IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඉතාලි හාම්පුතාගේ සේප්පුව කඩයි

පසුගිය දිනක ඉතාලියේ සිසිලි දූපතේ ටවර්මීනා නගරයේ මන්දීරයක ආරක්ෂක වශයෙන් සේවය කළ හතලිස්හැවිරිදි   ශ්‍රී ලාංකිකයකු  රෝමයේ ගුවන්තොටුපො‍ළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු  අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු සේවයකළ මන්දිරයේ තිබූ සේප්පුව කැපුම්ලාම්පුවක් අධාරයෙන් කපා එහිතිබූ මුදල් සහ වටිනාදේ සොරාගෙන දොහා නගරය හරහා ලංකාවට පැනයාමට තැත්කිරීම නිසාවෙනි.

වංශවත් පවුලකට අයත්වන සේවායෝජකයා පදිංචිවී සිට ඇත්තේ රෝම නගරයේය. දුරකථනය පිළිතුරු නොදෙන්නේ මන්දැයි සොයා බැලූසේවායෝජකයාට දැනගතහැකිවූයේ තම සේප්පුවේ ඇති වටිනා දේ සමග ලාංකිකයා පැනගොස් ඇති බවය.පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව ලාංකිකයා  රෝමයේ ෆියුමිචීනෝ ගුවන්තොටේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පවසා ඇත්තේ තමා මේ දේ කළේ ලංකාවේ තමා ණය වී ඇති නිසා බවයි. තම පවුලට මරණ තර්ජන ඇති බවත් ඔහු කියා ඇත. ලාංකිකයාගේ සේවායෝජකයාට දුරකථන ඇමතුමක් දුන් ඔහු  සිද්ධිය ගැන පාපෝච්චාරනය කර ඇති අතර සියදිවි නසා ගන්නා බවට පවසා ඇතකෙසේ නමුත් ඔහු වසර තුනක්, දහයක් අතර කාලයකට බන්ධනාගාර ගතවේ යයි පොලීසිය පවසයි.



අදහස් (0)

ඉතාලි හාම්පුතාගේ සේප්පුව කඩයි

උපුල් Friday, 29 November 2013 11:01 PM

කව්රුත් ඉක්මනට පොහොසත් වෙන්න කැමතියි. ඒ හොරකම් කරලා නෙමෙයි. හොරකම් කරලා අහුවුණහම මොකද වෙන්නේ කියලත් දැනගන්න ඕනෑ. තමාගේ නමටත් රටේ නමටත් හොඳක් නෙමෙයි වෙන්නේ. දඬුවම් ලැබෙනකොටයි ඒක තේරෙන්නේ. (නි)

:       0       0

මෙවන් Thursday, 28 November 2013 01:25 PM

මීට වඩා හොඳ උණුසුම් ප්‍රවෘත්තියක්. ලැට්වියාවේ (යුරෝපා සංගමයේ අලුත්ම සාමාජිකයා) අගමැති ඉල්ලා අස්වෙලා මැක්සිමා සුපෙර් මාර්කෙට් එකේ වහල කඩා වැටිලා 56 ක් මැරිලා/දේපල හානි එක්ක. ලංකාව පාලනය කරන හොරුන්ට හොඳ අභියෝගයක්. ඒවා හොයලා දාන්න.(නදී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Thursday, 28 November 2013 08:34 PM

ණයවෙලා ඉතාලියට යන්න හදන අපේ අයට මෙවැනි ඉරණම්වලට ගොදුරු නොවී දෙවරක් සිතා යන ගමන හොද සුදානමකින් යන්න (දිල්)

:       0       0

රනිල් Thursday, 28 November 2013 01:36 PM

වෙන්නප්පුවේ (නදී)

:       0       0

චමී Thursday, 28 November 2013 01:48 PM

මෝඩ වැඩකාරයෙක්, දැන් ඉතින් ණයට පෙර කරුමය ගෙවන්නකෝ. (ස)

:       0       0

සමන් Thursday, 28 November 2013 02:11 PM

වෙන්නප්පුවේ විතරක් නෙමේ ලංකාවේ හැම තැනම කට්ටිය මේවගේ වැඩ කරනවා ඉතාලියේ. මෙහෙ කුඩු කාරයෝ වැඩි පුරම ඉන්නේ කොයි පළාත් වලද? වැඩි පුරම මෙහෙ කන්නේ කොලඹට අසන්න පළාත් වල අය සහ කොලඹ අය. වෙන්නප්පුවේ නම යනවා. (නදී) මම මොරටුවේ

:       0       0

මධූ Thursday, 28 November 2013 02:13 PM

ලංකාවේ ද ? ගිය තැන පහරලා එන්නේ ? සුලු පිරිසක් අවංකව තමන්ගේ රජකාරිය කරලා තව කෙනකුට එන්න පලුවන් වීදීහට වැඩ කරනවා !(නදී)

:       0       0

අරනෝලිස් Thursday, 28 November 2013 09:04 PM

මධු සිහිනෙන් මල් මල් මාලා.. පළදින්නේ රන් රැස් දහරා... හද කුටියේ දොරගුළු හැර ගෙන එනු පාවි. නිදි දෑසේ රග දෙන මිහිරාවී. නෙත් මානේ නැහැ මනමාළී.(නදී)

:       0       0

ජීවක Thursday, 28 November 2013 02:18 PM

වැඩ කරන තැනින් හොරකන් කොරන්නේ නැතිව දුක කියල කීයක් හරි ඉල්ලා ගන්න නේ තිබුනේ !(නදී)

:       0       0

වජිර Thursday, 28 November 2013 02:21 PM

අපේ ලංකාවේ නම කනවා. අනිත් අයටත් පිට රට රසසාවක් කරන්ඩ දෙන්නේ නැහැ මේ අය.(නදී)

:       0       0

කුමාරණ Thursday, 28 November 2013 09:19 PM

මොන සක්කිලි වැඩ කලත් ශ්‍රී ලාංකිකයෙකුට යුරෝපයේ හොරා යන නම කිබුනේ නැහැ. ඔවුන් ලාංකිකයන්ව විශ්වාස කළා. නමුත් ඉතාලිය කන මේ අය නිසා දැන් ලාංකිකයනුත් හොර ලයිස්තුවට වැටෙනවා. වෙන්නප්පුවේ බැරිනම් මොන තුත්තුකුඩුවේ උනත් කමක් නැහැ ඔය මිනිසුන්ගේ සනුහරේ කෙනකුටවත් නැවත විදේශ ගත වෙන්න බැරි විදියට දඩුවමක් දුන්නොත් හොඳයි. (නදී).

:       0       0

සේතන් මතුරට Thursday, 28 November 2013 02:23 PM

කුමාරි අනේ ඔයාගේ සයිප්‍රස් ගැන නම් කියන්න එපා.ඔහේ ඉන්නේ ශ්‍රී ලංකාවේ කෙල්ලෝ කරන දේවල් ඇහුවොත් එයාලගේ පවුලෙ අය එල්ලිලා මැරෙයි. (ස)

:       0       0

ඉන්දික - මිලානෝ Thursday, 28 November 2013 02:30 PM

කියන්න කනගාටුයි යාලුවනෙ.මිට දින කිපයකට කලින් මම අදුරන ඉතාලි ජාතික කාන්තාවක් කතා කරලා එයාගෙ යාලුවගෙ බබාලා බලා ගන්න කෙනෙක් හොයලා ඉල්ලුවා.පැය දෙකකට විතර පස්සෙ කතා කරල කිවුවා ලංකාවෙ කෙනෙක් බබාලා බලා ගත්තා.ඇති උන ප්‍රශ්න නිසා තවත් ලංකාවෙ කෙනෙක් එපා කිවුවා.එක මනුස්සයෙකුගෙ හරක් වැඩ නිසා මෙහෙ ඉන්න අහිංසක කිදෙනෙකුට රස්සාවක් හොයාගන්න අමාරුද (ස)

:       0       0

ඉම්රාන් Thursday, 28 November 2013 02:31 PM

ලංකාවේ එවුන් මොන රටකට ගියත් ඉක්මනට හම්බ කරන්න හදන අයනේ. (ස)

:       0       0

වෙදමහත්තයා Thursday, 28 November 2013 02:31 PM

දැන් දිනපතාම දකින්නේ ඉතාලියේ වැඩ කාරයන්ගේ ක්‍රියාකාරකම්. මොකද මේ ඉතාලි වල ඉන්න අපේ ලාංකිකයන්ට වෙලා තියෙන්නේ ? (ස)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Thursday, 28 November 2013 02:34 PM

මම හැමදාම කියන්නේ මේක තමා. ඉතාලියේ බහුතරය නුගත් හොරු. ලංකාවේ බුලත් විකුනපු මාළු විකුනපු අල්ලපු උන් ටික තමා මේවා කරන්නේ. මම පළාත සඳහන් කරන්නේ නේ .. කවුරුත් දන්නා නිසා (ස)

:       0       0

රොෂාන් ජයමාන්න Thursday, 28 November 2013 02:51 PM

මේවා දැක්කම පාරෙ බැහැල යන්න හිතෙන්නේ නෑ. පිටරටවල ඉන්න ලංකාවේ මිනිස්සු අපේ රටෙ නම ආරක්ෂා කරන්න ඕනා. තමන් කරන කියන දේ නිසා රටේ මෙන්ම තමන්ගේ ද නම්බුව ආරක්ෂා වෙන්නේ.මේ සියල්ලටම මුල් වෙන්නේ මුදල්. එම නිසා මුදල් ගනුදෙනුවල දී අපි නිතරම විශ්වාසය තහවුරු වන ලෙස වැඩ කටයුතු කිරීමෙන් ප්‍රශ්න අවම කරගත හැකි වේ. මම නම් මුදල් ගනුදෙනුවේ දි සම්පූර්ණ විනිවිද භාවය තහවුරු වෙන ලෙසයි ගනුදෙනුව කරනු ලබන්නේ. මිලානෝ නගරයේ සමාජ සේවකයෙකු ලෙස මා නිතරම ගනුදෙනු ඒ අවස්ථාවේම ඉවර කර දැමීම නිසා සමාජිය ප්‍රශ්න අවම කරගෙන ඇත.විශේෂයෙන්ම ස්වීස්ටර්ලන්ත උද්ඝෝෂනවලට සංවිධානය කිරිම ගැන මුලු ඉතාලියම දන්නවා මා මුදල් පාලනය කල ආකාරය. (ස)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 28 November 2013 09:47 PM

හේෂාන් මානවඩු ඉතාලිය කතාව සහතික ඇත්ත. (නදී)

:       0       0

කුසුම් Thursday, 28 November 2013 03:30 PM

මේවා දැන් අමුතුවෙන් අහන්න තියන පුවත් නෙමේ, ලංකාවේ නම් ඉතින් හොරෙක්ම තමා, කාපු පතේ පහරන අය තමයි වැඩිපුරම ඉන්නේ. මතකනේ පිටරටවලින් සුනාමියට ආධාර කියල ලංකාවට එවූ මුදල් හොරා කාපු හැටි. ඒ විතරක්ද? තමන්ගේම ජාතික උරුමය රඳවා තිබෙන කෞතුකාගාරයත් කොල්ල කාපු ජාතියක් නේ.ලොව කොහේ හිටියත් හොරා හොරාම තමයි. රටක ජාතියකට ගිය කල? හරියට මහපාරේදී බල්ලෙක් තව බල්ලෙකුව මුන ගැසුණා වගේ! රවනව, බුරනවා, ගොරෝනවා. කතාවේදී නම්, ඔක්කොම පින්වත්තු, සැදැහැවත්තු. (නදී)

:       0       0

අරනෝලිස් Thursday, 28 November 2013 03:36 PM

මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරා විය වෙතටයි. ඔබ සිහිකර කර ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි..... (ස)

:       0       0

තබුක් සිල්වා Thursday, 28 November 2013 03:40 PM

ජීවක වෙන්න ඕන දේ වෙලා ඉවරයි. නිකම් ලකුණු දාගන්න බණ නොකියා ඉන්න. (ස)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 28 November 2013 10:28 PM

ඉහත රොෂාන් ජයමාන්න මහතාගේ අදහස හොඳින් කියවන්න. (නි)

:       0       0

ඩබ්. ජගත් ප්‍රනාන්දු Thursday, 28 November 2013 03:51 PM

මේ අදහස් දාන අය මොකද ඔය තරම් වෙන්නප්පුවෙ අය එක්ක තරහ. ලංකාවෙ කිව්වම වෙන්නප්පුවෙ අය විතරද ඉතාලියේ ඉන්නෙ. (ස)

:       0       0

කුසුම් Thursday, 28 November 2013 04:13 PM

හේෂාන් මානවඩු ඉතාලිය, ඔබෙගේ රැකියාවත් අර කියපු වර්ගයේම බව පැහැදිලියි. ඉතාලියට පසු කාලයේ බෝට්ටු වලින් ගොඩ බැස්සේ ලංකාවේ කුමන පළාතක අයද කියල අපි නම් දන්නවා. ඒ අය ලංකාවේ ජිවත් උන පළාත අනුව ඉතාලිය දුටුවම ඔරොත්තු දෙන්න නැතිව ඇති. මුලින්ම ඉතාලියට ගිය මිනිසුන් ජිවත් වෙන ප්‍රදේශ විතරක් නොවේ මිනිසුන්ගේ ආකල්පත් සංවර්ධනය වී ඇති බවයි අපට නම් වැටහෙන්නේ. සමහර නුගත්තු දැන් ඉතාලියේ හූනියම් සහ ගුරුකණුත් කරනවා කියලයි අපට නම් දැන ගන්න තිබෙන්නේ. ජන්මෙන් ගෙන දේවල් අත්හරින්න බැහැනේ ලෝකේ කොහෙට ගියත්.අනේ! ඉතාලිය වගේ සුන්දර රටකට ගිය කලක්!! (ස)

:       0       0

තරිඳු Thursday, 28 November 2013 04:44 PM

කට්ටිය අදහස් දාලා තියෙන්නේ ලංකාවේ නෙමේ වගේ. (ස)

:       0       0

කුමාර-රෝමය Thursday, 28 November 2013 05:25 PM

මේ අය සිංහල ජාතියේම නම කැත කරන අතර තවත් පිරිසක් මෙහෙ ඉදගෙන බුස්ධාගම නැති කරනවා. අනේ අපේ රට.(නදී)

:       0       0

කුමාරි Thursday, 28 November 2013 05:31 PM

සේතන් මතුරට, මෙහෙ කෙල්ලෝ විතරක් නෙමේ ගැහැණු වගේම පිරිමිත් කරන අවලම් වැඩ නිසා අවුරුදු 2කට කලින් වගේ එක්දරු පියෙක් එල්ලිලා මරුනා.(නදී)

:       0       0

රූපවතී Friday, 29 November 2013 01:34 AM

කවදා හැදෙයිද මන්දා ..? නුගත්කම තමයි මේ සියල්ලටම මුල. උගත් මිනිසා නිතර අගයන්නේ තම දහදිය වගුරලා උපයන රුපියල සහ තම දරු පව්ලේ හෙට දවසයි.එවන් මිනිසුන්ට ලස්සන අනාගතයක් ලැබෙනවා, දේවාශිර්වාදය සමගින් ...!!!! (නි)

:       0       0

අමිල ඩුබායි Thursday, 28 November 2013 06:23 PM

ඔහොම ගියොත් ලංකාවේ අයට විස දෙන එකත් නවතී...ජොබ් හොයා ගන්න එකත් ලෙහෙසි වෙන්නේ නැහැ....කීප දෙනෙක් ඉක්මනටම පොහොසත් වෙන්න යන නිසා. අයියෝ...යුරෝ...(දිල්)

:       0       0

උපාලි Friday, 29 November 2013 03:02 AM

අහෝ දෙව්දත් නොදිටි මොක්පුර! (නි)

:       0       0

මධු Thursday, 28 November 2013 06:41 PM

ඔන්න අපේ තවත් වීර ක්‍රියාවක් (නි)

:       0       0

නෙත් Friday, 29 November 2013 03:58 AM

ලංකාවත් කාලා ඉතාලියත් කනවා. (නි)

:       0       0

සමන් Friday, 29 November 2013 04:16 AM

දැන් ආර්ථික අර්බුදය දියුණුයි කියන රටවල් වලටත් දැනිලා.විදේශිකයන්ටත් දැන් මේ රටවල කිසිම ස්ථිර බවක් නැහැ.ධනපති ක්‍රමයම දැන් අර්බුදයකට ගිහින්.මේ අර්බුදයට විසදුමක් ගැන හොයන්න උත්සාහ කරන්නේ නැත්තේ මොකද? (නි)

:       0       0

වෙන්නප්පුව Friday, 29 November 2013 04:22 AM

සමහරු වෙන්නප්පුවට හරියට ඊර්ෂ්‍යා කරනවා නේද?වෙන්නප්පුවේ ඉන්නේ නියම මිනිස්සු.අනිත් පළාත් වල වගේ නෙමෙයි.හොදට කාලා බීලා සතුටින් ඉන්න මිනිස්සු (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 28 November 2013 12:45 PM

මුන් ගම කනවා!! (ස)

:       0       0

සේතන් මතුරට Thursday, 28 November 2013 07:38 PM

මේ කුමාරි කියල මට පිළිතුරු දුනේ අරයගේ නෝනද? (නදී)

:       0       0

කුමාරි Thursday, 28 November 2013 12:46 PM

ඔය වගේම සිදුවීමක් සයිප්‍රස් වලත් වුනා.ලංකාවේ කෙල්ල ගෙදර අය රට ගිය වෙලාවේ එයාගේ ලංකාවේ කොල්ල එක්ක එකතු වෙලා සේප්පුව කඩලා.කොල්ල බඩු බාගයක් අරන් පැන්න ලංකාවට.කෙල්ල පනින්න කලින් පොලිසියට අහුවුනා.දැන් මෙහෙ හිරේ.අපොයි මගේ ලංකා මැනිගේ නම. (ස)

:       0       0

මෙන්ඩිස් Thursday, 28 November 2013 12:54 PM

කපටි ආරක්ෂකයා. (ස)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 28 November 2013 01:00 PM

අපේ කට්ටියට කොහේ ගියත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 851 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 759 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 159 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1029 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1222 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site