IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඉන්දියානු ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයි

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගනු ඇතැයි බොහෝ දෙනකු ඉගි පළකළ ඉන්දියාවට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (02) රාත‍්‍රි පැවැති ‘සුපිරි අට’ වටයේ අවසන් තරගයේදී ඉන්දියාව ලකුණු 1 කින් දකුණු අප‍්‍රිකාව පරාජයට පත්කළ ද ශුද්ධ ලකුණු වේගය අනුව දෙවැනි කාණ්ඩයෙන්  ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අවසන් පූර්ව වටයට සුුදුසුකම් ලැබීය. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ලකුණු 152 ක් රැුස්කළ අතර දකුණු අප‍්‍රිකානු ඉනිම ලකුණු 121 කට හෝ ඊට අඩුවෙන් සීමා කළේ නම් ඉන්දියාවට ශූද්ධ ලකුණු වේගය අනුව අවසන් පූර්ව වටයට ඒමේ අවස්ථාව තිබුණි. x දකුණු අප‍්‍රිකාව - ඉන්දියාව ඉන්දියාව  ඕවර 20 කදී කඩුලූ 6 ට 152 (විරේන්ද්‍ර සෙවැග් 17, රෝහිත් ශර්මා 25, යුවරාජ් සිං 21, සුරේෂ් රයිනා 45, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 23, මොනේ මොර්කල් 28/2, රොබින් පීටර්සන් 25/2) දකුණු අප‍්‍රිකාව  ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 151 (ෆෆ් ඩූ ප්ලිසිස් 65, ජේ. පී. ඩුමිනි 16, ෆර්හාන් බිහර්ඞීන් 13, සහීර් ඛාන් 22/3, යුවරාජ් සිං 23/2, ලක්‍ෂ්මිපති බලාජී 37/3)



අදහස් (0)

ඉන්දියානු ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයි

රාජා Wednesday, 03 October 2012 01:21 PM

හරිම සතුටක් දැනෙන තරග ප්‍රථිපලයක්. තව ටිකක් ඉවසලා ලකුනු දෙකක් දකුණු අප්‍රිකාවට ගන්න පුලුවන් උනානන් තවත් සතුටුයි. (ස)

:       0       0

නිලන්ත Wednesday, 03 October 2012 08:19 AM

හොඳම වැඩේ (ස)

:       0       0

දිනේෂ් Wednesday, 03 October 2012 08:19 AM

පන්ඩිත කමට හොද වැඩේ.(නදී)

:       0       0

චමින්ද Wednesday, 03 October 2012 06:16 PM

හොදම හොද වැඩේ. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 03 October 2012 01:35 PM

ඉන්දියාව නිකන් සවුත්තු වුණා. (නි)

:       0       0

කුමාර Wednesday, 03 October 2012 08:42 AM

ඉන්දියාවේ පරාජය බොහොම හොදයි (නි)

:       0       0

තුෂාර Wednesday, 03 October 2012 08:43 AM

හොඳ වැඩේ, බැතිමතුන්ට කරදරකරාට (ස)

:       0       0

වාසනා Thursday, 04 October 2012 02:00 PM

අයියෝ සල්ලි ....

:       0       0

චමින්ද Wednesday, 03 October 2012 08:50 AM

ලොකු දෙයක් , නැත්නම් කනක් ඇහිලා ඉන්න ලැබෙන්නේ නෑ . පන්ඩිත රැල (ස)

:       0       0

නිරාන් Wednesday, 03 October 2012 08:54 AM

ඉන්දියාවේ බොහෝ දෙනෙකුගේ ඔලුව ඉදිමිලා තමයි (ස)

:       0       0

අමල් Wednesday, 03 October 2012 08:57 AM

මට නම් ලංකාව කප් එක ගත්ත වගේ සතුටුයි මෙයාලා පැරදුනු එකට... (ස)

:       0       0

ප්‍රියනන්දන Wednesday, 03 October 2012 07:42 PM

අ‍නේ පණ්ඩිතයෝ ටික පවු. දැන් ඉතිං යන්නකෝ ගෙදර. (නි)

:       0       0

දමිත් Wednesday, 03 October 2012 09:13 AM

දිනුවනම් බලන්න තිබුනා හොද මෝඩ ජෝක් ටිකක්. ජයග්‍රහණයක් නිහතමානීව විදින්න දන්නෙම නැති මෝඩකමෙන් ඔලුව ඉදිමුවාගෙන ඉන්න පණ්ඩිත රැළක්. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 03 October 2012 09:17 AM

මොකද අනේ ඔයගොල්ල ඔක්කොම ඉන්දියාව එක්ක ඔච්චරම තරහ? ඉතිහාසේ විදියට විජය කියල කෙනෙක් ඉන්දියාවෙන් ඇවිල්ලලු සිංහල ජාතිය පටන් ගත්තේ. ඇත්තද මන්ද. (ස)

:       0       0

සිල්වා Wednesday, 03 October 2012 09:18 AM

මගේ ප්‍රාර්ථනාව හරි ගියා ,මේ ටීම් එකේ ඉන්නේ හරිම පණ්ඩිතයෝ ටිකක් (ස)

:       0       0

චතුර Wednesday, 03 October 2012 09:14 AM

දකුණු අප්‍රිකාවට අපේ සුබ පැතුම් (ස)

:       0       0

විකී Wednesday, 03 October 2012 09:14 AM

හොඳ වැඩේ කිව්වට පව් නෑ. පණ්ඩිත රැලක්. හිතන් ඉන්නේ හැම දෙකින්ම දිනන්න ඕන එයාලා විතරයි කියලා (ස)

:       0       0

චතුරංග සදරුවන් Wednesday, 03 October 2012 08:24 PM

දකුණු අප්‍රිකාව ලකුණු 122 ගහන වෙලාවේ ඉන්දියාවෙ අයගේ මුහුණ දැක්කම අපට අප්‍රමාණ සතුටක් ඇතිවුනේ..!(නු)

:       0       0

ශිරාස් Wednesday, 03 October 2012 02:13 PM

පකිස්ථානයට සුබ පැතුම් (ස)

:       0       0

දිලාන් Wednesday, 03 October 2012 08:30 PM

නියමයි.. අයි.පී.එල්. ම ගහන්න..!(නු)

:       0       0

ඉන්ද්‍රජෝති Thursday, 04 October 2012 02:53 PM

ඉන්දියාව තමයි අපිට ආගම, ජාතිය සියල්ලම දුන්‍නේ. ඒ නිසා තරහා ගන්න එපා. (නි)

:       0       0

සරත් පියතිලක Wednesday, 03 October 2012 08:43 PM

නියමයි ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දිය කොදෙව්, ඉන්දියාව අවසන් පූර්ව තරගයෙන් ඉවත් කිරීම ගැන..!(නු)

:       0       0

සුරංග Wednesday, 03 October 2012 09:29 AM

කප් එක අපිට , ඕස්ට්‍රේලියාවට ස්තූතියි පාකිස්තානය පැරදුවාට,ඉන්දියාවට සාධු සාධු සාධු (ස)

:       0       0

රොෂාන් Wednesday, 03 October 2012 09:23 AM

කෝලි නම් ළගදිම ගුටිකනවා පිට්ටනියෙදිම. මට පෙන්නන්න බැහැ. (නි)

:       0       0

මංගල Thursday, 04 October 2012 03:07 PM

මට පේන්නේ මේ පාරක් කප් එක නැති වෙයි වගේ (ස)

:       0       0

චාමර Wednesday, 03 October 2012 09:41 AM

අයියෝ මගේ සුදු දෝනී..පව් අහිංසක කොල්ලෝ ටික (ස)

:       0       0

කුරුවිට Wednesday, 03 October 2012 09:41 AM

මගේ අම්මෝ දැන්නම් කනක් ඇහිලා ඉන්න පුළුවන් , අපේ ටීම් එකට ජය වේවා (ස)

:       0       0

අජිත් රත්නායක Wednesday, 03 October 2012 10:02 AM

පව් ඉන්දියාවේ කොල්ලෝ ටික . ඉන්දියවනේ දිනන්න තිබුනේ . (ස)

:       0       0

අමිල Wednesday, 03 October 2012 02:37 PM

කුසලානය කවුරු ගත්තත් කමක් නැහැ ඉන්දියාවට නැහැනේ. (නි)

:       0       0

කෝසල Wednesday, 03 October 2012 09:20 PM

ඉන්දියවේ අය ලංකාවේ තිබුණු එස්.එල්.පී.එල්. තරග වලට ආවේ නැති එකට ‍හොද පාඩම. (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 October 2012 10:25 AM

හැමදාම දිනන්නේ නැති බව දැන්වත් තේරුම්ගත යුතුයි. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 02 October 2012 11:56 PM

හොදවැඩේ පණ්ඩිතකමට. (නි)

:       0       0

හිල්මි Wednesday, 03 October 2012 10:39 AM

කප් එක අපිට... දකුණු අප්‍රිකාවට අපේ සුබ පැතුම් (ස)

:       0       0

මංජු Tuesday, 02 October 2012 11:54 PM

හොදම වැඩේ. (නි)

:       0       0

මංගල Tuesday, 02 October 2012 11:56 PM

ඉතා හොදයි. සතුටුයි (නි)

:       0       0

අරෝෂන Wednesday, 03 October 2012 10:45 AM

අපි දිනුව වගේම සතුටුයි ඉන්දියාව පරාධ වෙච්ච එකට (ස)

:       0       0

රංජිත් Wednesday, 03 October 2012 10:46 AM

මටනම් කප් එක ගත්තා වගේ දැනෙනවා . ඉන්දියාවේ වගේ මිනිස්සු ලෝකේ කොහේවත් නැතුව ඇති . (ස)

:       0       0

නිපුන Wednesday, 03 October 2012 10:53 AM

බුදු සරණයි, දෙවි පිහිටයි (ස)

:       0       0

කුමාර Wednesday, 03 October 2012 10:20 PM

නියම වැඩේ. ඉන්දියා, දැන් යන්න ගෙදර. (නි)

:       0       0

ඩී.ජේ. Wednesday, 03 October 2012 11:14 AM

ලුම්බිණි, විජයගෙන් සිංහලයින් පැවතගෙන එන කතාව මම නම් පිළිගන්නෙ නැහැ (නි)

:       0       0

සම්පත් Wednesday, 03 October 2012 11:15 AM

අපෝ දැන් කනක් ඇහිලා අපිට වැඩ කර ගන්න පුළුවන් (ස)

:       0       0

චමින්ද Wednesday, 03 October 2012 12:23 AM

හොඳ වැ‍ඩේ (ස)

:       0       0

අනිල් Wednesday, 03 October 2012 11:21 AM

ක්‍රිකට් එක තමන්ගේ බුදලයක් කියල හිතාගෙන තමා එයාල තරගවලට ආවේ,කට්ටිය ඉක්මනින් පිටත් කලානම් තමා වඩා හොද ......ඕනවට වඩා උඩ පනින්න එපා . (ස)

:       0       0

සමන් Thursday, 04 October 2012 04:25 PM

මට න්ම පුදුම සතුටක්. ඉන්දියාව ගෙදර යවලා දැන් අපි පැරදුණත් කමක් නැහැ. (නි)

:       0       0

පාලිත හේමචන්ද්‍ර ඩුබායි Wednesday, 03 October 2012 12:38 AM

අම්මේ! දැන්නම් ඉන්දියාවෙ උන්ගෙන් කනක් ඇහිලා වැඩක් කරගන්න පුලුවන්. දිනුවා නම් එහෙම බලන්න තිබුණා ආඩම්බර. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 03 October 2012 12:43 AM

ඉන්දියන් ක්‍රීඩකයන්ගේ ඔලුව ඉදිමිලා වැඩියි. (නි)

:       0       0

ඉන්දික Wednesday, 03 October 2012 03:37 PM

හොඳ වැ‍ඩේ උනේ ....කලින් වතාවේ ලෝක කුසලානය නැති වුණේ මේ වදකාර ටීම් එක නිසා තමයි ... (ස)

:       0       0

ලලිත් Wednesday, 03 October 2012 03:38 PM

ඉන්දියවේදි ලෝක කුසලානට අපිට විකුණ්නානේ . ලංකාවේදි ලෝක කුසලානයට කුමක් වේද ?? (ස)

:       0       0

අසින්ත Wednesday, 03 October 2012 11:37 AM

ඕනෑවට වඩා උඩපනින්න ගියහම ඕක තමයි වෙන්නේ (නි)

:       0       0

සුමනා Wednesday, 03 October 2012 11:37 AM

මේක තමයි ක්‍රීඩා පුවත් වලින් අහපු හොදම පුවත. (නි)

:       0       0

Anura Wednesday, 03 October 2012 11:19 PM

කියලාවත් කරගන්න බැරි දෙයක්.. නැත්නම් අපිට මෙහෙ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ.. අපේ සිංහයන්ට බුදු සරණයි. ජයම වේවා..!(නු)

:       0       0

දිලාන් Wednesday, 03 October 2012 12:56 AM

ඉන්දියානු කණ්ඩායම ඒ රටට යද්දී එයාලගේ ගෙවල් තියෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

වසන්ත Wednesday, 03 October 2012 11:54 AM

නියමයි ශ්‍රී ලංකා වීරවරුනේ (ස)

:       0       0

ශාන් Wednesday, 03 October 2012 12:02 PM

ඉන්දියාව දිනන්නේ නැතුව මට නම් වෙනමොන රට දිනුවත් කමක් නැහැ (නි)

:       0       0

ඊවන් Wednesday, 03 October 2012 03:54 PM

සතුට වැඩි කමට තනි ඇහැට ඇඩෙනවා (ස)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 03 October 2012 04:08 PM

‍ගෙදර යනකොට මෙයාලගේ ගෙවල් තියේවිද දන්නේ නෑ , එහෙමනේ ඉන්දියාවේ හැටි (ස)

:       0       0

දිනේෂ් Wednesday, 03 October 2012 12:18 PM

දැන්නම් ඉතින් අපි දිනුවා වගේ තමයි (නි)

:       0       0

අසිත්ක Wednesday, 03 October 2012 12:15 PM

අනේ සාදු දඔදිව කොල්ලෝ ටිකට (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 October 2012 12:17 PM

ඔයාගේ අදහස් වලට එකඟයි .නමුත් දෝණි නොසැලෙන නායකයෙක් (ස)

:       0       0

අසින්ත Wednesday, 03 October 2012 12:25 PM

ලුම්බිණි, මම හිතන්නේ ඔයා නේපාලයේ කෙනෙක් වෙන්න ඇති. ඒකනේ ඔයාගේ නම ලුම්බිණි. (නි)

:       0       0

ලලාති Wednesday, 03 October 2012 03:09 AM

තව ගහපල්ලා අයි පී එල් . (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 03 October 2012 04:43 PM

හොඳ වැඩේ (ස)

:       0       0

සනත් ඉන්දික Wednesday, 03 October 2012 03:23 AM

මට කියාගන්න බැරි සතුටක් තියෙන්නේ. මේකේ උපරිම වින්දනය ලබන්න නම් ඉන්දියාව අපේ කොල්ලන්ගේම අතින් පරාජය ලබන්නයි තිබුනේ. ජය වේවා! කොල්ලනේ ඔහොම යන් ඔහොම යන් වැඩිය සද්දේ නැතුවම. (නි)

:       0       0

උදිත් Wednesday, 03 October 2012 03:30 AM

හූ............හූ.......... කෝ වැඩ ?? (ස)

:       0       0

සුසන්ත කටාර් Wednesday, 03 October 2012 12:23 PM

මේ පාරත් කුසලානය අපේ..!(නු)

:       0       0

උදිත් Wednesday, 03 October 2012 03:37 AM

හූ...... කෝ වැඩ? (නි)

:       0       0

දමිත් Wednesday, 03 October 2012 04:59 AM

අහන්නත් සතුටුයි. ‍අපේ බලාපොරොත්තු දැන්නම් ෂුවර්. (නි)

:       0       0

සේනාදී Friday, 05 October 2012 03:20 PM

ජයවේවා.... ලංකාවට ජයවේවා

:       0       0

බෝපගේ Wednesday, 03 October 2012 12:35 PM

IPL හින්දා මේ ගොල්ලන්ගේ ඔලුව ගොඩක් ඉදිමිලයි තිබුණේ , දැන් බඩු පැක් කරනවා...නියමයි (ස)

:       0       0

ඉන්දික Wednesday, 03 October 2012 06:54 AM

මට හරිම සන්තෝෂයි .හැ‍මදේකදිම එයාලා මහ පණ්ඩිත වැඩියි, ඒ නිසා මට අප්‍රසන්න පිරිසක් තමයි මෙයාලා‍‍...අපේ කොල්ලන්ට ජය වේවා (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 03 October 2012 07:26 AM

ලෙඩා මලත් බඩ සුද්දයි! අපි දඹදිව යන ගමන් .. (ස)

:       0       0

මංගල Wednesday, 03 October 2012 12:53 PM

ඉන්දියාව පැරදුනා කියන්නෙ අපි දිනන වගේ ඉන්දියන් කාරයෝ ලෝකේ හැමතැනම ඉන්නවා මහ වදේ .නීල් ආම්ස්ට්‍රෝන් හදට ගිය වෙලාවේ ටකටක ගාල සද්දයක් ඇහුනලු බැලින්නන් ඉන්දියන් කාරයෙක් තේ කඩයක් දාලාලු . (ස)

:       0       0

පැතුම් Wednesday, 03 October 2012 01:02 PM

හොද වැඩේ (නි)

:       0       0

කුමාර Thursday, 04 October 2012 01:44 PM

කනගාටුයි ඉන්දියා

:       0       0

යොහාන් Wednesday, 03 October 2012 08:01 AM

අද අපේ අල්ලපු රටේ අය ඉන්නවා ගොළුවෝ වදකහ බීලා ව‍ගේ , මට කියන්න වචන නෑ , දකුණ අප්‍රිකාව නවසීලන්තේ වගේ ගේම අතහැරියේ නෑ (ස)

:       0       0

කළුවිතාන Thursday, 04 October 2012 06:00 AM

ඉන්දියාව අයියෝ...!(නු)

:       0       0

වරුණ Wednesday, 03 October 2012 08:01 AM

හොඳම වැ‍ඩේ මම බලන් හිටපුම දේ වුණා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 69 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 176 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 773 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 433 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1508 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 335 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site