ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ.
‘වික්‍රම’ යානය තුළ රඳවනු ලැබූ ‘ප්‍රාග්යාන්’ නමැති කුඩා රෝවර් යානය, පිටතට පැමිණ සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතු ආරම්භ කළේ ‘වික්‍රම’ යානය සඳට පතිත කර පැය කීපයක් යද්දීය. ‘ලෑන්ඩර්’ යානා යනු පතිත කරන ස්ථානයේ සිට ගවේෂණ කටයුතු සිදු කරන රොබෝ යානාය.
‘රෝවර්’ යානා යනු රෝද සහිත එහෙමෙහෙ යා හැකි රොබෝ යානාය. ‘වික්‍රම්’ යානය සාර්ථකව සඳට පතිත කළාක් මෙන්, ‘ප්‍රාග්යාන්’ යානය ද සාර්ථකව ‘වික්‍රම්’ යානයෙන් පිටතට පැමිණ මෙහෙයුම් ඇරැඹූ බව ඉන්දීය විද්‍යාඥයන් පැවැසුවේ මහත් ආඩම්බරයෙනි.
‘වික්‍රම්’ යානය පතිත කළේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකටය. සඳට රොබෝ යානයක් යැවූ සිවුවැනි රට වන්නේ ඉන්දියාවය. මීට පෙර සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනය සඳා මතට රොබෝ යානා යවා ඇත. එසේ වුවත්, සඳේ දක්ෂිණ ධ්‍රැවය එසේත් නැතිනම් සඳේ අඳුරු කලාපයට රොබෝ යානයක් යැවූ පළමු රට ඉන්දියාව වීම විශේෂත්වයකි.
‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ යානා ඇතුළු ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට ඉන්දියාව වැය කළ මුදල ඉන්දිය රුපියල් කෝටි 600 කි. පසුගිය ජූලි 14 වැනිදා ඉන්දියාවේ ‘බාහුබලී’ රොකට්ටුවේ ආධාරයෙන් ‘චන්ද්‍රයාන් 3’ මවු යානය අභ්‍යවකාශයට යැවීම සිදුවිය.
‘චන්ද්‍රයාන් 3’ මවු යානය පෘථිවි කක්ෂයට පිවිස, පෘථිවිය වටේ යමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගෙන සඳුගේ කක්ෂයට පිවිසීමට දින 41 ක් ගත විය. සඳට පතිත කළ ‘වික්‍රම’ යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය, මාසයක් සහ දින 9 ක් ක්‍රියාකාරීව, අදාල මෙහෙයුම්වල නියැලෙනු ඇත. මෙහෙයුම් කාලය නිමා වූ පසු ‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ යානා අතහැර දැමෙනු ඇත.
සඳුගේ දක්ෂිණ ධ්‍රැවය හෙවත් අඳුරු කලාපයේ වටිනා ඛනිජ ද්‍රව්‍ය සහ මිදුණු ජලය ඇතැයි විශ්වාස කෙරේ. ඒවා ගවේෂණය, ‘වික්‍රම’ යානයේත් ‘ප්‍රාග්යාන්’ රොබෝ රෝවරයේත් අරමුණ වෙයි.
අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දියාව සඳට යැවූ ‘වික්‍රම්’ ‘ප්‍රාග්යාන්’ මෙහෙයුම් අරඹයි
K. D.Ajith Kalubowila Thursday, 24 August 2023 02:07 PM
සුභපැතුම්