අධිකරණ නියෝග මත මීගමුව රෝහලේ රඳවා සිටි ඉන්දියා ජාතිකයින් හතර දෙනා ගිල දමා තිබී පිටතට ගත් රත්තරන් බෝල 28 හි රේගු පරික්ෂණය අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී සිදු කැරිණි.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ බවයි.
දින 18 ක් තිස්සේ මීගමුව රෝහලේ නේවාසිකව සිටි ඔවුන් එහිදි වැසිකිලි යාමට සලස්වා අවස්ථා කිහිපයකදී මෙම රන් බෝල ඉවත් කරගෙන ඇත.
රත්තරන් ගුලි උපත් පාලන කොපුවල බහා එක් අයෙකු 2,5,6,15 වශයෙන් ගිල තිබූ අතර රේගු නිලධාරීහු ගුවන්තොටුපොළේදී නාස් වසාගෙන ඉවතට ගෙන පිරිසිදු කර බර කිරා වටිනාකම තක්සේරු කළහ. එය ඔවුන්ට ඉතා අසීරු කටයුත්තක් විය.
මෙම රන් ගුලිවල බර ග්‍රෑම් පන්සීයක් හා එහි වටිනාකම රුපියල් ලක්ෂ විසි පහක් බවට රේගුව ගනන් බලා ඇත.
මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරනු ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්මල බුදු දහම ලැබුනේ ඉන්දියාවෙන් බව ඇත්ත. එයත් ලැබුනේ උතුරු ඉන්දියාවේ. මේ දකුණු ඉන්දියානුවන්, සොලින් වශයෙන් එදත් අපිට වින කළා ,අදත් කරනවා. මේ දකුණු ඉන්දියානුවනුත්,මේඅයට උදව් දෙන මෙහෙ සිටින ද්‍රෝහියන්ටත් දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.යමෙක් මේ ගොල්ලන්ට අනුකම්පා කර ගළවා ගැනීමට ඉදිරිපත් වෙනවා නම් ඔවුන්ටත් ශාප වේවා! (නි)
ලොකු තැන් වලින් ඔය දේවල් වලට සහයෝගය දෙනවා කියලා ඔය මිනිස්සු කියන කතා ඇත්තද? (නි)
රාමා, මුන්ට විරේක බෙහෙත් දුන්නහම උන් මේ ජාවාරම නවත්වයිද ? මේ ඉන්දියන් ජාවාරම්කාරයෝයි මේ රටේ ඉන්න මුස්ලිම් ජාවාරම් කාරයොයි එකතු වෙලා අපේ රට හරහා ජාවාරම් කරමින් රටේ විදේශ විනිමය සහ රන් රටින් පිටකරන ගමන් මුන් දෙගොල්ලොම එකතුවෙලා මේ රටට කුඩු ගේනවා. මේ අයගේ ගැනුත් මේ වැඩේට හවුල්. (අ)
රේගු වැඩෙත් බලාගෙන යනකොට පුදුම වැඩක් නේද? (නි)
මහේෂ්, මම යෝජනා කරනවා විරේක වෙන්න බේත් දෙන්න ඕන කියල මේ අයට (අ)
අපේ ලංකාවේ උන් තමයි ඔක්කොම කරන්නේ. තවත් රට පවා දෙන්න යන්නේ අපේ දේවල් මොකටද කටවත් දෙන්නෙ..... (ස)
ලංකාවේ රේගු නිලධාරින්ට විශේෂයෙන්ම මේ ඉන්දියානු අධෝ මාර්ගයෙන් මුදල් සහ රන් ගෙනයන ඒවා අල්ලන විශේෂ දීමනාවක් දිය යුතුයි. (නි)
අධෝ මාර්ගය - ජීවන මාර්ගය කර ගත්ත මේ වැඩේ පටන් ගත්තේ ලංකාවේ මුස්ලිම් ජාවාරම් කාරයෝ. දැන් මේ ක්‍රමය ඉන්දියනුවොත් කරන්න පටන් අරන්. වහාම නීතියක් ගෙනල්ලා දඬුවමක් හැටියට මේ ජාවාරම් කාරයන්ගේ අධෝ මාර්ගය මහල සීල් තියන්න කියල මම යෝජනා කරනවා. (ස)
රටේ නීතියේ පිරිහීම මනාව පෙන්නුම් කරයි. ඇයි ඉන්දියානුවන්ට වීසා ලබාදීමේදී මීට වඩා නීති දැඩි කරන්න බැරි?? (නි)
හැමදාම එසැණින් මේ වගේ ප්‍රවෘත්ති පළකළත් හැමදාම මෙහෙම අහුවෙනවා කියන්නේ කොහොමහරි රේගු දැලින් මිදිලා යන අයත් ඇති නේද? (නි)
මම දැන් දැනගත්තේ ඉන්දියානු කුකුළන්ට රත්තරන් බිත්තර දාන්න පුළුවන් කියලා. ලංකාවේ කුකුළන්ට වඩා ඉන්දියානු කුකුළෝ දක්ෂයි (නි)
ලංකාදීප පුවත් මගින් දෙන දිනපතාම දැනුවත් කරන . ඉන්දියානුවන්ගේ රත්රන් හොරකම . මෙයත් දැන් මත් කුඩු ජාවාරම වෙනි ලංකාවට කරදරයක් .(දිල්)
මේ ටිකේ රජයට සෑහෙන රත්තරන් ආදායමක් හොයල දුන්න නේද? දවස ගානේ මෙවැනි පුවත් දකින්න සලස්වන පැරණි සුහද මිතුරු ධර්මේ ඇතුළු රේගු හිතවතුන්ට සුබ පැතුම්! (නදී)
ගුවන් තොටුපළේ වැසිකිළි පිරිසිදු කරන අය පොහොසත් මේ හේතුව නිසා වෙන්න ඇති (නි)
රත්තරන් බිත්තර බඩේ රුවාගෙන මෙහෙට එන අය නැහැ. ඒ වෙනුවට ඉන්නේ කුඩු හොරෙන් ආනයනය කරන පව්කාර අය. එහෙම කුඩු ගෙනවිත් අපේ තරුණ පරපුර විනාශ කරලා මේ රටේ සම්පත් (මැණික්, රත්තරන්, පෞරාණික වස්තු) පිටරටට ඇදගෙන යාමයි ඔවුන් කරන්නේ. රටේ නීතිය දුර්වල වීමේ ඍජු ප්‍රතිපල තමයි මේවා. (නි)
මටත් මෙහෙම දෙතුන් දෙනෙක් හොයාගන්න පුළුවන් නම්...? (නි)
මම හැමදාම බලනවා රත්තරන්ද කියලා, ආඝ්‍රාණයේ ප්‍රශ්නයක් මිසක් වෙන දෙයක් නැහැ (නි)
මොවුන් මේ රටට ගෙන්නා ගන්න හොඳ නැහැ. (නි)
අපේ ගෙදර කිකිළියෝ බිත්තර දමන්නේ නැහැ. මොකද බැලුවම දැන් ඉන්දියන් කුකුලෝ ඒ වැඩ බාර අරගෙන (නි)
මම දන්නේ නැහැනේ ඉන්දියාවේ කුකුලෝ රන් බිත්තර දානවා කියලා. (නි)
අරගොල්ලන්ව වැසිකිළියට යැවුවා නම් තව රත්තරන් බිත්තර හොයාගන්න තිබුනා. (නි)
රත්‍ත්තරං ගුලි ගිලපු අයටම කියල එලියට දාපුවා සුද්ද කර ගන්නයි තිබුනේ. (දිල්)