IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ඉන්දීය සැර කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි

(සුජිත් හේවාජුලිගේ)

ඉන්දියාවේ මේදිනවල වේගයෙන් පැතිර යන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී117 ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනයවූ ආසාදිතයන් පිරිසක් තවත් ප්‍රදේශ පහකින් සොයාගත් බවද ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සඳහන් කරන අන්දමට ඉන්දියාවේ මේදිනවල සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය මෙරට සමාජයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.

ඩෙල්ටා ඉන්දීය කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු මෙයට පෙර මෙරටින් හමුවූවත් ඔවුන් දෙදෙනාම සොයාගෙන තිබුණේ මෙරට නිරෝධායන මධ්‍යස්ථාන දෙකකිනි.

මෙම ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරට මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන බී117 ඇල්ෆා බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීමේ සීඝ්‍රතාව සියයට 50කින් පමණ ඉහළ අගයක් ගන්නා බවත් ඉන් දරුණු රෝග ඇතිවීමේ හැකියාවද වැඩි බවත් චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

එසේම එක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවකින් මෙම ඉන්දීය ප්‍රභේදය පාලනය කළ නොහැකි බවත් ඔහු පැවසුවේය.

බ්‍රිතාන්‍ය ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් හමු වී ඇත්තේ කොළඹ 6, කොළඹ8 ,කොළඹ 10 ,මඩකලපුව සහ ගාල්ල කරාපිටිය ප්‍රදේශවලිනි .

මේ සැර කොරෝනා වයිරස ප්‍රභේද ආසාදනය වූ පුද්ගලයන් හමු වීමෙන් පසුව ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් වෙන්කර නිරෝධායනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

මෙම සැර කොරෝනා වයිරස ආසාදනවූ පුද්ගලයන් පිළිබඳ ජාන විශ්ලේෂණ වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාට අද (17) පෙරවරුවේ බාරදෙනු ලැබීය



අදහස් (5)

ඉන්දීය සැර කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි

chandima Thursday, 17 June 2021 02:29 PM

අර නගර 100 සංවර්ධනය කරනන තියන මුදල් වලින් එන්නත් ගේන්න බැරිද

:       177       217

Nimal Thursday, 17 June 2021 05:33 PM

ශ්‍රී ලංකා මහත්තයා, දාමුකෝ අදහසක්... මේ ගැන විශේෂඥ වෛද්‍යතුමාටත් වඩා ඔබ දන්න දේ රටට කියන්න බලන්න...!!!

:       0       0

kapila Thursday, 17 June 2021 08:08 PM

එච්චරයි අඩුවක් තිබුනේ. මේ විදිහට සංචරණ සීමා තිබුනොත් අප්‍රිකානු එකත් එනවා හරියැ.... ගුවන්තොටුපොළත් ඔය විදිහටම ඇරලා තියමු. සංචාරකයිනුත් ආපුදෙන්...!!!

:       0       2

jagath Thursday, 17 June 2021 08:27 PM

හිටපු හිටන් ෙහාඳයි වගේ... දැන්ද මේ ආණ්ඩුවට ඉන්දියන් ප්‍රභේදය හමුවෙලා තියෙන්නේ..? අයියෝ නන්දසේන...!!! 

:       0       2

bandara Thursday, 17 June 2021 09:50 PM

තව අප්‍රිකානු ප්‍රභේදය විතරයි අඩු... මේ යන විදිහට එ්කත් එයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 5 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 11 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 55 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 73 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


ආර්ථික සංගණනයක් කරන්න යයි
2025 අප්‍රේල් මස 29 154 0

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වියට්නාමය එක්ක අවබෝධතා ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 146 0

ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1039 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 444 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site