ඉතාලියේ ජිවත්වන ලාංකිකයන්ගේ දෙවැනි පරපුරෙන් සැදුම්ලත් ලෝටස් සමාජය විසින් ප්‍රථමවතාවට පැවැත්වූ ‘මිස් ශ්‍රීලංකා ඉන් ඉතලී‘ රූ රුජින තේරිමේ මිලානෝ මල්පෙන්සා ෂැරටන් හෝටලයේදී පැවැත්විණි.
ඉතාලි සහ ලාංකික විශාල පිරිසක් ඉදිරිපිට පැවැත්වූ මෙම තරඟයේ සංවිධායක මණ්ඩලය විසින් කලින් තෝරාගන්නා ලද තරඟකාරියන් දාහතර දෙනෛකු අතරින් ප්‍රථම ,දෙවන හා තෙවැනි ස්ථාන පිළිවෙලින් දිනාගනු ලැබුවේ රෝම නගරයෙන් පැමිණි දුලාන්ජි පිටර්සන්, ලූකා නගරයෙන් පැමිණි තේනගේ නිමේෂි පියෝනා හා මිලානෝ නගරයේ සජනා දිසානායක යන තරුණියන් විසිනි.
ව්‍යාපාරික ප්‍රජාවකගේ අනුග්‍රහයෙන් පැවති මෙම වැඩසටහනේ නැටුම් හා කලා නිර්මාණ අධීක්ෂණය කළේ ප්‍රවීන නර්ථන ශිල්පී චන්න විජේවර්ධන මහතා යි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූ රැජින තරගවලදී කොන්ඩේ බැදලා හෝ ගොතාගන ඉදිරිපත් වෙන්න පුලුවන්ද? මොකද හවරි තියලා කොන්ඩේ බැඳගෙන ඉන්න පුලුවන්නේ.(නදී)
ලස්සනයි හොද වැඩක්.(නදී)
මෙය සංවිධානය කලේ පුද්ගලිකව යුරෝ හම්බකරන්නද නැත්නම් ලංකාවේ නැති බැරි ළමුන්ට අත හිත දෙන පුණ්‍ය කටයුත්තකට ආධාර රැස් කරන්නද? (නදී)
පිටිගල මහතාණනි, මේ තරඟයේ ඇතුල් පැත්ත පිලිබඳව පොඩි සමාලෝචනයක් කරන්නකෝ. අපි දන්නවා ඔබ තිත්ත ඇත්ත කතා කරන කෙනෙක් කියලා.(නදී)
කීයක් හරි හම්බකර ගැනීම පසෙකලා මෙය ලංකාවේ නැති බැරි ළමයින්ට උදව් කිරීමට ආධාර එකතු කිරීමට පැවැත් වුවා නම් මීට වඩා සාර්ථක වෙන්න ඉඩ තිබුනා.(නදී)
පිටිගලගේ අදහස් නැතුව මේ ප්‍රවෘත්තිය 'පත්තු වෙලා'යන්නේ නැහැ නේද? නිකං බිංදුවට ඕල් අවුට් වුන ක්‍රිකට් මැච් එකක් වගේ.(නදී)
අපේ සුභ පැතුම් ! (නදී)
පිටිගල මහතාට මෙයට සහභාගි වන්නට ලැබුණේ නෑ(දිල්)
නන්දන පනාගොඩ-මිලානෝ කියන්නේ ලංකාවේ කෙල්ලො ලස්සනයි කියලාද? (නදී)
ලෝකෙන්ම ලස්සන ඉතාලි කෙල්ලෝ වගේම ඉතාලියේ ඉන්න ලංකාවේ කෙල්ලොත් හරිම ලස්සනයි. (නදී)
මෙක හොරෙන් කරපු තරගක් මිට වඞා ලස්සන කෙලලො ඉතාලියේ ඉන්නවා (අ)
මට කේමා දේවියගේ කතාව මතක් උනා. රුපයේ අස්ථිර බව මෙනෙහි කරන්න හොද අවස්තාවක් .(අ)
දුලංජි දිනන බව අපි අනීවාර්යයෙන්ම දන්නවා. ඔබට අපෙන් උණුසුම් සුබපැතුම් .ඒ වගේම වාසනාවන්ත හෙට දවසක්.(නදී)
මේක කිසිම පලක් නැති වැඩක්.(නදී)
මෙතරම් ලස්සන කෙල්ලන් අප රට තුල ඉන්න බව දැක ගැන්මට ලැබීම අප රටට ගෞරවයක්, ආඩම්බරයක්. අපේ ලස්සන සුරූපිනියන්ට ජයෙන් ජය.(නදී)
අසාදාරන විනිශ්චයන් බොහෝ දැක ගන්නට ලැබුනා. ඒ වගේම කොටසකට පමණක් විශේෂ සැලකිලි සංවිදායක කමිටුවෙන් ලබා දුන් බව මනාව පැහැදිලි වුනා. ඉදිරියේදී ද මෙවැනි කටයුතු සංවිධානය කිරීමේදී විදිමත් ලෙස කටයුතු සැලසුම් කරන්නේ නම් මැනවි.(නදී)
නියමයි! (නදී)
මිස් ශ්‍රි ලංකා නම ගාගෙන කොහෙවත් ඉන්න අය ඇවිත් නැටුවා අන්තිමට තරඟෙට ඉදිරිපත් වුනු අයගෙ හැකියාවන් පෙන්වන්න වෙලා නෑ කිවුවා මේවත් තරඟද......? (අ)
සමහර වැඩ කිඩ තියෙන්නේ ඔය ලොකු ලොකු නගර වල. මේ නාපොලි වලත් ඉන්නවා ගොඩක් ලස්සන කෙල්ලො. කොහෙද ඔය වගේ තරග තියනවා කියලා දන්නේ පින්තූරු පත්තර වල දාද්දිනේ.(නදී)
හැමෝම හැඩයි. (නදී)
අපි එහෙම තරගයක් දන්නේ නැහැ නේද? දන්නවා නම් යන්න තිබ්බා බලන්න.(නදී)
ඔබ සැමටම සුභ පැතුම් (දිල්)
ලස්සනයි(දිල්)
සොඳුරුයි නුඹලා සියල්ලම. ලක්මෑනියන්ටත් ආඩම්බරයි වගේ.(නදී);
ලස්සන වැඩසටහනක්. ඊලගට තියෙනකොට අපටත් කියන්න බලන්න එන්න...(නදී)
කෝ අපේ පිටිගල විද්වතාණනි, මේ ගැන අදහස් දක්වන්න? (නදී)
ලංකාවට ලොකු ආඩම්බරයක්. අනාගතයට මගේ සුභ පැතුම්! (නදී)
ලස්සනයුවයතියන් තිදෙනෙක් ඔබලාගේ අනාගතය ඉතාම සුන්දර එකක් වේවා (දිල්)
අපේ රටට දියමන්තියක් බලදාරින්ගේ ඇස් ඇරේවා! (නදී)
මෙයට සියලු මුල්‍ය උපකාර සහ ආධාර දුන් ලකී සෙවන් සුනිල් අයියාට සුබ පතමි.(නදී)
පිටිගල මහත්තයා මේ විච්චූර්ණ අනුමත කරන නිසාද කට පියන් ඉන්නේ? (නදී)
ඇත්තටම ගොඩක් ආඩමිබරයි.(නදී)
හැමෝම ලස්සනයි. හොඳ ලස්සනට ඇදලා ඉන්නවා.(නදී)
හැම දෙනාම ලස්සනයි. සුභ පැතුම්!(දිල්)
ලස්සනයි සුභ පැතුම් (දිල්)