IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


ඉදිකිරීමේ කර්මාන්තයේ පැහැදිළි වර්ධනයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන ‘සමස්ත ක්‍රියාකාරී දර්ශකය’ පසුගිය දෙසැම්බර් මස දර්ශනාංක 51.4 ක් වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම දර්ශනය ඉහළ අගයක් ප්‍රදර්ශනය කළ ද ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නම් මහා පරිමාණයේ ඉදිකිරීම් ව්‍යාපෘති අවශ්‍ය බව එම දර්ශකයට ප්‍රතිචාර දැක්වූවන් පවසන බව ද මහ බැංකුව කීය.

හිතකර කාලගුණ තත්වය පිළිබඳව අපේක්‍ෂාව හේතුවෙන් ඉදිරි මාස තුනේ ඉදිකිරීම් කටයුතු සඳහා වන ඉදිරි දැක්ම ධනාත්මකව පවතින බවත් ඉදිරි අයවැය හරහා රජයේ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සැළසුම් හදුනාගැනීමට හැකිවනු ඇතැයි ඉදිකිරීම් ආයතන අපේක්‍ෂා කරන බවත් මහ බැංකුව කියයි.

දෙසැම්බර් මාසයේ අනුමත කළ ඉදිකිරීම් ව්‍යාපෘති සංඛ්‍යාව පෙර මාසයට සමාන මට්ටමක පැවැති බව පෙන්නුම් කරමින් නව ඇනවුම් දර්ශකය කඩයිම් මට්ටමක පැවැති බවත් සේවා නියුක්ති දර්ශකය දෙසැම්බර් මාසයේදී අඩු වේගයකින් වුවද තව දුරටත් පහළ ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉදිරිකිරීම් කටයුතුවල වර්ධනය හා සමගාමීව තොග මිලදී ගැනුම් දර්ශකය ඉහළ ගොස් ඇති බව කියන ශ්‍රී ලංකා මහ බැංකුව ඇනවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය දෙසැම්බර් මාසයේ ඉහළ මටට්මක පැවැති බව ද සඳහන් කරයි. 



අදහස් (0)

ඉදිකිරීමේ කර්මාන්තයේ පැහැදිළි වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ගම්පහ කැත් ලැබ් එකට බාලගිරි දෝෂය
2025 පෙබරවාරි මස 02 27 0

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කැතීටකරණ පරීක්ෂණ ( Cath Lab) සහ ප්‍රතිකාර ඒකකයක් ලබාදීම පිනිස බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් කෝටි 35 ක ප්‍රතිපාදන වෙන් කර දෙම


බන්දුල කරුණාරත්නගේ නිවාඩුව ජනපති පිළිගනී
2025 පෙබරවාරි මස 02 133 0

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 180 0

අම්බලන්තොට මාමඩල ,බැමිණියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපාකොටා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි .


ජනපති යාපනේ ගියේ බිමින්
2025 පෙබරවාරි මස 02 493 0

ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරයට කිසිදු ගුවන් යානයක් භාවිත නොකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


සුළං විදුලි කුළුණක තට්ටක් නිවාස 3කට කඩා වැටෙයි
2025 පෙබරවාරි මස 02 641 0

සුළං විදුලි කුළුණක තට්ටක් හදිසියෙ අද (2) හවස කඩා වැටිමේන් කන්දකුලිය කුරිඤංපිටියේ නිවාස තුනකට හානි සිදුවි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.


වරාය හා ගුවන්⁣සේවා දියුණුවට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහය
2025 පෙබරවාරි මස 02 324 0

ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා අතර වි⁣


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 72 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 725 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 725 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site