මහ නුවර රෝහලේ ඉදිවෙමින් පවතින පිළිකා වාට්ටු සංකිර්ණයට ආධාර පිණිස පසුගියදා ඉතාලියේ වෙරෝනා නුවර පැවති සංගිත ප්‍රශංගයෙන් ලැබු ආදායම එහි සංවිධායකයින් විසින් පිලිකා වාට්ටු සංකිර්ණය ගොඩනෑගිමේ පදනම වෙත බාර දුන් බව සංවිධායකයෝ කියති.
ඒම සංගිත ප්‍රසංගය සංවිධානය කළ වෙරෝනා වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ විශේෂ නියෝජිතයින් දෙදෙනෙක් මහනුවර ගොස් පිළිකා වාට්ටු සංකිර්ණය ගොඩනැගීමේ පදනමේ සභාපති මොහාන් සමරකෝන් හා ලේකම් වයිද්ය සුසිල් සිරිවර්ධන යන මහත්වරුන්ට රුපියල් දසලක්ෂයක් ප්‍රධානය කළහ.
වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියනුයේ යුරෝ 2800ක් පමණ මුදලක් පැවැත් වු සංගිත ප්‍රසංගයෙන් ලැබුණු බවත් ඉතිරිය තම පෞද්ගලික මුදල් යොදවා රුපියල් මිලියනය ප්‍රදානය කල බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම් වෙන්නපුවේ අය එකතු වෙලා වැඩක් කළා. (නි)
ප්‍රතිචාර දෙක්වූ ඔබ සැම දෙනාටම වෙරෝනා වෙන්නප්පුව සහයෝගිතා සුබසාධන සංගමයේ සියලුම සාමජිකින්ගේ හද පිරි ස්තුතිය මා මෙයින් ප්‍රකාශ කර සිටිමි .එසේම මෙම මහගු සත් ක්‍රියාව සාර්ථක කරගැනිමට දායක වූ වෙරෝනාහි සියලු දෙනාට ද අපගේ අවංක ස්තුතිය මෙයින් ප්‍රකාශ කරමු. (නදී)
මේ වැඩේ සත්‍ය නම් ඉතා හොඳ වැඩකි මෙය. (ලංකාදීපය මෙම පුවත මහනුවර වාර්තා කරුවාගෙන්ද අසා වගකීමෙන් ප්‍රචාරය කර ඇති කියා අප විශ්වාස කරමු.)(නදී)
ඉතාලියේ වෙරෝනාහි සිටින වෙන්නප්පුවේ ශ්‍රි ලාංකිකයින්ට බොහොම පින් මේ වැඩේට, කවුරු කලත් හොඳ දේ අගය කල යුතුයි. (ස)
අපේ අයට පින් මදි ඕවා කරන්න. ලොකුවට ඉංග්‍රීසියෙන් කතාව පමණි (නි)
ඉතා අගය කළ යුතු වැඩක්. හැමෝටම ජය වේවා! (නි)
කෝ අර හැමදාම වෙන්නප්පුවට බනින පිටිගල සහ පිරිස?හිතට අමාරුද? (නි)
ඔබලාට ජයෙන් ජය පතමි. බුදු සරණයි. (නි)
වෙන්නප්පුවේ ජෝශප් වාස් එක, , කොන්වන්ට් එක, ලංකාවේම ප්‍රසිද්ධයි. අපි කිවුවෙත් පුංචි ඉතාලිය කියලා. ඔබගේ ව්‍යායාමය ඉතාමත් උතුම්. මෙවන් දේට තවත් ශක්තිය ලැබේවා! (නි)
වෙන්නප්පුවේ තරුණයන්ට මාගේ උපහාරය පිරිනමමි. තරුණයන් අතින් මෙවැනි සත් ක්‍රියා සිදුවීමෙන්ම පෙනෙන්නේ ඔවුන්ගේ වැදගත් දෙමව්පියන් මෙම දරුවන් මනා ලෙස ලොකු මහත් කර ඇති ආකාරයයි. ඔබලා වැන්නවුන් සිටින තුරු අපේ රට කිසිවකුට යටත් නොවන බව මගේ විශ්වාසයයි. (ස)
කොහොමත් වෙන්නප්පුවේ ජනතාව ධෛර්යමත්, ඒ වගේම ත්‍යාගශීලි හදවත් ඇති මිනිසුන් බව මේ කලාවූ සත් ක්‍රියාවෙනුත් ඔප්පුකළා. ඉතාලියේ "වෙරෝනා" නගරයේ පිහිටුවා තිබෙන වෙන්නප්පු මිත්‍ර සංගමයේ සාමාජික සැමට මාගේ ප්‍රණාමය!! (නි)
පිටිගලගේ ගම කොහෙද එතකොට? (නි)
මොන්සා ශ්‍රී ලාංකිකයින්ගේ උපහාරය! (නි)
වෙන්නපුවේ මිනිස්සු පිටිගල මිලානොට වඩා හොඳ වාගේ (නි)
එකතුවී කළ යුත්තේ මෙවැනි දේවල්ය. (නි)
වෙන්නප්පුව හොද මිනිස්සුන් සිටින ගමක් බව පෙනෙනවා. වැඩිය අහලා නැහැ (නි)
ඉතාලියේ මිලානෝ නගරයෙහි සේවය කරන වෙන්නප්පුවේ දයාබර සොයුරනි, මහනුවර පිළිකා රෝහල ඉදි කිරීම සඳහා ඔබලා විසින් එකතු කරන ලද මුදල පරිත්‍යාග කිරීම ඔබලාට මහත් පින්කමක් වනවා මෙන්ම ඔබලා ශ්‍රී ලංකාවේ උදාර දු පුතුන් පිරිසක් බවද කියාපෑමකි. ඔබ සැමට තෙරුවන් බලයෙන්, දේව ආශීර්වාදයෙන් ඉදිරි කටයුතු කරගැනීමට ශක්තිය ලැබේවායි අපි පතමු. (නි)