ඉතාලියේ අගනුවර වන රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නව තානාපති වශයෙන් වෘත්තියවේදියෙකු පත්කර එවන මෙන් ඉතාලියේ පදිංචි ශ්‍රී ලංකිකයෝ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති. වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරු ලබාගැනීම සඳහා හදිසියේ කරළියට පැමිණි පිරිසක් වෙර දරමින් සිටින බැවින් ඔවුහු මෙම ඉල්ලීම කරති.
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලට රිංගා ගැනීමට උත්සාහ කරන අයගේ අරමුණ වී ඇත්තේ තම ජාවාරම් කරගෙන යාමට බවත්, මුදල් පලහිලව්වක් නිසා එංගලන්තයේදී අසාදු ලේඛනගතවූ තැනැත්තියක් තමාට නැති සුදුසුකම් මවා පාමින් තනාපති කාර්යාලයේ ඉහළ තනතුරකට ඇස ගසාගෙන සිටින බවත් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කියති.
තානාපතිවරයෙකුගෙන් සිදුවියයුතු සේවාවන් ගැන හාංකවිසියක වැටහීමක් නැති මෙම පිරිසේ අරමුණ මුදල් යටි මඩි ගසා ගැනීම බවත් ඔව්හු කියති. යුද්ධය පැවැති සමයේදී ශ්‍රී ලාංකික රණවිරුවන් වෙනුවෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකිකයන් සද්භාවයෙන් එකතුකර දුන් යුරෝ ලක්ෂ ගණනක මුදලක් තානාපති කාර්යාලයේ සිටි අයකු යටිමඩි ගසාගත් අකාරය තමන්ට අමතක නැති බවත් ඔව්හු කියති.
එබැවින් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවගේ යහපත උදෙසා කටයුතු කළහැකි වෘත්තීයවේදියෙකු ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පත්කර එවන ලෙස ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඉල්ලා සිටිති.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වෘත්තීයවේදියකු ඉල්ලති
බද්රානි Thursday, 24 September 2020 06:51 AM
ඉතාලියේ ඉන්න ලංකාවේ මෝඩයින්ගේ සල්ලි ගසා කන්නම තමයි ඕනෑ. ඉතාලියෙන් කාලා බඩ පුරෝගෙන ලංකාවේ දේශපාලකයින්ට ආවඩන පුහු දේශප්‍රේමියෝ. මේ කතාව ලෝකයේ අනෙකුත් විදේශ රටවල සුද්දන්ට හා මුස්ලිම් වරුන්ට බැලමෙහෙවරකම් කරමින් ජීවත් වෙන දේශප්‍රේමීන්ටත් අදාලයි.
S. JU Thursday, 24 September 2020 11:53 AM
ළිං මැඩි චින්තනයෙන්, මිදී ලෝකය දිහා බලන්න පුරුදු වෙනවා හලෝ... සුද්දන්ගේ රටවල් වල සමහර සුද්දෝත්, ලාංකිකයන් යටතේ වැඩ කරන බව ඔහේ දන්නවද? කොහෙද ඉතින් පිටරකට යන්න එපායැ දැනගන්න...
බද්රානිThursday, 24 September 2020 01:30 PM
අනේ නිකන් යන්න... මෙතන බොරු පම්පෝරි ගහන්නේ නැතිව. සියයට දශම ගණනක් වන පුහු දේශප්‍රේමීන් නොවන වැදගත් ශ්‍රී ලාංකිකයින් සුළු පිරිස ගැන අපි හොඳට දන්නවා. මම මෙතන ලිව්වේ පිටරටවල ජීවත් වෙන බහුතරයක් ඔහෙලා වගේ නුගත් ළිං මැඩියෝ ගැනම තමයි. "අපි වෙනුවෙන් අපි" කියලා හිතාගෙන තමන්ගේ සල්ලි අනුන්ට පූජාකළ මෝඩයෝ ගැන අපි නොදන්නවා නොවෙයි. එහෙ බලන්නේ ලංකාවේ ටෙලි ඩ්‍රාමා අහන්නේ නුසුදුසු දේශපාලන සංවාද. ලංකාවට ඇවිත් සුද්දෝ වෙන්න දඟලනවා . අනේ අපි නොදන්නවැයි..
Prabha Thursday, 24 September 2020 01:52 PM
සමහර රට යන්න බැරි වුණු වේදනාව පිටකරගන්න ඔයවගේ දේවල් කියනවා. මට ඔබේ වේදනාව තේරෙනවා බද්‍රානි.. දුකයි.. ඒත් මොනවා කරන්නද?
S. JUThursday, 24 September 2020 04:02 PM
ලංකාවට ඇවිත් සුද්දෝ වෙන්න දඟලන, අයත් ඇති. ඒ වුණාට ඔබ කීව එක දෙයක් ගැන එකඟ නොවී බැහැ.. ලංකාවේ බාල ටෙලි ඩ්‍රාමා බැලීම සහ නුසුදුසු දේශපාලන සංවාද බලමින්, රාත්‍රියට තම්න්ට ඇති තරමට බෙදාහදා ගන්නා එක... රට යන්න බැරිවුණාට දුක් නොවන්නේ, ලබන ආත්මයේ හෝ යන්න ලබේවා.! කියා පැතුම් පතන්නේ...