පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීමට නොහැකි බවට කනගාටුව පළ කර ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහින්ද රාජපක්ෂ ජනපතිට අද ලිපියක් එවීය.
මන්මෝහන් සිං අගමැති ශ්‍රී ලංකාවට නොයෑමට තමිල්නාඩුවේ බලපෑම ද, ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනකුගේ විරෝධය ද හේතු වන්නට ඇතැයි ඉන්දියා විදේශ ඇමැති සල්මන් කුර්ෂිඩ් පැවසීය.
‘රාජ්‍ය ත්‍රාන්ත්‍රික ප්‍රශ්නවලදි බැරෑරුම් තීරණ ගන්න වෙනවා. අගමැති එවැනි තීරණයක් ගත්තා. ඊට සාධක කිහිපයක්ම හේතු වුණා. කවුරුන් හරිද කවුරුන් වැරදිද යන්න දිගටම ප්‍රශ්නයට ලක්වේවි.‘ යනුවෙන් ද ඔහු කීවේය.
‘ශ්‍රී ලංකාව සාර්ක් සාමාජිකයෙකි. අපේ අසල්වැසියෙක්. මම පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට යනවා.‘ විදේශ ඇමැති මේ අදහස් දැක්වූයේ ඉන්දියාවේ හිංදු පුවත්පත හා එන්ඩීටීවී රූපවාහිනිය විසින් මතුකරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ දේශපාලනය ලංකාවේ තරම් පිරිහිලා නෑ. (නදී)
ලොකු අයියා නාවට කමක් නැහැ.(නදී)
ජයලලිතගේ පදයට ඉන්දියාව නටනවා වාගේ විග් ගේ පදයට ලංකාව නටවන්න පිඹුරුපත් සැකසේද?(නදී)
ලොකු අයියා නාවාට අපිට කමක් නැහැ. අපිට අතීතයේ සිට උදව් කරන බාප්පා ඉන්නවා(චීනය ) . අපිට කරදරයක් වුන වෙලාවට . ලොකු අයියා ඉස්සර ඉඳන්ම අපිට කෙනෙහිලි කළේ. ලොකු අයියට කලින් හිටපු ලොකු අක්කා තමා ඉන්දිරා ගාන්දි ඔය කොටින්ට උදව් කරේ අපිට විරුද්දව . හැම දාම අපට හිරිහැරයක් මිස ලොකු අයියලාගෙන් හොඳක් වෙලා නැහැ. මුළු ලංකාවම බිලි අරන් ඉන්නේ එහෙත් ලොකු අයියලාගේ කට්ටිය සන්කෘතියෙන් ආර්ථිකව සැම දෙයකින් . අපට කාලය ඇවිත් තිබෙන්නේ ඉන්දියානු ක්‍රම වලින් බැහැර වන්නට.(නදී)
අයිය වැරදි නැ අයියා. දැන් නම් මටත් තේරෙනවා මම කලේ මොනවද කරන්නේ මොනවද කියලා. ඒත් දැන් ප්‍රමාද වැඩියි. දැන් නම් මටත් මතක් වෙනවා අයියා ,"හිටියොත් හොඳට හැදී ...දෙවියොත් නමට වදී .."කියන එක..(නදී)
දැනේ එතකොට ලියම එව්වහම ඔක්කොම හරිද?(නදී)
ලොකු අයියේ ඔබේ ලිපිය ලැබුණා. මට කණගාටු පල කර ඔබ ලිපි ලිවීමට අවශ්‍ය නැහැ. මොකද ඔබේ තීරණය අපි දැනන් හිටියා. ඔබ තීරණ ගන්නේ ඡන්ද පෙට්ටිය වෙනුවෙන් බව අපි දනිමි. එම නිසා ඔබේ නොපැමිණීම සතුටට කාරණයකි. ඔබ නාවත් චීනය අපේ පොඩි අයියා එන නිසා අපිට බයක් නැත .ඔබ වෙනුවෙන් වෙන් කළ මුදල් තමිල්නාඩුවේ වැසිකිලි සැදීමට යොදා වන්න තවම ඒ අය යන්නේ කැලෑවට බව මගේ නිලදාරීන් මට පැවසුවා ...අයියේ ගාන්දි නෝනගේ සහ ඔබේ විවාහය කවදද ? මම ඒ අවස්ථාවට අපේ වැදී නැටුම් කණ්ඩායම එවන්නම්.(නදී)
අනේ ලොකු අයියේ එන්නකෝ. මම ඔයත් එක්ක තරහයි. ඔයා නැතුව කොහොමද මම සමුළුව පවත්වන්නේ.(නදී)
මොකද අයියා පරක්කු? (නදී)
ලොකු අයියගේ ලියුම ලැබුනා. බොහොම ස්තුතියි. අයියල අයියලගේ පවුලේ කටයුතු හරක බාන් බලන් ඉන්න. මගුල ඉවර වෙලා නැවත ලියන්නම්. බුදු සරණයි. අයගේ පොහොරි වැටෙන් පනින්නමයි හදන්නේ. මගේ මයියෝක්කා ගස් කන්න. පොඩි මල්ලි කොච්චර කල් ඉවසාවිද දන්නේ නෑ. මේ පැත්තේම අල්ලලා ගැට ගහන්නත් පුළුවන්..අලාබ වලට.(නදී)
දැන් ලොකු අයියා ආවේ නැහැ කියලා අපේ රට ඉන්දීයාව එක්ක තියෙන සම්බන්ධ කම් නවත්තනවද?..එහෙන් භාන්ඩ ගේන එක නවත්තනවද ?. අපේ ක්‍රීඩකයෝ අයි.පි.එල් ගහන්නේ නැද්ද ? අපෙ අය හින්දි ෆිල්ම් බලන එක නවත්තන්නේ නැහැනේ නේද? (නදී)
අනේ මන්මෝහන් සිං ලගේ, හියුමන් රයිට්ස්, අර "මිසරාම්" වල "නාගා ලන්තයේ" හා "කාශ්මීරයේ" කරන මිනිස් අයිතිවාසි කම් කඩකිරීම් ගැන කියන්න, කතා කරන්න කවුරුවත් නෑ. (නදී)
අයියා පස්සේ ගහන්න හේතුව අහවල් නඩුවේ අර මෙනවිය බලපෑම් දාන නිසා නේද? (නි)
ඉන්දියන් කාරයො ලංකාවට නොඑන එකම තමා හොද. මම ඉන්නෙ කටාර් වල. මේ රටත් කාලා තියෙන්නෙ ඉන්දියන්කාරයො තමයි, අනිත් කාරණාව දකුණු ඉන්දියාවෙ මුඩුක්කු වල කන්න දෙයක් නැතුව මිනිස්සු ඉන්නවා. ඒ අය ගැන හොයන්නෙ නැතුව බොරුවට අපිව මට්ටු කරන්න එනවා (නි)
මල්ලී, මට ඔබ ගැන කණගාටුයි.ඔබ කියන්නේ මම තීරණ ගන්නේ ඡන්ද පෙට්ටිය ගැන හිතා කියලද?එතකොට ඔබ ඔය ලංකාවේ බහුතරයකගේ ජාතිවාදී නිලය අල්ලා තීරණ ගන්නේ කුමක් බලාගෙනද?පරම්පරා ගානකට ජීවත් වෙන්න මුදල් හොයාගන්න හිතාගෙනද?ඔබ වෙන්කළ මුදල් තමිල්නාඩුවේ වැසිකිළි හදන්පෙර දෙන්න ඔබලාගේ කුස ගින්නේ සිය දිවි නසා ගන්නා අයට.අපේ තමිල්නාඩුවේ අයට වැසිකිළි වුවමනා කරන්නේ කන්න තිබෙන නිසානේ. (නි)
ලොකු අයියේ, ලංකාවේ සිටින මිලියන තුනක් පමණ දෙමළ ජනතාව වෙනුවෙන් වචනයක් හෝ සමුළුවේදී කතා කිරීමට තිබුණු අවස්ථාව තමිල්නාඩුවේ නූගත් දෙමළ දේශපාලකයෝ සහ ලෝකයේ හොල්මන් කරන දෙමළ ඩයස්පෝරාව ඔබට නැති කරන ලදී. ඔවුන්ට නොපෙනුන පැත්ත එයයි. ඇත්තෙන්ම කණගාටුදායකයි. (නි)
අනේ මොකට කරදර වෙනවද? මට මෙහේ ප්‍රශ්නයක් නැහැ. ඔයාට කරදරයක් තිබුනොත් මට දන්වන්න. හැකි යමක් කරන්නම්. (නි)
සන්ජය පුතාව වත් එවන්න තිබුනනේ (නදී)
ලොකු අයියේ,නැටවෙන දේශපාලනයකට ඔයා ඇද වැටී තිබේ.එය ඉතාමත් කණගාටුදායක අවාසනාවන්ත තත්වයක්.ඉදින් එම දේශපාලන දර්ශනය අප ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවෙන බවත් තේරුම් ගන්න.13 ගැන කතා කිරීමෙන් ඉවත් වෙන ලෙස ලොකු අයියගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි! (නි)
දැන්වත් කසිකබල් ත්‍රී විල් ගෙන්වන එක නවත්වන්න. අපේ රටේ දෙයක් නිර්මාණය කරන්න වහාම. අමතර කොටස් චීනෙන් ගෙන්වන්න (නි)
රජතුමා නිරුවතින් ගමන් කරන විට සියල්ලෝම වර්ණනා කළහ.ඒ මුනිච්චාවටය.ඔහුව ඔසවා තැබීමටය.එහෙත් කුඩා දරුවෙක් රජතුමා හෙළුවෙන් කියා සිනාසුනේය.මොකද මේ දරුවාගේ අව්‍යාජ බව නිසාය.ඇත්ත ඇති සැටියෙන් දකින නිසාය.අපද අපේ නිරුවත පෙනුනත් නොපෙනුනා සේ සගවන්නට උත්සාහ ගැනීම නිෂ්පලය.මොකද ලෝකය අපේ නිරුවතට සිනාසෙන්නට පටන් ගෙන ඇති නිසාය. (නි)
ලොකු අයියා ආවේ නැතිවුණාට කමක් නැහැ. අනාගතයේදී මේවට නිසි පිළිතුරු දෙන්න බලාගෙන මේවා හොදට මතකතියාගෙන වැඩකරන්න පොඩි මල්ලි. (නි)
එයා තමිල්නාඩුවට බයවෙලා කරපු දේ ගැන හිතයටින් හොඳටෝම පසුතැවෙනවා ඇති. සමහරවිට දෙවියන්ගෙන් සමාව ඉල්ලනවත් ඇති. (නි)
ඒකට කොහොමද අපේ අයියලා?ගත්තොත් එඩිතරව ගන්නවා තීරණ.යුද්දේ නවත්වන්න මොනතරම් දත කෑවාද අනෙක් අය?කෝ නැවැත්තුවාද?ලොකු අයියට හොඳ පාඩමක් අපේ අයියලා. (නි)
අපේ අය නම් ඔය වගේ වැනිලි ගණන් ගන්නේ නැහැ. (නි)
ලොකු අයියේ ,අපි දන්නවා කවුද කියලා අපට හරහට ඉන්නේ. ඒත් පොඩි අයියයි මද්දු අයියයි (පාකිස්ථානය සහ චීනය) හැමදාම අපිව බලන්න ඉන්නවා. අයියා අයියා ගැන බලාගෙන ඉන්න. ඔයාගේ ලියුමට ස්තුතියි. (නි)
අයියා, ඔබ මේ යන්නේ ඔබ පැතු සුරගන ලෝකයටද? යන්න එපා අයියා (නි)
මෙයට කැමති අකමැති පිරිසක්ද සිටිති. අපේ රටේ අනාගතය සුරක්‍ෂිත කිරීම රජයේ වගකීමක් .තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කිරීම ඉවසීමට බැරිව සිටින ඉන්දියාව සහ අනෙකුත් බටහිරයෝ නැවත වතාවක් මේ රට අස්ථාවර කිරීමටමේ සමුලුව යොදගන්නේ නම් එයට හොද පිළිතුරු දීමට සූදානම් විය යුතුය. කැමරන්ලා දත කට ඇරගෙන එන්නේ මේ රටේ බෙදුම්වාදයට මග පෑදීමට බව අපි දනිමු. අපි මොවුන්ට කොන්ද පණ ඇතුව පිළිතුරු දීමට සුදානම් විය යුතුයි.යුරෝපයේ අන් රටවල් එංගලන්තය ඇමෙරිකාව කෙරෙහි අවිශ්වාසය වර්ධනය වෙමින් පවති. අප තනි කළ නොහැකිය. නැවත ඉන්දියා දේශපාලන මුදලාලිලා ගැන බලාසිටිය යුතුද? (නි)
අවශ්‍ය වෙලාවක මග හරින මිතුරා සතුරෙකුට වඩා භයානක නොවේද? කරුණාකර ඉන්දියාව සතුරු රාජ්‍යයක් ලෙස සළකා විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන්න. ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ඔවුන් අපට මිතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කර නැත. ඉන්දියාවත් ඔවුන්ට අවඩන අයත් ඉන්දියාවටම යැවීමට මෙය ආරම්භක ලක්ෂයක් කරගන්න. (නි)
අයියේ,ඔයාව අපි නෑදෑයෝ කරගන්න හැදුවට තාම ඔයාට අපේකම කියන එක නැහැ. කමක් නැහැ. ඔයා ඔයාගේ පවුල රැක ගන්න. ඔයා ඒ අය ගහන ගහන පදයට නැටුවට අපට කමක් නැහැ. හැබැයි එහෙම නටලා පුරුදු කරගත්තොත් පස්සේ ලේසි වෙන එකක් නැහැ. අපට කණගාටු නැති නිසා ඔයාත් කණගාටු වෙන්න එපා.. (නි)
ඉන්දියාව අපේ ලොකු අයියා වගේමනේ.අපි අඳින ඇඳුම්, කන බොන ඒවා, අපේ නළු නිලියන් ඔක්කොම අනුකරණය කරන්නෙත්,බජාජ් ත්‍රි විල්, ටාටා, බෙන්ස්, බස්, අපේ තරු 5 හෝටල්, පෙට්‍රල් (ඉන්දන පිරවුන් සැල් ) ෂෙඩ්, හින්දි සිනමා, දමිල සිනමා මේ සියල්ලගෙන්ම අපි ඔවුන් වැළඳගෙන ඉන්නේ. අපිට බැහැ ලොකු අයියා නාවා කියා තරහ වෙන්න. තරහ වුණොත් අපිටම පාඩුයි. අපි අපේම කියා දේවල් වලට පුරුදු වනතුරු, අපේම දේවල් අපිම නිෂ්පාදනය කරන තුරු, අපේම ආර්ථිකයක් ගොඩ නගා ගන්නා තුරු ඔය ලොකු අයියා නාවත් අපි එයා ළඟට යන්නම ඕනෑ. පොඩ්ඩක් සිතා බලන්න (නි)
ලොකු අයියේ මේ ලංකා නංගිව අත හැර නොයන්න .අයියා නොමැතිව දුක් වන ලංකා නංගි. ඔබ එන තුරු බලා සිටි (නදී)
ඉන්දීය නායකයා කරන මේ වෙඩය නිසා, යාපනේ ඉන්න පාරම්පරික දෙමල ජනතාවත් ලෝකය ඉදිරියේ වැටෙන්නේ, බාල්දි උස්සන්න ගෙනාපු අයගේ ගණයට.
රජයක් හැටියට හොදට හිතන්න ඕන මේ ප්‍රස්නේ ගැන මොකද ආසියාවේ මහා රජාල ඒ කට්ටිය අපි නිකන් අබ ඇට වගේ. තද ප්‍රශ්න ආවම අපියි අමාරුවේ වැටෙන්නේ යුද්දේ කලේ ඒ අයත් අපට උදව් කලා.අවට අනිකුත් අයත් උදව් කලා. අපිට චීනය, පකිස්තාන් උදව් කලොත්, අනිත් සහෝදර සමාජයට ඉන්දියාව උදව් කලොත්. ගට්ටනේ පටන් ගත්ත වෙනවා. ඔහොම යං කොහොමත් අවුරුදු ගානක් යනකොට මොකද වෙන්නේ බලමු, ලංකාව ගැන අපි සියලුම දෙන හිතගන්න ඕන දේශපාලකයන්ගේ වගේම මහජනතාවගේත් කියල.ශ්‍රීලංකාවට ජයවේවා.
ලොකු අයිය කියල හිතන එක වැරදියි, අසල වැසියෙක් තමයි, ඊට වඩා යමක් ඉන්දියාවත් එක්ක හොඳ නැහැ, අපේ මිනිස්සු දීගෙන. ඉන්දියාවේ මිනිස්සු තරම් ජරා මිනිස්සු ජාතියක් මේ ලෝකේ වෙන රටක නැහැ. මුන් තමයි ලෝකෙම කන්නේ, ඊට පස්සේ ඇමෙරිකන් දේශපාලනේ. (අ)
යු. එස්. ඒ.මුළු ලංකාවම චීනෙට බිලි අරන් ඉන්නේ.....කොමිස් වලට රටම චීනෙට දුප්පත් අපි පුදුම වෙන්නේ නැහැ. (අ)
ප්‍රමුඛ රජතුමා නිරුවතින් ගමන් කරන විට සියල්ලෝම වර්ණනා කළහ.ඒ මුනිච්චාවටය.ඔහුව ඔසවා තැබීමටය.එහෙත් කුඩා දරුවෙක් රජතුමා හෙළුවෙන් කියා සිනාසුනේය.මොකද මේ දරුවාගේ අව්‍යාජ බව නිසාය.ඇත්ත ඇති සැටියෙන් දකින නිසාය.අපද අපේ නිරුවත පෙනුනත් නොපෙනුනා සේ සගවන්නට උත්සාහ ගැනීම නිෂ්පලය.මොකද ලෝකය අපේ නිරුවතට සිනාසෙන්නට පටන් ගෙන ඇති නිසාය. (අ)
ප්‍රමුඛ රජතුමා නිරුවතින් ගමන් කරන විට සියල්ලෝම වර්ණනා කළහ.ඒ මුනිච්චාවටය.ඔහුව ඔසවා තැබීමටය.එහෙත් කුඩා දරුවෙක් රජතුමා හෙළුවෙන් කියා සිනාසුනේය.මොකද මේ දරුවාගේ අව්‍යාජ බව නිසාය.ඇත්ත ඇති සැටියෙන් දකින නිසාය.අපද අපේ නිරුවත පෙනුනත් නොපෙනුනා සේ සගවන්නට උත්සාහ ගැනීම නිෂ්පලය.මොකද ලෝකය අපේ නිරුවතට සිනාසෙන්නට පටන් ගෙන ඇති නිසාය. (අ)
එම්.සින්. නමැති ලොකු අයියාගේ මුනුපුරාද ,කුඩු මතින් කියවයි. මුණුපුරාට ජයවේවා! (අ)
මේ ලොක්ක මෙහෙ එන්න ඕන නෑ මෙහෙ දෙමළුන්ට රටවල් දෙන්නෙත් නෑ ඉන්දියාවේ දෙන්න පුළුවන් දෙමලු ඉන්දියාවේ නෑ (අ0
ඉන්දීය අගමැති තුමා අවේ නැති එකට දුකයි . ඉන්දියාව හිතා ගන්ඩ ඕනේ ඒ උනාට අපේ ජනාධිපති තුමාගේ කොන්ද හොදට ශක්තිමත් කියල .(අ)
කමක් නැහැ ලොකු අය්යේ ,ඔයා නාවට අපේ කිසිම අමනාපයක් නැහැ . හැබැයි මම කැට කඩා දාල දෙයක් කියන්නම් . කවදාහරි ලලිත නංගියි ,නිධි අයියත් එක්ක එකතුවෙලා තමිල් රාජ්ජයක් බිහිකරන්න අපේ උතුරු කට්ටියත් හවුල් කරගන්න දවසට ඔය අපට කරපු කියපු දේවල් ඔයාටම අපහු මතක් වෙලා අපෙන් සමාව ඉල්ලන්න සිද්‍ධවෙනවා . (අ)
අපිත් ඔය විදියටම කරමු, මොකටද අපි පැනල දෙන්නේ, අපිත් රෙදි අදින ලජ්ජා බය තියන මිනිස්සු. ජනාදිපතිතුමා දැනගන්න ඉන්දියන් කියන මිනිස්සු ගැන එක්ක අවරුදු 28ක් තිස්සේ මුන් එක්ක අඩව් අල්ලනවා. (අ)
ආදරණිය ලොකු අයියා වෙත,තමිල්නාඩුවේ මුහුදු වෙරළ තිරයේ කෙනෙකුට තැබිය හැක්කේ එක පයක් පමණි.ඊළඟ පය තැබීමට තැනක් නැත්තේ බැලු බැලු හැම තැනම ඇත්තේ ජරා ගොඩ වල් නිසාය . මේ ගැන සිතා බලා ඉතිරි මුදලින් වැසිකිලි සාදවා දෙන්න . (අ)
අපේ අම්මගේ හැටියට මේ බාප්පා හොදටම හොදයි, මොනවා උනත් අම්මගේ කැමැත්තනේ. (අ)
අනේ මේ ඇහුනද...ජනේලෙන් එබී එබී මොනවද බලන්නේ? ඔය කොයි නිරුවතත් එකයි..(අ)
අපේ රටේ බොහෝ අයට ඉවසීම නැහැ.අනතුරු වැඩි ඒ නිසයි.අවස්ථාවාදීකම මිස යුක්තිය සදාරණත්වය හිතන්නේ නැහැ.ඇසට පෙනෙන දුර බලා පුරසාරම් දොඩන අය ඇසට නොපෙනෙන දුර ඇති භයානකකම නොදනී.(අ)
රජීවේ ගාන්ධිගේ ප්‍රශ්නයෙන් වත් පාඩමක් ඉගෙනේ ගන්න බවක් නොපෙනේ. තමිල් නාඩුවේ හොර කොටි සෙල්ලම් පටන් ගත්ත දාට ඒවා විසදන්නට අපේ ශ්‍රී ලංකා විරෝදාර හමුදාව ඕන වෙවි. එතකන් ඉන්දියාව ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ ඉන්න.කොටින්ට කත් අදින ප්‍රාන්ත රජයකට බය අගමැති කෙනෙක් ඉන්දියාවට ඉන්නවා නම් අපිට කමක් නැහැ. හැබැයි අපේ රටේ නම් ඉතින් අයිත කොටි සෙල්ලම් බොරු. (අ)
අර රාජ්‍ය හදහන් බලන එක්කෙනානම් කිවේ ඉන්දීය අගමැති එනවාමයි කියල.මම මේකෙන් අදහස් කලේ මෙච්චර මෝඩ මිනිස්සු ඕව අහනවද කියල. (අ)
ඉන්දියන් අගමැති පැමිණියේ නැහැ කියල අඩුපාඩුවක් වෙන්නේ නැහැ මේ සමුළුව මගින් කිසිම රටකට දේශපාලන වාසි ලබාගැනීමට හැකියාවක් නොමැත.ආධාර කියල අපට දෙන්නේ නය. ඒ ආධාර දෙන්නෙත් උතුරට හා නැගෙනහිරට පමණයි .ඒ නය ගෙවන්නත් ඕන දකුණේ ඉන්න ජනතාව.අපේ දකුණේ ලැබෙන ආදායමෙන් තමා උතුරයි නැගෙනහිර නඩත්තු කරන්නේ. (අ)
ඉන්දියාව ආවේ නැහැ කියලා අපේ වැඩ නවත්තන්න බැරිබව මතක තබා ගන්න. අනික සමුළුව ඉන්දියාවේ තිබ්බනම් මේ වගේ හොදට කරන්නේ නැහැ නේද. පීටරට ඉන්න අපටනම් ලංකාවේ අගය හොදට තේරෙනවා. දැන් වෙලා තියෙන වෙනස්කම් ඉතා අගෙයි රජයට මල් මිටක්. චීනය වගේ අපට උදව් කරන රටවල් ලංකර ගන්න. ඒ සමගම ජනතාවත් එක පව්රක් සේ එකට එකතුවෙන්න අපේ රටට එන කුමන්ත්‍රණ නවතන්න.
දැදිගම,මම මේ නොදන්නා නිසා අහන්න?එයාගේ වෙන මොනවද ශක්තිමත්?ඒ වගේම ඔබ ඔය කියන එක ගොඩාක් ලොකුද?කොහොමද ඔබ මේවා දැන ගත්තේ? (අ)
දයා;මොකක්ද ඔයාට මේ ප්‍රශ්නයේදී පෙනෙන සාදාරනය ,බයානකකම කියල අපටත් දැනගන්න ලියන්න බැරිද ? (අ)
ආව කියල අපිට හොඳක් වෙන්නේ නෑ,කොහොම උනත් රටක නායකයෙක් උනහම රූකඩයක් වෙන්න හොඳ නෑ,කෙලින් තීරණ ගන්න ඕනේ , මේකෙන් පෙන්නේ මුළු මහත් ඉන්දියාවම පාවල දුන්න ,එක පැත්තක හොරු ටිකකට,(අ)
අපිට විරුද්දව UN එකේ චන්දය දීල මරුටි කාර් විකිණීම 1250 සිට 250 බැස්සුවා. ත්‍රී රෝද රථය ටත් දැනෙන්න විකල්පයක් පකිස්තාන් වලින් ගෙන්න. අපේ බලය පාවිච්චි කල යුතුය.(අ)
ඔබගේ ලිපිය ලැබුනා. ස්තුතියි. ඔබ වෙන දවසක අැවිල්ලා දේශපාලනය කරන හැටි ගැන අපේ අයගෙන් පාඩමක් ඉගෙනගන්න (නි)
ඉන්දියාවෙන් ගෙනෙන හැමදේම නවත්තන්න ඕනෑ (නි)
ටිකිරි බණ්ඩා, අපිව චීනෙට උගස් කිරීමක් නැහැ. කොමිස් ගැහිල්ල කවුරු ආවත් කරනවා. එහෙත් ඉන්දියවාට වඩා චීනය අපට ජාත්‍යන්තරව ගොඩාක් උදව කරනවා. ළඟ සිටින ඉන්දියාවට වැඩිය චීනය ගොඩක් හොඳයි. චීනය අපව කිසිම දිනක පාවා දීලා නැහැ. උදව්වක් කළා මිස කවුරු බලයට ආවත් කොමිස් ගැහිල්ල කරනවා. එය මේ රජයෙන් විතරක් නෙමෙයි තිබුන සෑම රජයකින්ම වුණා. පක්ෂග්‍රාහිව ඉන්න විට ඕවා පෙනෙන්නේ නැහැ. ටිකිරි බණ්ඩා දාගෙන ඉන්න කොළ පාට කණ්ණාඩිය ගලවලා හොඳට බලන්න (නි)
ටිකිරි බණ්ඩා, පළමුව ඔයාගේ නිරුවත කණ්ණාඩියක් ළගට ගොස් බලන්න. අනුන්ගේ නිරුවත බලන්න පෙර. ටිකිරි බන්ඩාගේ උපැහැරණය ඔහුටම ගැළපෙනවා. අපේම උන් අපේම රට පාවා දෙනවා (නි)
එම්.සින් අයියා තමිල්නාඩුවට ලස්සනට 'කඩේ යනවා'. කන්න තිබෙනවා නම් ඔය කියන තරම් පිහිනලා සහ හොරෙන් එන්නේ මොකද? ඉන්න කට්ටියත් එහෙටම ගිහින් කන එකනේ අපිට කරදර නොකර. (නි)
අපි වැඩකරලා රට දියුණු කරලා පෙන්නන්න ඕනෑ.අඩුම තරමෙන් බයිසිකලයක්වත්,ත්‍රීවිල් එකක්වත් අපේම රටේ හදන්න පටන් ගනිමු.අපිට මේවා හොද පාඩම්. හැමදේම පිටින් එනකන් බලා ඉන්නවට (නි)
ප්‍රමුක, ටිකිරි, ඔයාලගේ අදහසට මමත් එකගයි (නි)
ඉන්දීය අගමැතිතුමා අාවේ නැති එකට දුකයි. ඉන්දියාව හිතා ගන්න ඕනෑ ඒ වුණාට අපේ ජනාධිපතිතුමාගේ කොන්ද හොදට ශක්තිමත් කියලා (නි)
නාවට අපිට කමක් නැතෝ! (නි)
මෙහෙ මිනිස්සුන්ගේ අඹුඩ ගැටේ ලෙහා ගෙන එකේ තියෙන සල්ලි අරන් කරන බාල් කෑමට එක්කෙනෙක් අඩු විය. ණය කාරයාගේ සාජ්ජය හෙවත් චෝගම්. (අ)
නියම වෙලාව බජාජ් වලට ගේමක් දෙන්න අපි අපේම ත්‍රීරෝදයක් හදලා ඉන්දියන් මාරකටිටුව වහමු (අ)
ප්‍රමුඛ, ඔයා අපේ රටේ ආණ්ඩුවේ ශක්තිමත් බව දරාගන්න බැරුව පුපුරනවා. ඔයාට පුළුවන්ද මහින්දගේ මයිලක් වත් ගලවන්න..!
මානෙන් උදම් වෙලා මෝහෙන් මුලාවෙලා ඒ නිසා මන මෝහන් නම් කියනු ලැබේ. (අ)
ලංකාවට පාඩම් උගනන්න කොටින්ට කිරි පොවලා අන්තිමට තමන්ගේ රටේ ප්‍රදානතම නායකයෙක් සමග බටයන් 1500ක ගේ පමණ ජීවිත වලින් වන්දි ගෙවපු ඉන්දියාවට අද තමිල්නාඩුවේ කොටි පදේට නැටීමේ පලවිපාක හෙට තමිල්නාඩුවේ බෙදුම්වාදයේ ඉස්මතුවත් සමග අත් විදින්න ලැබේවි..ශක්තිමත් විපක්ෂයක් තියෙනවා කියන්නේ හුළගට වැනෙන පරදලක් වගේ දුර්වල රජයක් තියෙනවා කියන එක..එහෙම රජයකට බලය රැකගන්න අනිවාර්යයෙන් එක එකට කප්පන් දිය යුතු වෙනවා..එක එකාගේ පදේට නැටිය යුතු වෙනවා..ඉන්දියාවෙන් අපිට ලැබෙන පණිවිඩය එක.පහුගිය කාලයේ අපිත් ඔය අත්දැකීම වින්ද..මොකා අපේ රටේ ඉදිරියේදී බලයට ආවත් මේ රටට ශක්තිමත් විපක්ෂයක්නම් අනවශ්‍යයි..අපේ රටේ වගේ විපක්ෂය දියවුණු ශක්තිමත් රජයක් තිබුනානම් සින් මෙලහකටත් ලංකාවේ..(අ)
මේ පියවර මොහාන් සින් ගත්තේ, ඉතාම ලාබ හා පහසු,තමිල් නාඩු ඉල්ලීමක් නිසා.දැන් එයට කියන්න පුළුවන් එයාලගේ ඉල්ලීමට කන් දුන්න කියලා.මොහාන් දන්නවා අනාගතේ තමිල් නාඩුව ඔයට වැඩිය දුෂ්කර ඉල්ලීම් ඉල්ලන බව.එක හරියට කිවොත් පොඩි එකා, සෙල්ලම් කාරයක් හරි ටොෆි එක්කක් ඉල්ලුවම ටොෆි එක දීල බේරීමක්.චීනය ලංකාවට සමීප වීම ගැන ඉන්ද්යව ගන්න ගන්නේ නැ.අපි එතරම් ප්‍රබල රටක් නොවෙන නිසා.මේ සම්මේලනය බටහිර ලස්සන රටක තිබ්බනම් මොහාන් සින් යන්න තිබුණා.දැන් ලංකා ආණ්ඩුවට තිබෙන්නේ ඉන්ද්යව සමග සිතල යුද්දයක් අරබන්න.එක පටන් ගන්න පුලවන්, සාමාන්‍ය ජනතාව ඉන්දියානු බඩු වර්ජනය කිරීමෙන්.(අ)
අනේ! තවම අපේම කියල ඇල්පෙනෙත්තක්වත් හදාගන්න බැරි සිංහයින්ගේ කටවල්වල සද්දේ. (අ)
මේක මහා රාවණ රජු සමග තිබෙන වෛරයක් (අ)
එදා මෙයට වඩා ලොකු සමුළුවක් කාන්තාවකගේ නායකත්වයෙන් ලංකාවේ පැවැත්වුවා.එය ඉතාම සාර්ථක වුණා.එදා ලෝකයේ පරිගණකය ,පැක්ස් සේවය,ටෙස්ට් පණිවුඩ පවා නොමැති යුගයක්. (නි)
කවුද මේ ටිකිරි බණ්ඩා නමින් තප්පුලන මෝඩ බණ්ඩා? මේ සමුළුව ගැන තිබෙන හැමතැනම තප්පුලනවා. (නි)
,ජාතික දේ නංවල රට පරිස්සම් කරගන්න මිනිස්සු එකතුවෙන්න . ඉන්දියාවෙන් මොන හොඳද වුනේ?කැමරන් ගෙනුයි ඉන්දියාවෙනුයි, කොටින්ට උදවු දීපු එක හරිද කියලා අහන්න බෝඩ් එකක ලියල හරි, මොකද සමුළුවේදී අහන්න පන තියෙන කෙනෙක් නැහැ. හැබැයි අපිට නම් තර්ජන දැයි.. හරිම ලජ්ජා නැති ඉල්ලාගන කමක් මේක, කොච්චර වියදම් කලාද මේ සල්ලි වලින් තට්ටු ජනාවාස හදන්න තිබුනා අනාථයන්ට, කැල විනාස නොකර. .ඉන්දියාවේ මිනිස්සු පාරේ මැරුණත් කැල අල්ලන්න දෙන්නේ නැහැ. මේ රටේ අල්ල ගත්තම් ඔප්පු දෙනවා එවුන්න්ට. සිංහල මිනිස්සුත් මේවා කරන්න නිකම් ඉන්නේ නැතුව. (අ).
උතුරු මහා ඇමතිට බලතල වැඩිකෙරුවොත් ලංකා රජයටත් වෙන්නේ ඉන්දියාවට වෙච්චදේම තමා.මොකද ජයලලිතාට බයය් මහා ආණ්ඩුව. (අ)
ඔය ඉන්දියාවේ අගමැති ඔය සමුළුවට ආවේ නැහැ කියලා අපිට වෙන පාඩුව මොකද්ද? නොඑන එකමයි හොද. ආවත් අපිටම අවාසියට කතා කරාවි (නි)
තව පැය 48 ඇතුලත ඕස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ප්‍රකාශ දෙකක් පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇත. ආණ්ඩුව පුළුවන් නම් කියන්න දැන් කීයක් එනවද කියලා. (නි)
'''නිමා කරනු මිස තමා අත ඇති වැඩ පමාවට කරුණු මට වුවමනා නැත '' මහත්මා ගාන්දි. (නි)
ම.සින්ග්හ් කියන නමින් අදහස් දාපු එක්කෙනාට ස්තුතියි.මේකේ අදහස් දා ඇති අනෙකුත් අයට කනේ පාරක් වගේ ඔබගේ අදහස්. (නි)
අන්තිමට වැඩෙත් නැහැ, සීනි බෝල දීලා සාක්කුවත් හිඳිලා. මේ සමුළුවකට ඉන්දීය අගමැති ගෙන්වා ගන්න සාම්පූර් බලාගාරෙත් පාඩු පිට දුන්නා. ඉන්දියාව කියන කියන පදේට නැටුවා. අන්තිමට මොකද වුණේ? (නි)
හොඳ වැඩේ, ලොකු අයිය කියලා බැගෑපත් වුණාට.ඉන්දියාව නැතුව අපිට පවතින්න බැරිද? නැහැ. ඉන්දියාවටයි අපි නැතුව බැරි. ඉන්දියාව නිසා අපිට පාඩු මිස ඇති වුණ ලාභය මොකක්ද? දැන්වත් ලොකු අයියා අත් හැරලා දාලා අපි ජාතියක් විදියට නැගිටිමු. (නි)
ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී. සමුළුවට අවොත් තමිල්නාඩුවේ ඡන්ද අරන් ඉවරයි මුළු ජීවිතේටම.නොආවොත් ලංකාව තරහ වුණත් පස්සේ යාලු කරගන්න පුළුවන්. (නි)
ඔය වගේ කට්ටිය නාවට කමක් නැහැ (නි)
මෙහි අදහස් පළකරපු බොහෝ අය මෝඩ කතා කියනවා හැර ඇත්තටම ඉන්දියන් අගමැති සහභාගි වෙන්නේ නැත්තේ ඇයිද කියලා කල්පනා කරන්න උත්සාහ ගන්නේ නැහැ. (නි)
ළගම සිටින සතුරා ඉවත් වීම හොදය.පරාජය මදිකමකි.චීනයට ළං වීම හොදය. ඩී එස් සේනානායක පාලනය නැවත ඇතිකරමු. එදා තිබු ගල්ඔය ව්‍යාපාර වගේ දේවල් බිහිකරමු. (නි)
මට මේ ප්‍රතිචාර කියවද්දී තේරෙන්නේ මේ ඔක්කොම ඔරුව පෙරලුනාට පස්සේ පෙරලුන පෙත්ත හොදි කියන අය වගේ (අ)
මේකේ අදහස් පළකරපු කට්ටිය සමහරක් වැල්ලවත්තේ සයිවර් කඩේ මසාලා තෝසේ කනවා මම දැක්කා (නි)
එයා නාවට අපිට මොකද ? (නි)
ඉන්දියා අගමැතිට ළඟ එන ඡන්දය වටිනවා මේ මොහොතේ චෝගම් එනවට වඩා. කොංග්‍රසය දිනනවද නැද්ද කියන එකට දැඩි බලපෑමක් තමිල්නාඩු ඡන්ද ගොඩේ තිබෙන නිසා. ඉන්දියාවේ අභ්‍යන්තර තත්වය අපේ නායකයන් නොදන්නවා නෙමෙයිනේ. අපේ නායකයින්ට වුණත් සුළු පක්ෂවලට කන් නොදී රජය ගෙනයන්න බැහැ නේද? සිං ටත් සිදුවී තිබෙන්නේ ඒකමයි. අපට හරි ලේසියි සිං ට බනින්න, නමුත් යතාර්ථය තේරුම් ගත යුතුයි. සමහරවිට සිං ඔය එවපු ලියුමට අමතරව අපේ ජනාධිපතිතුමාට දුරකථන මගින් හෝ තත්වය පැහැදිලි කර දීලත් ඇති. ලෝක දේශපාලනය දුවන්නේ හැගීම් මත නොව වෙනත් කරුණු සමුදායක් මතයි. අනික, සිං නැතුව වෙන කවුරුහරි ඉන්දියාවේ බලයට ආවොත් අපට මීට වඩා කරදරයි. චීනේ ඉන්න බව ඇත්ත, නමුත් ඉන්දියාව මගහැරලා අපට කටයුතු කරන්න ලේසි නැහැ. (නි)
මේකේ අදහස් දමන අයගෙන් වැඩිහරියක් ළිදේ ඉන්න ගෙම්බො වගේ. හිතාගෙන ඉන්නෙ ලංකාවෙ අපට කරන්න බැරි දෙයක් නැහැ කියලා. පිටරට වලින් ලැබෙන ආධාර ටික නොලැබුනොත් වැඩිහරියකට වෙන්නෙ බඩගින්නෙ මැරෙන්න. එදාට ඔය කවුරුවත් එන්නේ නැහැ දුක සැප බලන්න. (නි)
ඔය ටික කියන්නද ඔච්චර කෙකර ගෑවේ? ඔය ටික කලින් කිවුවා නම් ඔයා වෙනුවෙන් පත්තර වල නාස්ති කරපු ඉඩ ටික විහිළු තහළු වලට යොදන්න තිබුනා. මෙහෙම නායකයෝ තව කොච්චට ඉන්නවා ඇද්ද? (නි)
ඉන්දියාව කවද හරි කැබලි වලට කැඩිලා විනාශ වෙන්නේ තමිල්නාඩුවේ අය නිසා. ඒ අයට ඕනෑ විදියට නටන්න දෙන නිසා. (නි)
ඔබගේ හේතු වලින් අපට කම් නැත. කේවල් නොකර මම එන්නේ නැහැ කිවුවා නම් එපමණයි අපට ඕනෑ. (නි)
හිතවත් කුර්ෂිඩ් මහතාණනි, ඔබතුමාගේ කරුණු දැක්වීමට බොහොම ස්තුතියි. රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නවලදි බැරෑරුම් තීරණ ගත යුතු බව සැබවි. ඔබේ රට විසින් මෙවැනි තීරණ ගත්තේ අද ඊයේ නොවේ. මෑතකදී, මානව හිමිකම් කවුන්සලයේදී දෙවරක් එසේ තීරණ ගන්නා ලදී. දැනට දශක දෙකහමාරකට පමණ පෙර කොටි ත්‍රස්තවාදීන් අපට එරෙහිව පුහුණු කිරීම සඳහාද එවැනිම තීරණයක් ගත් බව මතක් කර දෙනු කැමැත්තෙමි. ඔබේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනයා සා ගින්නෙන් පෙළෙද්දී අප රටේ ගුවන් සිමාව බලහත්කාරයෙන් උල්ලංගනය කර ආහාර දැමීමද එවැනි තීරණයක් විය හැක. ඒ වගේම අපේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් යැයි කියා අත්සන් කළ සාම ගිවිසුමත් එවැනි තීරණයක් විය හැක. ජනවාර්ගික ප්‍රශ්නයට පිළිතුරු ලෙස ත්‍රිකුණාමල වාරයේ සහ තෙල් ගබඩාවේ ප්‍රතිසංස්කරණ කටයුතු කළයුතු ආකාරය පිළිබදවද කොන්දේසි එම ගිවිසුමේ ඇතුළත් වී තිබිණ. අප නිකන්ම නිකන් අසල්වැසියෙක් නොව ඔබට හිතවත්ම අසල්වැසියා බවද මතක් කර දෙනු කැමැත්තෙමි. අභාග්‍යයකට මෙන් මේ කරුණු ටික ඔබට පැවසීමට කොන්ද පණ තිබෙන රට වැසියන් නැතිවීම ගැන කණගාටු වෙමි. මිට, කිසිදු දේශපාලන පක්ෂයකට කඩේ නොයන ශ්‍රී ලාංකිකයෙක්. (නි)
"එතකොට ඔබ ඔය ලංකාවේ බහුතරයකගේ ජාතිවාදී නිලය අල්ලා තීරණ ගන්නේ කුමක් බලාගෙනද?" බහුතරයත් අර ජාතිය කෑල්ලක් ඉල්ලන එකට විරුද්ද නිසා. "අපේ තමිල්නාඩුවේ අයට වැසිකිළි වුවමනා කරන්නේ කන්න තිබෙන නිසානේ. " කන්න තිබෙන හැටිත් ඔබල තමිල් නඩුවේ ජීවත වනහැටිත් අපි වන්දනාවේ ඇවිත් ඇස් දෙකෙන්ම බලා ගත්තා. ඒගැන අපට අමුතුවෙන් කියන්න ඕනේ නැත. පාර දෙපැත්තේ තිබෙන කාණු වැසිකිලි වෙලා තිබෙන්නේ කන ගමන් පහ වෙන නිසා වෙන්න ඇති නේද? (නදී)
මේවා අපිට හොඳ පාඩම් ගෙනගන්නවා නම් (නදී)
ඉන්දියාව කියන්නේ ආත්මාර්තකාමි රටක්. අනිත් රටවල් වලට මොනවා උනත් එයාලට වැඩක් නැහැ චීනය පැත්තට හැරෙන්න මේක තමයි වෙලාව.(නදී)
මොනවා උනත් උන් උන්ගේ උන් කියන එක අහනවා. මතකද අපේ උන්ට එපා කියද්දී අයි.පී.එල් ගිය හැටි .. අපේ උන්ට මේවා හොද පාඩම්.. (නදී)
නාව එකම හොඳයි(නදී)
දැන්වත් ඉන්දියන් බඩු ගන්න එක නවත්තපල්ලා, උබල බොරුවට මෙතන ලොකු කතා කියනවා. උබලගේ ගෙවල් වල ඉන්දියන් බයික් කීයක් තියෙනවද? (නදී)
චෝගම් සල්ලි කන අපරාධයක්. ලොකු අයියා මෙම අපරාධයට හවුල් නැහැ.සත්‍යය වටහා ගන්න. (නි)
ඔය කට්ටියට තිබෙන අමාරුව තමයි චීනය සහ පාකිස්ථානය ලංකාව සමග සුහදව කටයුතු කිරීම. (නි)
සැබෑ මිතුරන් හදුනාගන්න තවත් අවස්ථාවක්. (නි)
ගිරිගෝරිස් ට පිළිතුරක් . ඉන්දියාව අපිට නිකන්ද බඩු දෙන්නේ. ඒවා අපේ සල්ලිවලින් ගන්න ඒවා . ඔයා ඔය කියන ඒවා හරි අපිට නිකන් බඩු දෙනවනම්. අපි හිතමු ඉන්දියාව ඔය කියන භාන්ඩ අපිට කෝටියකටවත් දෙන්නේ නැහැ කියලා. එතකොට ඔය ඉන්දියාව ඒවා දෙන්නේ නැහැ කියා ඔයාලා කන්නේ නැතිව මැරෙනවද , නැති නම් අපේ රටේ තියෙනා එකකට පුරුදුවෙනවද, ඒවා අපේ රටේ හදාගන්නවද. මම හිතන්නේ ඔයා සුවර් එකටම මැරේවි. ඉන්දියන් ආහාර කන්න නැතිව. මේවගේ අය ඉන්නකන් අපේ රටවල් දියුනුවෙවිද. (නදී)
මිනිස්සුනේ දැන් වත් ලොකු අයිය කියන වචනය ඉවත් කර ගන්න (නදී)
මම අද තමයි දන්නේ ඉන්දියාවේ මෙහෙම අය ඉන්නවා කියලා (නි)
රටක් පාලනය කල යුත්තේ තුන්කල් දැකිය හැකි පාලකයෙක්.ඒ වගේම එඩිතර පුද්ගලයෙක්. (ස)
මේ ඉෂාන් කට තිබුන පලියට මෝඩ කතා කියන්න එපා. ඉන්දීය අගමැති ඔහේගේ එක කුසේ ම උපන් අයියද? (ස)
එක අතකින් ජයලලිතා, අනෙක් අතින් වෛකො... (නි)
ප්‍රමුඛ, නිරුවත බලන්න යූ.එන්. රිපෝර්ට් අරගෙන බලන්න. ලංකාව ඉන්නේ කොතනද ඉන්දියාව ඉන්නේ කොතනද කියලා. තමිල්නාඩුවේ මිනිස්සු බඩගින්නේ මැරෙනවා, ඉන්න ගෙවල් නැහැ වැසිකිළි නැහැ. ලංකාව ගැන බලන්න පෙර ඒ ගොල්ලන්ට විසඳා ගන්න ප්‍රශ්න 1000 තියෙනවා. (නි)
එක්සත් ජාතීන්ගේ සමුලුවේදී අපේ ජනාධිපති තුමා දෙමලෙන් කතා කලේ ලෝකවාසී සියලුම දෙමළුන්ට තැනක් ගෙන දෙනයි ??????????????? ඉන්දියානු මහා කොටියා ආවත් නැවත යන්නේ නගුට අකුලගේනමයි මොකද සිංහයා ඉදිරියේ කොටිය කොහොමත් වේවුලනවා. ඉන්දියාවේ කොටි දෙමලු කොච්චර ගෙරවූවත් අපේ සිංහල සිංහයා බය නැහැ. ඉන්දියාවට එන්න එපා කියද්දී අපේ ජනාධිපතිතුමා ඉන්දියාවට ගියේ කොන්ද පන තියන සිංහයෙක් නිසයි කොන්ද නැති කොටිය නාවට අපිට කමක් නැහැ. මෙයාලා කොහොමත් අපිට වල කපන්නම ඉන්න ජාතියක්. (ස)
බන්දුල පෙරේරා 2013-11-10 19:36:11 කියන ප්‍රතිචාරය දැක්කම මට කෙනෙක්ව මතක් වුණා.හරියටම කියන්න බැරි වුණත් සැකයක් තියෙනවා.මොකද ඔය විදියට අනෙකෙකුගේ අදහස් නැවත නැවත කොපි කරන්නේ බොහෝ දුරට එයා නිසා. (නි)
දේශපාලනයේ නියම ස්වභාවය තමා ඔය. (නි)
ඉන්දියාව අපේ හොඳම මිත්‍ර රට, තරහ කර ගන්න හොඳ නෑ. (ස)
යු. එස්. ඒ ටිකිරි බණ්ඩා, අපිව චීනෙට උගස් කිරීමක් නැහැ. කොමිස් ගැහිල්ල කවුරු ආවත් කරනවා. එහෙත් ඉන්දියවාට වඩා චීනය අපට ජාත්‍යන්තරව ගොඩාක් උදව් කරනවා. ළඟ සිටින ඉන්දියාවට වැඩිය චීනය ගොඩක් හොඳයි. චීනය අපව කිසිම දිනක පාවා දීලා නැහැ. උදව්වක් කළා මිස කවුරු බලයට ආවත් කොමිස් ගැහිල්ල කරනවා.මෙහෙම ගැහැව්වොත් රටක් නෙමෙයි ඉතියෝපියාව, සෝමාලියාවක්වත් අපිට ඉතිරි වෙන්නේ නැහැ.බඩ පොත්ත කොන්දට නෙරා ගිය මන්ධ පෝෂණයෙන් පෙලෙන දරුවන් තමා.ඉදිරියේදී අපිට ලංකාවෙන් දකින්න ලැබෙන්නේ. (ස)
ඒ කන්දත් මගේ තමා,.... මේ කන්දත් මගේ තමා.... කදු සියල්ල මගේ තමා ....මේ වගේ මෝඩ සිංහලයන් සිටින රාජ්ජයේ.... (ස)
ඉන්දියන් අගමැති මන්මෝහන් සිං කියන්නේ ලෝකයේ අංක එකේ ආර්ථික විශේෂඥයෙක්.හොඳ මොළ කාරයෙක්.ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා පවා ආර්ථික විශේෂඥයන්ට ගරු කරනවා. (ස)
එහෙනම් අපි සාක්ර්ක් සමුළුවෙන් අස්වෙනවද? ඉන්දියාව සාර්ක් සමුළුවෙන් පන්නනවද? දෙන්නකො උත්තර ටිකිරි බණ්ඩෝ(නි)
ඔහොම දෙකට දෙවාරනේ එයා නොඑන එකමයි හොද (නි)
ඒ කෙසේ වෙතත් කුර්ෂිඩ් මහතාණනි, අපි ඔබතුමාව මල්මාලා දමා, රතු පලස එළා හරසරින් පිළිගනිමු. ඒ අපේ හැටිය. අවසාන වශයෙන් ඔබතුමාගෙන් මේ පැනය අසමි. ඔබේ අගමැතිගේ නොපැමිණීමට, තමිනාඩු බලපෑම්, ඇමතිවරුන්ගේ බලපෑම් හැරුණුකොට වෙනත් බලපෑම් තිබුනාද? තිබුනා නම් ඒ මොනවද? (නි)
කොහොමත් ලෝකේ හැම තැනම ඉන්න ඉන්දියන් මිනිස්සු 10% ක් විතරයි හොඳ. 90%ක් ම නරක මිනිස්සු. නිතරම අනිකාව කපාගෙන යන්න තමයි හදන්නේ. ඉතින් උන්ගේ මහා උන්, ඒ වගේ නොවී කොහොමද. ඔයා නාව කියල සමුළුව නවත්තන්න වෙන්නෑ නෑ. (ස)
වහාම සාම්පුර් ගිවිසුම අහෝසි කරන්න. (නි)
ඉන්දියාවෙන් මෙහාට එවන වාහන ටික චීනයෙන් ගෙන්නන්න වැඩපිළිවෙලක් හැදුවා නම් මොකද වෙන්නේ ?උඩින් මිතුරු ,යටින් හතුරු ඉන්නවට වඩා එක හොඳ නැද්ද ?ඉදිරිදියේදී අපට විරුද්ධව බටහිර රටවලින් මොන තීරණයක් ආවත් ඉන්දියාව අපට හරහටමයි හිටින්නේ .තවත් මොනවද හිතන්න තියෙන්න ? (ස)
එහෙම අපිට ඕන විදියට වාහන ගෙන්නුවට ගන්නේ කවුද? දේවින්දට ගිනි තියන්න තමයි වෙන්නේ...වාහන ගෙන්වන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. (ස)
කවදා හෝ ලොකු සමුළුවකදී ඉන්දියාවේ සහයෝගයට තීරණාත්මක සාධකයක් වෙලා ලංකාවට අත උස්සන්න උන දවසට තආ කට්ටියටම බඩ යන්නේ. (ස)
ටිකිරි බණ්ඩා ඔයාට පුළුවන් ලංකාව අතහැර ඉන්දියාවට ගොස් ජිවත් වෙන්න .බයක් තියේ නම් කන්න නැතුව මැරේවි කියා . අපි නම් දන්නා විදියට තාමත් ඉන්දියාවේ කන්න බොන්න නැහැ ලංකාව වාගේ . ඒකනේ එහෙ ඉඳල ඉන්දියන් කාරයෝ හොරෙන් ඇවිත් මෙහෙ හොරෙන් රැකියා කර ගෙන ඉන්නේ .. ලංකාවේ ඉන්නවා බහුතරයක් කෑම වේලට රට පාවා නොදෙන. කොමිස් ගැහිල්ල ලංකාවේ පටන් ගත්තේ 1977 පසු ඇවු පාලන ක්‍රමය නිසයි. එදා සිට අද වන තුරු ඒක දිගටම කරගෙන යනවා . ඕනම කෙනෙක් බලයට ආවම ඔය දේ කරනවා. කොටින්ම ඔතනට ඔබ ගියත් මම ගියත් කරන්නේ ඔය ටික. රහතුන් වහන්සේලා නොවේ දේශපාලනය කරන්නේ. ටිකිරි බණ්ඩාගේ මොලේ තියෙන්නේ කොහෙද කියා පොඩ්ඩක් අත ගාල බලන්න. (ස)
ටිකිරි බණ්ඩා ඉන්දීය සම්බවයක් ඇති කෙනෙකු කියා මට වැටහෙන්නේ. මෙහි ගොඩක් වෙලාවට සිංහලයන් මෙන් ප්‍රතිචාර දමන, දමිල අය සිටිනවා එහෙම කෙනෙකුද දන්නේ නැහැ . සිංහලයකු නම් මොලයට විරේකයක් කර ගන්න. ටිකිරි බණ්ඩා මා සමුවන්න. (ස)
චෝගම් සමුළුවට සිං මහත්තයා නොඑන එක හොඳ මදී. ඒත් අපේ ගමන යා යුතුය. (ස)
ඉන්දියාවේ ලොක්කා ජයලලිතද? (ස)
චෝගම් එන්න මොහාන් සින්ග්. (නි)
ලංකාවට විරුද්ධ තමිල්නාඩුවේ සිටින අයත් ඉන්දියාවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන ලංකාවේ අයත් එක සමානයි.ආත්මාර්ථකාමී සහ අවස්ථාවාදියි.(දිල්)
ඉත්න් බඩු වර්ජනය පුලුවන්ද?එතකොට කන්නේ මොනවද? යන වාහන මොනවාද? බයිලා කිවුවට අපි "චීන ප්‍රයිඩ් රයිස් " නැත්නම් "ඉන්දිය න් තෝසේ" කන්නේ. බලන්නේ ටීවී එකේ "ඉන්දිය න් මෙගා", අදින්නේ "ඉන්දියන් සල්වාරි ," යන්නේ "ඉන්දියන් අටා ,බට්ටා , ටාටා "... අනේ මෙහෙම ජාතික ආලයක්! (නි)
මම දන්නවා හේතුව. ඒක එයාගේ අහේතුව (නි)
ඉන්දියා අගමැති ලංකාවට වඩා ඉන්දියාවට අාදරෙයි (නි)
මේ අය තීරණාත්මක හැම අවසන් මොහොතකම මග හරිනවා
කෝ මේ අපේ සමදරා,චන්දි,රූපා?මොකද අනේ දාන්නකෝ අදහසක්.අපි නම් චෝගම් වලට බරට වැඩ (නි)
අපේ දෙයක් අපි හදමු. අපේ ඒවා අපි ගනිමු.අඩුම වශයෙන් එරටේ බඩුවත් නොගෙන ඉන්න පුළුවන් කොන්ද කෙලින් තිබෙන රටක් වෙන්න පුලුවන් නම්.. (නි)