
අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ නීතිමය සහ පාර්ලිමේන්තු අභියෝග හමුවේ, ඉන්දුනීසියාවේ උප ජනාධිපති ගිබ්රාන් රකබුමින් රකා ඉල්ලා අස්විය. ඒ, සිය වසර පහක ධුර කාලයෙන් වසර දෙකක් සම්පූර්ණ වෙද්දීය.
1998 වසරේ ඉන්දුනීසියාවේ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ආරම්භ වීමෙන් පසු ධුර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස්වූ පළමු උප ජනාධිපතිවරයා ලෙස ගිබ්රාන් රකබුමින් රකා සැලකෙයි.
39 හැවිරිදි වියේ පසුවන ගිබ්රාන් රකබුමින් රකා ඉන්දුනීසියාවේ හිටපු ජනප්‍රිය ජනාධිපති යෝකෝ විඩෝඩෝගේ වැඩිමහල් පුත්‍රයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd