IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘ඉන්දියාවේ ධීවර යාත්‍රා නිදහස් කරන්නේ නෑ‘

දැනට අත්අඩංගුවේ තිබෙන  ඉන්දියාවේ කිසිදු ධීවර යාත්‍රාවක් හෝ ධීවර ආම්පන්න කිසිවක් හෝ නිදහස් නොකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (29) පැවැසීය. 

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දියා බෝට්ටු අත්අඩංගුවට ගැනීමට පසුගිය කාලයේදී දිගින් දිගටම පියවර ගැනීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවරයන්ගේ සංඛ්‍යාව සියයට පනහකින් අඩු වී ඇතැයි   අමරවීර මහතා කීවේය. 

ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් අද (29) සහ හෙට (30) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව කොළඹදී දෙරට පවතින ධීවර අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් කොළඹදී පැවැත්වීමට නියමිතය. 

දෙවැනිදා පැවැත්වෙන සාකච්ඡාවට ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ් හා එරට කෘෂිකාර්මික හා ධීවර කටයුතු අමාත්‍ය රාධා මොහාන් සිං, මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශය සඳහන් කරයි. 

 



අදහස් (0)

‘ඉන්දියාවේ ධීවර යාත්‍රා නිදහස් කරන්නේ නෑ‘

කේ.තිස්ස Friday, 30 December 2016 07:27 PM

මුහුදු යන ධීවරයන් දෙගොල්ලන්ටම ප්‍රයෝජනයක් වෙනවා නන්දලාල් මහතා කියන විදියේ බෝයා ඉදිකිරීමෙන්. ඉතා කුඩා මුහුදු තීරයක මායිම් හඳුනා ගැනීම අපහසු කාරණයක් බව දන්නේ මුහුදු යන ධීවරයන් පමණයි. (නි)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 29 December 2016 04:52 PM

ජයලලිතා නැති හින්දද මේ ඇමතිතුමා චණ්ඩියා වෙලා තියෙන්නෙ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 29 December 2016 05:36 PM

මෙම ප්‍රශ්නය විසඳීම ඉතාම සරලය. මුහුදු සිමාවේ ස්ථිර බෝයාවල් යොදන්න. බෝයා දෙපැත්තට මීටර් 500 බැඟින් ධිවර කටයුතු තහනම් ප්‍රදේශයක් කරන්න. දෙපැත්තේම කට්ටියට තමන්ගේ පැත්තේ මාලු අල්ලන්න කියන්න. මේ සාකච්චා වලට සහභාගිවීමට ගුවන් ප්‍රවේශපත්‍ර වලට, හෝටල් වලට වියදම් කරන සල්ලි මෙම බෝයා ව්‍යාපෘතියට යොදවා ප්‍රශ්නය ඉවරයක් කරන්න (නි)

:       0       0

ලංකා පුත්‍ර Friday, 30 December 2016 09:20 AM

බෝට්ටු ටික ඇමතිටත් හොරෙන් නිදහස් වෙලා ඉන්දියාවට යයි. එහෙම නොවුණොත් ඉතින් පුදුම හතෙන් එකක් වෙයි (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 29 December 2016 07:11 PM

ශ්‍රී ලංකා මුහුදු තීරය අයත් වන්නේ ඔවුන්ට නොවන බව, පැහැදිලිවම මේ අයට කියාදෙන්න! අපේ රජය තදින් හිටියොත් මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳා ගැනීමට පුළුවන්. (නි)

:       0       0

සිරි Thursday, 29 December 2016 07:57 PM

අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සෑම් Thursday, 29 December 2016 08:03 PM

දෙවෙනිදා පවත්වන සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට ඔය කියන බෝට්ටු නිදහස් නොකළොත් පුදුමයි අපිට (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 29 December 2016 11:39 PM

ඔන්න කළොත් වැඩක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 30 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 173 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 250 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 445 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 157 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 116 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site