තමන් ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුට සහභාගී වන්නේ දැයි මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං දකුණු ඉන්දියාවේ දේශපාලන නායකයන්හට ලිපි මගින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මන්මෝහන් සිං ගේ මෙම ලිපි ගනුදෙනුව පිටුපස ඇත්තේ ළග ළග එන ඉන්දීය මහ මැතිවරණය බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.
දැනට බලයේ සිටින ඉන්දීය කොංග‍්‍රස් පක්ෂය තනි පක්ෂයක් නොවේ. අතර එය පක්ෂ රාශියක එකතුවකි.මෙම පක්ෂ අතුරින් ඉහළ ඡන්ද පදනමක් තිබෙන්නේ දකුණු ඉන්දියාවේ දේශපාලන පක්ෂවලටය.
දකුණු ඉන්දියාව යනු ශී‍්‍ර ලංකාව හා නිතරම අරෝවන් ඇති කරගන්නෙකි.දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ශී‍්‍ර ලංකාව උල්ලංඝණය කරන්නෙයැයි ද යුධ සමයේදී දෙමළ ජාතිකයින් හට සිදුවූයේයැයි කියන අකටයුතුකම් ගැන ශී‍්‍ර ලංකාව නිසි පරීක්ෂණයක් මෙතෙක් නොපවත්වා ඇතැයිද නිරන්තරයෙන් චෝදනා කිරීම දකුණු ඉන්දියාවේ දේශපාලන නායකයින්ගේ පුරුද්දය.මෙම ප‍්‍රකාශ ඡුන්ද ගුණ්ඩුද නැත්නම් තම සහෝදර දෙමළ ජනතාව වෙනුවෙන් හදපත්ලෙන්ම නගින හැගීම්ද යනු දන්නේ ඔවුන්ම පමණි.
මෙම දේශපාලඥයින් ශී‍්‍රලංකාවට චෝදනා කිරීමෙන් නොනැවතී ඊළගට ඇගිල්ල දිගු කරන්නේ ඉන්දීය රජයටය.රජයට නැගෙන චෝදනා වලට උත්තර බදින්නට සිදුව ඇත්තේ මන්මෝහන් සිංටය.
මන්මෝහන් සිං මත පැටවී ඇති පීඩනය තවත් වැඩි කරමින් දකුණු ඉන්දියාවේ ඉහළම ඡන්ද පදනමක් ඇති ඞී.එම්.කේ පක්ෂය කොංග‍්‍රස් ආණ්ඩුවෙන් ඉවත්වූයේ මෙකී ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලූව මුල් කරගෙනය.එහි නායක එම්.කරුණානිධි පැවසුවේ ඉන්දියාවට ශී‍්‍ර ලංකාව හා හිතවත්කම් පවත්වාගත හැකි වාතාවරණයක් නොමැති බවයි.තම සහෝදර ජනතාවට සිදුවන ආසාධාරණකම් වලට ඉන්දීය රජයද සහය දෙන බවක් පෙනෙන්නට ඇති බැවින් මෙසේ තම පක්ෂය ආණ්ඩු පක්ෂ සන්ධානයෙන් ඉවත්වන බව හෙතෙම ඉවත්වන මොහොතේදී කීවේය.
මෙම දේශපාලන පීඩනය හමුවේ ආණ්ඩු පක්ෂයේ සභිකයින් සනසනවා මිස මන්මෝහන් සිං හට වෙන කරන්නට දෙයක් නොමැති බව දේශපාලන විචාරකයින් පෙන්වා දේ.ඡන්ද දායකයින් හා දේශපාලනඥයින් අමතක කර ශී‍්‍ර ලංකාවේ සමුළුවට සහභාගී වී ඡන්ද පදනම අහිමි කරගන්නවාද නැත්නම් ඔවුන් කියනා ලෙසට සමුළුව වර්ජනය කරනවාද යන ගැටළුවේ ඉන්දියා අගමැතිවරයා පැටලී සිටන බවක් පෙනෙන්නට ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.
සමුළුවට සහභාගී නොවී සිටිය හැකි මුත් මන්මෝහන් සිං සමුළුවට සහභාගී වීමට පෙළඹවාලන ප‍්‍රබල සාධකයක් ඇත.ඒ ශී‍්‍ර ලංකාව හා චීනය අතර දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින සම්බන්ධතාවයි.දැන් චීනයට ශී‍්‍ර ලංකාවේ ඇති තැන මින් පෙර හිමිව තිබුණේ ඉන්දියාවටය.නමුත් දැන් ශී‍්‍ර ලංකාව දෙපයින් නැගී සිට තමන්ට අවැසි පරිදි තීරණ ගන්නා සෙයක් පෙනෙන්නට ඇති බැවින් ශී‍්‍ර ලංකාව තමන්ගේ පාලනයෙන් ‘‘ගිලිහී‘‘ ඇති බවක් ඉන්දියාවට පෙනීම ස්වභාවිකය.මෙයත් ආසියාවේ රටවල් හා විවිධ සබදතා ඇති කරගනිමින් බලවත් වන චීනයත් දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාවට පැහැදිලිවම තර්ජනයකි.මෙනිසා තමන්ට තවමත් ශී‍්‍ර ලංකාව තම මතයට නම්මා ගත හැකියැයි සියල්ලන් හමුවේ පෙන්වීමට ඉන්දීය අගමැතිවරයා සමුළුවට පැමිණේයැයිද අපේක්ෂා කළ හැකිය.
මානව හිමිකම්,අන් ජාතීන්ට නොසැළකීම්,සමුළුව වර්ජනය කිරීමට සැරසෙන්නන්ගේ චෝදනා,යන සියල්ලට හොද පිළිතුරක් ලබා දීමට ශී‍්‍ර ලංකාවේ බළධාරීන් පසුගියදා කටයුතු කර තිබුණි.විදෙස් මාධ්‍යයන්ට අදහස් දක්වමින් ඔවුන් පවසා තිබුණේ ශී‍්‍ර ලංකාව මානව හිමිකම් සුරකින්නේ නැතැයි ඒ සදහා කළ යුතුදේ මේවායැයි ලෝකයටම අඩබෙර ගසා කියන පුද්ගලයින්ගේ උපදෙස් තමන්ට අවශ්‍ය නොවන බවයි.දශක 3 ක යුද්ධයකින් පසු නැගිටින්නට තැත් කරන තම රටේ ගැටළු පැවතිය හැකි බව තමන් ප‍්‍රතික්ෂේප කරන්නේ නැතැයි පවසා ඇති එම බළධාරීන් නිසැකවම එම ගැටළු විසදා ගැනීමට කටයුතු කරන බවත් එ සදහා කාලය අවශ්‍ය බවත් කියා ඇත.
පවතින තත්ත්වය හමුවේ ඉන්දියාව දැනට සමුළුවට සහභාගී වනවාද නැත්ද යන්න ගැන පැහැදිලි ප‍්‍රකාශයක් කර නොමැති අතර අගමැති මන්මෝහන් සිං මේ දිනවල යෙදී සිටින චීන සංචාරය අවසන් කර යළි ඉන්දියාවට පැමිණි පසු අවසන් තීරණය දැනුම් දෙනු ඇතැයි සදහන්ය.(ද ගාර්ඩියන් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට අපේ ලොකු ගෞරවයක් ඉස්සර තිබුනා. මෙයා අනුන් ගහන පදේට නටන්න හරි දක්ෂයි. මුලින් ඇමෙරිකන් පදේට නටලා ආසියාවේ අපිට විරුද්දව අත උස්සපු එකම රට උනා. දැන් තමිල්නනාඩු පදේට නටනවා. මෙයා හිතාගෙන ඉන්නේ අපිත් අනුන්ගේ පදේට නටයි කියල වෙන්න ඇති. නටන්න අගමැති තුමා ඕන තරම්. ආදී එන්නදී රාකම්මා...........(නදී)
ඉන්දියාව සමග හරි අවංක චේතනාවෙන් වැඩකරනවා නම් මෙවැනි ගැටළු මතුවෙන්නේ නැහැ. මෙතන සිද්ධ වෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වැඩක්. (නි)
රාධා, ඔයාට වැරදුනා. ඉන්දියාව යුද්දේ කරන්න උපකාර කළා. ඒ වෙලාවේ ඉන්දියාව අපිත් සමග හිටියා. නමුත් දැන් තිබෙන ප්‍රශ්නය අදහස් හුවමරු කරගැනීමේ දුර්වලතා. හරියට ඒ දේ වෙන්නේ නැහැ (නි)
රාධා,මොනවද මේ කියවන්නේ?ඉන්දියාව කවදාද කොටින්ට උදව් කළේ? (නි)
වරද තියෙන්නේ ඉන්දියානු රජය ඉන්දිදියාවේ ප්‍රාන්තයක පදයට නටන එක නෙමෙයි අපේ සමහර දෙසපාලඥයෝ ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය පදයට නොනටා ජාත්‍යන්තර ප්‍රජාවගේ පදයට නටන එකයි. (අ)
ඉන්දීය නායකයෝ වැනෙන සුලුයි .
මොකක්ද මේ ගැතිකම? එන්න බැරිනම් නාවට කමක් නැහැ. ආවත් කරන්නේ උදව්වක් නොවෙයිනේ. කිසිදාක උදව්වක් කරලා නැහැනේ. අපේ මේ පුංචි රට අමාරුවෙන් නැගී සිටින්න හදනකොට ඉවසාගෙන ඉන්න බැහැ. (නි)
ඉන්දියාව අපව වට්ටන්න වගේම ඒකෙන් ගොඩ එන්නත් උදවු කළ බව කවුරුත් දන්නවා. මන්මෝහන් සිං ඉන්නේ 'මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" කියන තත්ත්වයේ. ඒත් මං හිතන්නේ මන්මෝහන් සිං අපේ ජනාධිපතිතුමාට තත්වය පැහැදිලි කරලා දීලා, අපේ මිත්‍රත්වයත් රැකගෙන, තමිල්නාඩු කට්ටියත් අමනාප කරනොගෙන රැවුලයි කැඳයි දෙකම බේරා ගනියි කියලයි. එහෙම 'රාජ්‍යතාන්තික ඥානයක්' නැත්නම් ඔය රැකියාව කරන්න බැහැ. (නි)
මේ අය නාවොත් අපි බයවෙයි? අපි සිංහයෝ (නි)
මාත් පුද්ගලිකවම ඉන්දියාවට විරුද්ධයි. ඒත් අපිට ඉන්දියාවේ සහයෝගය අවශ්‍යයි. මොකද කවුරු කොහොම කිවුවත් ඉන්දියාව අපිට යුද්ධයේදි එළිපිට උදව් නොකළාට තිරය පිටුපස ඉඳගෙන උදව් කරලා තිබෙනවා. එයාලගේ රටේ දේශපාලනෙයත් සමග ඉන්දියාවට රටේ ජනමතයට ඇහුම්කම් දෙන්න වෙනවා.නමුත් එයාලා අපිට අවශ්‍ය වෙලාවට තිරය පිටිපස ඉඳගෙන සහයෝගය දෙනවා (නි)
ඉන්දියාව කියන්නේ මහා ලොකු කෙරුම්කාරයෙක් නෙමෙයි.සංචාරකයෙක් ඉන්දියාවට ආවොත් එන්නේ එක වරයි. (නි)
එල් ටී ටී එක විනාශ කරනකල් හරි ඉන්දියාව සහයෝගය දුන්නනේ. එය අගය කළ යුතු වෙනවා. මන්මෝහන් සිංට මේ ගැටලුව හරියට රැවුලයි කැඳයි දෙකම ඕනෑ වගේ වැඩක්. (නි)
තමිල්නාඩුවේ බස් නාවතුමක ටිකක් වෙලා හිටගෙන හිටියොත් ඇස් දෙකෙනුත්, නාසයෙනුත්, කන් දෙකෙනුත් ,මොළයෙනුත් හොඳටම වටහා ගන්න පුළුවන් නියම තත්ත්වය (නි)
කවුද මේ සෙන්තිල් ,ආපහු වලිගෙ පෑගිලා ..කොටි කාඩර්ලා රෝ එකෙන් පුහුණු කරන කොට , වඩමාරච්චි මෙහෙයුම යද්දී අහසින් පරිප්පු දාද්දි එතකොට ප්‍රභාකරන් ඉන්දියන් හමුදාවෙන් ඉන්දියාවට අරන් ගිහින් පිස්තෝල තෑගී දෙද්දී ඔහේ හිටියේ මොන ලෝකෙද ? ඊලම් ලෝකෙද ? (ස)
මාලදිවයිනත් ස්වාධීනව කටයුතු කරනවා. අපි ඉන්දියාවේ පදේට නටනවා. (නි)
තමිල්නාඩුවට තමන්ගේ ජනතාවගේ ප්‍රශ්නය දහස් ගණනක් තියෙද්දී ලංකාවේ ප්‍රශ්න විසඳන්න යන එක නම් මට තේරෙන්නේ නැ. (ස)
මෙයා දෙමළුන්ට බයයි.ඔය ධුරයේ ඔය විදියට සිටිනවාට වැඩිය හොඳයි, ගෙදර යන එක. (ස)
මොකටද මේ ඉන්දියාවට තවත් කහින්නේ? කරන්නේ සේරම දැන් හතුරුකම් . අනේ ඔයා එන්නම එපා. (ස)
ඉන්දියාවේ මැතිවරණයෙන් පසු සමහර විට ලංකාවේ පළාත් සභා ක්‍රමයත් අවසාන වෙයි. ස්වයං පාලන ,පොලිස් බලතල ,ඉඩම් බලතල සියළු ඉල්ලීම් අවසන් වේවි. නමුත් කියන්න අමාරුයි හරියටම.මගේ ප්‍රාර්ථනාව නම් එය එසේම වේවා කියායි (නි)
යුද්ධයේ අවසන් අදියරේ තමිල්නාඩු ජනතාව හා එවකට තමිල්නාඩු විරුද්ධ පක්ෂ නායිකා ජයලලිතා එක්ව එවකට ප්‍රධාන ඇමති ඞී.එම්.කේ පක්ෂයේ නායක කරුණානිධි මහතාට දැඩි පීඩනයක් එල්ල කළා ලංකාවේ යුද්ධය නතර කරන ලෙස. නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ දක්ෂතාවය හා කරුණානිධි මහතා සමඟ තිබුණු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධයෙ ප්‍රතිපලයක් ලෙස එතුමා ටිකක් නිහඬව හිටියා. ඉන්පසුව පැවතී මැතිවරණයේ දී ජයලලිතා මැතිනිය ජය ගත්තෙත් ඞී.එම්.කේ පක්ෂයේ නායක කරුණානිධි මහතා විරුද්ධ පක්ෂයේ (දෙවන බලවේගය) බලයත් අහිමි කරමින් දකුණු ඉන්දීය නළු හා ප්‍රභාකරන්ගේ දකුණු අත දෙවන බලවේගය වුනෙත් මේ හේතූන් නිසා විය හැක. ඒ නිසා ඕනෑම දේශපාලකයෙක් තමාගේ ඉලක්කය කරගන්න තමාගේ පුටුව සහ තමන්ගේ බලයයි. ඒ නිසා චීනයේ ආක්‍රමණයට වඩා මං මොහාන් සින්ග් මහතා තමාගේ දේශපාලන වාසිය ගැන සිතා කටයුතු කරාවි කියා සැකයක් ඇතිවෙනවා. අද රට ගැන හිතන ජනතාව ගැන හිතන දේශපාලන නායකයින් කීයෙන් කීයක් ද ඉන්නේ? කෙසේ හෝ අපේ රට අහිතකර බලපෑමක් සිදු නොවේව කියා පතමි. (ස)
අපිට වඳින්ට යන්ට තියන්නේ ඉන්දියාව.නැතුව පාකිස්තානයවත් බංගලිදේශයවත් නෙවෙයි. (ස)
ඉන්දියාව අපිට ඕනේ. ඉන්දියාවටත් අපිව ඕනේ. ඒ බව අපි දෙගොල්ලොම හොඳටම හේතු කාරනා දන්නවා. ඉන්දියාව ආවත්...නාවත් අපි අපේ ගමන අභියෝග හමුවේ ඉදිරියටම යනවා. දීර්ග ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකිකයන් කවදත් දිනනවා.හැමෝටම ජයවේවා.(නදී)
දකුණු ඉන්දියානු පදයට ඉන්දීය මහ ආණ්ඩුව නටා, ඉන්දියාවේ පදයට විග් නටවා එම පදයට ඔහු හරහා ලංකාවේ ආණුඩුව නටවන්න උත්සාහ ගනී. බෙරය පලා දමමු (නදී)
ඉන්දියාව කියන්නේ හැමදාමත් අපේ රටේ දියුණුවට ඉරිසියා කරපු කුහක රටක්.උන්ට මොකට පින් සෙන්ඩු වෙනවද එන්න කියලා.(නදී)
ඔය එක එකඅය ගැන බලන් ඉන්නේ නැතුව එන කට්ටිය එක්ක සමුළුව තිබ්බම ඉවරයි. ඕය අය ආවත් අපේ ඇද හොයන්න තමයි එන්නේ.(නදී)
ලලිත් මහත්මයා එහෙම කියන්න එපා ඔය අල්ලපු ගෙදර මිනිහ හොඳ නැහැ කියලා එයාට පාටියට එන්න කියන්නේ නැතුව ඉන්න ඕනේ වගේ නිකන් ගමේ ගොඩේ වැඩ රටක් කරවීමේදී කරන්න බැහැ. ඉන්දියාව එන එක අපිට වැදගත් .. ලෝකේ හැම රටක්ම පුළුවන් විදියට සමගියෙන් තියාගන්න එක දියුනු වෙන්න හදන රටක් විදියට හරිම උවමනායි.(නදී)
ඔය ඉන්දියන් කාරයෝ කොහේ හිටියත් ඉරිසියාවේ පැලෙනවා. අපි වැලි කතරේ දුක් මහන්සිවෙලා බඩු ටිකක් පෙට්ටියක දාල යවන්න හදන කොට ඒවා දැකල මැරෙන්න හදන යක්කුනේ (නදී)
ලලිත් ඉන්දියානු රජයත් මේ වෙලාවේ අපහසුවට පත් වෙලා ඉන්නේ මොකද තමිල්නාඩුවට විරුද්දව ගියොත් මන් මොහාන් සිං මහත්තයට වෙන්නේ ගෙදර යන්න මේ තමයි තිත්ත ඇත්ත, අපි අපේ හිත රවට ගන්න මොනවා කීවත් අද ඉන්දියාව නැතුව අපිට මුකුත් කරගන බෑ (දිල්)
දෙමල ත්‍රස්තවාදීන් ඉන්දියානු අදිරාජ්‍යෙය් ත්‍රස්තවාදීන්වේ. (නදී)
මන මෝහන් සින්ග් ලංකාවට නාවොත් උතුරේ කරන වැඩ වලින් ඉන්දියාව ඉවත් කරන්ඩ ඕනේ. ඉන්දියාවට ඕනේ විදියට ජනදිපතිව නටවන්ඩ බැහැ. එන්නේ නැතිනම් නිකම් හිටපු වාවේ. මන මෝහන් ආවේ නැහැ කියලා සමුළුව නවත් වන්නේ නැහැ. උන් හිතාගෙන ඉන්නේ අපිට කන්ඩ බොන්ඩ දෙන්නේ ඉන්දියාව කියලා.(නදී)
ඔය මොනවා කිව්වත් අපිට මිතුරු රට පකිස්ථානය. ඒ රටට ගහලා බංගලි දේශය බිහිකරනකොට කොයි රටක්වත් ඉන්දියාවට විරුද්ද වුනේ නැහැ. අපි පුලුවන් තරම් සහයෝගයෙන් වැඩ කරමු.(නදී)
ලොකු පම්පොරි ගහන අයගේ වැඩ ගැන ජනාධිපතිතුමා හොදට දන්නවා.(නදී)
මෙච්චර කල් ඉන්දියාව අපිට කරපු උදව්වක් නැහැ. යුද්දෙදිත් අහක බලාගත්තා. කොටින්ට උදව් කලේ එයාලා. ආවේ නැහැ කියලා අපිට කමක් නැහැ. අපේ ගමන අපි යනවා.(නදී)
එතකොට ඉන්දියාවේ පදේට නටන්න අය නැද්ද? උතුරේ කෙරෙන අපේ වැඩ නිරීක්ෂණය කරන්න ඉන්දියාවෙන් එන්නේ මොකටද? මට ඕවා තේරෙන්නේ නැති නිසයි අහන්නේ. (නි)
එයාලා ආවේ නැතිවුණාට මොකද වෙන්නේ. එයාලා බය ඇති ඉන්දියාවේ හමුදාවට තියෙන චෝදනා ගැනත් අහයි කියලා? මගහරින්න හදනවා වෙන හේතු පෙන්නලා (නි)
රුක්මල්. ඉන්දියාව හැමදාම අපේ රටට බලපෑම් කළා, සමගි නෙමෙයි ප්‍රවේශම් වෙන්නයි ඕනෑ. (නි)
එයාලා නැති එකම තමා හොද. මට නම් පෙන්නන්න බැහැ (නි)
බලන්න දෙයක් නැහැ,එයා එන්නේ නැහැ..ඉන්දියාව ලංකාව සම්බන්ධව සියලු තීරණ ගන්නේ තමිල්නාඩුවට ඕනෑ විදියට. (නි)
මේ වෙලාවේදී අපේ රටේ ජන නායකයට අපි හැමෝම ශක්තියක් වෙමු ..ඔය අනං මනං ලෙඩ දාන්නේ නැතිව ...(නදී)
ඉන්දියාව කියන්නේ හරිම කුහක රටක්, ලගින්ම තියාගන්න වටිනා මිත්‍රයෙක් නෙමේ. ඒ වගේ මිතුරන්ව අතේ දුරටත් වැඩියෙන් දුරක තියාගන්න එක අපිට වාසියක් මේ අවස්ථාව උපයෝගී කරන එයාලව ටිකක් ඇත් කලොත් තමා හොද. එකට ඉදන් අපිට විරුද්දව ඡන්දෙ පාවිච්චි කල අයනේ මෙයාලා...(අ).
පාකිස්ථානය, බංගලිදේශය, මාලදිවයින තව තවත් චීනයට සමීප කරවිය යුතුයි. නැටිලි නැත්තටම නැතිවෙයි. පද මතක නැතිවෙයි. නිකම්ම හීලෑවෙයි (අ)