එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් හිටපු නායක ශ්‍රීමත් ඉයන් බොතම් කිලිනෝචිචියෙන් ඇරැඹු පුණ්‍යාධාර අට දින පා ගමන හික්කඩුව සීනී ගමින් අද අවසන් කළේය.
දෙස් විදෙස් නම රැන්දු ක්‍රිඩකයෝ රැසක්ම මේ පා ගමනට එක් වුහ.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් හිටපු නායක ශ්‍රීමත් ඉයන් බොතම් කිලිනෝචිචියෙන් ඇරැඹු පුණ්‍යාධාර අට දින පා ගමන හික්කඩුව සීනී ගමින් අද අවසන් කළේය.
දෙස් විදෙස් නම රැන්දු ක්‍රිඩකයෝ රැසක්ම මේ පා ගමනට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ්,හොඳ දෙයකට හොඳයි කියමු , නරක දෙයට නරකයි කියමු.වටහා ගන්නට බැරිනම් නොකියා ඉදිමු (නි)
අර ඉස්සල්ලම ප්‍රතිචාර දක්වපු මානසික රෝගී කළු සුද්දට විරුද්දව දාල තියෙන ප්‍රතිචාරනම් පංකාදුයි. ඕක සමහර අයට පිටරට ගියාම හැදෙන මානසික ලෙඩක්.(නදී)
මෙතන මෝඩ කතා ලියන කොටස වෙනුවෙන් මේ ලියන්නේ. ඉස්සර ලංකාවට වෙනස්කම් කරානම්, මුරලිගේ අඩුපාඩු කීවනම් ඒක ඔයගොල්ලන්ට විතරක් නෙමේ මේ බලන අපි හැමෝටම තේරෙනවා. මුරලිගේ අඩුපාඩු තිබ්බනේ, එයා ඒක ටිකක් හදාගත්තේ මිනිස්සු අඩුපාඩු පෙන්නුවට පස්සේ. ඒවගෙන් වැඩක් නැහැ, මෙතන මේ මනුස්සයා නුපුරුදු රස්නේ පලාතක ඔයතරම් දුක් වින්දේ අපේම රටට එයාගේ රටේ අයගෙන් සල්ලි ඉල්ලලා උදවු කරන්ඩ. නිකම් දෙන අශ්වයාගේ දත් බලන්න එපා හලෝ. අනික ඔයගොල්ලෝ මොනවාද කරලා තියෙන්නේ මේ රටට? හුගක් අය රටේ සම්පත් වලින් ඉගනගන පිට රටවලට කඹුරනවා. (නදී)
ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් , ක්‍රීඩකයෙක් කියන්නේ තානාපති කෙනෙක් ,,,,ඉයන් බොතම් මුල්වෙලා මෙය කිරීම ගැන ඔහුට අපේ ප්‍රණාමය හිමිවිය යුතුවිය යුතුයි. මහත්මයාණෙනි ඔබට නිරෝගී සුව ලැබේවා...!(නදී)
නීල්-රණ ඔයාට ඇත්තටම පිස්සුද. ඉං බොතම් කලේ හොඳ වැඩක් නේ. ලංකාවට හොඳ පචාරයක් දුන්න. ඔහුට ලංකික අපේ ප්‍රනමයය. අපේ ජාතියටම තියන කුහක කම කියන ලෙඩේ, ඔබට නැතුව යන්ද බෑ නේද. (අ)
ඉයන් බොතම් හරියට ගවස්කාර් වගේ. අපේ පළමු ටෙස්ට් මැච් වලදී අපේ ක්‍රීඩකයන්ව දිරිමත් කරමින් ප්‍රේක්සකයන්ට විහිළු කරමින් අපේ හදවත් දිනාගත්තේ. ඔහු සැබෑ වීරයෙක් තමයි.(නදී)
කිළිනොච්චියෙ දෙමළ ප්‍රභාකරන් හිටියා විතරක් නෙමෙයි ද්‍රවිඩයො ඒ සූර්ය දෙවියන් කිව්වා. ලංකාධීශ්වර රාවණා මහරජු මැරුවා කියමින් පුරසාරම් දෙඩූ ඉන්දියාවේ විශ්ණු ලංකාවේ දෙවිනුවර බින්න බැස්සා. තවත් දකුණු ඉන්දියානු ද්‍රවිඩ දෙවොල් දෙවියෙක් සීනිගම අල්ලා ගත්තා. දැන් වෙනකොට ඉංග්‍රීසි කාර ඉයන් බොතම් සුද්දාත් දෙවොල් දෙයියෙක් වෙන්න හදනවා. භාරතයෙන් ආවත්, බ්‍රිතාන්‍යෙයෙන් ආවත් කල්ලතෝනි කල්ලතෝනි මයි. භාරතය පාලනය කරන භාරත හෙවත් මහා බ්‍රිතාන්‍ය හා මහා භාරතය යන දේශයන්ට අයත් ව්යාජ දෙවිවරු හිස් උරග පඹයින් පමණයි. ඔවුන්ගේ විශ්ව පාදය 'කබරගොයින්' වන බැවින් එවන් පහත් ආත්ම දෙවියන් හෝ විශ්ව කර්මයින් සේ සැළකීමත් පවක් බව ලක්දිව සම හරක් නොදැන සිටීම පුදුමයක්. (නදී)
දිනේෂ්, මේක පුණ්‍යාධාර වැඩ සටහනක්, ඔයා හිතන් ඉන්නේ අපේ ලංකාවේ වෙනව වගේ ලැබිච්ච ආධාර වලට වඩා වැඩිපුර වියදම් කරලා උත්සව තියනවා කියලද? (නදී)
ඕස්ට්‍රේලියාවේ දිනේසුත් හරියටම අපේ ජේ වී පී කාරයෝ වගේ. දකින්නෙම අඩු පාඩු හා වැරදිමයි. ඔවුන් කරපු දේ හොඳ පැත්ත පෙන්නේ නැහැ. මෙහෙම නරුමයෝ හැම රටකටම සාපයක්.(නදී)
මගේ රටේ පලමු ටෙස්ට් තරගයේ දෙවන ඔවරය යැවු ශ්‍රි මහතානනි....... ඔබට මගේ ආචාරය.(අ)
ඔබට මගේ ආචාරය! (නි)
ජ. තිසර, නියම කතාවක්.චන්දි වගේ මමත් කියන්නේ ඉයන් කළේ හොඳ දෙයක් (නි)
ඉයන් බොතම්, ඔබතුමාට අපේ ගෞරවය! අනේ අපේ අය කියන ඒවා ගණන් ගන්න එපා. සමහර අය හැමදේම බලන්නේ වපර ඇහින්. (නි)
පටන් ගන්න කොට තිබුන සද්දේ ඉවර කරනකොට නෑ වගෙයි.... (ස)
එයා එකපාරක් නොසෑහෙන විදිහට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපහාස වෙන විදියෙන් ප්‍රකාශ නිකුත් කළා නේද? ඒවා අපේ මිනිසුන්ට මතක නැහැ. (නි)
ජ.තිසර, ඔබත් සමග එකග වෙමි, තිලෝෂණ හා චින්තක යන මහත්වරුන් අගයකොට සළකමි.අහංකාරකම,පරාද කළේ නිරහංකාරකමෙනුයි, ඉයන් බොතම් මහතා කළ පා ගමනද හොද දෙයක් ලෙස දකිමි (නි)
තිලෝෂන, ඔයා හරියට හරි.මාත් ඉන්නේ ඕස්ට්‍රේලියාවෙ.මාත් දුක් වෙනවා මේ කෙනාගෙන් වෙන්න ඕනෑ යුතුකමක් වෙන රටක කෙනෙක් කළහම ඒක අඩුම ගානේ අගය කරන්නවත් නොහැකි එක ගැන. තමන්ගේ නම එහා පැත්තෙන් ඕස්ට්‍රේලියාව කියල ලියා ගන්නේ දිනේෂ් වගේ මානසිකත්වයක් තියෙන අය විතරයි. (නි)
අපි ඔහු අගය කළ යුතුයි (නි)
ක්‍රිකට් ක්‍රීඩාවෙදී පිච් එකෙත් , පිටියේත් දුවපු සැතපුම් ප්‍රමාණය ගණන් බලනකොට ඉයන් බෝතම් ට පා ගමනත් කජ්ජක්ද ? එක අතකට ..නමුත් අපේ රටට ඇවිත් කල කටයුත්ත ඉතාමත් අගෙයි....(නදී)
බෝතම්ගේ හොද වගේම නරකත් තියනවා අපි නරකට නරකත් හොදට හොදත් කියමු .මුරලි දමල ගහනවා කියපු අතම ඔය අල්ලාගෙන ඉන්නේ.(නදී)
මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවෙ. දිනේෂ් ඉස් ඉස්සල්ලම දාල තියන එක ගැන මටත් දුකයි. මෙහෙ ආපුවම ගොඩ සුද්දෝ වෙන්ඩ හදන ඔයා වගේ අය මම දැකල තියනවා. ශ්‍රීමත් ඉයන් බොතම් මහතා කල දේ අපි අගය කරන්ඩ ඕනේ.(නදී)
දුකට පත් වූවන්ගේ යහපත සඳහා 1985 වර්ෂයේ සිට මේ දක්වා කි.මී. 17000ක් පමණ දුර දෙපයින් ගමන් කළ ශ්‍රීමත් ඉයන් බොතම් මහතාට මගේ ගෞරවය සහ උත්තමාචාරය. සෙල්සියස් 40ක් උෂ්ණ ගිනි අව්වේ 75% කටත් වැඩි වායුගෝලීය තෙතමනයක් ඇති ලංකාවේ කි.මී. 200කටත් වඩා දුර ගමනක් මෙසේ අවසන් කිරීමට ඔබ සතු ධෛර්යද ඉතාමත් අගය කරමි. ඇවිද්ද පය දහස් වටී. (ස)
මට නම් ඔහු ක්‍රීඩා වීරයෙක්, ටෝනි වගේ තමා මට. (ස)
මෙම සත් ක්‍රියාවට දැන හෝ නොදැන සහයෝගය දක්වපු සියල්ලන්ටම සුබ අනාගතයක් පතමි. එකමුතුව අපට බොහෝ දේ කල හැකි බව ඔප්පු කළා. (ස)
අපිට නම් ගාණක් වත් නැහැ. (ස)
අනේ "දිනේෂ් ඕස්ට්‍රේලියාව", සද්දෙ දාන්න නෙවෙයි මේක කරේ, නුඹලා බලන් ඉන්නෙ මොකක් හරි එකක අඩුවක්, වැරද්දක් කරන්න. සද්භාවයෙන් යුතුව කරපු වැඩක් අගය කරන්න බැ රිනම් කට පියගෙන හිටියා නම් හොඳයි. කොහොමත් ඔබතුමා ඕස්ට්‍රේලියාවෙම ඉන්න, එන්න නම් එපා. (ස)