(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියානු ආගමන කාර්යාංශයේ නිලධාරීන් රවටමින් දිල්ලි ගුවන් තොටුපොළෙන් කැනඩාව බලා යාමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් 10 දෙනකු සහ ඔවුන් කැනඩාවට යැවීමට උත්සාහ දැරූ නියෝජිතයා දිල්ලි පොලිසිය අත් අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ ගැවසෙමින් සිටි පුද්ගලයන් 10 දෙනකු ඔවුන් එම ස්ථානයේ රැඳී සිටීමට පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දිල්ලි පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
දිල්ලි පොලිසිය ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා හැඳුනුම්පත් ඉල්ලා ඇති අතර හැඳුනුම්පත් ලබා නොදීම හේතුවෙන් ඔවුන් පොලිසියට රැගෙන විත් වැඩි දුර විමර්ශනවලදී මෙම පුද්ගලයන් 10 දෙනා ශ්‍රී ලාංකිකයන් බවත් කැනඩාව බලා අත් අඩංගුවට ගත් නියෝජිතයා චෙන්නායි හි පදිංචි ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයකු බව අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයන් 10 දෙනාට චෙන්නායි ගුවන් තොටුපොළට පැමිණෙන ලෙසත් පැමිණීමෙන් පසු චෙන්නායි හි නියෝජිතයා ඔවුන්ට කැනඩාව බලා ගමන් කිරීමට අවශ්‍ය සියලු දේ සූදානම් කරනු ඇති බවත් දන්වා ඇත.
නමුත් ඔවුන් අත් අඩංගුවට පත්වූ දිනයේදී කැනඩාව බලා ගමන් කිරීමට සූදානම් වී සිට ඇති අතර මතු වූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් නැවත රැඳී සිටි හෝටලය වෙත ගමන් කරන ලෙස නියෝජිතයා ඔවුන්ට දැනුම් දී තිබේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දියාවට ගිහින් කැනඩාවට පනින්න ගිය 10ක් මාට්ටු
ajith Tuesday, 30 May 2023 02:45 PM
කරුණා කරලා යන කෙනෙකුට යන තැනකට යන්ට දෙන්න. ලංකවේ ඉඳලා හිඟා කන්ටද?