(අංජුල මහික වීරරත්න)

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පෙර පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස හෙට (27) දින දිවයින පුරා සියලු පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වසා තැබීමට කටයුතු කරන මෙන් සියලු මුල් ළමාවිය මධ්‍යස්ථාන පාලිකාවන් සහ පරිපාලකයින් වෙත දැනුම් දෙන බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවසයි.

අයහපත් කාලගුණය නිසා හෙට දිනයේදී පාසල් නිවාඩු ලබාදීමටද අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළේය.