‘කිසියම් පක්ෂයක වැඩිම ජනතාව සහභාගිත්වයෙන් පවත්වන සංවත්සරය මෙයයි. ජාතික ආණ්ඩුවේ ඉන්න නිසා තමයි දෙසැරයක් පරාජය වුණු මේ පක්ෂය අද ඉස්සරහට යන්න පුළුවන්වෙලා තියෙන්නේ. ජනපති නිසා ජාතීන් අතර සමගිය සංහිඳියාව ගොඩනැගිලා තියෙනවා. ඉතිහාසයේ පැවැත්වුණු වැඩිම ජනතා සහභාගිත්වය සහිත මැයි දිනය අපි ගාල්ලේ පැවැත්වුණා. අද ඒ වාර්තාව බිඳලා අපේ සංවත්සරය සමරන්න පුළුවන් වුණා‘ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සමුළුව කුරුණෑගල මාලිගා පිටියේ දී අමතමින් පැවසීය.
‘ජනාධිපතිවරුන් තිදෙනෙක් අපේ පක්ෂයෙන් බිහි කර තිබෙනවා. පක්ෂය එකතු කරන්න පුළුවන් හැම අයුරකින්ම අපි පක්ෂය එකතු කරනවා. අපි පක්ෂයේ නායකයින් සමග සුහදත්වය වර්ධනය කරගෙන නවීන පක්ෂයක් නිර්මාණය කරමින් අපි එකට වැඩ කරමු‘ යැයි ශ්‍රීලනිප උප සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සමුළුව අමතමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පක්ෂය ගැන හැඟීමෙන් ආවේ කීයෙන් කීදෙනාද? (නි)
ඉතිහාසයේ ලොකුම විහිළුව (බ)
ඔව් සජිත්, සිංහලයා තමන්ට සිදුවේගෙන යන විනාශය දෙස නොබලා පැතිවලට බෙදී කෑගහනවා. මේවායේ විපාක අපේ දරුවන්ට විඳින්න සිදුවේවි (නි)
ඔළුගෙඩි ගණන් කිරීම නොව හදවත් ගණන් කිරීමයි වටින්නේ (නි)
පක්ෂය විනාශවුණොත් නම් වරද පටවන්න මහින්ද ඉන්නවා. නමුත් රට සහ සිංහලයා විනාශවුණොත්? (නි)
පිටබැද්දර ජයා, අවංක ශ්‍රී ලංකාකාරයෝ සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය නැතිකළ අයත් එක්ක එක්වේද? (නි)
මේ බොරු වැඩ දැන්වත් නවත්වන්න (නි)
මට නම් පෙනෙන්නේ ඉතිහාසයේ ලොකුම සමුළුව කෙසේ වෙතත් "ඉතිහාසයේ ලොකුම බොරුව" මේකයි කියලා (නි)
සැබෑ ශ්‍රී ලාංකිකයින් සැමදා පක්ෂය සමඟයි. ඔබගේ අමිල මෙහෙවර සදා අමරණියයි. 2020 දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති සමඟ සැවොම එක්වෙමු. (නි)
පිටබැද්දර ජයා, මැලේසියාව ගැන නම් ඔබට සතුටු ඇති (නි)
බලපෙරේතකමට සිංහලයා පාවාදෙමින් මරා ගන්න. ජාතිවාදය සිංහලයාට, දසඅතින්ම පහර දෙනවා. සිංහලයාට විනකරන, කරවන හැම කෙනෙකුටම ශාප වේවා. (නි)
කන්න බොන්න දෙනවා නම්, බස් එක ගෙදරටම එනවා නම් ඔන්න මමත් එන්න ලෑස්තියි. (නි)
අනේ ඔයගොල්ලෝ කතානොකර ඉන්නවා නම් වඩා හොඳයි. ආයේ කවදාද ඔය වගේ විනෝද ගමනක් දුර බැහැර ජනතාවට එන්න පුළුවන් වෙන්නේ. ඔය ඇවිල්ල ඉන්නේ ඡන්දෙ දෙන්න වගේනේ කතාව. තියලා බලන්න ඡන්දයක්. (නි)
මට නම් මේක තමයි ඉතිහාසයේ ලොකුම විහිළුව (නි)
අනේ ඔහොම කියලවත් හිතේ තිබෙන නිවටකම වහගන්න උත්සාහ කිරීම හැරෙන්න වෙන මොනවද ඉතින්. (බ)
ඔයිට වඩා ලොකු සමුළු මැතිනිය 77 පැවැත්වුවා අාසන 7 බැස්සුවා ..බස් ගෙනල්ල සෙනග අැදල මහජනතාවගේ කැමැත්ත ගන්න බැහැ (බ)
පිටබැද්දර, අවංක ශ්‍රී ලංකා කාරයෝ නම් යූ එන් පී ආණ්ඩුවක් පිහිටුවල එ්ක යටතේ පෙන්දෝ වගේ ඉන්න එවුන්ද. අදෝමැයි.(බ)
ඡන්දෙට ගිහින් බලමු මොකද වෙන්නෙ කියල (බ)
මේ ඉන්නේ අවංකවම ශ්‍රී ලංකා පාක්ෂිකයෝයි , මේ මිනිසුන්ට අපහාස කරන්න එපා , මහින්ද මැති තුමනි දැන් ඔබට සතුටුද ? (බ)
ගාල්ලේ මැයි දිනයට ආවේ ඉතිහාසයේ වැඩිම සෙනඟ නම්, ඔය සංවත්සරයට එන සෙනඟ ගැන හිතාගන්න පුළුවන්. (නි)
ඕවා කිව්වට ඡන්දය පවත්වන්න නම් අදහසක් නැහැ. (නි)