ලොම්බාර්දියා පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සහ සෞඛ්‍ය ප්‍රධානී මාරියෝ මන්තොවානී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලුකා ස්ක්චේරී මහත්වරුන් විසින් මිලානෝහි ශ්‍රී ලාංකිකයින් හට කරන සැලැකිල්ලක් ලෙසින් ශ්‍රී ලංකාවේ රෝහලක් ඉඳි කිරීමට කැමැත්ත පළ කර ඇත.
ඒ සඳහා ඉතාලි රජයේ මුදල් හා ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ලුයිගි කසේරෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන එල්නෝ වෙන්තෙමෙරෝ මහත්මිය සහ මව්රිසියෝ බර්නාඩෝ මහතාගේ සහායද මීට ලැබී ඇත.
මාරියෝ මන්තොවානී මහතාට ස්තූතිය පළකිරිමේ හා ව්‍යාපෘතියේ කටයුතු සාකඩ්ඡා සඳහා වන විශේෂ හමුවක් ඔක්තෝබර් 20 වැනි දින මිලානෝ නුවරදී පැවැත්වීමට ද යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාගරික චන්ද ලං වෙනකොට මේ වගේ දේවල් ඇහෙනවා මොකද දැන් දැන් ඉතාලි පුරවැසි භාවය තියන ලංකාවේ ඉතා අතලොස්සක් ඉන්න නිසා. මේ අය එම ශ්‍රී ලංකිකයන්ට අල්ලන කුරුමානමට කිසිම ලියාපදිංචි සහතිකයක් වත් නැති හෙට අනිද්දා පොලිසියට අහුවුනොත් ඩීපොට් වෙන වෙන්නප්පු අයියලා ටිකක් මත් ගතියෙන්ම ඉස්පිරිතාලෙක සොඳුරු සිහිනයක් දකිනවා. (දී)
මේ සත්කාරය කළ අයගේ නම්, ගම් විස්තර ප්‍රසිද්ධ කරන්න. (නි)
නන්දන පනාගොඩ හෑමදාම වගේ අදත් මෝඩ කතාවක් ලියලා. (නි)
මේක හදන්න ඕන කුරුඳුවත්තේ. රනිල් මහතාට දුර ගමන් බැහැ දැන්, කොල්ලුපිටිය අවටින් වඩාත් ගැලපෙනවා. (ස)
ඉතාලියෙන් රෝහලක් ලැබීම අගය කල යුත්තක්, රෝහලක් විතරක් ලැබිලා වැඩක් නැහැ.ඉතාලි දොස්තරලගේ සහ හෙදියන්ගේ ලෙඩුන්ට තිබෙන කාරුණික සේවය ගැන අපේ දොස්තර හා හෙදියන්ට පුහුණුවක් ලබාදිය යුතුයි.ඇත්තටම අද ලංකාවේ තිබෙන්නේ දොස්තර මාෆියාවක්, ඇත්තටම මෙහෙ දොස්තරලා සහ හෙදියන්ගේ එකමුතු බව, කාරුණික සේවය දැක්කම, අපිට අපි ගැනම ලජ්ජා හිතෙනවා. (ස)
ඉතාලියට වැලේ-වැල් නැතුව ඉන්නේ. කොහොමද මන්දා මේවා කරන්නේ? (නි)
බොහොම පින් අතේ වැඩක් (නි)
නන්දන, ඔබ හරි (නි)
ඉතාම හොඳ වැඩක්.මම කැමතියි දැනගන්න පිටිගල මිලානෝ සහ නන්දන පනාගොඩ මිලානෝ මේ වෙනුවෙන් යොදවපු දායකත්වය කුමක්ද කියලා. (නි)
නන්දිකඩාල් කලපුවේ හදමුකෝ එකක් (නි)
මෙය ජාතික මෙහෙවරක්.මේ සදහා මිලානෝ සියලුම ශ්‍රි ලාංකිකයන් එකට එකතුවී මෙම ඉතාලි ජාතිකයන් ඉදිරියේ ශ්‍රි ලාංකික අපගේ බලවේගය ඔහුන්ට පෙන්විය යුතුයි. (නි)
නන්දන පනාගොඩ මහත්තයෝ, ඇත්තටම ඔබතුමාට පිස්සුද? යන්නේ කොහෙද මල්ලේ පොල්. (නි)
ඔය රෝහල මහියංගනය හෝ මොනරාගල හදන්න දෙන්න එපා. (නි)
කුසුම්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. මම ඔයා සමග එකගයි. මේක ලංකාවට අරින්නේ නැතුව මෙහෙ ඉන්න ලාංකිකයන් පරික්ෂා කිරීමට දුන්නා නම් හොඳයි (නි)
කෝ අර පිටිගල, දොඩවා දොඩවා ඉන්නේ නැතිව ඕවට උඩු කරන්න,දැන් කියයි එයාල තමා ඕකට මුල් උනේ කියලා (ස)
නියම වැඩක් (දී)
ඉතාලිය දැන් අපිට වැඩිය දුප්පත්. දැන් අපි පොහොසත් රජයක්. (නි)
සුනාමිය වෙලාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකිකයෝ ඒ වගේම ඕස්ට්‍රේලියානු ජාතිකයන් පුදුම විදියට ලංකාවට උදව් කළේ. (නි)
ලංකාවේ අපේ සත්ගුණවත් දේශපාලකයින් ඔය වගේ වැඩ නිකන් කරයිද? (නි)
ලංකා ආණ්ඩුව කැමැත්ත දේවිද? (නි)
මොන තරම් දේවල් පිටරැටියන් අපි වෙනුවෙන් කරනවද? බලන්න ,මේවට විරුද්ධව ලියන පහත් පෙලේ අය කොපමණ ඉන්නවද කියලා. (නි)
ඔය සජිනි මදුෂානිම නේද" ඉතාලියේ ඉන්නේ 85% නුගත් ධිවර කම්කරුවෝ " කියලා ලියා තිබුනේ? මානසික රෝගීන්ට ඉතාලි ජාතිකයින් ගොඩක් අනුකම්පා කරන බව මා අසා තිබුනා. ඒක නිවැරදියි. අද හොඳින් තහවුරු වුණා (නි)
පිටිගල මිලානොව දැන් ඕවාට කවුරුත් සම්බන්ධ කර ගන්නේ නැහැලු (නි)
අදහස් නම් ඉතාමත් වටිනා දෙයක්! ඒ වගේම ලොකු පින් කමක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ලංකාවෙන් ඔය අදහසට කොහොම ප්‍රතිචාර දක්වයිද කියන එක. අපිත් ලංකාවේ අංග විකල රෝහලක් හදලා, ඒ සඳහා අවුරුදු 5ක් යනකම් මෙහෙ විකලාංග රෝහලේ වෛද්‍යවරුන් සහ අවශ්‍ය අනිකුත් අය ඒ සදහා ලංකාවේ අයට පුහුණුවක් ලබාදීමටත් කැමැත්තෙන් සිටියත්. අන්තිමට ඉතින් සුනාමියට උදව් කරන්න අපේ අයට වෙච්ච දේම තමයි උනේ. ඒ විද්‍යා විශේෂඥයෝ මෙහෙන් නිවාඩු පවා අනුමත කර ගෙනන් සුදානමින් හිටියා. (ස)
කරුණා කරලා ඔය රෝහල මහියංගනය දුෂ්කර ගමකට හෝ මොනරාගල දුෂ්කර ගමකට දෙන්න. (ස)
මෙහි ඉන්නේ ධීවරයන් කිව්වට . ඒ ධීවරයන් වෙනුවෙන් සලකන ඉතාලි මැති ඇමති වරු ඉන්නවා . අපට සමහරු ගැරැහුවට මෙහි සිටින ඉතාලි ජාතිකයන් අපිව සාදරයෙන් පිලිගන්නවා. (ස)
විටින් විට මෙවැනි යෝජනා පසුගිය කාල වකවානුවේදී මතු වුනා විවිධ ව්‍යාපෘති තුලින්. මේවා යෝජනා වුන පමණින් ඉබේ ලැබෙන්නේ නැත. ලබා ගන්න නම් මුළු මිලානෝ තිබෙන පන්සල් සහ අන්‍යාගමික සංවිධාන එකතු වී කමිටුවක් පත් කර පුජ්‍ය පක්ෂය සමඟ ගොස් මේවා ලබා ගන්න ක්‍රම වේදයකට යන්න. ලංකාවේ විවිධ පක්ෂ තමන් නියෝජනය කරන්නේ යයි කියමින් තිබෙන එකම සමිතියක් වත් මේවට ගාවා ගෙන මෙම වටිනා අවස්තාව නැති කරගන්න එපා. (ස)
හදන්නේ වෙන්නප්පුවේ වෙන්න ඇති. ඊට වඩා නොදියුණු තැන් ඕනි තරම් තියෙනවා. (ස)