ඉතාලියේ බොල්සානෝ ප්‍රාන්ත ප්‍රධානී ආචාර්ය ලුවී ඩර්න්වැල්ඩර් මහතා ඇතුළු දූත පිරිසක් සතියක රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ.
ඉතාලියේ ප්‍රාදේශීය කර්මාන්ත පුහුණු හා රැකීරක්ෂා ඇමැති ආචාර්ය තෝමස් විඩ්මන්, ලෝක වෙළඳ පොළ සභාපති ආචාර්ය රූඩි දල්වායි , ප්‍රාදේශීය සංචාරක සහ වෘත්තීය පුහුණු පාසැලේ අධ්‍යක්ෂිකා බ්‍රිජටි ගැසර් ද එහි වූහ.
ඉතාලි රජයේ අනුග්‍රහයෙන් හමිබන්තොට ප්‍රදේශයේ හෝටල් පාසලක් ඉදිකිරීම හා ආයෝජන අවස්ථා සොයා බැලීම මෙම සංචාරයේ අරමුණයි.
බොල්සානෝ ප්‍රාන්තය යනු ඉතාලියේ සංචාරක කර්මාන්තය පිළිබඳ ඉහළම වටිනාමක් ඇති ප්‍රාන්තයක් බැවින් මොවුන්ගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ අනාගත සංචාරක කර්මාන්තය සඳහා මනා පිටුවහලක් වෙතියි ඔවුන් පිළිගත් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා එසැණට පැවසීය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි කරන්න ඕනෑ වැඩ. අපේ සුභ පැතුම්! (නි)
දැන් ඉතින් හැමෝම ඉතාලි එන්න පටන් ගනීවි. (නි)
ඒක හොද වැඩක්
ඉතා සුභ වැඩක් (දී)
ලංකාවේ දියුණු කරන්න වෙන නගර නැද්ද? ඇයි මේ හැම දෙයක්ම හම්බන්තොටට? (නි)