IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඉතාලියේදී නිරූපිකාවක් දිහා වැරදි කෝණයෙන් බලන්නේ නැහැ

2016-12-13-ent-69

මෙවර 'සාරවිට' තරු කතාබහට අපි සම්බන්ධ කරගනු ලබන්නේ නව පරපුරේ යොවුන් මෝස්තර නිරූපිකාවක වන ටීනා ප්‍රනාන්දුය. මීට වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට ක්ෂේත්‍රය තුළ නමක් දිනාගැනීමට සමත්ව තිබේ. දැනට ඉතාලියේ පදිංචිව එහි නිරූපිකාවක ලෙස කටයුතු කරන ටීනා සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව මෙලෙස අපි සමගින් අදහස් දැක්වූයෙමු.

 

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට එන්නේ?

2016-12-13-ent-77මීට අවුරුදු දෙකකට කලින්. ඒ කියන්නේ 2014 අවුරුද්දේ. ඡායාරූප වලට පෙනී ඉඳලා තමයි නිරූපණයට යොමු වුණේ.

 

නිරූපිකාවකට අමතරව?

ගීත රූප රචනා කිහිපයකටම දායක වෙලා තියෙනවා දැනට. ප්‍රවිණ ගායන ශිල්පී විජය බණ්ඩාර වැලිතුඩුවගේ ගීතයකට පෙනී හිටියා. ඒ වගේම දැනට ඉතාලියේ ඉන්න ගායන ශිල්පීන් දෙදෙනෙකුගේ ගීත රූප රචනාවලට පෙනී ඉඳලා තියෙනවා.

 

නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි?

ඇත්තටම කිව්වොත් මම වෘත්තිමය වශයෙන් නොවෙයි නිරූපණයේ යෙදෙන්නේ. පුංචි කාලේ ඉඳලා තිබුණ ආසාව නිසා තමයි මම විනෝදයට නිරූපණ වැඩවලට සම්බන්ධ වුණේ.

 

පාසල් යන කාලේ කලාව පැත්තට තිබුණ කැමැත්ත මොන වගේද?

පොඩි කාලෙත් කලාවට ගොඩක් ආස කළා. ගොඩක්ම කළේ නර්තනය.

 

නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න කැමැත්තක් තිබුණේ නැද්ද?

ඒ පැත්තෙන් ඉදිරියට යන්න ගොඩක් උවමනාව තිබුණා. ඒත්, රටවල් දෙකක ඉන්න නිසා ඒක කරන්න ටිකක් අමාරු වුණා. මොකද ඉතාලියේදී ලංකාවේ වගේ නෙමෙයි නර්තනය ගැන ඉගෙන ගන්න විදිහ වෙනස්. ඒ නිසා නර්තනය ගැන තිබුණ ආසාව එහෙම්මම අත්හැරුණා.

 

ලංකාව අත්හැරලා ඉතාලියට ආවේ?

මම උපන් රට ඉතාලිය. මගේ පවුලේ හැමෝම ඉන්නේ ඉතාලියේ. ඒ නිසා තමයි මම ඉතාලියට ආවේ පදංචියට. ඒත්, හදවතින් මම ඉන්නේ ලංකාවේ.

 

ඉතාලියේ කොහොමද නිරූපිකාවකට තියෙන පිළිගැනීම?

ඇත්තටම, ගොඩක් හොඳයි. වැඩක් කළාහම දකින ඕනෑම කෙනෙක් දුරකථනයෙන් අමතලා නැත්නම් හමුවෙලා ඒ කරපු වැඩේ අගයනවා. ඒත්, ලංකාවේ නිරූපිකාවක් දිහා බලන්නේ වැරදි කෝණයකින්. නමුත්, මෙහෙ එහෙම තත්ත්වයක් නැහැ.

 

ඉතාලියේ ඉඳලා ලංකාවේ වැඩවලට දායක වෙන්නේ කොහොමද?

ලංකාවේ වැඩ මෙහෙත් සිදුවෙනවා. ගොඩක් අය ගීත රූප රචනා විදෙස් රටවල තමයි දැන් රූපගත කරන්නේ. ලංකාවේ කරන වැඩකට කියලාම ඒ වෙනුවෙන් ලංකාවට ඇවිල්ලා නැහැ. ඉතාලියේදී තමයි මම නිරූපණ වැඩ කරන්නේ.

 

ලංකාවේ වගේ නෙමෙයි ඉතාලියේදී. විලාසිතා වල ලොකු වෙනසක් තියෙනවා නේද?

ගෑනු ළමයෙකුට ගැලපෙන විදිහට මම ඒ දේවල් තෝරගන්නවා. මොකද මොන රැකියාව කළත් මම මගේ රටේ සංස්කෘතියට පිටින් යන්නේ නැහැ.

 

විදෙස් රටවල නම් බිකිණි වගේ විලාසිතා දැක්මවල් තියෙනවා. ඔබේ සීමාවන් නිසා එවැනි දේවල් හරහා ඉදිරියට යන්න බැහැ කියලා හිතෙන්නේ නැද්ද?

නිරූපිකාවක් කියලා ඒ දේවල් වලම යෙදෙන්න ඕනා කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒ දේට මම අකමැති නම් මට පුළුවන් මනාලියක් ලෙස ඒ විලාසිතා වලට යොමුවෙන්න. මොන අංශයකින් හරි නිරූපණය යෙදෙනවා නම් එයයි නිරූපණය කියන්නේ.

 

උදවු කළ අය කවුද?

මගේ පවුලේ අය තමයි මට ගොඩක් උදවු කරන්නේ. විශේෂයෙන්ම මගේ අක්කා හර්ෂි සහ මගේ පෙම්වතා. ඊට පස්සේ මතක් කරන්න ඕනා හිමේෂ්. එයා තමයි මාව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කළ කෙනා. අවසාන වශයෙන් දැනට මන් වැඩ කරන ආයතනයේ ප්‍රධානියා වශයෙන් කටයුතුකරන ඉරේෂ් අයියා හා %චිතු^ ක්‍රියේෂන් ආයතනයේ සියලුදෙනා.

 

බුද්ධික සේනාධීර

 

2016-12-13-ent-76
2016-12-13-ent-75
2016-12-13-ent-74
2016-12-13-ent-72
2016-12-13-ent-70



අදහස් (0)

ඉතාලියේදී නිරූපිකාවක් දිහා වැරදි කෝණයෙන් බලන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 233 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 395 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 249 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 203 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 657 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 134 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site