IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


ඉදිරි මාස දෙක තුළ ලංකාවේ සිටින සියලුම භයානක සිරකරුවන් බූස්ස බන්ධනාගාරයට

 

(ඩී.ජී. සුගතපාල)

ඉදිරි මාස දෙක තුල මාස ලංකාවේ සිටින භයානක යයි කියන සිරකරුවන් සියලු දෙනාම බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට ගෙන එන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසිය.

ඒ මහතා මෙසේ පැවසුවේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය නිරික්ෂණය සඳහා අද (24) පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා වැඩි දුරටත් මෙසේද පැවසිය.

“ලංකාවේ තිබෙන සියලුම බන්ධනාගාර වල නිරීක්ෂණ චාරිකා කිරීම අපේ අරමුණයි. ඒ  අදහස අනුව අද බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය නිරීක්ෂණ චාරිකාවට සහභාගි වුණා. දැනට බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ සිර කුටි තිස් දෙකක් තියෙනවා. තවත් මාස දෙකකින් තවත් සිර කුටි තිස් දෙකක් මෙහි ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව ලංකාවේ ඉන්න භයානකයි කියලා කියන සියලුම සිරකරුවන් මෙම බන්ධනාගාරයට ගේන්නයි අපේ බලාපොරොත්තුව.

මම බන්ධනාගාර අමාත්‍යංශය භාර ගන්න කොට රැඳවියන් තිස් දහසක් පමණ හිටියා. මේ වෙනකොට අපිට පුළුවන් වෙලා තියනවා ඒ සිරකරුවන් පිරිසක් දහනම දහස් ගණනකට අඩු කරන්න. අපි විශේෂයෙන් ම බලාපොරොත්තු වෙනවා වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙනියන්න. එහි නවීනතම අධි ආරක්ෂිත නව බන්ධනාගාරයක් හදලා බන්ධනාගාර තදබදය අඩු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

අඟුණකොළ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තමයි අද අපිට තියෙන හොඳම ආරක්ෂිත බන්ධනාගාරය. විශේෂ කාර්යය බලකායක් අපි තැනට යොදවලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්ව රන්ජන් රාමනායක මහත්තයට බන්ධනාගාරය තුළ තර්ජන ඇති වෙලා තියෙනවා කියලා. ඒ හේතුවෙන් අපි වහාම ක්‍රියාත්මක වෙලා එතුමාව තනි සිර මැදිරියකට  දාල තියෙන්නෙ. එතුමාට අවශ්‍ය සියලුම ආරක්ෂාව අපි සපයලා දෙනවා. ඉදිරියේදී සිරකරුවන් එළියට දැමීමේදී අපි ඔවුන් පුනරුත්ථාපනයක් කරලා තමයි එළියට දාන්න බලාපොරොත්තු වෙන්නේ“

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා එහිදී මෙසේ පැවසිය. “බන්ධනාගාර කීපයකින් පමණයි කොරෝනා රෝගීන් වාර්තා වුණේ. ඒකත් ඉතාම සුලු වශයෙනුයි. මාතර බන්ධනාගාරයේ විසි දෙකක් වාර්තා වුණා. කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අපේ සිරකරුවන් ප්‍රතිකාර ලබනවා. දැනට අනිත් ආයතන වලට ගැටලුවක් ඇති වෙලා නැහැ. විශේෂයෙන්ම මෙම පැතිරීම සිදු වන්නේ එළියෙන් එන රැඳවියන්ගෙන් නිසා එම රැඳවියන් නිරෝධය කරල තමයි බන්ධනාගාර තුළට ගැනිම සිදු වන්නේ.‘‘



අදහස් (5)

ඉදිරි මාස දෙක තුළ ලංකාවේ සිටින සියලුම භයානක සිරකරුවන් බූස්ස බන්ධනාගාරයට

Rata Perata Wednesday, 24 February 2021 02:38 PM

මම හිතුවේ භයානක පුද්ගලයින් කියලා... එහෙම වුණානම් ෂෝක්... 226න් භාගයකටත් වැඩිය ඇතුළට දාන්න තිබුණා.

:       1       8

chathura Wednesday, 24 February 2021 03:34 PM

හොඳ වැඩක්... අන්තර්ජාලය හරහා මොවුන් අධිකරණයට ඉදිරිපත් කළා නම් මගදිගට යන කාලය සහ මගදිගට ආරක්ෂාව වෙනුවෙන් කරන්න වෙන කැපකිරීමත් අඩුවෙනවා. මරණ දඬුවමට ලක්වූ අය මඩකලපුව පැත්තේ වෙනම බන්ධනාගාරයක් හදලා රඳවා තිබුණානම් වඩා හොඳයි.

:       0       0

Bamunuarachchi Thursday, 25 February 2021 03:51 AM

එක එක්කෙනා බූස්ස බන්ධනාගාරය පෙන්වන්න එක්ක ගියොත් නරකද?

:       0       0

Raveendra Thursday, 25 February 2021 06:40 AM

අනේ අම්මපා විහිළු සපයනවද මන්දා...? මොකද දියවන්නාව පට්ටියේ 225ම බූස්සට ගෙනියවද? එතකොට පට්ටියට කෑමබීම සපයන අයට මොකද වෙන්නේ..?

:       0       0

dhamneth Thursday, 25 February 2021 09:11 AM

සිරකරුවන්ට බන්ධනාගාරතුළ සිට අපරාධ මෙහෙයවන්නයි, කුඩු ජාවාරම් කරන්නයි දුරකථන පහසුකම් ලැබෙනවා නම් කොහේට දැම්මත් වෙනසක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 1581 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 740 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 792 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 430 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1770 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 563 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 884 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 550 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site