(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡාව අද (5) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයට අනුව මෙවර අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරේ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
කොළඹ මහ නගරසභාව ඇතුළු ප්‍රාදේශිය සභා කිහිපයක මැතිවරණ පැවැත්වීම මැයි 16 වැනිදා තෙක් වළකාලමින් අභියහනාධිකරණය තහනම් නියෝගයක් අද (07) නිකුත් කළේය.
විනාශ කිරීමට නිර්දේශ කළ කොළඹ වරායේ තිබූ ඉස්සන් කන්ටේනරයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පිහිටි සත්ව ආහාර නිෂ්පාදනය කරන සමාගමක යන්ත්‍රවලට දමා ඇඹරී
ශ්රී ලංකා අපනයනවලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති සියයට 44 ක ඉහළ තීරු බද්ද පිළිබඳ අර්බුදය විසඳීමට වහාම පියවර ගන්නා ලෙස ලංකා ජාතික කර්මාන
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන නව රාජ්‍ය ඔසුසල් ශාඛාව කිරිබත්ගොඩ දී විවෘත කෙරිණි.
රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු සමඟ , කටුනායක ගුවන් තොටු
කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වීමෙන් කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව වැඩ බලන පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න ම
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ඉන්දු - ශ්‍රී ලංකා නියෝජිතයි අතර සාකච්ඡා