IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය ජැකලීන් ෆර්නෑන්ඩස්ගෙන් ප්‍රශ්න කරයි

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය, ඊට අදාලව ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.

තමන් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් ප්‍රශ්න කළේ ඇය එම මුදල් විශුද්ධිකරණ සිද්ධියේ සාක්ෂිකාරියක නිසා යැයි ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් පවසා ඇත.

එම නිලධාරීන් පැය 5 කට ආසන්න කාලයක් ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සිදුකරන අතර, ඊට සුකේෂ් චන්ද්‍රශේකර් විසින් ක්‍රියාත්මක කරන ලදැයි පැවැසෙන කෝටි ගණනක කප්පම් ජාවාරමක් ද අයත්ය.

සුකේෂ් චන්ද්‍රශේකර් සහ ජැකලීන් ෆර්නැන්ඩස් අතර සමීප හිතවත්කමක් පැවැති අතර නිලධාරීන් ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප්‍රශ්න කළේ ඒ අනුවය.

සුකේෂ් චන්ද්‍රශේකර්ගේ බිරිඳ ලීනා පෝල් හරහා තමන් චන්ද්‍රශේකර් හඳුනාගත් බවත්, සුකේෂ් චන්ද්‍රශේකර් තමන්ට ද මුදල් වංචාවක් කළ බවත් කිරීම්වල දී ජැක්ලින් ෆර්නැන්ඩස් හෙළි කර තිබේ.

චන්ද්‍රසේකර්ට එරෙහි ව සිදුවන මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයන්ට අදාළ ව චෙන්නායිහි මුහුදට මුහුණ ලා තිබූ සුඛෝපභෝගී බංගලාවක්, ඉන්දීය රුපියල් ලක්ෂ 82.5ක මුදලක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දුසිමකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සුකේෂ් චන්ද්‍රසේකර්, 'සමස්ත ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ' ලාංඡනය සම්බන්ධයෙන් ඇති වූ අර්බූදයක් සමනය කිරීමට එම පක්ෂයෙන් කැඩී ගිය ටී.ටී.වී දිනකරන්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 50ක් ලබා ගත් බවට ද චෝදනා එල්ල වී තිබේ. ඔහු එම මුදල ඉන්දීය මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට අල්ලස් වශයෙන් දීමට ලබා ගත් බවට ද චෝදනා එල්ලවී ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය ජැකලීන් ෆර්නෑන්ඩස්ගෙන් ප්‍රශ්න කරයි

jayasekara Tuesday, 31 August 2021 02:19 PM

මැතිව් අනුව නම් හරි...

:       0       0

මැක්ස් Tuesday, 31 August 2021 02:27 PM

මහා කලාකාරිනියකට එරෙහිව ඉන්දීය රජය විසින් කරනු ලබන කෙණහිලි වහා නතර කරව් කියලා ලිප්ටන් වටරවුමෙ උද්ඝෝෂණ කරන්න අලුත් පරපුරේ සමනලී, ජගත් මනුවර්ණ, දීපානි සිල්වා වැනි කලා පිරිසට දැන් අවස්ථාව ලැබී ඇත.

:       0       0

Prabha Tuesday, 31 August 2021 03:01 PM

10% ක් ගෙවලා ඉතිරි මුදල් ටික ලංකාවට ගේන ක්‍රමයක් ඕනෙ නම් කියන්නම්...

:       0       0

Nuwan Tuesday, 31 August 2021 03:50 PM

අපේ රටේ වගේ ඉන්දියවේ සෙල්ලම් බැහැ

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 570 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 764 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන


13-14 බස්නාහිර ආදායම් බලපත් නිකුත් නොකරයි
2024 නොවැම්බර් මස 08 272 0

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.


කිතුල් පොලු පහරින් අයෙක් මරුට
2024 නොවැම්බර් මස 08 527 0

කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.


දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 08 781 0

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු


කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි
2024 නොවැම්බර් මස 08 376 0

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 82 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 457 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1430 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site