පසුගියදා රේගුව විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කන්ටේනරයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් දෙවැනි පුරවැසියා වශයෙන් හා බුද්ධ ශාසන ඇමැතිවරයා වශයෙන් ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ට ප්‍රසිද්ධ වේදිකාවේදී ‘ මොකාද චීවර ධාරියෙක්‘ යන වචනය භාවිත කරමින් කළ ද්වේෂ සහගත ප්‍රකාශය තරයේ හෙළා දකින බව ඉතාලියේ ඒකාබද්ධ සිංහල සංවිධානයේ සභාපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක ,රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණීයේ ධම්මාරාම හිමියෝ පැවසුහ.
මෙවැනි නින්දිත ,අපහාසාත්මක ප්‍රකාශක් කිරීම ජාතික අපරාධයකට අනුබල දීමක් හා මරණ දඩුවම හිමි විය යුතු අපරාධයක් බවත් ඒ හිමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ට වැරදි කරන්න බය හිතෙන්නේ නැද්ද වැරදි කරලා පාරේ බැහැලා යන්නේ කොහොමද (දී)
කුඩු දැන් ජාතික ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඉවරයි. මේක වෙනස් කරන්න නම් දේශපාලනයේ දැනට ඉන්න අය ඔක්කොම එයින් ඉවත් කල යුතුයි. බලමුකෝ මේ එන ඡන්ද වලිනුත් කව්ද ඒක කරන්නේ කියලා.(නදී)
කුඩු වලට ලොකු අයගේ අනුග්‍රහය ලැබෙනවා කියලා කොළොන්නාවේ සිද්දියේ ඉදලා ශ්‍රීලංකා වාසිනුත් ලෝකයත් දන්නවා. ඕවට කෑ ගහලා පෙළපාලි ගිහිල්ල උත්ගොෂණ කරලා,ප්‍රකාශ නිකුත් කරලා,වැඩක් නැහැ. ස්වබාව ධර්මයෙන් දඩුවම් ලැබෙයි. ඒක ස්ථිරයි, ඒක ඉතිහාසයේ සිටම සිදුවූ දෙයක්. නදී)
චීවර ධාරියෙක් සහ භික්ෂුවක් අතර පැහැදිලි වෙනසක් හඳුනාගන්න පුළුවන් අය අතර ඔය ගැටලුව නැහැ. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට වෙඩි තිබ්බේ භික්ෂුවක් කියා එදා අධිකරණය තීන්දු කලත්, මියගිය බණ්ඩාරනායක මහතා දැන හිටියා, භික්ෂුවක් එතන හිටියත් වෙඩි තිබ්බේ චීවර ධාරියෙක් කියා. ඔය ගැටලුව නිරාකරණය කරගන්න තවම බැරි වූ පක්ෂයක් එතුමාගේ නමින් අදත් බලයේ ඉන්නවා. මේක දෛවයේ සරදමක් ද ? (නදී)
අජිත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරපු දිවංගත එස්. ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට වත් තිබුනේ නැති හයියක් දැන් ඉන්න ශ්‍රී ලංකා කාරයින් ගාව තියෙන්නේ. කන්න දීපු අත හපා කන ජාතියේ මිනිස්සු ටිකක් දැන් ඒකේ ඉන්නේ.(නදී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ අග්‍රාමාත්‍ය බණඩාරනායක මැතිතුමාට වෙඩි තැබුවෙත් චීවර ධාරියෙක්. වෙඩි වැදී අසාධ්‍යව සිටි එතුමා එම අවස්තාවෙවත් ස්වාමින් වහන්සේට ඔය විධියට අපහාසාත්මකව වචනයක්වත් ප්‍රකාශ කලේ නැහැ. එම පක්ෂයේම පැරණිම සාමාජිකයාවූ අපේ අගමැතිතුමාට බණ්ඩාරනායක මැතිතුමාගේ අවසන් ප්‍රකාශයවත් මතක තිබුන නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? (නදී)
පහනක් නිවෙන්න පෙර ටිකක් වැඩිපුර පත්තුවෙනවා. හරියට මේ රටේ අගමැති කරන කතා වගේ. (නදී)
අගමැති ගැන කනගාටුයි (දී)
අනේ මෙහෙමත් අගමැතිලා (දී)
අනේ අපොයි අපේ අගමැති තුමා (දී)
ඔබතුමා වරදක් කර ඇති බව නම් දැන් පැහැදිලියි (දී)
අගමැතිගේ ප්‍රකාශය ලෝකෙම බෞධයින් හෙලා දකිනවා (දී)
මේ දවස්වල කැස්බා ප්‍රශ්නේ නිසා කුඩු කේස් එක පොඩ්ඩක් යටපත් වුණා (දිල්)
අයියෝ සල්ලි කියන්නම් වෙන මොනවා කියන්නද මම, මොකද මට එච්චරයි කරන්න පුළුවන් (දී)
ලෝකෙම විපර්යාසයක් කල ප්‍රශ්නයක් අගමැතිතුමා අකුරු හතෙන් කළා (දී)
මහත්තයෝ මේ තරම් චෝදනා එල්ල වෙද්දී එක්කෝ නීතියේ පිහිට යදින්න ඕනේ, නැතිනම් ඉල්ලා අස් වෙන්න ඕනේ (දී)
අගමැති මේ දවස් වල නිශ්ශබ්ධ මොකද දන්නෑ (දිල්)
ඉතාලි සිංහල සංවිධානයට ජයවේවා අපි කවදත් සත්‍යට නීතියට ගරු කරනවා (දී)
නන්දන පනාගොඩ ඔයා මිලානෝ කොහෙද ඉන්නේ ලැජ්ජයි ඔයාගේ කතාවට.(නදී)
ඉතාලියේ මෙහෙම සංවිධානයක් ගැන ඇහුවෙත් අදයි.(නදී)
රන්ජිත් සිල්වා කියන්න වගේ දී.මු. ජයරත්න වගේ කෙනෙක් අගමැති කමට පත් කිරීමත්, ඔහු කුඩු වලට කොහොමින් හරි ගෑවීමත් නරක දෙයක් කියල මේ ක්‍රමය තුල කාටවත් දකින්න බැහැ. යකාගේ හැටියට විමානේ නොවෙයි, විමානේ හැටියට යක්කු හැසිරෙන්නේ. (නදී)
මෙහෙම සංවිධානයක් ජීවිතේට ඈහුවමයි. මදෑයි මෙච්චර කල් ගිහිල්ලා හරි ඈහෑරුනා.(නදී)
මරණ දඬුවම, කරුණාව, මෛත්‍රිය , අනුකම්පාව, දයාව, සමාව, හරිම හොදයි (දී)
අගමැති තුමා මේ දවස් වල ග්‍රහ චාරය ටිකක් හරි නැහැ වගේ, දෙහි ටිකක් කපා ගන්න (දී)
හෙලා දැකලා වැඩක් නැහැ ක්‍රියා මාර්ගයක් ගන්න (දී)
අපි හැමෝම බුදු දහමට ගරු කරන්න ඕන රටේ පිළිගත් දෙවෙනි පුරවැසිය හැටියට මේවගේ කතා කිරීම වැරදි (දී)
අත්සන් කලේ මතකනැතුව වෙන්න ඇති (අ)
ආත්ම ගරුත්වයක් ඇති කෙනෙක් නම් ඉල්ලා අස්වෙනවා (අ)
ජනාධිපති තුමා කරන හොඳ වැඩ වලට හරි යන්න තව පිරිසක් රට කනවා (අ)
ප්‍රකාශයට වඩා දරුණු නැත්ද මේ ධර්මද්විපයට කුඩු කන්ටේනරයක් ගෙන්වීම .ඒක ගෙන්වපු කෙනාව හරියටම හොයල අන්න එයාට මරණ දඩුවම දෙන්න (දිල්)
ඉතාලියේ මෙහෙම සංවිධානයක් ගැන ඇහුවෙත් අදයි (දිල්)
ඉතාලියේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට දැනුයි මතක් වෙලා තියෙන්නේ (අ)