ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර මිත්ත්‍රත්වය තර කැර ගැනිමට මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් දක්වන සහයෝගයට අනුග්‍රහයක් ලෙස ශ්‍රී ලංකාවට රෝහලක් තෑගි කිරීමට යන ඉතාලි දේශපාලනඥයින් පස් දෙනකු පිළිගැනීමේ උත්සවයක් මිලානෝ නුවරදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ හමුවට ඉතාලියේ ප්‍රවාහන හා යටිතල පහසුකම් අමාත්‍යය මව්රිසියෝ ලුපි ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලුකා ස්ක්වේරී,මුදල් හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ලුයිගි කසේරෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන එල්නා වෙන්තරම්රෝ මහත්මිය හා මව්රිසියෝ බර්නාඩෝ මහතා පැමිණිමට නියමිතය.
මෙදින ශ්‍රී ලාංකික කලා සංදර්ශනයක්ද මානව ශිෂ්ටාචාරයේ හා ශ්‍රී ලංකාවේ වැදගත්කම ගැන ඉතාලි ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදී ලුකා නොවෙල්ලි දේශනයක්ද පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල මිලොනෝ ට මානසික ව්‍යාධියක් තියෙන බව කියන අයටද කොහෙද එහෙම මානසික ව්‍යාධි තිබෙන්නේ (නි)
මෑතකදී වෙන්නප්පුවේ තරුණ සංවිධානයක් ලංකාවේ පිළිකා රෝහලකට මුදල් පරිත්‍යාග කරන්න යයි කියා සංගීත සංදර්ශනයක් පවත්වා විශාල මුදලක් එකතු කළා. එයට සහබාගී වූ ගොඩක් දෙනෙක්ට එම මුදල් වලට වූ දෙයක් ගැන දැන ගන්න ලැබුනේ නැහැ. මේ ගැන කට්ටියක් පොලිසියට පැමිණිලි කරන්නද ලෑස්ති වෙනවා.(නදී)
නන්දන පනාගොඩ මහතා නම් කියා ඇත්තේ සම්පුර්ණ සත්‍යකි. අපිත් මේ විගඩම් දිහා බොහොම හිරිකිතෙන් බලා ඉන්නේ.(නදී)
පිටිගල මහතාගේ පළමු අදහස ක්‍රියාවට නැංවීමට අපහසු බවකුයි හැගීයන්නේ.යුරෝපයේ රටවල පුරවැසිභාවය ලබාගත් ලාංකිකයන්ව එක මතයකට ගෙන ඒමට ඉතාම අපහසුබවකුයි මා දකින්නේ. ශ්‍රී ලංකාවේ මෙන්ම යුරෝපයේද පක්ෂපාට අතින් දරුණු භේදබින්නවීමක් දක්නට ඇත. (නි)
සුමුදුගේ කතාව මම අනුමත කරමි. ඔය දෙනවා කියනා ඒවා ලැබෙන තුරු අපිට නම් විශ්වාස නැහැ (නි)
රට ජාතිය වෙනුවෙන් ජාති ඇලෙන් කතාකරන අවස්ථාවාදී ගෝස්තරවාදී සන්විදනවලට මේක හොද අවස්ථාවක් සහයෝගය දක්වා රට වෙනුවෙන් කරන්නාවූ මෙවන් කටයුත්තක් සාර්ථක කරගැනීමට සහයදී මිලානෝ ශ්‍රි ලාංකිකයන්ට තම සංවිධානය නිවැරදි බව සනාථ කිරීමට .පණ්ඩිතරත්න මත්තොයෝ ඔබ කරන්නාවූ විශාල සේවය අප හොදින් දනිමු.මිලානෝ පිරිසිදු ශ්‍රිලාංකික අප බට සුබ පතන්නෙමු .(දිල්)
හොද දෙයක්. කාර්යය හරියට සිදුවෙනවා නම් හොදයි. අපේ සහයෝගය! (නි)
මෙතන අදහස් දමන සමහරු තමන් තමන්වම වර්ණනා කරගන්නවා (නි)
පිටිගල මිලානෝ මම මීට පෙර දවසක ඔබෙන් ඇසු ප්‍රශ්නයට , පිටරට ඇති ශ්‍රී ලංකික දේශපාලන සමිති සමාගම් වල නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව ඔබ පිළිතුරු සපයා ඇත. එයට ස්තුතියි. නන්දන පනාගොඩ මිලානෝ, ඔබ කිවූ අකාරයේ ලාංකික දේසපාලන ආරක්ෂකයන් මා ජීවත්වන රටේද ඇත. ඔවුන්ගෙන් අපට වැඩක් නැත. අපෙන් ඔවුන්ටද වැඩක් නැත. අපිට ඔය දේශපාලන වැඩ කරනවාට වඩා කීරීමට බොහෝ වැඩ ඇත. අපගේ වටිනා කාලය නිකරුනේ යෙදවීමට තරම් අපට කාලයක් නොමැත. (නි)
මිලානෝ මා හට නම් අපායකි. ඉතාලිය යනු විරැයාවෙන් පෙළෙන රටකි. නංගියේ, මල්ලියේ, ලංකාවේ හොද අධ්‍යාපනයක් ලබා මෙහෙ එන්න එපා. අපරාදේ දෙමවුපියෝ වියදම් කළ සල්ලි. (නි)
මිලානෝ එකමුතුව, මා ඔබ සමග එකඟ වෙන්නේ නැහැ. පිටිගල මහතාගේ අදහස දරන්න තරම් බුද්ධියක් ඔබ කියූ අයට තිබේ නම් අපේ රට අද මොන තරම් දියුණුද?(දිල්)
උණුසුම් සුබ පැතුම්! (නි)
මෙම සංවිධානය තම වර්ගයාට සෙතක් කිරිමට වඩා තමන්ගේ වාසියට පිහිටුවාගත් එවා විදිහට තමයි අපිට හෑගෙන්නෙ (අ)
අනුන්ට කිව්වට රොෂාන් ජයමාන්න ම දන්නේ නැහැ ..අයගේ වැඩ ගැන මිනිසුන් අයගේ දිහා කොපමණ හිරිකිතෙන් කතා කරනවද කියල....(දිල්)
මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ පොදු ජනයාගේ සහබාගී වීම මතයි. ඒ නිසා පුද්ගලික නම් මේවාට ගාවා ගැනීමෙන් වලකින්න. සම'හරක්' මෙම අවස්තාවන් ප්‍රයෝජනයට ගෙන 'ෆේස්බුක්' සහ විවිධ ක්‍රම වලට තම ප්‍රතිරූපය පුම්බා ගන්න හදන පහත් මානසිකත්වයේ ඉන්න බව පෙනෙනවා.(නදී)
පිටිගල ඔබේ කතාව ඇත්ත, මෙහෙ පටන් ගන්න හැම පොදු කටයුත්තක්ම කඩාකප්පල් වෙන්නේ සමහර 'තනි අලි' නිසා. තමා කැපී පෙන්න යනකොට අනිත් මිනිස්සු නැවත පළාතේ එන්නේ නැහැ.(නදී)
පිටිගල මහතා පළමුවෙන් ප්‍රකාශ කර ඇති අදහස විදේශ රටවල වාසය කරන රටට ආදරේ ඇති සියලුම ශ්‍රී ලාංකිකයින් සැලකිල්ලට ගතයුතු කරුණක් ලෙස මම අදහස් කරමි.අදාල රටවල චන්ද බලය ඇති සියලුම ශ්‍රී ලාංකිකයින් එකට එක්වී අපේ රටට හිතවත් ලෙස කටයුතු කිරීමට එකඟවන පක්ෂයකට තම සහය ලබාදී එයින් අඩුම තරමින් අප රටට එරෙහිව ක්‍රියාත්මක වන දෙමල ඩයස්පෝරාවේ වැඩ කටයුතු වලට බාදා කිරමට වත් හැකි වුවහොත් එයත් ලොකු ජයග්‍රහණයකි. (අ)
ඇත්තෙන්ම අපේ රටට ලොකු ආඩම්බරයක්! ශ්‍රී ලාංකික අපිට ඉතාලි ජාතිකයින්ගෙන් අනෙකුත් විදේශිය රටවලින් පැමිණි ජාතිකයින්ට වඩා අනගි පිළිගැනීමක් තිබෙනවා. (නි)
කුමාරසිරි ඉතාලිය, ඉතාලි ජාතිකයන්ගේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂ වූ එම පිළිගැනීම, ඒ ආකාරයටම පවත්වාගෙන යාම ඉතාලියේ ජීවත් වන්නාවූ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමකි. එය එසේම වේවා කියායි මගේ පැතුම. (නි)
මෙම පොදු කාර්යයේදී 'ෆේස්බුක්' ඡායාරුප වලින් තම ප්‍රතිරූපය පුම්බාගන්න හදන සමහර අය ,මෙහි එන අය සමග ඡායාරූප ගන්න එකට මම විරුද්ධයි (නි)
ජය නියතයි.. සූභ පැතූම්...!!! (ස)
ඉතාලිය තුල ශ්‍රී ලංකාවේ කිසිම පක්ෂයක් නියෝජනය කරනවා යයි කියන කිසිම කොටසක් මෙයට සම්බන්ධ කර ගන්න එපා. අප දන්නා පරිදි ප්‍රායෝගිකව එවැනි සංවිධාන මෙහි නැත. තිබෙන්නේ ව්‍යාජ ලෙස ලංකාවේ දේශපාලනය අනුකරණය කරන්න යන නුගත් කොටස් වලින් සැදුණු සාමාජිකත්වයක් නැති සමිති කිහිපයකි. ශ්‍රී ලංකිකයිනි හැකි පමණ පුද්ගලයන්ද කැටුව මෙයට සහබාභි වෙන්න.(දිල්)
පිටිගල මිලානොට ලොකු මානසික ආතතියක් තිබෙන්නේ . කවුරු මොනවා කලත් එක නරක විදියට පෙන්නේ . විවේචනය විතරයි . නරකද ඔබට හොඳ මානසික වෛද්‍යවරකයකු මුණ ගැසුනා නම් (අ)
මෙය ඉතාම හොඳ ක්‍රියාවක්. ඔබ සැමට සුභ පැතුම්! (නි)
පිටිගල මහතාණෙනි, ඔබ නොදන්නවා වුවද ලියාපදිංචි සාමාජිකයින් 180 ක් සහිත ක්‍රියාකාරී එ.ජා.ප .ශාඛා සමිතියක් මිලානෝ නගරයේ ක්‍රියාත්මකව පවතින බව මා ඉතා වගකීමෙන් පවසමි (නි)
ඉතා හොද දෙයක්.මිලානෝ ජනතාවගේ සුබ පැතුම්! (නි)
මෙම වටිනා කාර්යය පිටුපස සිටින අසෝක වීරරත්න මහතාට සහ ශමින් පන්ඩිතරත්නට අපේ සුභපැතුම් (අ)
මෙය කරන්නේ පොදුවේ මිලානෝ ශ්‍රී ලාංකිකයින් රට වෙනුවෙන්ය. (අ)
යුඑස්ඒ...සහ ලෙස්ලි මහතාණෙනි ඔබලා නිවැරදි ...ඔය පිටිගල හිතානඉන්නේ එයා හරි උගත් අනිත් සේරම මෝඩයෝ කියල .(අ)
මෙය ඉතා හොඳ ආරම්භයකි. පොරොන්දු වී ඇති රෝහලට වඩා මෙහි ඇති වැදගත් කම නම් ශ්‍රී ලංකික සිංහල බහුතරයේ ඡන්ද පදනම යුරෝපයට පෙන්වා හඬක් නැගීමට ඇති හැකියාවයි. ලොව පුරා විසිර ඇති දෙමල ජනතාව කළමනාකරණය කරන කොටින් විවිධ රාජ්‍ය නායකයන් ලවා ශ්‍රී ලංකාවට අනේක බලපෑම් කරන්නේද මේ ආකාරයෙනි. ශ්‍රී ලංකික සිංහල බහුතරයක් ඇති ඉතාලියේ සිංහලයන්ට ලෝක ප්‍රජාවෙන් වෙන අසාධාරණකම් යුරෝපා ආණ්ඩුව හරහා ලොවට පෙන්වා දෙමු. (අ)
මේ පිටිගල කවුද කියලා හදුනාගන්න පුලුවන් නම්, එයා කරන කියන දේවල් ගැන ඉදිරියේදි හොද වාර්‍තාවක් ඔබලාට දැකගන්න සළස්වන්න පුලුවන් (නි)
ඉතාලියේ වර්ථමාන ආර්ථිකය අන්තිම අඩියේ සිටින්නේ. මෙහි තිබෙන කර්මාන්තශාලා ව්‍යාපාර වෙනත් රටවලට ගෙනයනව. විරැකියාව වේගයන් ඉහල යනවා.ඉතාලි රජයත් විශාල ලෙස ණය ලබාගනිමින් පවතිනකාලයක බංකොලොත් හිටපු අගමැති සිල්වියෝ බෙර්ලුස්කෝනිගේ පක්ෂයේ මන්ත්‍රින් කන්ඩායමක් දී තිබෙන මේ පොරොන්දුව ගැන ඇතිවන්නේ බලවත් සැකයකි.කොහොමනමුත් මේ පුවත පලකල ලංකාදීපයෙන් ඉල්ලාසිටින්නේ මේගැන ටිකක් විමසිල්ලෙන් සිටින ලෙසයි. (අ)
පිටිගල මහතාගේ මතය මමද අනුමත කරනවා. ඔබ යුරෝපයේ කාටත් නොපෙනෙන සිංහල ඡන්ද බලය ගැන හොඳ විග්‍රහයක් කර ඇත. මේවා බුද්ධි මට්ටමෙන් අඩු යට තේරුම් ගන්න අපහසුයි. (ත)
අපි එනව ඉතාලියට. ජොබ් එහෙම හොයා ගන්ඩ පුලුවන්ද?(ත)
මා මිත්‍ර පිටිගල දෙවනියට ලියා ඇති දේ නම් සම්පුර්ණ ඇත්ත. (ත)
පිටිගල මහතා මුලින් ලියාඇති අදහස මිට ටිකකලකට පෙර මිලානෝ නගරයේදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් කළ ප්‍රකාශයකි. (ත)
පිටිගල බුද්ධිමත් සංවාදයකට මුල පුරා ඇත. අදහස් වැදගත්ය. ලංකාදීපය මගින් සලසා ඇති මෙම පහසුකම බුද්ධිමත් සංවාදයකටම ප්‍රයෝජනයට ගන්න. (ත)
මෙහි විවිධ ශ්‍රී ලාංකික පක්ෂ වලින් සමිති හදාගෙන ඉන්න අය කරන්නේ ලංකාවේ දේශපාලකයෙක් පැමිණි විට බලෙන් ඔවුන් පසු පස පුද්ගලික ආරක්ෂකයන් (බොඩි ගාඩලා) ලෙස අතින් වියදම් කරගෙන යාමයි. විටෙක මෙහි පැමිණි උගත් ඇමති වරයෙක් කිව්වේ මෙවන් නිදහස් රටවල් වල ආරක්ෂකයන් අනවශ්‍ය බවත් තමාට මෙම සංචාරය තම බිරිඳ සහ දරුවන් සමග පුද්ගලිකව කරගෙන යාමට ඉඩ දෙන ලෙසය. (දිල්)