IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉරාන ජනපති විප්ලවවාදී බළකාය සමග මත ගැටුමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය සමග යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවත් ඒ හේතුවෙන් ඉරාන ජනාධිපතිවරයා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අතර මතභේදාත්මක තත්වයක් හටගෙන ඇති බවත් "ද ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත වාර්තා කළේය.

හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට පිළිතුරු දක්වන ආකාරය සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිවරයා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අතර මෙම මතභේදාත්මක තත්වය ඇතිව තිබෙන බව එම පුවත්පත සඳහන් කළේය.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රධානීන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර සහ අනෙකුත් නගරවල තිබෙන ඊශ්‍රායල හමුදා කඳවුරුවලට පහරදිය යුතුබවට දැඩිව ප්‍රකාශ කරද්දී ඉරානයේ අසල්වැසි රටවල තිබෙන ඊශ්‍රායල හමුදාවේ රහසිගත කඳවුරුවලට පහරදීමට ජනපති මසූද් පෙසෙෂ්කියාන් යෝජනා කර ඇතැයි "ද ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත පෙන්වා දුන්නේය.

ජනපති පෙසෙෂ්කියාන්ගේ යෝජනාව නොසළකා හරිමින් ඊශ්‍රායලයට පහරදීමට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සූදානම් වන බවත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි දුන් අණ නියත වශයෙන්ම ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ක්‍රියාත්මක කරන බව එම බළකායේ ප්‍රධානියෙකු ප්‍රකාශ කර ඇති බවත් "ද ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත වාර්තා කළේය.

 



අදහස් (0)

ඉරාන ජනපති විප්ලවවාදී බළකාය සමග මත ගැටුමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 350 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2544 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1958 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 208 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1317 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26877 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site