එස්.ඩී.බණ්ඩාරනායක මහතා මෙලොවින් සමුගෙන හෙට (4) දිනට වසරක් සපිරේ. ඒ මහතා වත්මන් පරිසර රාජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ පියාය.
1917 දෙසැම්බර් 1 වැනිදා මාතරදී උපත ලද එස්.ඩී.බණ්ඩාරනායක මහතා මාතර ශාන්ත තෝමස් විදුහලෙන් අකුර කළේය. ඉන්දියාවේ ත්‍රිවේන්දම් විද්‍යාලයෙන් කෘෂිකර්ම උපාධිය ලබාගත් බණ්ඩාරනායක මහතා 1965 එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක රජයේ ශ්‍රීලනිප තරුණ කටයුතු ලේකම් ලෙස පත්වූ අතර ලෝකයේ සමාජවාදී රාජ්‍යයන් සමග තානාපති සබඳතා ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක යෙදුණේද ඒ මහතාය.
1960දී බෝසත් බණ්ඩාරනායක පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවාගෙන තරග කර ගම්පහ අසුන දිනාගත් එස්.ඩී.බණ්ඩාරනායක මහතා 1956 බණ්ඩාරනායක- චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව ජේ.ආර්.ජයවර්ධන මහතා ප්‍රමුඛ එජාපය මෙහෙයවූ නුවර පාගමන ඉඹුල්ගොඩදී නතරකිරීමට ක්‍රියාකිරීම හේතුවෙන් ‘ඉඹුල්ගොඩ වීරයා‘ ලෙස ප්‍රචලිත විය.
ඩොරින් ඩයස් බණ්ඩාරනායක මහත්මිය සමග විවාහ වූ ඒ මහතා සුභාෂ් ඩයස් බණ්ඩාරනායක, ශ්‍යාමලී ඩයස් බණ්ඩාරනායක, පණ්ඩුකාභය ඩයස් බණ්ඩාරනායක යන දූපුතුන්ගේ පියාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔහු ගැන අසා දැනගතේ ඇමති කම් පසුපස නොගිය කොන්දක් තිබුන නායකයෙක් හැටියටය. (බ)
ඔබතුමාගේ සියුම් විහිළු සදා අමතක නොවේ. ලංකාවට ගියවිටදී ඩොරීන් බණ්ඩාරනායක මහත්මිය හමුවී ඔබ ගැන කතාකිරීම කොතරම් නම් සතුටක්ද? ඔබතුමා වැනි දේශපාලන නායකයන් අතිශයින්ම දුර්ලභය. ඔබතුමාට නිවන් සුව අත්වේවා! (නි)
මෙන්න රට වැඩක්කළ මිනිස්සු (නි)
මෙන්න නියම නායකයෝ. අවංකකම වගේම බය නැතිකමත් නිසා එතුමාගේ නම ලංකා දේශපාලනයේ නොමැකෙන අකුරින් ලියවී තිබෙනවා. මාගේ ළමා කාලය ඉඹුල්ගොඩට සම්බන්ධ නිසා, ඒ කාලයේ මා ඔහු දැක ඇති නිසාත් ඔහු මා හට කිසිදාක අමතක වෙන්නේ නැහැ. (නි)
නොමැරෙන මිනිස්සු........! (නි)
කරුණාවන්ත ලෙස සැමට උදව් කලා. නිහතමානී ඉතාම හොඳ පුද්ගලයෙක්.නිවන් සැප ලැබේවා.(ම)
එදා මහා පාරේ නිදාගෙන වීරයෙක් වෙන්න පුළුවන් වුණා. අද අපි වීරයෝ විදියට සලකන්නේ රට ජාතිය ආගම බේරගන්න තම දිවි දුන් ලංකා ප්‍රත්‍රයන්ව. (ම)
තාත්තා සහ ඇමති පුතා අතර වෙනස අහස සහ පොලව වගේ. (ර)
එතුමා 1977 මහා මැතිවරණයේදී ගම්පහ අසුන ජයගත්තා.නිහතමානී මිත්‍රශීලී කෙනෙක් (නි)