IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඉන්දියා සහායත් ලංකාවට

එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශවලට සහ ලක් රජයට වාසි වන අයුරින් ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට සහය පළ කිරීමට ඉන්දියාව තීරණය කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත අද(30) වාර්තා කළේය .

ශ‍්‍රී ලංකා රජය සුළුතර දෙමළ ජනතාව වෙනුවෙන් ගෙන ඇති ධනාත්මක පියවර සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් සාධනීය කි‍්‍රයාමාර්ග ඉන්දීය රජයේ මෙම තීරණයට හේතුවී ඇති බවයි එම පුවත්පත පෙන්වා දෙයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්දේශ පිළිබඳව ද ඉන්දීය රජයේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව, ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ අධිකරණයක් පිහිටුවීම වෙනුවට ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව සැදුම්ලත් අධිකරණයක් පිහිටවිය යුතු බවටයි ඉන්දියාව ද ප‍්‍රකාශ කර සිටින්නේ. එමෙන්ම, ශ‍්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරමින් එය සිදුවිය යුතු බව ද ඉන්දීය රජය විශ්වාසය පළ කරන බව එම පුවත්පත පවසයි.



අදහස් (0)

ඉන්දියා සහායත් ලංකාවට

රූපවතී Wednesday, 30 September 2015 05:29 PM

අනේ නාමල් කියවන්නේ නැතුව ඉන්න.මම කියන්නෙත් ඔය ටිකමයි. මහානාම කියන්නේ සම්පුර්ණ ඇත්ත. (නි)

:       0       0

රූපවතී Wednesday, 30 September 2015 05:43 PM

සමහරු මැරිලා ඉපදිලා වගේ කතාකරන්නේ. මේවා අමතක කළයුතු දේවල් නෙමෙයි. හොඳට මතකයේ තබාගෙන එයාලත් සමග ගනුදෙනු කළයුතු තැන් මේවා (නි)

:       0       0

මොහාන් Wednesday, 30 September 2015 05:46 PM

මෙලෙස සියළු රටවල් සමඟ සමගිව සිටීම හොඳයි (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 30 September 2015 10:39 PM

ශ්‍රී ලංකාව වගේ දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් විදේශීය ප්‍රතිපත්තිය සකස් කිරීමේදී විශාල නම්‍යශීලිත්වයක් දැරිය යුතුයි. රටේ තරම ගැන නොව රටේ අභිමානය ගැන සිතා ඒ අභිමානය පළුදු නොවන අන්දමින් කලාපයේ මෙන්ම ජාත්‍යන්තර රාජතාන්ත්‍රික කටයුතු වලදීත් මේ මධ්‍යස්ථබව දිගටම රැකගත යුතුයි. ඇමෙරිකාව වැනි රටවල් ආර්ථික, සමාජ හා යුධමය වශයෙන් කොපමණ බලවත් වුවත් ලෝක ප්‍රජාවගේ හිත දිනාගන්න තවම අපොහොසත් වී සිටිනවා. ඒ තත්වය තේරුම්ගෙන එයින් මිදීමට ඔවුන් උත්සාහ කරනවා. රටේ බහුතරයේ ආගම හා සංස්කෘතිය ශ්‍රී ලංකාවට මධ්‍යස්ථව සිටීමට හොඳ පිටුවහලක් කරගන්න පුළුවන්. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 30 September 2015 09:09 AM

දැන් අපේ රටත් සමග ලෝකයේ පිළිගත් රටවල් ගොඩක් මිත්‍රයි. ඉස්සර නම් ලිබියාවයි ඉරානෙයි විතරනේ හිටියේ. (ර)

:       0       0

මහානාම - කඳාන Wednesday, 30 September 2015 09:33 AM

ඉස්සර මිත්‍ර රටවල් අපේ රටේ ප්‍රශ්නය වලට ඇගිලි ගහන්න හෝ බල කරන්න ආවේ නැහැ. (ර)

:       0       0

මහානාම -කඳාන Wednesday, 30 September 2015 09:59 AM

කොයි රටත් උදවු කරාවී ඉල්ලන දේවල් ඉල්ලනවාට වඩා දෙනකොට . සීපා , පාලම , ඉන්ධන අධිකාරිය , ෆෙඩරල් මේ ඔක්කොම දුන්නාම තව උදවු කරයි .(ම)

:       0       0

ෂෙල්ටන් Wednesday, 30 September 2015 10:11 AM

කලබල වෙන්න එපා ...තාම අපි හරියටම මොනවද වෙන්නේ කියල දන්නේ නැහැනේ.(ම)

:       0       0

මහානාම - කඳාන Thursday, 01 October 2015 03:21 AM

ඇත්ත කතාව ජනාධිපති තුමා හා අගමැති තුමා දේශපාලන අතදරුවෝ නොවේ , දේශපාලන කළල , මේ බව නොදැන පාට කන්නාඩි දමාගෙන රට ට , ජාතියට , විරෝධිව කතා කරන උදවිය නම් දේශපාල අතදරුවෝ . මොකද රට ට වෙන දේවල් පක්ෂ බේදයකින් තේරුම් ගත යුතුයි ප්‍රබුද්ද ශාක්ෂරතාවයක් තියෙන මිනිසුන් හැටියට.(අ)

:       0       0

මහානාම - කඳාන Thursday, 01 October 2015 03:33 AM

නාමල් මහතා , පාවාදීම ට ඔබතුමා කියන්නේ නම්‍යශීලි වෙනවා කියලද ? මම නම් දැනගෙන තමා කතා කරන්නේ, ඔබතුමා නම් නොදන්නා බබෙක් වගේ, මට මතකයි මීට කලින් සංවාදෙත්, සීපා ගැන අර්ථවත් ලිපියක් මුලින්ම පල කලේ ලංකා දීපයයි. මීට මාස දෙක තුනකට කලින් , කරුණා කර එක කියවා ඔබතුමාගේ යල පැනපු මොලේ අප්ඩේට් කරගෙන වැදගත් ලෙස වැදගත් සංවාදයක අදහස් දාන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි , සීපා හොඳයි කියන්නේ ඉන්දියානුවන් , ඔබතුමා ඒ රටේ එක්කෙන්කේද ? මොකද මෙතැන් ඕනේ කෙනෙකුට ඕනෙම නම කින් අදහස් දන්නා පුළුවන් නේ . (ස)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 30 September 2015 11:02 AM

ශ්‍රී ලංකාවට උදව් කිරීම විෂයෙහි ඉන්දියාව යෝජනා කර ඇති අදහස් අපට හිතකර බව පෙනේ. හුඹස් බිය පෙරදැරි කරගෙන ප්‍රශ්න අවුල් කරන්න එපා. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා ලංකාව වෙන රටකට උගස් තියන්න තරම් දේශපාලන අත දරුවන් නෙවෙයි. යහ පාලන නායකයෝ ලෝකය දිනාගෙන අවසන්.(ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 30 September 2015 11:02 AM

ශ්‍රී ලංකාවට උදව් කිරීම විෂයෙහි ඉන්දියාව යෝජනා කර ඇති අදහස් අපට හිතකර බව පෙනේ. හුඹස් බිය පෙරදැරි කරගෙන ප්‍රශ්න අවුල් කරන්න එපා. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා ලංකාව වෙන රටකට උගස් තියන්න තරම් දේශපාලන අත දරුවන් නෙවෙයි. යහ පාලන නායකයෝ ලෝකය දිනාගෙන අවසන්.(හේ)

:       0       0

නාමල් Wednesday, 30 September 2015 11:55 AM

මහානාම දන්න දෙයක් කතා කරන්න... රාජ්‍යතාන්ත්‍රික වැඩ වලදී විශේෂයෙන්ම කුඩා, දුප්පත් රටවල් නම්‍යශීලී වියයුතුයි...සීපා ගිවිසුම යනු රටට අහිතකර දෙයක් නෙමේ.. කවුද ෆෙඩරල් දෙනවා කියලා තියෙන්නේ?(හේ)

:       0       0

පාලිත පෙරේරා Wednesday, 30 September 2015 12:45 PM

අපි ලොකු ජයග්‍රහණයක් ලබලා තියෙන්නේ.මේ ගැන සතුටු විය යුතුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 44 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 118 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 389 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1022 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 755 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1471 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site