපති සේවයේ දේශපාලන පත්වීම් බොහොම ඇත. නමුත් ඔවුන්ට අපට රැස් පෙන්නීමට බැරිය. ඒ රැස් අපට අදාල නොවේ. අපට ඔවුන්ගේ රැස් බැලීමටද අවශ්‍ය නැත. ඒ මන්ද යත් මෙහි වාසය කරන ශ්‍රි ලාංකික සම්භවයක් ඇති අයගෙන් 75% පමණ ඕස්ට්‍රේලියානු පුරවැසියන් වීමය.(නදී)
ජර්මනියේ රජයේ සේවකයෙක් වශයෙන් පත් වෙන්න පෙර, අවුරුදු 4 රජයේ සේවය පිළිබදව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න ඕනෑ. එම පාඨමාලාවට නිතිය , සමාජ විද්‍යාව , වැනි විෂයන් කිහිපයක්ම තිබෙනවා. විදේශ සේවය සදහා යවන අයත් මේ වගේ විශේෂ පුහුණුවකට ලක් කරනවා (නි)
තානාපති සේවයට යන නිලධාරීන්ට අදාල රටේ භාෂාව හැසිරවීමට හැකියාව තිබෙන්න ඕනෑ. ඉංග්‍රීසිය අවශ්‍ය යුරෝපයේ නම් එංගලන්තයට විතරයි. යුරෝපයේ අනික් රටවල් තමන්ගේ භාෂාවෙන් වැඩ කරන්නේ. දෙරටේ සම්බන්ධීකරණයක් සිදුවන්නේ එම භාෂාව දැනගැනීමෙන්. නමුත් සිංහල අය සමග වැඩ කරන්න සිංහලෙන් පුළුවන්. (නි)
ලංකාවේ තානාපති සේවයෙන් පටන්ගත්තම , ක්‍රිකට් කවුන්සිලයක , බස්නැවතුම් පොලේ සිටින වෙලා සටහන්කරුගේ සිට පාරේ ඉන්න හිගන්නා දක්වා අද දේශපාලනිකරණයට යටවී අවසානයි. (නි)
දේශපාලනයෙන් තොර තානාපති සේවයක් අපේ ලංකාවේ ක්‍රමය අනුව ඇති වෙන්නේ නැහැ.තව මේ පිළිබද දැන ගැනීමට වුවමනා අය ඉන්නවා නම් කියන්න, බොහෝ තොරතුරු ඉදිරිපත් කළ හැකියි. (නි)
රසික හිතා ගන්න එහෙනම් ඒ මහතාට අනුමෝදන් කරන්න පිං නොමැති බව. (ස)
මේ මහත්තයා ගැන මම දන්නවා ..මට හරි දුකයි ඉතාලි ඉන්න අපේ ශ්‍රමිකයන් ගැන ..ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තමා (ස)
හිටපු තානාපති අසිත පෙරේරා අභාවප්‍රාප්ත වීම පිළබදව ශෝකය පළකරමු. දේශපාලනයෙන් තොර රට ගැන හිතන තානාපති සේවයක් ඇති වේවායි ප්‍රාර්ථනා කරමු. එවන් ක්‍රියා මාර්ගයක් ගන්නා බලධාරීන් ට පිං අත්වේවා. ඒ පින් අපි අසිත පෙරේරා මහතාටත් අනුමොදන් කරමු. (ස)
තානාපති සේවය කරන අය මීට වඩා අවංක වන්න ඕන. ගොඩක් අය කරන්නේ පාටි දාලා රටේ සල්ලි විනාශ කරන එක. හැම කෙනෙක්ම ඉන්නන ඔලු කමින් හැමෝම හොරකන් කරනවා . මේක අපරාධයක් හැම කෙනක්ම රට ගැන හිතන්න ඕන . හොරු එවන්න එපා (ස)
සමන්, නිහාල්, මහගෙදර ඇඹිලිපිටිය, සජීවනී, සෝමරත්න, ඔබේ අදහස් වලට අනුව තානාපතිවරු පමණක් දේශපාලනයෙන් පැමිණ වැඩ නොකරන අදහසක් එනවා. සමහර නිලධාරීන් ගැනත් කථා කරන්න ඕනෑ, දේශපාලන බලය පෙන්නා නිලධාරීන්ට වැඩ කරන්න බාධා කරන. විදේශ ලේකම්ගේ අවධානය මේවාටත් යොමු විය යුතුයි (නි)
සජීවනී මෙතෙක් හිටපු අය ඔයාට ඇරියද? අනේ අරින විදිහ මටත් කියලා දෙන්නකෝ. (ස)
කරුණාකරලා මින් පස්සේ එන අය එක්කවත් සහයෝගයෙන් වැඩ කරන්න. පුද්ගලික වාසි ගැන විතරක් හිතන්න එපා. (නි)
කරුණාකර තානාපති කාර්යාල වලට පත් කරන නිලධාරීන් දේශපාලකයින්ගේ හිතවත්කම් අනුව පත් නොකරන්න, ඔවුන්ව තානාපති කාර්යාලවල උසස් නිලධාරීන්ටත් පාලනය අපහසුයි. වැරදි කරන්න බය නැහැ. විදේශ අමාත්‍යයාංශයට ඇමැති කෙනෙක් ඉන්නවා නම් මේ හොර පාරවල් වසා දමන ලෙස ඉල්ලමි. (නි)
විදේශ සේවයට පත්කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටින ජ්‍යේෂඨ නිලධාරීන් නැතුව ඡන්ද පරාජිතයන් නොවෙයි. ශ්‍රී ලංකා විදේශ සේවයට ගන්නේ තරග විභාගයකින්.(නදී)
නගරයට එක් දින සේවාව ඇතිකළ යුතුය.(නදී)
පෙනෙන විදියට ලොකුම ප්‍රශ්නේ ඉරිදා සේවය කරන නිලදාරීන් නතරා කිරීම. ඉතින් ඕකට මොකටද ඉංගිරිසි චතුරව කතාකරන කෙනෙක්. අනික ඉතාලියේ ඉංගිරිසි හරි අඩු නේ ඕනේ වෙන්නේ චතුර ලෙස ඉතාලියනෝ කතා කරන අය නේද?(නදී).
මෙහේ තානාපති සේවයට හොරු එවන්න එපා. ඒ අය අපිටත් ඇරලා ,රටටත් ඇරලා තමයි යන්නේ මේ ක්‍රමේ වෙනස් කරලා ඒ ඒ රටවල් වල වසර ගණනාවක් ජිවත් වෙලා අත් දැකීම් තියෙන අය පත් කරන්න ක්‍රමයක් හැදුවනම් කොච්චර හොඳද. නැත්නම් භාෂාවක් වත් හරියට දන්නේ නැති , අපේ ප්‍රශ්ණ දන්නේ නැති අය එව්වට වැඩක් නැහැනේ.(නදී)
ඉතාලියේ පාස්පෝට් එකක් අලුතින් හදන්න යූරෝ 150ක් ගන්නවා. වෙන රටවල 50යි ගන්නේ (නි)
දයාන් ජයතිලක මහතා වගේ දැනුමෙන් නිපුන පුද්ගලයෙක් තමයි ඉතාලියට හරි යන්නෙ (නි)
1983 සිට අද දක්වා තානාපතිවරු අට දෙනෙක් සේවය කරලා තියෙනවා. ඉන් හයදෙනෙක් දේශපාලන පත්වීම් සේවයක් සිදු උනාද?(නදී)
යුරෝපයේ ඉංග්‍රිසි භාවිතා නොවන රටවල් තියනවා. ඉතාලියත් එකක්, භාෂාව වැදගත් නැහැ. සිංහලද, දෙමලද, මුස්ලිම්ද බර්ගර්ද, වැදිද වැදගත් නැහැ. අවශ්‍ය වැඩ ගන්න සහ වැඩ කරන්න දන්න උගත්, අවංක, ගුණගරුක තානාපතිවරු සහ නිලධාරීන්. (නි)
ලන්ඩන් නුවර බලවත් දෙමල ඩයස් පෝරාව සමග ඉතා ඥානවන්ත ලෙස සිය පෞරුෂත්වය මැනවින් හසුරුවමන් මේහි සිටි මහ කොමසාරිස් අතරින් ඉංග්‍රීසි බස චතුර ආකාරයෙන් අසුරුවම්න්,කටයුතුකරන ,දේශපාලන අම්බැට්ටයන්ට කනේ පහර දෙමින් සිය කටයුතු සිදුකරන ක්‍රිස් නෝනිස් මහතා වැනි උගත් පොහොසත් අයෙකු ඉතාලියටත් පත්කරනම් අගෙයි.සමහර පත්කළ නිලධාරීන් දන්නේ සිංහල බස විතරයි.මේ අයට තේරුමක් නැහැ තමන් කරන්නේ විදේශ සේවයක් කියලා.මේ අයගෙන් සමහරකට විරුධව නඩු හබත් තියනවා.(අ) ය ස් වරුන් මහාමසාර්ස්වරුන්
කොහොමටත් එහාට යවන්නේ මෝඩ කඩේ යන බයියෙක්ව තමා ,ඕනෑ තරන් උගත් මුස්ලිම්,දෙමල අය හිටියත්,මේගොල්ලේ යවන්නේම නෑ (අ)
විසඳුමක් කෙසේ වෙතත් තව ප්‍රශ්න ඇති වෙයි (අ)
කවුරු වුනත් ඉංග්‍රීසි භාෂාව හසල ලෙස කතා කරන විදේශ සේවයේ ඉහල ශ්‍රේණියක දැනුම ඇති හෝ ලන්ඩනයේ මහ කොමිසුරු ක්‍රිස් නෝනිස් මහතා වැනි ලංකාවට චෝදනා මුඛයෙන් කතාකරන ලෝ විද්වතුන් හඹා ගොස් තර්ක බිඳහෙලන උගතෙක් මෙහාට එවන්න. නිකන් 'පොහොර නිපදවන මැසිමක්' නම් එවන්න එපා. (අ)