ඉන්දියා ගිලන් රථ සේවය ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීමේ මුල් අදියර බවත් දකුණු පළාත ඊට ඉඩ නොතබන බවත් දකුණු පළාත් සෞඛ්‍ය ගිලන් රථ රියදුරු සංගමයේ වාර්ෂික රැස්වීමේ දී එහි සභාපති සේනක විජේනාත් පැවසීය. ගාල්ලේදී මේ සංවත්සරය අද පැවැත්විණ.
ඉන්දියා අගමැති මෝදි ගේ අනුග්‍රහයෙන් මෙම ගිලන් රථ සේවය රට පුරාම පැවැත් වීමට ඉන්දියා රජය ප්‍රධානයක් කර ඇති බව රජය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් අදහස් දාපු අය මේකේ බරපතලකම දන්නේ නැහැ වගේ. ටිකක් හිතන්න. ඇයි ඉන්දියාව අපිට මෙහෙම ආධාරයක් කරන්නේ? අපිට තියන ආදරේටද? ඉන්දියාවෙ කොච්චර පැති තියනවද පහසුකම් අඩු. ඇයි අපිට මෙච්චර කරුණාවක්? ටිකක් මොළේ පාවිච්චි කරලා හිතලා බලන්න. (නි)
උපාලි ඔබ දන්නවද මේ ලෝකේ වෙන රටක් තමන්ගේ හදිසි ගිලන් රථ සේවය තව රටකට බාරදීල තියෙන මෙහෙම ගියොත් ලංකාවේ සෞඛ්‍ය අැමැති පදවියත් ඉන්දියන් මිනිසෙකුට දෙන්න ඕන . ඔයගොල්ලෝ හිතන හැටියට අපිට ඉන්නේ වැඩ බැරි මිනිස්සුනේ (බ)
හේවා, දන්නේ නැනේ. කියන්නකෝ බලන්න දන්නවානම්. (ර)
විජය, හොඳ ප්‍රශ්නයක්. ඔබත් දකින්න ඇති අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා ලංකාවේ මේක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙන්න කියලා. ඔන්න වෙලාව. දන්නවා නම් කියන්න. (ර)
නියම තීරණයක් .(හේ)
ගිලන් රථ සේවාව ගෙනියන්න රජයේ කොටස් යොදලා රතුකුරුස, සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් සේවාවල සහභාගිත්වයෙන් හදපු ආයතනයකින් කරන එක තමයි සුදුසු. ඔය සංන්විධාන කෑගැහුවට ගණන් ගන්න එපා. (ර)
හරිම මෝඩයිනේ (නි)
මෙහි අදහස් ලියන කිසිම කෙනෙක් තවම දන්නේ නැහැ ඉන්දියාව මොකාටද එන්න හදන්නේ කියලා (නි)
ලංකාවේ ගිලන් රථ පටන්ගන්න කලින් ඉන්දියවේ ගිලන් රථ සේවය දියුණු කළොත් නරකද? (නි)
අනේ අනේ හරි ආදරෙයි නේද අපිට? (නි)
ලංකාවේ අපි වෙනුවෙන් අපිට අපේම හදිසි ගිලන් රථ සේවාවක් හදාගන්න බැරි ඇයි? ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මේවා සැළසුම් කරන්න ක්‍රියාත්මක කරවන්න පුළුවන් නිලධාරීන් නැද්ද? (නි)
ලංකාවේ ගැනු මැදපෙරදිග වැසිකිලි සෝදනවා එහේම කරලා ගන්න පඩියෙන් මිනිහ හොඳට බොනවා පස්සේ මිනිහ ඉස්පිරිතාලේ ගෙනියන්න ඉන්දියාවෙන් රියදුරෝ ගේනවා රටේ සල්ලි යන්න නෑ ඉවසල බලාගෙන ඉන්නවා අපි කෙලිම්ම මැදපෙරදිග සල්ලි ඉන්දියාවට අරිනවා නැද්ද (බ)
ලලින්ද සමග මාත් 100 ට 100 එකඟයි ... වර්ජනය කරන ඔක්කම අස්කරන්න.. අලුතින් සේවකයෝ ගන්න එතකොට තරුණයන්ටත් රැකියා ලැබෙනවා වගේම හැම පොඩි දේකටම අවස්ථාවාදී විදියට වර්ජනය කරන්න හදන හැමෝටම පාඩමක් වෙන්නත් එක්ක...(බ)
ලංකාවේ ගිලන් රථයට සේවකයෝ 4-5 ඉන්නවා. (රියදුරු, සහයක , හෙදියක් ,උපස්ථායක ).ඔස්ට්‍රේලියාවේ 2 .රථය පදවන්නේ ,ලෙඩ උස්සන්නේ , ප්‍රතිකාර කරන්නේ එම අය.පලපුරැදු හෙද නිලධාරීන් .(බ)
ගිලන්රථ රියදුරෝ රටේ නීති සම්පාදකයන් වෙලා (බ)
හැබෑට?(හේ)
කුමන සේවාවක හෝ වරදක් ඇත්නම් කළයුත්තේ එයට වරද සොයා නිවැරදි කිරීම මිස මුළු රටම ඉන්දියානු හෝ විදේශිය ප්‍රාන්තයක් කිරීම නොවේ. යමෙක් මෙය කළනොහැකි බව පවසනවා නම් එය මුසාවකි. කළයුත්තේ දේශපාලන ඇඟිලි ගැසීම් නැවැත්වීම සහ දූෂිත නිලධාරීන් ඉවත් කිරීම පමණි. (නි)
තවත් බරපතල අර්බුදයක පෙරමඟ ලකුණු? (නි)
ලෙඩුන් මරා අයිතිවාසිකම් ලබාගන්නා සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් වෘත්තීය රැල්ලට තවත් පිරිසක් අළුතින්ම එකතු වෙලා. ජාතික රජයක් හැදුවේ රටට යහපතක් කරනවා කියලා නේද? පාලකයිනි, ඇඳිරි නීතිය දමා හෝ මහජනතාවට සෙතක් වන දේ ඉටු කරන්න. (නි)
වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කිවුවලු (නි)
රට දියුණු කරන්න නම් මේ වගේ එපා කියන අය ඉන්න පළාත්වලට නිකන් ඉන්න කියලා අනිත් පැති දියුණු කරන එකයි කරන්න තියෙන්නේ (නි)
හරිම ෂොක් !!!මොකක්ද මෙයාගේ ප්‍රශ්නේ ?? මෙහෙම හිතන අත්මර්තකමී මිනිස්සු එක්ක කොහොමද රට දියුණු කරන්නේ. මොකක්ද දන්නේ නැහැ (හේ)
මෙයාලට වැඩ වර්ජනය කරගන්න ඉඩදෙන්න. හැබැයි වෙනත් රියදුරන් පිරිසක් සේවයට ගන්න. ඉන් පසුව දකුණට නෙවෙයි මුළු රටේම මෙම ගිලරත සේවය ක්‍රියාත්මක කරන්න. කුහක කම , මෝඩකම වගේ දේවල් සනීපකරන්න අමාරු ලෙඩනේ (හේ)
"සෞඛ්‍ය ගිලන් රථ රියදුරු සංගමයේ වාර්ෂික රැස්වීමේ......." මෙහෙම සංගමයක් තියනවද.....? ඔය සංගම් අටවගන්නෙ වැඩ නොකර අයිතිවාසිකම් දියවු කියන්න. පාරෙ මැරෙන අහිංසක රටවැසියන් ගැන කවුද කතාකරන්නේ.(ම)
මෙහෙමත් මිනිස්සු කොට්ඨාසයක් අපේ රටේ ඉන්නවානේ. අනතුරකට පත්වී තුවාල ලැබුවන් ගැන කිසිම හැංගීමක් නැතිව කතා කරන හැටි විතරක් (ම)
මෙහෙමත් මිනිස්සු! ඉන්දියාව සල්ලි දෙන එක ඇත්ත. ඒවායේ දුවන්නේ අපේ මිනිස්සුනේ. අපේ ලෙඩුන්වනේ ගෙනියන්නේ (නි)
මේගොල්ලන්ට නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අනතුරට පත් වී තුවාල ලැබුවන් දෙකට තුනට නමා ත්‍රීරෝද වල දාගෙන ඉස්පිරිතාලෙට ගෙනියනකොට තවත් බරපතල ලෙස හානිවෙනකොට මොනවද කියන්නේ? (නි)
අයියෝ මෙහෙම හිතන්න එපා (නි)
මෝඩ කමට බෙහෙත් නැහැනේ.(හේ)
බොහොම ඉක්මනට සංගමයක් පිහිටුවාගෙන. විරෝධතාවත් දක්වනවා. රටකට ගිය කලක්! (නි)