ඉතාලියේ සුන්දර වැනීසියට යාබද මෙස්ත්‍රේ නගරයේ වේර්දි මාවත හා ඒ අවට තරුණ තරුණියන්හට මත්ද්‍රව්‍ය විකිණු බව කියන ශ්‍රී ලාංකිකයෙකුවන ශ්‍රී ලාංකිකයෙක් (49) මෙස්ත්‍රේ පොලීසියේ මත්ද්‍රව්‍යනාශක අංශයමගින් අත්අඩංගුවට ගනු ලැබීය. වේර්දිමාවත හා ඒඅවට යම්දෙයක් තරුණ තරුණියන්ට විකුණනු දුටු ඉතාලි ජාතිකයෝ මොහුගැන පොලීසියට දැනුම් දුන්හ.
පොලීසිය මොහුගේ පදිංචි නිවස සෝදිසිකරඇත. තවත් ලාංකිකයකු සමග කුඩා නිවසක් බෙදාගෙන ජීවත්වුමොහු බවත් , එහි තිබී හෂීෂ් ග්‍රෑම් 700ක්,පැකට්කිරීමට යොදාගන්නා තරාදියක් , යූරෝ නෝට්ටු සියයක් ද ඔහුගේ හඳුනාගැනීමේ බලපත්‍රයද හමුවී ඇත.
ඉන්පසු ඔහු පැමිණෙන තුරු රැක සිටි පොලීසියට නිවසට එද්දි විටදී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත. එවිටද මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගීත සංදර්ශනයක් මගින් පිළිකා රෝහලට මුදල් එකතු කළා නේද? ඒවා යවලාද? (නි)
ලාල් ගලබඩ අයියා ඔය කියන්නේ අර වෙන්නප්පුවේ තරුණ සමිතිය කරපු එකනේ. අනේ මන්දා...සෑහෙන්න කට්ටිය සහභාගි වුණා. (ස)
ලේක්කෝ ගලබඩ, මට ආරංචි උනා එකතු කරපු මුදල් වලින් කොටසක් ගසා කාල ඒකට රණ්ඩුවක් වෙලා කට්ටිය එක එකා ඇණ කොටා ගන්නවා කියලා. (ස)
පිටිගල මහතා කියන පරිදි, මෙම පුවත් පතේම දැන්වීමකුත් පල කර, ලංකාවේ පිළිකා රෝහලකට මුදල් යවන්න ඉතාලියේ පදිංචි ලංකාවේ එක්තරා නගරයක තරුණ කැලක් සංවිධානයවී, සංගීත සංදර්ශනයක් පවත්වා මුදල් එකතු කලා. එයට දායක වූ විශාල පිරිසක් එම මුදල් යැව්වාද, එනම් කවදාද? කොපමණද යන්න දැන ගන්න කැමැත්තෙන් සිටිනවා. ස්තුතියි! (ස)
අයියෝ මේ වගේ පිස්සු ප්‍රතිචාර. මාළු අල්ලන එකේ වැරැද්ද මොකක්ද? ඒකත් හොද රැකියාවක්. මාලු කාරයෝ කියලා මිනිස්සු කියන්නේ නිකන් ඉන්න අයට. ඔව කුඩු කාරයෝ තමයි කුඩු වික්නන්නෙත්. අනුන්ට ඇගිල්ල දිගු කරන්න කලින් හිතන්න තමන්ගේ පැත්තගෙිලි දහයක් දික්වෙන බව.(නදී)
සජිනි මදුෂානි , මේ ප්‍රතිශතය සියයට 75 කරමුද ? (නි)
වැඩිහරියක් ගිහිල්ලා ඉන්නේ කුඩුකාරයෝ සහ මාලුකාරයෝනේ බලනකොට (නි)
මේ කුඩුකාරයා අපේ නන්දනගේ යාලුවෙක් කියලා කියන්නේ අැත්තද? (නි)
95% සංගණනය කරපු කෙනා කොයිතරම් දුරට අධ්‍යාපනය ලබලද කියලා දැනගන්න පුලුවන්ද? (නි)
ඉතාලියෙ ගොඩක් අය පාට් ටයිම් කරන්නේ.පැයට යුරෝ 6 සිට 12 දක්වා... රැකියා විකුණනවා, පොලියට දෙනවා, සීට්ටු දානවා, පොලු තියලා පනිනවා, හොරබඩු අරන් ලංකාවට දානවා, කුලියට අරගත් ගෙයත් පැමිලි වීසා එකක් හදා ගන්න පිටඅයට විකුණනවා..කිසිම මනුස්සකමක් නැහැ.හැමෝම නෙමෙයි.මේවා කරන අය තමන්ට තොප්පිය හරි නම් දාගන්න. (නි)
නන්දන පනාගොඩ මිලානෝ, මමත් ඉන්නෙ වෙනිස් වල. මමත් වෙන්නප්පුවෙ තමා.... ඔයාලගෙ හැමදේටම වෙන්නප්පුව ගාවාගන්න හින්දා මම මතක් කරලා හොයලා බලලා ඉක්මනින් කියන්නම් පණිවිඩේ.. (නි)
මට නම් දැන් මම ඉන්නේ ඉතාලියේ කියලා කියන්නත් ලැජ්ජයි (නි)
ක්‍රිස්, මොකාටද එන්න හදන්නේ? ශෙන්ගන් වීසා අනුව යුරෝපයේ ඕනෑම රටකට යන්න,එන්න පුළුවනි,ඔබ දැක්කද ෂේන් ගගේ මාළු බානවා. (නි)
ස්වයං රැකියාවට පුරුදු වුන අය ඔහොම තමයි. ඉතාලියේදිවත් කවුරුවත් යටතේ වැඩ කරන්න කැමති නැහැ. (ස)
මේ කුඩුකාරයා වෙන්නප්පුවේ කෙනෙක්ද? (නි)
ප්‍රංශයේත් ඉන්නේ වැඩි හරියක් මාළුකාරයෝ තමයි දුවේ (නි)
ඒ අස්සේ සෙන්තිල් බොර දියේ මාලු බාන්න හදනවා මෙන්න. (නි)
අනේ සජිනි මධුෂානි,ඔයා ඔය නුගත් මාලුකාරයන් ගැන හිතලා නිකන් දුක්වෙන්න එපා,මම ඉන්නවා ඔයාට (නි)
හැකියාවක් තිබේ නම් මොහුගේ නම පළකරන්න. ලංකාදීප පුවත්පතින් දැනුවත් කිරීම ඉතාම අගය කරනවා. ඉතාලි රජයට ශ්‍රී ලංකා නාමය හොඳ ප්‍රසිද්ධියක් ඇති මේ වගේ අය නිසා (නි).
ඇත්තම කතා කළොත් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 95 ක් පමණම නුගත් කිසිම හැකියාවක් නොමැති කම්කරු ධීවරයන්ය. හැසිරිම ඉතා පහළය. කතා කිරීමත් එසේමය. පිටිගල මිලානෝ සහ තවත් කිහිප දෙනෙකු පරිගණකය හසුරුවන්නට ඉගෙන ගත්තාට, එයත් මඩ ගැසීමටම පාවිච්චි කිරීම දුකකි (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක්. ඉතාලියෙන් සැමදා අසන්නට ලැබෙන ඉතාලියේ තවත් වැඩක්. මම හිතන්නේ පිටිගල මිලානොගේ අර ලේක්කෝ ගලබඩ සහ ඉතාලි ලංකා මාෆියන්ගේ යහළුවෙක් වෙන්නට ඕනෑ. (නි)
මිලානෝ නගරයේ පිටිගලගේ අදහස කුමක්ද මේ ගැන. (නි)
අසුචි කෑවා නම් ඊටත් වැඩිය නම්බුයි මහත්තයෝ. ලංකාවේ ඉන්න කුඩුකාරයන්ටත් එක්කයි කියන්නේ (නි)
වෙන කරන්න දෙයක් ඇත්තටම නැද්ද...? හිගා කෑවා නම් මීට වඩා නම්බූයි...!! (ස)
ඉතාලියේ සහ ලංකාවේ ඇති සමානත්වය නම් රටට මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන මාෆියා කාරයෝ නිදැල්ලේ සිටීමයි. (ස)