IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ඉන්දියාවේ චන්ද්‍ර යානය අද සඳට ගොඩබානවා

(ලුසිත ජයමාන්න)

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 Chandrayaan-3 මෙහෙයුම යටතේ, 'වික්‍රම්' නමැති රොබෝ ගවේෂණ යානය අද (23) සවස ඉන්දියාවේ වේලාවෙන් 6.04 ට සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය.

යානය, කිසිදු ගැටලුවකින් තොරව, සඳට ගොඩබෑමට සියලු කටයුතු සූදානම් බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Indian Space Research Organisation (ISRO) ප්‍රධානී එස්. සෝමනාත් පවසා තිබේ.

මේ වනවිට සඳුගේ කක්ෂයේ ඇති වික්‍රම් යානය, සඳට ගොඩබැසීම ආරම්භ කර, පහළට යෑමට මිනිත්තු 20 ක් පමණ ගත වනු ඇතැයි ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Indian Space Research Organisation (ISRO) විද්‍යාඥයෝ පැහැදිලි කරති.

පසුගිය දින කීපය පුරා, යානය සඳ මතුපිට ඡායාරූප සහ සජීවී වීඩියෝ දසුන් පෘථිවියට ලැබෙන්න සැලැස්වීය. යානය ගොඩබෑමට සුදුසු තැනක් විද්‍යාඥයන් තෝරා ගත්තේ එම ඡායාරූප සහ වීඩියෝ දසුන් අනුවය.

චන්ද්‍රයාන් 3 වික්‍රම් යානය සඳට ගොඩබෑම සජීවීව නැරැඹීමට ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය කටයුතු සලස්වා ඇත. සජීවී විකාශය අද සවස 5.20 ට ආරම්භ වෙයි.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 'බ්‍රික්ස්' රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' යානය සඳට ගොඩබෑමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වීමට නියමිතය.

'චන්ද්‍රයාන් 3’ Chandrayaan-3 ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Indian Space Research Organisation (ISRO) විද්‍යාඥයන්ගේ නවමත සඳ ගවේෂණ මෙහෙයුමය.

‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය, පෘථිවියෙන් පිටත්ව සඳ බලා ගියේ පසුගිය ජූලි 14 වැනිදාය. ඉන්දියාව 'චන්ද්‍රයාන් 2’ මෙහෙයුම යටතේ ද වික්‍රම් නමැති රොබෝ යානයක් සඳට ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය සඳට කඩා වැටුණි.

පසුගිය ජූලි 14 වැනිදා ‘චන්ද්‍රයාන් 3’ පෘථිවි කක්ෂයට රැගෙන ගියේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Geosynchronous Satellite Launch Vehicle (GSLV) Mark-III රොකට්ටුවය.

‘චන්ද්‍රයාන් 3’ යානය අවශ්‍ය ප්‍රවේගය ලබා ගනිමින් සඳට ගිය අයුරු දැක්වෙන සිතුවමක්...

‘චන්ද්‍රයාන් 3’ පළමුවෙන් පෘථිවි කක්ෂයේ රැඳෙමින්, පෘථිවිය වටා ගමන් කිරීම ඇරැඹුවේය. ඒ යානයේ ඇන්ජින් විටින් විට පණ ගන්වමින්, වේගය වැඩි කර ගනිමිනි.

පෘථිවියේ ගුරුත්ව බලය යොදා ගනිමින්, කැරැකෙමින්, ඉලිප්සාකාර ගමන් මාර්ගයක යමින් ‘චන්ද්‍රයාන් 3’ අවශ්‍ය ප්‍රවේගය ලබා ගත්තේය. ඉන්පසු එය සඳ බලා ගමන් ඇරැඹුවේය. දින 40 කට පසු යානය, අගෝස්තු 5 වැනිදා සඳුගේ කක්ෂයට පිවිසියේය.

‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය මවු යානයක් වැනිය. 'වික්‍රම්' යනු  ගොඩබෑමේ යානයයි. අද (23) සවස සඳට ගොඩාන්නේ මෙයයි. ‘වික්‍රම්’ යානය තුළ කුඩා රෝවර් යානයක් ද වෙයි. මෙය 'ප්‍රාග්යාන්' යනුවෙන් නම් කර තිබේ.



අදහස් (2)

ඉන්දියාවේ චන්ද්‍ර යානය අද සඳට ගොඩබානවා

Bunny Preena Wednesday, 23 August 2023 10:04 AM

සතුටුවිය හැකි කරුනක්. ආසියාවෙ ඉතා සීග්‍රයෙන් දියුනුවෙන රටක්. අපිට ඉතින් තියෙන්නෙ මෙව දිහා බල බලා හෝල්ල හෝල්ල ඉන්න විතරයි. සමහරක් මොඩයො ඉරිසියාවට කියයි මොනවා උනත් ඉන්දියා උන්ට කන්ට නැහැයි කියලා. එහෙම අයට මම කියන්ට කැමති ලංකාවෙත් ඔනෙතරම් මිනිස්සු ඉන්නව කන්ට නැතිව.

:       1       12

Mohan Mangala Wednesday, 23 August 2023 01:48 PM

උත්සාහවන්ත ජාතියක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පළාත් කීපයකට අදත් වැසි
2025 අප්‍රේල් මස 26 85 0

අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව


සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 1599 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 174 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 516 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 2475 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 665 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 826 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 384 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 538 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site