ඉන්දීය නැගි එන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ ශ්‍රි ලංකා නැගි එන  කණ්ඩායම ආසියානු කුසලාන නැගි එන තරු ඒක්දින තරගාවලියේ අවසන් මහ තරගට සුදුසුකම් ලැබීය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය ඒ් කණ්ඩායම පන්දුවාර50දි කඩුලු 8ක් දැවි ලකුණු 317ක් රැස් කළේය.

ඒහිදි ඉන්දියාව වෙනුවෙන් අභිෂේක් ෂර්මා ලකුණු 78ක්, තිලක් වර්මා ලකුණු 53ක් හා ෂහබාෂ් අහමඩ් ලකුණු 54ක් රැස් කළේය.විභව් සූර්යවිංශි ලකුණු 40ට දැවි ගියේය. ලංකාව වෙනුවෙන් පන්දු යැවිමෙන් රවි දු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ හානිපුන් ධනංජය කඩුලු 2 ක බැගින් දවාගත්හ.

ලකුණු 318ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රි ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 41.3කදී කඩුලු 2ක් පමණක් දැවි ඉලක්කය පසුකර ගියේය. මෙහිදි ආරම්භ පිතිකරුවන් වූ ලසිත් කෘෂ්පුල්‌ලේ (116) හා සිනෙත් ජයවර්ධන (105) ශතක රැස් කිරීමට සමත්වූහ.

ඔවුන් පළමු කඩුල්ලට සාර්ථක ලකුණු 174ක ඳසබතාවක් පැවැත්විය. නිශාන් මධුශ්කද ලකුණු 58ක් රැස් කළේය. 
 ඒ් අනුව තරගාවලයේ දෙවැනි අවසන් පූර්ව තරගය බංග්ලාදේශ ඒ් කණ්ඩායම හා පාකිස්තාන ඒ් කණ්ඩායම අතර හෙට පැවැත්විමට නියමිත අතර එම තරගය ජය ගන්නා කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට ක්‍රීඩා කිරිමට නියමිතය. අවසන් මහ තරගය දෝහා හිම ලබන 29 දා දිවා රාත්‍රී තරගයක්ලෙසින් පැවැත්විමට නියමිතය.